Pages

Sunday, June 26, 2011

කිඩෝ අනාගතයේ ටුවර් එකක්


අද නං මෙලෝ රහක් නෑ මම ඔහේ පාර දිගේ ඇවිදගෙන යන්න ගත්තා.... හා මහත්තයා අනාගතේ දකින්න ඕනෙද එන්න එන්න මහත්තයට ‍ෆ්‍රී ට්‍රයල් එකක් දෙන්නංකෝ මහත්තයට ඕනෙ දේ ගැන කියන්න මම පෙන්නන්නං පාරෙ හිටපු ට‍යිකෝට් ගහගත්ත ඩයල් එකක් එකපාරය මූන ඉස්සරහින් මතුවෙලා ඇහුවා.... නයි කයිද රෝස් පාන් මොකක්ද මේ වෙන්න යන්නේ... කමක් නෑ ‍ෆ්‍රී ලුනේ බලමු මොකක්ද කියලා.... හැබැයි ඉතින් ඉන්කමින් ෆ්‍රී කියලා මූ යනකොට ගානක් ගනියිද දන්නෙත් නෑ නෙ... මේ අයියා අනාගතේ බැලීම ටොටලි ‍ෆ්‍රී ද? මමත් නිකං සැකේට ඇහුවා.... නෑ නෑ ටෝටලි ෆ්‍රී නෑ පැය බාගෙක ෆ්‍රී ට්‍රයල් එකක් දෙනවා එතන ඉදන් අයකිරීම තත්පරේට... හහ් අනාගතේ බලාගන්න පැය බාගයක් වැඩිද මන්දා.... නිකං දෙන එකනේ ඔන්න ඔහේ බලන්න කියලා පොඩි ආසාවක් ආවා....

හා අයියා එහෙනං යමුකෝ අනාගතේ බලන්න... දැන් ඕක පෙන්නන්නේ අර කලු පාට ගාපු පීරිසියකින්ද? නැත්තං අර මොකක්ද බෝලෙකින්ද? මටනං ඔය පීරිසි, බෝල දිහා බලන් ඉදලා බෙල්ල කඩා ගන්න බෑ ඔන්න..... උබට පිස්සුද මල්ලි (මහත්තයා කියපු එකා මට මල්ලිලු..) අපි ගාව ඒ වගේ ආදි කාලෙ බාල වැඩ නෑ... අපි කෙලින්ම අනාගතේ පෙන්නන්නේ රියල් ටයිම් ඒ කියන්නේ අපි මල්ලිව කෙලින්ම අනාගතේට යවනවා... අම්මට සිරි එහෙනං මේක බලන්නම ඕනෙ අනාගතේට ගිහිල්ලම අනාගතේ පෙන්වීමක් ගැන ඇහුවමයි... මටත් දැන් ඉවසන් ඉන්න බෑ....

මූත් දැන් මාව එක්ක‍ගෙන ගියා පොඩි දේවාලයක් වගේ එකකට දේවාලයක් කිව්වට ඉතින් දෙවියොන්ගෙ රූපනං නෑ... ඉස්සරහම තිබුනා චින්තන අංකල් ගෙ රූපෙ දකුණු පැත්තෙන් හෑන්ඩ් ෆෝන් 2ක් ගත්ත කෙනෙක් වැදගෙන ඉන්නවා දකුණු පැත්තෙන් පිස්තෝලයක් ඉනේ ගහගෙන මැරවින් අංකල් වැදගෙන ඉන්න රූප 2ක් තිබුනා... මටත් නිකං පුදුමයි මේක දැකලා මාත් ඉතින් අර මාව එක්කන් ආපු එකාගෙන් ඇහුවා මොනවද මේ රූප කියලා.... ආ මේ ඉන්නේ ලංකාවේ අනාගත දෙවි වරුනේ.... ඌ දීපු උත්තරෙන් මම නිකං කරකවලා අත ඇරියා වගේ වුනා.....

දේවාලේ ඇතුලනං මරු මැද්දෙ පොඩි ජින්ජිබිරිස් එකක් තියනවා... ජින්ජිබිරිස් එකක් කිව්වේ නිකං ෆ්‍රිජ් එකක් වගේ මෙව්වා එකක්... ශා මේකෙද අයියා අපිව අනාගතේට යවන්නේ මම අරූගෙන් ඇහුවා... බොට මෝල්ද බොල ඔය ‍ෆ්‍රිජ් එකක්නෙ තොට ඇස් පේන්නැද්ද? සිකේ වස ලැජ්ජාවයි වෙලාවට වටේ කවුරුත් හිටියේ නෑ... මේ තියෙන්නේ අනාගතේට යවන එක කියලා මූ මට දේවාලෙ මුල්ලක තිබුන පොඩි පුටුවක් පෙන්නුවෙ නැතෑ පුටුව පුරාම වයර්... අපෝ ඒක දැක්ක ගමන් මට මතක්වු‍නේ අර පිටර‍ටවල් වල කරන්ට් පුටු.... මොනවා කරන්නද මටත් අනාගතේ බලන්න ආසාවනේ

ඉතින් අරූ කිව්ව විදිහට ගිහින් පුටුවේ වාඩි වුනා කොයි වෙලාවේ පු* රත්වෙන්න කරන්ට් වදීද දන්නෑ නෙ... හා දැන් මල්ලිට මොකක්ද දකින්න ඕනෙ.... හුම් මෙච්චර වෙලා අනාගතේ දකින්න ආවට මොකක් දකින්නද කියලා තීරණයක් තිබුනේ නෑ නෙ.... හුම් ටිකක් කල්පනා කලා ඔන්න ඔහේ ලංකාවෙ අනාගතේම බලන්න හිතුනා.... ඉතින් අරූට කිව්වා මට ලංකාවේ අනාගතේ බලන්න ඕනේ කියලා... හා ඔන්න එහෙනං වාඩිවෙලා ඉන්නකෝ කියපු අරූ ගියා අර වයර් ඔක්කොම ඇදලා තිබුන පොඩි පියානෝවක් වගේ එකක් ලග‍ට

හප්පා මට මොකක්ද මේ වෙන්නේ මුලු ලෝකෙම නිකං කැරකෙනවා වගේ..... දඩාස්.... මම මේ කොහෙද ඉන්නේ.... අප්පා නිකං ප්‍රයිවට් බස් එකකින් බැස්සා වගේනෙ.... හෑ බොලේ කෝ මේ ලංකාවද නිකං ඇමරිකාව වගේනෙ.... කෝ මේ බිම යන වාහන එකක්වත් නෑ නෙ ඔක්කොම උඩින්නෙ යන්නේ.... මොකක්ද ඒ එන දඩාර වාහනේ... හුම් ලංකා ට්‍රැවල්ස් ලංකාවේ බස් වලට ගිය කලක්... අතේ සතේ නැතුව ඔය බස් වප යන්නත් බයයි පයින්ම යනවා බලන්න වටයක්.....

හප්පා මොනවද මේ පාරේ පැත්තකින් පෙලට තියලා තියෙන්නේ.... බලමු ඇපල් අයි පැදුරු... මේවයින් මොනවද දන්නෑ කෙරෙන්නේ බලමු ටිකක් මොකෙක්ව්ත් පේන්නත් නෑ... හෑ කියනකොටම මොකක්ද මෙව්වඑකක් උඩින් එනවා හෑ පොලවට ලෑන්ඩ් කලා මූ බැස්සා ගත්තා පැදුරක් ආපහු අර ආපු එකටම නැග්ගා ගියා.... හුම් මේ පැදුරු නිකං ගන්න පුලුවන් වගේ බලමු ගිහිල්ලා එකක් අරන්.... ශා මේ පැදුර නිකං පත්තරයක් වගේනේ... වෙලාවට සිංහලෙන් තියෙන්නේ බලමු කියවලා....

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ලංකා රුපියල් බිලියන 20 ක ණයක්....
150 වන අති ගරු මර්වින් සිල්වා ගුණ සමරුව හෙට අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම්....
ක්ෂිරපථයෙන් පිටතට යන ප්‍රථම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්....
පිට පිටම 11 වන වතාවටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනයි....

ඔය වගේ ප්‍රවෘත්ති තොගයක් තිබ්බා මුල් ටික කියවගෙන යනකොට මට නිකං කලන්තෙ වගේ ඉතින් ඉතුරු ටික කියවන එක පස්සට තියලා තව ටිකක් ඇවිදින්න හිතුවා මොක කරන්නත් තියෙන්නේ පැය බාගයයිනේ... හුටා දැනටම විනාඩි 10ක් ගිහින් ඉක්මන් නොකරොත් මේ චාන්ස් එක නිකං අපරාදෙ නැති වෙනවා...

හැබෑට අර අයි පැදුර ගත්ත එකා ඇරෙන්න වෙන මිනිහෙක් දැක්කෙ නෑ නෙ බලන්න ඕනෙ මුන්ට මොනවා වෙලාද දන්නෑ කියලා හිතාගෙන මාත් ගියා තව ඉස්සරහට... මේ හරියනං ටිකක් මිනිස්සු අඩු පැත්තක්ද මන්දා ඒකට‍ ගෙවල්.... පොඩ්ඩක් ඉන්න මොකක්ද මේ හැම ගෙදරක් ඉස්සරහම ගහලා තියන බෝඩ් එක.... හුම් බලමු "මම අහන්නේ බස් (z) රේඩියෝ" හෑ මොකක්දමේ අහලා පුරුදු නමක්නේ මේ ඒ කාලෙ තිබුන බස් රේඩියෝවවත්ද? මරුනේ.... ඒ කාලේ ඔහොම ගහන් හිටියාම රේඩියෝ චැනල් එකකින් මොකක්ද බඩු මල්ලක්ද මොකක්ද දුන්නා වගේ මතකයි මේකෙත් වෙන්නේ එහෙම එකක්ද දන්නෑ....

හුම් තව ටිකක් ඉස්සරහට යමු බලන්න.... හා ඔය ඉන්නේ මිනිස්සු.... හුම් මුං මං දිහා අමුතු විදිහටනෙ බලන්නේ මුංගෙත් මොකක් හරි වෙනසක් පේනවා... හිටුකෝ බලන්න හෑ ‍බොලේ මුං ඔක්කොම ඇදං ඉන්නේ සරම්නේ මම විතරයි මේ කලිසමක් ඇදන් ඉන්නේ... ලැජ්ජාවෙ බෑ.... මේ අනාගතේ කතා කරන්නේ මොන බාසාවෙන්ද දන්නෑ... කෝකටත් සිංහලෙන්ම ටෝක් කරලා බලමු.... ආ මේ මොකද බොලා කට්ටියම සරම් ඇදන්? හුටා ඒ වචන ටික කියලා කට ගන්න හම්බවුනේ නෑ.... පොලිස් වාහනයක් පියාබගෙන ආවෙ නැතෑ....

**** හි **** වගන්තිය පරිදි කුණුහර්පයක් කීම, ශ්‍රී ලංකාව තුල තහනම් කලිසම් ඇදීම යන වැරදි නිසා ඔබව අත්අඩංගුවට ගන්නවා.... වාහනෙන් එලියට ආපු පොලිස් කාරයෙක් මොකක්ද එකක් මගේ අතට දාන ගමන් කිව්වා... හෑ මොකක්ද මම කියපු කුණුහර්පේ.... ඔබ බොලා කියලා කිව්වා **** වගන්තිය යටතේ කිසිවෙකුට ඔය වාගේ චවනයකින් ආමන්ත්‍රණය කිරීම බරපතල වරදක්.... ඇයි යකෝ බොලා කියන වචනෙත් කුණුහර්පයක් නං අනිත් වචන ගැන කවර කතාද... කට වහගෙන සිටීම ඇගට ගුණයි කියලා කලිසම් ගැන අහන්නැතුව කට වහගෙන හිටියා....

හැම දේම වෙන්නේ හොදටලුනේ ඒකෙන් මට අහසින් යන්නත් චාන්ස් එකක් ලැබුනා... ඉතින් මේවගේ චාන්ස් එකක් මිස් කරගන්නේ කොහොමද. දඩාර සයිස් බිල්ඩින් අහසෙ යන වෙන වාහන දිහා බලාගෙන මාත් ඔහේ ආවා.... මෙන්න එකපාරට පොලිස් කාරයෝ ඔක්කොම පු* කටු ඇනුනා වගේ නැගිට්ට්‍ලා සීරුවෙන් සිටගත්තා සීන් එක මොකක්ද කියලා දන්නේ නැති වුනත් ඉතින් මාත් නැගිට්ටා... ටිකක් වටපිට බලනකොට මෙන්න අපේ චින්තන තුමාගේ අඩි 60ක් විතර උස පිලිරුවක්... යටින් මොකක්ද ලියලත් තියනවා "වර්ථමාන ශ්‍රී ලංකාවේ නිර්මාතෘ" කතාව ටිකක් තේලුනේ නැති වුනත් මාත් පොලිස් කාරයෝ වාඩි වෙනකංම හිටගෙන හිටියා..

හා ඔබට බහින්න තැන හරි.... එක පොලිස් කාරයෙක් මට කිව්වා... ඇයි යකෝ මේක පොලවට පහත් කරන්නෙවත් නැතුව මට බහින්නලු මුංට මෝල්ද මන්දා.... මොනවා කරන්නද ගියා බයෙන් බයෙන් වාහනේ දොර ගාවට.... අම්මෝ පශ්චාත්භාගෙට වැදුන පාරක් එක්ක කෙලින්ම බිමට..... දඩස්.... හප්පා නලලත් රිදෙනවා වැටුන පාරට... මේ මොකක්ද මට අහුවෙන්නේ.... ම්ම්ම්.. ඇදේ කකුලක් නේද? මම ඇදෙන්ද වැටුනේ? හුටා මම දැකලා තියෙන්නේ හීනයක්නේ.... අවුලක් නෑ නොමිලේ අනාගතේට ටුවර් එකකුත් දාලා ආවනේ....

ප.ලී.
මේ දවස් වල වැඩ වැඩි නිසා පෝස්ට් එකක් දාන්න ගොඩක් කල් ගියා, අනිත් අයගේ පෝස්ට්ටුත් පුලුවන් තරමින් කියෙව්වා ඒත් ගොඩක් ඒවට කමෙන්ට් කරන්න බැරි වුනා ඒකට තරහා වෙන්න එපා....

Tuesday, June 21, 2011

​ගූගල් දෙයියා දෙන ආතල්....


හප්පා 50 ගැහුවයින් පස්සේ කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවුනානෙ... කාලෙකින් කිව්වේ දවස් දෙක තුනකින් දෙකතුන වුනත් අවුරුද්දක් වගේ තමා දැනෙන්නේ.... කොහොම වුනත් අදනං පෝස්ට් එකක් දානවා කියාලා හිතාගෙන ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා කොම්පියු​ටරේ ඉස්සරහින් වාඩිවුනා.... ම්හු මුකුත් ලියන්න මොලේට එන්නෑ... ඉතින් වෙන බ්ලොග් ටිකක් කියෙව්වා එතකොටවත් මොකක් හරි මතක්වෙයි කියලා හිතාගෙන.... ඒත් නෑ නෙ මුකුත් මතක් වෙන්නේ.... දාගත්තා සද්දෙට සින්දු ටිකක් ඔහේ බලාගෙන හිටියා මොකක් හරි මතක්වෙනකන් ඒත් මුකුත් මතක්වෙන්නෑනෙ මට ඉතින් මලේ මල.... ගිහිල්ලා නා ගත්තා එතකොටවත් මොලේට මොකක්හරි එයිද බලන්න.... මොන මුකුත්ම එන පාටක් නෑ..... ආයෙත් සින්දුවක් දාගෙන ඇදේ ටිකක් ඇලවුනා ඒත් මුකුත්ම මතක්වෙන්නෑ....

අන්න ඒකට මම 50 ගහන්න කලින් දවස්ටික ලියන්න දේවල් හිතට එනවා අම්බානට ඒත් ඉතින් අවුරුද්ද ලබන දවසෙ 50ත් ගහන්න හිතන් හිටපු නිසා ඒ මුකුත් ලිව්වේ නෑ... ඒකට දැන් ආසාවකට මුකුත් එන්නෑනෙ හිතට.... ඉතින් ගියා ඊයක්වත් ඈවිල්ලද බලන්න අදහස් නැති වෙලාවට ඊයකින්වත් අදහසක් එන්න පුලුවන්නේ.... හිතුවත් වගේ මේ තියෙන්නෙ ඊයක් ගූගල් දෙයිය දෙන ආතල් එකක් ගැන... ඔන්න ඉතින් තව ටිකක් ජාලෙ සැරිසරලා ගූගල් දෙයියා දීපු තව ආතල් ටිකක් හොයාගත්තා...

කට්ටියනං මේව කලින් දැකලත් ඇති ඒත් නොදැකපු අයත් ඇතිනේ...

1.ගූගල් දෙයියගේ තායිවානයේ සිට චීනෙට යන ‍ක්‍රමය

ගූගල් මැප්ස් වලට යන්න
Get directions වලට යන්න
start location විදිහට Taiwan කියලා දෙන්න
end location විදිහට china කියලා දෙන්න
දැන් 23න් වෙනි පියවර කියවලා බලන්නකෝ...

පුලුවන් කෙනෙක් ඉන්නවනං කරලා බැලුවත් කමක් නෑ ගූගල් දෙයියනෙ කියන්නේ......

2.ගූගල් දෙයියා ගාව තියන දේවල්













3. ගූගල් දෙයියගේ පරිවර්තනය

පරිවර්තනය කරන ඒවගෙදිත් ගූගල් දෙයියා හොද හොද ආතල් දෙනවා විශේෂයෙන් ජපන් භාෂාව.... ඔය ජපන් කෙල්ලොත් එක්ක චැට් කරනවනං ගූගල් දෙයියගෙ පරිවර්තන පාවිච්චි කරන්නෙ පරිස්සමට විශේෂයෙන් ප්‍රශ්නයක් අහනකොට මොකද ගූගල් දෙයියා අපි අහන ප්‍රශ්නෙ ජපන්වලින් අහන්නෙ උත්තරයක් විදිහට උදාහරණයක් විදිහට am i drunk කියලා දුන්නහම ඒක ට්‍රාන්ස්ලේට් කරලා එන ජපන් වචනේ කොපි පේස්ට් කරලා ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරාම එන්නේ i am drunk කියලා.... ඕනෙ නං ට්‍රයි කරලා බලන්නකෝ

ගූගල් දෙයියා දෙන ආතල් නං ගොඩයි ඒත් දැන් නං මගේ ඔලුව රිදේ‍නවා තව ලියන්න බෑ වගේ එහෙනං මම නැවතුනා...

ප.ලි. මේක ලිව්වයි කියලා කෝප වෙලා ගූගල් දෙයියෝ මට දඩුවම් නොදෙත්වා....

Saturday, June 18, 2011

මගේ බ්ලො‍ගියේ උපන්දිනය, අර්ධ ශතකයක් හා පොරොන්දු ඉටු කිරීමක්


අද මට පට්ට හැපීය මම හිතාගෙන හිටපු ටාගට් ඔක්කොටම යන්න පුලුවන්වුනා පෝස්ට් එකේ හෙඩිම දැක්කාම දන්නවනේ මම අද කියන්න යන්නේ මොකක්ද කියලා වෙන මොකක්ද ඉතින් මගේ බ්ලොග් එකේ පලවෙනි උපන්දිනේ ඒ වගේම මේ මම ලියන්නේ මගේ 50වෙනි පෝස්ට් එක ඒ වගේම මේ ලියන මොහොත වෙනකොට මට ෆලෝවර්ස්ලා 50 (මමත් එක්ක ගත්තොත් 51) ඉතින් ඔක්කොම මම හිතාගෙන හිටපු විදිහටම සිද්ද වුනා.... ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහට මම දැන් මගේ බ්ලොග් ජීවිතයේ දුක්ඛිත කතාව කියන්න යන්නේ....

අවුරුද්දක් පරන බ්ලොග් එකකට ෆලෝවර්ස්ලා 50ක් හිට්ස් 8400+ ඒක එච්චර හොද රේටිං එකක් නෙවෙයි කියාලා මේක බලන කට්ටියට හිතේවි ඒත් ඉතින් දුක තමා ලබා උපන් හැටිලුනේ... ඒක එහෙම වෙන්නත් ඉතින් හේතු තියනවා කොහොම හරි මගේ බ්ලොග් ජීවිතයේ ආරම්බයටම යමුකෝ ඇත්තටම මගේ පලවෙනි බ්ලොග් එක මේක නෙවෙයි මේ මගේ තුන්වෙනි බ්ලොග් එක..... මම බ්ලොග් ලියන්න සෙට් වුනේ මම 11 වසරෙදි ඒ කියන්නේ 2010දි

ඒ කාලේ අප්‍රේල් නිවාඩුව ඒ වෙනකොට බ්ලොග් ලිවීම ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ.... ඉතින් නිවාඩුවක් ලැබුනා කියන්නේ අපි සෙල්ලම් කරන්න සෙට් වෙනවා කියන එක... ඉතින් හැමදාම වගේ එදත් අපේ ගෙදරට කට්ටිය සෙට් වුනා ඒත් වෙනදා තරම් කට්ටිය හිටියේ නෑ අනිත් එක ඒ දවස්වල ගෙවල් අස්පස් කරන හින්දා අපේ උන් එන්න කොහොමත් පරක්කු වෙනවා එදා හිටියේ මමයි තව පොඩි උන් දෙන්නෙකුයි (මම තමා අපේ සෙට්එකේ හිටිය වැඩිමහල්ම එකා) ඉතින් එකෙක් ගියා අනිත් උන් අහුලන් එන්න කියලා.... ඒ අතරේ අනිත් පොඩි එකා මට කියනවා *** අයියේ ‍ෆ්‍රී වෙබ් සයිට් හදන්න දෙන සයිට් එකක් තියනවා මමත් එකක් හැදුවා බලමුද කියලා... මමත් ඉතින් අලුත් දේවල් දැනගන්න ආස එකානේ ගියා මොකක්ද කියලා බලන්න මු දුන්න සයිට් එකවෙබ්ස්.කොම් කියලා එකක් මාත් ඉතින් ගිහිල්ලා හැදුවා එකක් මට මතක විදිහට මම නම දැම්මේ cheats&cheats කියලා දිනේ කියනවනං හරියටම 2010 අප්‍රේල් 10.

ඕක හැදුවේ ගේම්ස් වල චීට්ස් දාන්න.... කොහොම වුනත් මට වැඩේ අල්ලලා ගියා හැබැයි මම බඩු ලිව්වේ කඩ්ඩෙන්.... ඉතින් ඔහොම මාසයක් විතර යද්දි මට හිතුනා මේක සිංහලෙන් ලියන්න... හොර තිප්පොල කියලා නමත් වෙනස් කරන් වැඩේට බැස්සා ඒත් පෝස්ට් එකක් ලියන්න බෑ බෑ වගේ. ඔය කාලේ වෙනකොට මම බ්ලොගර් ගැන ටිකක් දැනගෙන හිටියේ ඉතින් මට හිතුනා බ්ලොගර් වලින් මේකෙ මම කලින් ලියපු පෝස්ට් සිංහලෙන් ලියන්න ඉතින් 2010 ජුනි 15 හොර තිප්පොල කියලා බ්ලොගර් වල මගේ පලවෙනි බ්ලොග් එක පටන් ගත්තා..... (මේ බ්ලොග් එකනං දැන් ලියන් නෑ..)

ඉතින් එදාම අර පෝස්ට් ටික සිංහලෙන් දැම්මත් දැන් සාපෙත් ලංවෙන නිසා ගේම් ගහන එක තවදුරටත් කරන්න වෙයිද කියලා හිතේ සැකයක් තිබුනා ඉතින් ඔන්න ඔහොම මම බ්ලොගර්වල මගේ තුන්වෙනි බ්ලොග් එක ඒ කියන්නේ මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තා ඒ 2010 ජුනි 18 හැබැයි ජ‍නේලයෙන් එහා කියලවත් කිඩෝ කියන නමින්වත් නෙවේ ඕනෙ එකක් 4 ඕනෙ එකෙක් කියලා මගේ ඇත්ත නමින් හැබැයි ඒකෙනං තිබුනේ ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා වගේ අනංමනං.....

ඉතින් ඔන්න ඔය විදිහට බ්ලොග් කෙරුවාවට ආපු මට ඒ වෙනකොට සින්ඩි ගැනවත් බ්ලොග් කරුවන්ගේ සංගම් වගේ දේවල් ගැනවත් ඒ හැටි දැනුමක් තිබුනේ නෑ. ඉතින් මම ලිව්වා ලිව්වා බලන්න නං දෙතුන්දෙනෙක් හිටියා (මගේ ඉස්කෝලේ යාලුවෝ ඒ අය නං දැන් බ්ලොග් ලියන්නෑ) මාස 8ක් ෆලෝවර්ස්ලා කවුරුත් නැතුව කමෙන්ට් එකක්වත් නැතුව මම බ්ලොග් ලිව්වා මාස 8 කට පස්සේ තමා මගේ පලවෙනි ෆලෝවර් ලැබුනේ එදා මට ඇති වුන සතුට වචන වලට පෙරලන්න නං බෑ.... ඒ තරං සතුටක් මට ඇති වුනේ.... ඒ වෙනකොටත් මම බ්ලොග් කියෙව්වා ඒත් කමෙන්ට් නං කලේ නෑ.....

කොහොමහරි මගේ බ්ලොගේ අද තියන තැනට එන්න ඒ කියන්නේ මම කිඩෝ වුනෙත් මගේ බ්ලොග් එකජනේලයෙන් එහා විදිහට වෙනස් වුනෙත් 2011 අප්‍රේල් 23 වෙනිදා.... ඔන්න ඊට දවස් 3කට පස්සේ ඒ කියන්නේ 26 වෙනිදා මම දාපු ආප්ප හැන්ද පෝස්ට් එකට තමා මට පලවෙනි කමෙන්ට් එකයි දෙවනි ෆලෝවරුයි ලැබුනේ ඒවෙන කවුරුත් නෙවේ අනූ එහෙමත් නැත්තං බුකිවාසීන් දන්න නමින් කියනවනං ටිමෝන් දැන් නං ඉතින් බ්ලොග් ලියන්නේ කඩේ හාමිනේ නමින්..... ඉතින් ටිමෝන් කියපු විදිහට බ්ලොගියට පොඩි පබ්ලිසිටියක් දෙන්න මමත් බුකියට සෙට් වුනා ඒ ඉතින් බුකිවාසීන් කවුරුත් දන්න කිඩෝ එහෙමත් නැත්තං බුකියේ රෙජිශ්ටර් නම වන කුඩ්ඩා විදිහට.... කොහොම වුනත් මගේ ජීවිතේ ලොකු වෙනස්වීම් වලින් එකක් ඒ කියන්නේ බුකියේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘපියට මාව ඇඩ් කරේ ටිමෝන්.... ඉතින් ටිමෝන් ඒ උදවුවට ඔයාට බොක්ක පතුලෙන්ම ස්තූතියි....

ඊලගට මට බ්ලොග් ලිවීමේදී වැදගත් කරුණු ගැන කියා දීපු බනීයාට හා අනුරාධ අයියාට මගේ බොක්ක පතුලෙන්ම පිරිනැමෙන ස්තූතිය...

ඇත්තටම මම අලුත් බ්ලොග් එකක් දැක්ක ගමන් ෆලෝ පාරක් දීලා කමෙන්ට් එකක් දාලා පුලුවන්නං බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘපියටත් ගෙන්න ගෙන අලුත් අයට පුලුවන් උපරිමයෙන් සප් එක දෙන්නේ මම කලින් කිව්වා වගේ අලුත් බ්ලොගර් කෙනෙකුට ෆලෝවර් කෙනෙක් කමෙන්ට් එකක් ලැබුනාම කොච්චර සතුටක් තියේද කියලා මම දන්න නිසා මාස 10ක් ෆලෝවර්ස්ලා කමෙන්ට් නැතුව හිටපු මම ඒක අත්දැකීමෙන්ම දන්න නිසා.... තව කෙනෙක් කඩා වැටෙන දිහා ඒ කෙනාට අතනොදී වැටෙනවා බලන් ඉදලා **** සතුටක් ලබන්න තරං මම පහත් තත්වෙට වැටිලා නැති නිසා.... මට එදා බස් එකේදි මල පැනලා කතා කරෙත් ඔය හේතුව නිසා තමා මම දන්නෑ එතනදි මම හරිද වැරදිද කියලා ඒත් ඉතින් මම දැන් බස් පදින එක නවත්තලා හින්දා තව දුරටත් මම ඔය ගැන ප්‍රශ්න දාගන්නෑ....

කොහොම වුනත් මම තාම පොඩි එකා වයස ගැන කියනවනං අදට අවුරුදු 16 මාස 8 දවස් 6 කෙලින්ම උපන්දිනෙත් කිව්වොත් 1994.10.12 ඉතින් මේ වගේ පොඩි එකෙක්ගෙ බ්ලොග් එකක් බලන්න එච්චර කට්ටියක් නැති එක ගැන මට එක අතකට පුදුමෙකුත් නෑ.... මොනවා වුනත් අර ෆිෆා සින්දුවේ වගේ "when i get older i will be stronger" කියලා කියාගෙන මම දිගටම බ්ලොග් ලියනවා.... බ්ලොග් ලියන අනිත් අයටත් කියන්නේ (අලුත් අයට) සැලෙන්න එපා බොලා දිගටම ලියපල්ලා අර මම කලින් දවසකත් කිව්වා වගේ මට වඩා බොලා වාසනාවන්තයි දැන් ඉස්සර වගේ නෙවෙයි අලුත් අයට අතදෙන්න ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා (විශේෂයෙන් මතක් කරොත් මාරයා, මඩයා, අභියා වගේ අය නම කියවුන්නෑ කියලා අනිත් උන් තරහා වෙනවා නෙවේ...)

මේ බ්ලොග් කෙරුවාව ගැන කියනවනං මට අලුත් යාලුවෝ පිරිසක්, අලුත්/වෙනස් අදහස්, දැනුම වගේ ගොඩක් දේවල් ලැබුනාඉතින් මම බ්ලොග් ලියන එක ගැන මට ආඩම්බරයි.... දැන් නං උ.පෙ. නිසා මට පෝස්ට් දාන්න නිදහසක් නැති වෙයිද මන්දා ඒත් ඉතින් මේක අතඅරින්නෙ නං නෑ සතියකට පෝස්ට් 3ක් වත් දානවා.....

ප.ලි.
දැන් දැක්කේ මගේ ෆලෝවර්ස්ලා ගාන 52ක්වෙලා ඉතින් මගේ ෆලෝවර්ස්ලා 50 ටාගට් එකට යන්න උදව් කරපු මදුරංග අයියටත් මගේ බොක්ක පතුලෙන්ම දෙන තැන්කූ පාර....

ප.ප.ලි.
මගේ පෝස්ට් වලට කමෙන්ට් කරලා මාව දිරිමත් කරන, මගේ වැරදි පෙන්නලා දෙන සියලු දෙනාටත් මගේ ස්තූතිය

ප.ප.ප.ලි.
මට මෙතනදි කාව හරි අමතක වුනානං සමාවෙන්න හොදේ....

Wednesday, June 15, 2011

බූරුවාගේ සුන්දර සිහිනය....

හොදයි හොදයි කමෙන්ට් දාපු හැමෝම වගේ මම හිතන විදිහට තමා කමෙන්ට් කරලා තිබුනේ.... ඒ වුනාට ඉතින් පෝස්ට් එක දානවා නැතුව බෑනේ....

අද කාලේ තරුණ තරුණියන්ට (විශේශයෙන් කැම්පස් වල) පෙන්නන හීනයක් තමා ඔය සමාජවාදය එහෙමත් නැත්තං සැමට සමාන අයිතිවාසිකම් සහිත සමාජයක් කියන එක.ඒත් ඔය සමාජවාදය කියලා අපට පෙන්නන හීනෙ ඇත්තක් වගේ පෙන්නන්න හැදුවත් ඒ හීනෙ ප්‍රායෝගිකද කියල ප්‍රශ්නයක් මතුවෙනවා... මෙතනදි අපට කියලා කිව්වේ සමාජෙ අත්දැකීම් තියන අයට නෙවේ අපි වගේ සමාජෙට අලුතෙන් ඇතුලු වන තරුණ තරුණියන්ට.... මේ ගැන මම බූරුවාගේ විප්ලවය 1 හා බූරුවාගේ විප්ලවය 2 පෝස්ට් වලින් කිව්වා.

කොහොම නමුත් තරුණ තරුණියන්ට පෙන්නන්න පුලුවන් හොදම හීනෙ තමා ඔය සැමට සම තැන කියන ලස්සන හීනෙ.... මට කවුරු හරි කොහේදි හරි කිව්වා මතකයි පොඩි කාලෙදි අපි වැඩ කරන්නෙ අපට වාසි වෙන පැත්තට ටිකක් වයසින් වැඩි වෙද්දි (තරුණ වයසෙදි) ඉන්නෙ යාලුවොන්ට පණ වුනත් දෙමි ස්ථාවරයෙන් ඉතින් ඕනෙ ගොං වැඩක් කරලා ඔක්කොම එකට ගුටි කනවා හැබැයි කවුරුත් පාවා දීම් නෑ... දැන් කසාදයක් එහෙම බැදගත්තහම යාලුවොන්ට පන දීම ටිකක් අඩු වෙනවා මොකද දැන් ජීවිතේ වගකීම් හා අත්දැකීම් තියනවනේ.... බ්ලා බ්ලා....(හා මතක්වුනා අපට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නපු සර් The Seven ages of man කරද්දි කිව්වේ...)

අන්න ඔය යාලුවන්ට පණ වුනත් දෙමි ස්ථාවරයෙන් ඉන්න කෙනෙක් අල්ලගත්තාම තව බූරු රැලක් එක්ක මුන්ව යුද්දෙකට වුනත් යවන්න පුලුවන් මොකද තරුණ ජවය වැඩි කාලෙනෙ මේ... පවුල් ප්‍රශ්න නෑ වෙන වෙන වගකීම් අඩුයි ඉතින් මේවගේ උන් ටිකක් අල්ලගෙන උන් ඉස්සරහට දාලා තමන්ගේ වැඩ කරගන්න තමා බොහෝ දෙනෙක් බලන් ඉන්නේ....

කතාව පිට පැන්නද මන්දා කොහොම හරි කියන්න ගියේ ඔය සැමට සම තැන ඇති සමාජයක් කියන සංකල්පේ ප්‍රායෝගිකද කියලනේ...

මගේනං උත්තරේ නෑ

ඇත්තටම මිනිස්සු කියන ජාතිය ඉන්නකං ඕක ප්‍රායෝගික නෑ ඔන්න ‍රොබෝලා වගේ හිතන්න බැරි කොටසක් ගත්තොත් ඕක ප්‍රායෝගික වෙන්න පුලුවන්.... මිනිසා කියන සත්වයා උපදිනකොටම අරන් එන දේවල් අතරේ ඉරිසියාව ලෝභය වගේ ගොඩක් දේවල් එක්ක ඉතින් සැමට සම සමාජයක් හදන්න නං මුලින්ම කරන්න ඕනෙ ඔය කියපු දේවල් මිනිස් සිත තුල උපදින එක නතර කිරීම ඒත් ඒක ගොඩක් අපහසු දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ... විප්ලවයක් කරන්න පුලුවන් හැබැයි ඒකට හැමෝටම පොදු සතුරෙක් ඉන්න ඕනේ ඒත් ඒ සතුරා නැතිවුන ගමන් විප්ලව කරද්දි එකාවගේ හිටිය අය දෙකට බෙදෙනවා.... ලංකාවේ නිදහස් සටනෙන් පස්සෙ වුන දේවල් ඉන්දියාවේ නිදහස් සටනෙන් පස්සේ වුන දේවල් මේකට හොදම උදාහරණ මේ ගැන බ්ලොග් එකකත් ලියලා තියනවා දැක්කා...

ඔය වගේ සැමට සම තැන ඇති සමාජයක් හැදුවා කියමුකෝ ඒත් ඒකෙ පැවැත්මක් තියේවිද? සොභාදහම හැම දෙයක්ම වෙනස් විදිහට නිර්මානය කරලා තියෙන්නෙ ඇයි... ලෝකයේ පැවැත්මට ඒ විවිදත්වය අත්‍යාවශ්‍ය නිසා එහෙම නැති වුනොත් ලෝකයේ පැවැත්මක් නැති නිසා.... ටිකක් හිතලා බලන්න දැති රෝද කට්ටලයක් ගැන දැති රෝද හැම එකක්ම එකම ප්‍රමානයේ වුනොත් මොකක් වෙයිද? හා දැන් ඔහොම සමාජයක් හැදුවා කියමුකෝ දැන් සම මට්ටම කියන්නේ මොකක්ද? ඔක්කොම රට පාලනය කරන්න යනවද? ඔක්කොම පොල් කඩන්න යනවද? දැන් එතකොට කාටවත් කවුරුවත් යටත් නෑ තමන්ට හිතුනු විදිහට ඕනෙ දෙයක් කරන්න පුලුවන් එහෙම වුනොත් මොකක් වෙයිද නිකං කල්පනා කර‍නකොටත් විහිලුවක් වගේ නේද අර පිනෝකියෝ කතාවෙ වගේ වෙයි හා එහෙම වෙන්නත් බෑ නෙ ඒකෙ පාලනය කරන්න එකෙක් හිටියනෙ නැත්තං අරුං කන්නෙ මොනවද

දැන් හිතලා බලන්න ඔය කියන විදිහට මුදල් හැමෝටම සම සමව ‍බෙදිලා යනවනං මුදල් කියන දෙයට වටිනා කමක් නැති වෙනවා නේද... ඇයි ඉතින් මහන්සි වෙලා වැඩ කරන එකාට ලැබෙන ගානම ගෙදරට වෙලා නිකං ඉන්න එකාටත් ලැබෙනවනෙ.... ඉතින් එහෙම වෙනකොට කවුරුත් වැඩ කරන්න යයිද? ඔක්කොම කිසි වැඩක් නොකර ඉන්න එක කරන්න පුලුවන් දෙයක්ද? එතකොට වෙන්නේ කන්න බොන්න නැතුව අපි ඔක්කොම මැරිලා යන එක නෙවෙයිද....ඔහොම තත්වයක් යටතේ දනවාදී අදහස් මතුවෙන එක වලක්වන්නත් බෑ නේද?

ඉතින් ඕක ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා දැන් පැහැදිලි වෙනවා නේද ඕක හීනයක් විතරයි ඒත් ලස්සන හීනයක්..... ඉතින් ඔය හීනෙට තව දුරටත් අපි රැවටෙන්න ඕනෙද.... අර කමෙන්ටුවක කියලා තිබුනා වගේ විප්ලව කරන එක නෙවේ අපි කරන්න ඕනෙ රට පාලනය කරන පාලකයන්ට උදව් කරන එක එහෙමයි රටක් හදන්නේ.... උදාහරනෙකට ගන්න ලිබියාව අර රජය පෙරලන්න හදපු උන් ඉල්ලන් නේද කෑවේ ගඩාෆි තාමත් එහෙමම ඉන්නවා ඒත් අර රජය පෙරලන්න හදපු උන්ට ගුවන් ප්‍රහාර ගැන ඇහෙනකොටත් චූ යනවා ඇති නේ.... ඉතින් විප්ලව කරන්න ගිහින් ඉල්ලන් කනවද රට කරන උන්ට රට කරන්න උදව් කරනවද කියන තීරණය තියෙන්නේ අපේ අතේ... විප්ලවයක් කරන්න ඕනෙ විප්ලවයක් කරන්න ඕනෙ වෙලාවට හැම රෙද්දකටම විප්ලව කරන්න යන එක බූරු වැඩක්....

ප.ලි.
මම කලින් පෝස්ට් වලත් කිව්වා වගේ මම මේ කියන්නේ මගේ මතය ඉතින් අනිත් අයගෙ මතයන් එක්ක ඒක වෙනස් වෙන්න පුලුවන්.....

ප.ප.ලි
‍මේක මගේ 49 වෙනි පෝස්ට් එක ලබන සෙනසුරාදා ඒ කියන්නේ 18 ‍වෙනිදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි එදාටම 50 වෙනි පෝස්ට් එකත් දානවා... දැනට මගේ ෆලෝවර්ස්ලා 44 එදා වෙනකොට ඒකත් 50 වෙලා තිබුනොත් නියමයි....

Sunday, June 12, 2011

බූරුවාගේ සුන්දර සිහිනය.... (උදව් අවශ්‍යවී තිබේ....)


හුම් ඔන්න අදත් තවත් දේශපාලන පෝස්ටුවක් (ද මන්දා...) දාන්නයි යන්නේ.... දැන් කියපල්ලා මේ පොඩි එකාට මොන දේශපාලන පෝස්ට්ද තාම ඡන්ද අයිතියවත් නෑ කියලා... පොඩි එකා නිසා දේශපාලන පෝස්ට් දැමීම මෙතනින් නතර කරන්න හිතුවා ඒත් ඉතින් මේ පෝස්ට් එක දෙනවයි කියලා පොරොන්දු වුනු එකක්නෙ.... මටත් හි‍තෙනවා මේ වගේ දෙයක් කතාකරන්න තාම පොඩි වැඩියි කියලා ඉතින් මට කාගෙන් හරි මේ ගැන දන්න කෙනෙක්ගෙන් උදව් ඕනෙ මොකද මගේ නිර්වචනෙයි අනිත් අයගෙ නිර්වචනයි (මට වඩා දැනඋගත්) පොඩ්ඩක් සන්සන්දනය කරලා බලන්න ඕනෙ මේ පෝස්ට් එකේ ඉතුරු ටික දාන්න කලින්.... ඉතින් මෙන්න මේකයි ප්‍රශ්නේ උත්තරෙ කමෙන්ටුවක් විදිහට දාලායන්න

සමාජවාදය යනු කුමක්ද?

ප.ලි.
මේ ගැන වැඩි විස්තර තියන ලින්ක් එකක් දුන්නත් කමක්නෑ
ප.ප.ලි
මේ ලිපියේ ඉතුරුටික මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනු ගමන් දාන්නං....

Friday, June 10, 2011

බ්ලොග් ලියන/කියවන අයට වැදගත් පෝස්ටුවක්....

බ්ලොග් ලියන ගොඩක් අය දැන් අලුතෙන් බ්ලොග් ලියන්න ගත්ත අයට ගොඩක් සප් එක දෙනවා ඇත්තටම ඒක සිංහල බ්ලොග් වල අනාගතේ ශක්තිමත් කරන්න ගත්ත හොද තීරනයක්... ඉතින් ඒ ව‍ගේ වැඩක් කරන එකට මාරයා, රංගයා, අභි අයියා අතුලු සියලු දෙනාට මගේ බොක්ක පතුලෙන්ම ආචාරය (නම් කියවුනේ නෑ කියලා මගේ ඇගට කඩාපයිනව නෙවෙයි ඕං). අපිත් ඉතින් සප් එක දෙනවා හැබැයි වෙන වෙන ක්‍රම වලින් සමහර විට කට්ටියට හිතෙන්න පුලුවන් ඒක සප් එක දීමක් නෙවෙයි කියලා... කට්ටිය කැමති දෙයක් හිතාගන්න කිසි අවුලක් නෑ මොකද මම දන්නවනෙ මම කරන්නෙ අනිත් අයට සප් එක දීමක් කියලා....

කතාව ඕෆ් රෝඩ් යනවද මන්දා කමක් නෑ අද කතාවට බහිමුකෝ....

අද කියන්න යන්නෙත් ඉතින් බුකිය සම්බන්ද වැඩක් තමා (මම ඉතින් බොක්කෙන්ම බුකි වාසියෙක් නෙ... බස් එපාය) කලිනුත් බුකියෙ කොඩි කතාවක් දැම්මනෙ ඒකෙන් නං අලුත් අයට ගොඩක් උදව් ලැබුනා මම හිතන්නෙ...

අද කතාවත් ඒ වගේ තමා "දසුන" කිව්වාම කට්ටියට හුරු පුරුදු බවක් දැනෙනවද? සික් ඔන්න ආයෙත් බයිලා ගහන්න ගත්තා. දැන් නං කෙලින්ම කතාව පිට පයින්නෑ ඔන්න... දසුන කියන්නෙ බුකියෙ තියන සින්ඩියක් වගේ දෙයක් (වගේ දෙයක් නෙවේ සින්ඩියක්) මේක පටන්ගත්තේ උදිත් අයියා දැන් නං මේක පටන් අරන් ගොඩක් කල් හැබැයි තාම ගොඩ දෙනෙක් දන්නෑ වගේ ඒකයි මෙහෙම දැනුවත් කිරීමක් කරේ

මම කියනවට වඩා උදිත් අයියාගෙ පොස්ට් එක කියවලම බැලුවනං හොදයි....

කො‍හොම වුනත් මෙන්න ඒකට පොඩි බැනර් කෑල්ලකුත් හදලා තියනවා මේක ඔයාලගෙ බ්ලොග්වල සයිඩ් බාර් එකේ දාලා අපට පොඩි හෙල්ප් එකක් දෙන්න... ඒක ඔයාලගෙ කැමැත්තක් ඔන්න පහලින් දැම්මා කෝඩ් එක..

<a href="https://www.facebook.com/Dasunareader"><img src="http://bit.ly/iuUMFN" width="180" height="120"></a>


ප.ලි.
කොඩි පොස්ට් එකේ කියපු විදිහට ඔයාලගෙ බ්ලොග් වලට කොඩිය දාගත්ත අයට ස්තුතියි....
ප.ප.ලි.
කලින් පෝස්ට් එකේ කමෙන්ට් දැක්කයින් පස්සෙ හිතුනා හැමෝමත් එක්කම කේස් ඇද ගන්නෙ නැතුව ඉන්න ටිකක් විහිලු දන්නැති අයත් එක්ක සම්බන්ද වෙන්නැතුව ඉන්නවා කියලා ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මම බස් පැදීම නැවැත්තුවා....

Wednesday, June 8, 2011

අවුරුදු 4කට අත පාලනය කර ගනිමි....

සික් අද මහ මෙලෝ රහක් නැති දවසක්නෙ ඊයෙ උන හැදුනා තාමත් ඇගට අමාරුයි.. මොනවා කරන්නද අද දවසත් හරිගියේ නෑ.... චාටර්ම දවසක්.....


මට මේ ටිකේ ගොඩක් (ගොඩක් කිව්වට දෙතුන් දෙනෙක් කාරනේ හැටියට මට ඒකත් ගොඩක්වගේ තමා) කිව්වා මගේ කතාබහ අල්ලන් නෑ කියලා ඒ කිව්වෙ මගේ භාෂා විලාසය, මම කතා කරන දේවල් නිසා වෙන කෙනෙක්ගෙ හිත රිදෙන්න පුලුවන් කියලා.... මම හැම දෙයක්ම දිහා ආතල් එකට බලන කෙනෙක් ඒක නිසා එහෙම දේවල් මට කියවෙන්න පුලුවන්... කමක් නෑ මේ විදිහට ගියොත් ගොඩක් අය මාත් එක්ක තරහා වෙන එක විතරයි වෙන්නේ ඉතින් මම තීරනයක් ගත්තා....

මම හින්දා වෙන කෙනෙක්ගෙ හිත රිදෙන්න ඕනෙ නෑ.... අද ඉදන් තව අවුරුදු 4ක් යනකන් මම බස් එකේ කාගෙවත් හිත රිදෙන විදිහෙ කමෙන්ට් දාන්නෙ නෑ මඩ ගහන්න යන්නෙ නෑ සංවර විදිහට වචන භාවිතා කරනවා (එහෙම කරන එක ගොඩක් අමාරු වෙයි එහෙම වුනොත් බස් එකේ කමෙන්ට් බැලීම විතරක් කරනවා...) ඊලගට බුකිය ගැනත් එහෙම්මමයි බුකියේදි මඩක් ගියොත් මීට පස්සේ මගේ කමෙන්ට් ඒ මඩවල දකින්න ලැබෙන එකක් නෑ.... චැට් වලටත් ඒ සෙතේම තමා මඩ ගැසීමක් හරි හිත රිදෙන දෙයක් හරි මට කියවෙන්න යනවනං මං එතනින් යනවා....

ඊලගට බ්ලොග් වලත් මගේ මඩ කමෙන්ට් දකින්න නැති වේවි කරන්න දෙයක් නෑ බොහෝ දෙනාගේ හිත සුව පිණීස කරන දෙයක් කියලා හිතාගෙන ඉන්නවා..... මේ බ්ලොග් කෙරුවාව නිසා මට යාලුවෝ ගොඩක් අදුනගන්න ලැබුනා ඒත් මගේම වැරදි නිසා ඒ අය නැති කරගන්න මට ඕනෙ කමක් නෑ.... මගේ මේ වැරුද්ද මට එකපාරටම හදාගන්න බැරි බව මම දන්නවා ඒකයි මෙහෙම තීරනයක් ගත්තේ තව අවුරුදු 4කින් මට වයස අවුරුදු 20ක් වෙනවා.... සමහර විට ඒ කාලෙ වෙනකොට මගේ මේ පුරුද්ද නැති වෙලා යාවි.... නැත්තං ඒ වෙනකොට මට විහිලු කරගෙන ඉන්න පුලුවන් සම වයසෙ බ්ලොගර්ස් ලා සෙට් එකක් වත් බිහිවෙලා තියේවි...

ඒත් මම එක දෙයක් කියනවා මේ අවුරුදු 4පුරාවට මම කාටවත් මඩ ගහන එකක් නෑ ඒත් මම මඩ එකතු කරනවා මගේ අත වැඩ නොකෙරුවත් මගේ මොලේයි ඇහැයි වැඩ කරනවා... ඉතින් ඒ අවුරුදු 4ඇතුලත මට ගහන්න බැරිවුන මඩ (මම පොරොන්දුවුන ඒවා) ඒ අයට තව අවුරුදු 4කට පස්සේ වැදෙයි පරිස්සම් වෙලා ඉදපල්ලා....

එහෙනං තව අවුරුදු 4ක් යනකන් මගෙන් කාටවත් මඩක්වත් හිත රිදෙන කතාවක් වත් අහන්න ලැබෙන එකක් නෑ... ඒක පොරොන්දුවක්!
හැබැයි එහෙම වුනයි කියලා මම බ්ලොග් ලිවිල්ල නවත්තන්නෙ නෑ... බ්ලොග් ලියන අයගේ වැඩ කටයුතු වලට දායක නොවී ඉන්නෙත් නෑ.... ටිකක් අත පාලනය කරන් ඉන්නවා එච්චරයි...

ප.ලි.
මෙහෙම උබලත් එක්ක විහිලුවක් වත් නොකර ඉන්නෙ උබලගෙම හොදට (එක අතකට ඒක මටත් හොදයි...)

Sunday, June 5, 2011

බූරුවාගේ විප්ලවය.... 2 කොටස

ඊයෙ බූරුවාගේ විප්ලවය.... 1 කොටස දැම්මනෙ කියවන්න ඇතිකියලා හිතනවා කියෙව්වේ නැත්තං ඔය ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න....


ඊයෙ ඉතින් රජයටයි අහින්සක කොල්ලෙක්ව බිලි දීලා බොරදියේ මාලු බාන්න බලන් ඉන්න නායකයොන්ටයි බැන්නා අද බනින්න තියෙන්නෙ අපිට...... අපිට කිව්වේ ජනතාවට..... තව තව දේවල් ටිකකුත් කියන්න තියනවා සමහරවිට ඒවා කට්ටියටම වැදගත් වෙන්න පුලුවන්..... හා කතාව කියන්න කලින් මේ ටිකත් කියන්න ඕනෙ මෙතන තියෙන්නේ මගේ මතය සමහර විට මේ කියන දේවල් ඔයාලගෙ මතත් එක්ක පරස්පර විරෝධී වෙන්න පුලුවන්.... ඒ ගැන ඉතින් මට කරන්න දෙයක් නෑ.... ඔන්න එහෙනං කතාවට ආවා.....


මේ කෑල්ල ප්‍රශ්නයක් හා පිලිතුරක් විදිහට දෙන්න හිතුවා......

දැන් අපේ ජනතාව උද්ඝෝශන කරන්නෙ ඇයි?
ඒ අයගෙ ඉල්ලීම් නොලැබෙන නිසා ඒ අයට අසාධාරණයක් සිදුවෙන නිසා
කවුද මේකට වග කියන්න ඕනෙ?
දේශපාලුවෝ වෙන මොක්කුද.....
දැන් කවුද ඔය මිනිස්සුන්ව ඔය තත්වෙට ගෙනාවේ?
ඒ කිව්වෙ???
තමන්ගෙ ඡන්දෙ යොදාගෙන ඔය මිනිස්සුන්ට දේශපාලනයට එන්න උදව් කලේ කවුද?
අපි..... (අපි නෙවෙයි)
දැන් ඡන්දෙ දෙන්න කලින් දැනගෙන හිටියද මෙහෙම දෙයක් වෙයි කියලා? ඒ කිව්වෙ කලින් ඡන්දෙ දීලත් මේ වගේ අත්දැකීම් තිබුනද?
දැනගෙන හිටියා..... කලින් අත්දැකීමුත් තිබුනා හැම පාරම ඔහොමමයි.....
එහෙනං ඇයි උන්ට ඡන්දෙ දුන්නෙ?
......................... (නිෂ්ශබ්දතාවයක්)........ ඇයි ඇත්තටම අපි ඡන්දෙ දුන්නේ.......

කොකාට වාරයක් එනවනං තිත්තයටත් වාරයක් එනවලු..... ඒත් එදාට තිත්තයා මුකුත් නොකර ආතල් එකේ හිටියොත් කොකා පාඩමක් ඉගනගනියිද තිත්තයාටම නේද ඒකෙන් කෙලවෙන්නේ..... අපේ කතාවත් ඒ වගේ තමා අවුරුදු ගානක් අපට කොකා පෙන්නන උන් තාප්පයක් ගහක් ලයිට් කණුවක් ගානෙ අපට වැදගෙන ඉන්න එක දවසක් එනවා එදාට අපි ඒ අපට ලැබුනු වරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ.... ඒත් අපි ඒකද කරන්නේ කියන එක නං ප්‍රශ්නයක්.....

මේක අපට අවුරුදු ගානකට ලැබෙන එකම අවස්ථාව දේශපාලනේ කණපිට හරවන්න.... දැන් අවුරුදු ගානක් තිස්සෙ අපි බලන් ඉන්නවා මේ යන විදිහෙ වෙනසක් වුනාද? හැමදාම එකවගේ දේශපාලුවෝ අපිට වැදගෙන එනවා අපිත් බූරුවෝ වගේ උන්ට කතිර ගහනවා උන් රජ වෙනවා අපි නැති වෙනවා..... මේ විදිහ අපි වෙනස් කරන්න ඕනෙ නේද.... ඇයි අපට බැරි ගමෙන් ගමට වැඩක් කරන රට ගැන හිතන අවංක කෙනෙකුට අපේ ඡන්දෙ දෙන්න..... එහෙම අය අඩුයි තමා ඒක රටේ අවාසනාව..... එහෙම හිටපු අයත් අද ජීවතුන් අතර නෑ....ඒ වුනාට ජාතියක් ජන්මයක් නැති මැරයෙකුට,සා.පෙ. වත් හරියට පාස් නැති ගොනෙකුට ඡන්දෙ දෙනවට වඩා ඡන්දෙ නොදී ඉන්න එක හොදයි නේද...

දැන් ඔය ඔතන්ට ආපු දේශපාලුවෝ ඒ හයියෙන් මනීමරණවා, මැරකම් කරනවා එතකොට ඒ අයව එතනට ගෙනියපු අපි නිකම්ම මිනී මැරුමක කොටස්කාරයෝ වෙනවා නේද? මැරයෙක්ට උදව් කරන වරද කරුවෙක් වෙනවා නේද..... අපිම දැනදැනම පත් කරපු දේශපාලුවොන්ටම විරුද්ධව විප්ලව කරන්න යාම බූරු වැඩක් නෙවෙයිද? ඡන්දෙ දෙන්න කලින් නේද ඕක ගැන හිතන්න තිබුනේ..... ඔන්න ඔහොමයි මේ විප්ලවේ බූරුවාගේ විප්ලවයක් වුනේ.....

මේ පෝස්ට් එකත් දිග වැඩි වේගෙන එනවා ඊලග පෝස්ට් එක බූරුවාගේ සුන්දර සිහිනය කියලා මේකෙම කොටසක් විදිහට දාන්නම්.....


බූරුවාගේ විප්ලවය.... 1 කොටස


දේශපාලනය කියන්නෙ මම කතාකරන්න ගොඩක් අකමැති මාතෘකාවක්.... ඒ වෙන හෝතුවක් නිසා නෙවෙයි ඡන්ද අයිතියවත් තාම නැති මම දේශපාලනය ගැන කතාකරන්න තරම් මෝරපු වයසක නෙවෙයි මම ඉන්නෙ කියලා මම හොදටම දන්න නිසා... මගේ හිත ඒක දන්න නිසා මම දේශපාලනය ගැන කතාකරනවනං ඒක එච්චර සාදාරණ දෙයක් නෙවෙයි කියලා මගේ හිත කියනවා.... කමක් නෑ ඒත් මේක ගැන කියන්න ඕනෙමයි කියලා හිතෙන නිසා කියලම දානවා....

දැන් රට පුරාම මොකක් කරත් උද්ගෝෂණ තියන එක සම්ප්‍රධායක් වෙලා පඩි වැඩිකරව් කියයි, මූන් පන්නව් කියයි, විශ්‍රාම වැටුප් පණත අහෝසි කරව් කියයි, එක එක කතා ගොඩයි ඒත් අන්තිමට වෙන්නෙ මොකක්ද? පැත්තක ඉන්න එකෙක් මැරිලා යාවි අම්මා කොනෙක්ට තාත්තා කෙනෙක්ට පුතෙක්, දුවෙක් නැතිවේවී.... නායකයො ඇවිල්ලා කතා පවත්තාවි, සමහරක් ඉල්ලා අස්වේවී.... ජපානෙ කවුරු හරි ඉල්ලා අස්වෙනවා දැක්කාම අපේ උනුත් බලන් ඉන්නෙ තියන බලු වැඩ ඔක්කොම කරලා මිනිස්සු බයින්න කට අරිනකොටම හොද මිනිහෙක් වගේ ඉල්ලා අස්වෙන එක ඒක උන් හිතන්නෙ හෙන පොෂ් වැඩක් කියලා....

ඒත් ටිකක් හිතලා බලන්න කෙනෙක්ගෙ ජීවිතයකට වටිනාකමක් දෙන්න පුලුවන්ද..... වන්දියක් දුන්න පලියට ඉල්ලා අස්වුන පලියට මැරුණු කෙනාට ආපහු පණ එනවද..... මේව ගැන හිතන්න තිබුනේ මේවගේ ගොන් වැඩ කරන්න කලින් නේද?..... ඒත් මේ කතාවෙ තව පැත්තක් තියනවා හැමදාමත් ඒක ඒ විදිහටම වුනා ඒත් අද වෙනකනුත් බහුතරයක් ඒක තේරුම් අරන් නැති බව පේනවා හැමෝම ඇගිල්ල දික් කරන්නෙ රජයට ඒත් ටිකක් හිතලා බලන්න... මේ හැම වෙලාවකදිම රජයට අමතරව තවත් වැරදිකරුවන් පිරිසක් පැත්තකට වෙලා ඉන්නවා නේද?

ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියන කතාවටනං මම විරුද්ධයි.... ඒත් ඕනෙ බූරුවෙකුට විප්ලවයක් කරන්න පුලුවන් කියන කතාවට නං මම එකගයි... හැබැයි ඒක එහෙම වෙන්න ඒ බූරුවො රැල මෙහෙයවන ටිකක් කපටි පුද්ගලයෙකුත් ඉන්නම ඕනෙ..... හොදට අතීතෙ ඉදන් සිද්දවුනු සිදුවීම් (‍මේ වගේ සිදුවීම්) දිහා බලන්න ඒ හැම තැනකදිම රටට වැඩක් කරන්න පුලුවන් තරුණ කොල්ලො ටිකක් රටට නැතිවෙනවා..... ඒත් ඒකෙන් වාසි සලස ගන්නෙ කවුද? උන් ඒ තත්වෙට පත්කරපු නායකයෝ නේද.... ඊට පස්සේ ඒ අය ගැන ඔය නායකයොන්ට මතක් වෙනවද?

මම ආයෙත් මතක් කරනවා මම ලියන්නෙ මට පේන විදිහ ගැන ඇනිත් අයට මේක වෙනස් විදිහකට පේන්න පුලුවන්..... තරුණ වයස කියන්නෙ ඕනෙ කෙනෙක්ගෙ සිතුවිලි අමුතු විදිහට තියෙන කාලයක් (අමුතු විදිහට කිව්වෙ ඒකට කියන වචනයක් මට මීටර් වු‍නේ නැති නිසා) විලියම් ශේක්ස්පියර් seven ages of man කියන කවියෙ එක තැනක මෙහෙම කියලා තියනවා

Then a soldier,Full of strange oaths, and bearded like the pard,
Jealous in honour, sudden, and quick in quarrel,
Seeking the bubble reputation
Even in the cannon's mouth

මෙතනදි සොල්දාදුවා කිව්වෙ තරුන වයසෙ කෙනෙක්ට.... මොකද මේක ලියන කා‍ලෙ තරුණයන් තමන්ගෙ නිර්භීත බාවය පෙන්නන්න කල රැකියාව වුනේ හමුදාවට බැදීම නිසා..... මේ ටි‍කේ අදහස සරලව ගත්තොත් තමන්ගෙ නිර්භිත බාවය පෙන්නන්න (කැපී පේන්න) තරැණයෝ කැමතියි කියන එක හැබැයි ඒක කරන්නෙ මොන විදිහටද කියන තැනදි ඒ අය නුවණක්කාරව තීරණ ගන්නෑ....

ඉතින් පොඩි චාටු කතාවකින් කොල්ලො රැලක් ෆෝම් කරල ගන්න එක එච්චර ලොකු දෙයක් නෙවෙයි..... මොකද මේ කා‍ලෙ හිතේ වගකීම් නෑ ඒ නිසා බයක් නෑ බලන්න ඔය උද්ඝෝෂණ වලදි ඉස්සරහට ඇවිල්ලා මූන දෙන්නෙ තරුණයෝ නෙවෙයි ද එතනදි..... විප්ලවය කියන සුන්දර වචනයෙන් වැඩිහිටියන්න වඩා තරුණ පරපුරු රවට්ටන එක ලේසියි මොකද විප්ලවය කියන වචනය ඇතුලෙ තරුණ පරපුර පස්සෙන් දුවන වීරත්වය කියන දේ තියනවා වගේ පෙන්නන්න පුලුවන් නිසා..... ඒත් අන්තිමට වෙන්නෙ ඒ අසරණයන්ගෙ අනාගතේ විනාස වෙන එක විතරයි..... ඔය නායකයෝ කියන උන් කරන්නේ තරුණ පරපුර මාකට් කිරීම.... ඔය වගේ කොල්ලෙක් මැරෙනකන් තමා උන් බලන් ඉන්නේ.... එතකොට ඒ මාරණයත් මාකට් කරන්න පුලුවන්නේ... ඔය නායකයෝ (මම මේ කතාකරන්නේ දේශපාලන පක්ෂ නායකයෝ ගැන) කවදාවත් පුලුවන් නම් අපටත් වෙඩි තියපියව් කියන් ඉස්සරහට එනවද.... නැත්තං තමන්ට ගහන්න එද්දි කොල්ලොන්ට ගුටි කන්න දීලා මාරු වෙලා යනවාද.... ඇත්ත නායකයෙක් කරන්නේ ඒකද?

පෝස්ට් එක දිග වැඩි වේගෙන එනවා වගේ මේකෙ දෙවෙනි කොටස පස්සේ දාන්නම්.......

Saturday, June 4, 2011

හදවතට/මොලයට එකගව තීරණ ගැනිම....

මිනිසා කියන්නෙ තවත් එක සතෙක් ඕක හැමෝම දන්න දෙයක් නෙ....මිනිස්සු හා සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද.... මිනිසගෙ මොලේ අනිත් සතුන්ට සාපේක්ෂව ගත්තොත් විශාලයි එ නිසාම ඒක සංකීර්ණයි.... ඊලගට මිනිසාගේ මහපට ඇගිල්ලෙ පිලිමල් ස්වභාවය.... ඔය වගේ හේතු කීපයක් නිසාම මිනිසා අනිත් සතුන්ට වඩා උසස් වෙනව කියලා සලකනවා..... දැන් ඔය සංකීර්ණ මොලයක් තියන නිසාම අපිට තර්ක කිරීමේ හැකියාව තියනවා ඒත් මේ හේතුව නිසාම මිනිසා ගන්න තීරන හදවතට එකග නොවෙන අවස්ථා එමටයි.....

මේ වීඩියෝව තිබුනෙ බුකියෙ (කිඩෝ ඩි සිල්වා එකෙන් නෙවේ මගේ පරණ එකෙන්) මගේ යාලුවෙකුගෙ වෝල් එකක..... ඉතින් මේක දාන්න කියල හිත හිත හිටියා ඒත් දාන්න වුනේ නෑ ඔන්න අද දැම්මා.....



ප.ලි.
සින්දුවේ තේරුමනං මගෙන් අහන්න එපා....
මම කලින් දවසක පෝස්ට් එකක කිව්වෙ කියන්න ආවෙ වෙන කතාවක් කියලා එදා මේක තමයි කියන්න ආවෙ....

කමෙන්ටුවකුත් දාලම යන්නකො ඉතින්....

Thursday, June 2, 2011

බනියාගේ අමුඩ ලේන්සුව

ඔන්න අද චැටකදි බනිය ලින්ක් එකක් එව්වා.... ගියාම මෙන්න තියනව ෆොටෝ කෑල්ලක් මගෙත් ඉතින් කට හොදනෑනෙ දැම්මා කමෙන්ටුවක්... ඔන්න ඊටපස්සෙ වැඩේ නැගල යන්න ගත්තා කමෙන්ට් ටික මෙහෙමයි.... අමුඩ ලේන්සු හෝදන්න දන්නැති අය මේක කියවල ඒකත් දැනගන්න....



Kido de Silva බනියාගේ අමුඩ ලේන්සු වැලේ වනා ඇති ආකාරය..... එන්න ඔබත් ඒ සුන්දරත්වය දැකගන්න :D
මකුළු පැංචි ශා...ඔයා හරිම වර්ණවත් බනියෙක්නෙ.... LOL
Anushka Lakmal අපේ බබාලා දෙන්නාගේ :D
Kido de Silva අනේ පල ‍බොරුනොකිය උබගෙ අමුඩ ලේන්සු මේ
Dilthara Shalani Jayalath annnaaa hali ekka aththa
Anushka Lakmal නැනැ මං තාම හිරෙ වැටිලා නැ.. අපේ ලොකු අක්කාගෙ බබාලා දෙන්නාගේ.. ටිවින්ස්ලා :D
Kido de Silva අනේ පල බනියො මෙතන බොරුනොකිය සයිස් එක බැලුවාම කියන්න පුලුව්න් උබේ කියලා
Anushka Lakmal Kido දත් නැතිව බත් කන්න ඔනේ වෙලාවද ?
Kido de Silva ඔව්
Dilthara Shalani Jayalath meeehhh meyage jangi thamaiiiiiiiiiiiiiiiiiiiiii
Anushka Lakmal යායා හොදා වෙලා ගත් චූ ජංගි.. :D
Kido de Silva ලොල්ය 2ට 1යි උබ පරාදයි බනී
Anushka Lakmal නැ මං පිලිගන්නවානේ මචං :D
Kido de Silva හුම් පිලිගත්ත එකත් හොදා
Anushka Lakmal Grrrrrr @_@
Anushka Lakmal හික් හික් :D
Disanda Guruge බනී අයියා-ටුවීන්ස්ල දෙන්න එකම අවුරුද්දෙය ඉපදුනේ???
Kido de Silva මොන ටුවින්ස්ලද බන් මේව මුගේ
Disanda Guruge කොහොමද බනී ලොක්ක අති දෙකෙන් අමුඩ දෙකක් අරන් යනකොට....[මට මැවිල පේනව අප්ප.]
බනියො අමුඩ හෝදන්නෙ වොසිං මැසිමෙ ද?
Kido de Silva නෑ බං මූ මේව හොදන අමුතු ටෙක්නික් එකක් තියනවා
Disanda Guruge ඒ කොහොමෙයි?
Anushka Lakmal හැහ්.. බොලාලා හා මශ් කනවද ?
Disanda Guruge හා මශ් නේ.....
Disanda Guruge සාටර් බනිය පුතේ.....
Anushka Lakmal අම්මා අපෙ අක්කා ඕයි..!
Anushka Lakmal නැ බුරුවෝ..! සහොදරයෝ සංසර්ගයේ යෙදෙන්නැ :P
Disanda Guruge මලා....\
Kido de Silva මූ මුලින්ම වතුර බේසමක් අරන් පැත්තකින් තියාගන්නවා අමුඩ දෙක ටිකක් තෙම්මල ගලක් උඩ තියලා මූ ගල උඩ වාඩි වෙනවා ඊට පස්සෙ මූ නාන ගමන් පු* දෙපැත්තට පද්දනවා ඔලුවෙ සබන් ගැද්දි අමුඩ 2 අනිත් පැත්ත ගහනවා ආපහු ඒවිදිහටම කරනවා ඔන්න ඔහොමයි මූ අමුඩ ලේනුසු හෝදන්නෙ...
Disanda Guruge මශ් කෝ මශ්?
Disanda Guruge ‎"ගල" ට අඹ සරණයි
Kido de Silva ඔව් ඉතින් වැඩේ ඉවරවෙද්දි එතන ගලක් නෑ බඩු ගිලාබැහැලා
Kido de Silva මම මේක පෝස්ට් එකක් විදිහට දානවා....
Disanda Guruge එල....
Anushka Lakmal ළමයි.. මෙකට ලයික් ඔබපු අයට කරදරයිනේ ඔහොම ඔන්නැති මගුල් කතා කලාම.. ඔන්නම් මං ස්ටෙට් එකක් දාන්නම්.. එකේ ඔනි මගුලක් කියාපල්ලාකො
Anushka Lakmal ආ හරි.. වරෙල්ලා මයේ වොල් එකට :D
Kido de Silva මම කමෙන්ටු දැමීම මෙතනින් නවත්වමි පෝස්ටුව මග එමින් තිබේ....


කියපු විදිහටම බනිය වෝල් එකට දැම්මා ඒකෙනං වැඩිය කමෙන්ට් වැටුන් නෑ....


ජංගි කතාවේ ඉතිරය සදහා..
ගහන මඩක් මෙතන ගහපල්ලා.. මයේ පොටොස් කැත නොකර..!!!

Disanda Guruge ‎:::THE COMMENT HAS BEEN REMOVED BY THE AUTHOR:::
Anushka Lakmal කෝ අර Dilthara Shalani Jayalath යි Kido de Silvaයි.. මෙන්න මෙතන නටපල්ලා නටන නැටුමක්
Kido de Silva නැටුම තාවකාලිකව නැවැත්තුවා නැටුම පෝස්ට් එකක් විදිහට එනවා....
Anushka Lakmal තව මොනා මොනා හරි කියපල්ලා.. උබලා මෙතන මයේ පොටොස් වන කරතැහැකි.. මෙක බැ


හා චරිත ටික දෙන්නත් එපැයි...

Disanda Guruge - කුරුං ගුරුං
Anushka Lakmal - පයිරට් බනී
Kido de Silva - කිඩෝ (මම)
Dilthara Shalani Jayalath - (කවුද කියල දන් නෑ)

බනියට හිතෙන්න ඇති මට ලින්ක් එක එව්ව මෝඩකම කියල හි හි....