Pages

Thursday, July 28, 2011

ජීවිතයට වටිනාකමක්?


මේක අපේ ගිය ඉරිදා මැත්ස් පන්තියේදි සිද්දවුන දෙයක් සම්බන්දව ලියන්න හිත්නේ සිද්දියනං මෙහෙමයි

එදා පාඩම කරකර ඉන්න ගමන් සර් අපෙන් ප්‍රශ්නයක් ඇහුවා කොහොම හරි උත්තරේට එන්නේ දන නැත්තං සෘණ සර් දන කියන අයයි සෘණ කියන අයයි අත් උස්සන්න කිව්වා පන්තියේ බහුතරය උත්තරේ දැනංහිටියත් අත ඉස්සුවේ නෑ එකකටවත්. සරුත් දැනන් හිටියා කට්ටිය උත්තරේ දන්නවා කියලා ඉතින් සර් ඊලගට කිව්වා ගෑනු ලමයි අත් උස්සන්න කියලා.... කවුරුත් නෑ.... පිරිමි ලමයි අත් උස්සන්න.... ඒත් කවුරුත් නෑ.... හුම් මේකෙ ඉන්නේ ඔක්කොම දෙකටම නැති අයද කොහෙ කියාලා සර් පොඩි දේශනයක් දුන්නා ඉතින් මම ඒ දේශනේට මගේ මතයත් එකතු කරලා ලියන්න යන්නේ

හරි මුලින්ම හිතන්න ඔයා කවුද කියලා.... කවදාවත් ඔයා ඔයාව අදුනගන්න උත්සහ කරලා තියේද? ඔයාට වටිනාකමක් දෙන්න උත්සහ කරලා තියේද.... සමහරවිට ඔයාලා මම මේ පුද්ගලයා වගේ වෙනවා කියලා දැනටම හිතාගෙන ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඔබේ වටිනාකම බලන්න, ඔබේ අනාගතය තීරණය කරන්න ගත්තේ මොනවගේ මිනුමක්ද කියන එක

ගොඩක් වෙලාවට අපි අපේ වටිනාකම බලන්නේ අපේ යාලුවෙකුට හරි අපි දන්න කෙනෙකුට හරි සමාන කරලා ඒත් ඒක ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මේ ලොකේ එක්කෙනෙක්ට එක්කෙනෙක් කවදාවත් සමාන නෑ බාහිර පෙනුමෙන් හිතන විදිහෙන් තමන්ගේ දකෂතා වලින් එක් අයෙක් තවත් අයෙක්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් එක් අයෙක් දිහා බලාගෙන තමන්ට කවදාවත් වටිනාකමක් දෙන්න බෑ. ඒක හරියට නිකං බල්ලෙක් කුරුල්ලෙක් දිහා බලලා පියාබන්න බැරි නිසා තමන් වටිනාකමින් අඩුයි කියලා තිරණය කරනවා වගේ වැඩක්

දැන් ටිකක් හිතලා බලන්න අපි විවිධ සමාජවල ඉන්නවා. ඒ එක සමාජයක ඉන්නකොට අපිට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පණ්ඩිතයා කියලා ඒත්. වෙනත් සමාජයකට අපි ගියාම අපට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පල්ම මෝඩයෝ කියලා. ඒක තැන අනුව, දක්ෂතා අනුව වෙනස් වෙනවා ඉතින් ඒ විදිහට තවත් කෙනෙක්ට සමාන කරලා අපිට වටිනාකමක් දෙන්න බෑ...

එහෙනං කොහොමද තමන්ට වටිනාකමක් දෙන්නේ.... අර පරණ කියමනක් තියනවානේ "ලොවෙන් එකෙක් එක දේකට වේ සමත" කියලා ඉතින් තමන්ටත් විශේෂ හැකියාවක් ඇති ප්‍රශ්නේ තියෙන්නේ අපි හොයාගන්න ඕනේ මොකක්ද අපේ තියන විශේෂ හැකියාව කියලා ඒක අනිත් අය එක්ක සසදලා කියන්න බෑ මොකද ඒ අයගේ දකශතාවයන් වෙනස් වෙන්න පුලුවන් නිසා... හිතලා බලන්න තමන් වැඩිපුරම ආස/දක්ශ මොකක් කරන්නද කියලා ඒවැඩේ කරද්දි එන්න එන්න ආසාව වැඩිවෙනවා මිසක් අඩු නෙවෙන දෙයක් මොකක් වුනත් තමන්ට එපා වෙන්නේ නැති දෙයක්... ඒත් ඒක මොකක්ද කියලා මටනං කියන්න බෑ

ඊලගට ඔය මොක තිබ්බත් වැඩක් නෑ තමන්ට ආත්ම විශ්වාසයක් නැත්තං... කෙලින් තීරණයක් ගන්න බැරිනං... ගන්න තීරණ ගැන විශ්වාසයක් නැත්තං.... ගත්ත තීරනය වෙනස් නොකර ඉන්න බැරිනං (හැබැයි ගත්ත තීරනය වැරදිනං ඒක වෙනස් කරන්නත් පුලුවන් කම තියෙන්න ඕනේ) තමන් පොඩි දේකටත් සැලෙන එක්කෙනෙක් නං ඉතින් ඒකත් තමන්ගේ වටිනාකම වැඩිවෙන්න හේතුවක්නං වෙන්නේ නෑ කියලා මතක් කරන්න ඕනේ...

ඉතින් තමන් තුල ඉන්න දක්ෂයා හොයාගන්න ඕනෙ තමන්මයි.... බෑ කියලා හිතුවොත් කවදාවත්ම බෑ හැබැයි පුලුවන් කියලා තමන්ගේ හිතේ විශ්වාසයක් ගොඩ නගාගත්තොත් තමන්ට බැරි දෙයක් වුනත් පුලුවන් වෙන්න තියන ඉඩ වැඩියි..... ඉතින් තමන්ගේ වටිනාකම හොයාගන්න ඒ වටිනාකම වැඩි කරගන්න..

Sunday, July 24, 2011

ස් ස් නම නම......

අමේමෝ කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.... සතියට පෝස්ට් 3ක්වත් දානවා කිව්වට දැන්නං සති එකහමාරට පෝස්ට් එකක් වගේ තමා ලියවෙන්නේ කොහෙද ඉතින් සතියේ දවස් 2ක විතරයි හවස්වරු ‍ෆ්‍රී තියෙන්නේ අනිති හැම දවසෙම පන්ති ගෙදර එනකොට ඉතින් හොද ගනං පෝස්ට් එකක් ලියන්න හිත එකතැනකට ගන්න බෑ සදුදයි අගහරුවාදයි විතරයිටිකක් හරි ‍ෆ්‍රී ඉතින් ඒ දවස් 2 වැඩේ තමා සතියෙම පෝස්ට් ටික කියවන එක තොහොම කරන්න පුලුවන් වැඩක්ද පෝස්ට් 200ක් විතර කියවන්නත් එපැයි ඉතිං ගොඩක් වෙලාවට කමෙන්ට් කරන්න වෙන්නේ නෑ වැදගත්ම දෙයක් නොවුනොත් මිසක් නැත්තං කියන්න තියන දේ පුලුවන්ම තරම් කෙටියෙන් කියනවා කරන්න දෙයක් නෑ ඉතින් මොනවා වුනත් ඔක්කොම පෝස්ට් ටික කියවන්නත් එපැයි..... ඊයෙ මධුරංග අයියත් ඇහුවා මොකෝ මල්ලී පෝස්ට් නැත්තේ කියලා..... ඔන්න ඉතින් අද පෝස්ට් එකක් දානවමයි කියලත් පොරොන්දුවුනා....

නිදහසට කාරනා කීම අවසානයි දැන් පෝස්ටුවට යමුකෝ (අද පෝස්ටුව ගැනනං හිතට සැටිස් නෑ හැබැයි)

මේක ඊයේ අපේ නංගිට වුන වැඩක් අපේ පැත්තේ පන්සලක හාමුදුරුනමක් අපවත්වෙලා ඊයේ ආදහනය කරා.... මැරුනයින් පස්සේ ඒ කෙනාට දොස් කියන එක හරි නැති නිසා මුකුත් කියන්නේ නෑ ඒත් කියනවනං කියන්න දේවල් ඕනෙ තරං.... කොහොම වුනත් මටනං පන්ති නිසා යන්න බැරිවුනා ඒත් අම්මයි නංගියි ගිහිල්ලා තිබුනා මේ සිද්දිය වෙලා තිබුනේ ඒ වෙලාවේ

ඔතන ටෙන්ට් 2ක් තිබුනලු එකක් හාමුදුරු වරුන්ට අනිත් එක ගමේ අයට ඉතින් අම්මා ඔය ටෙන්ට් එක ගාව තව ඇන්ටිලා වගයක් එක්ක කතාකරකර ඉන්නවලු නංගිත් ඉතින් එතන ඉදන් වට පිට බලබල ඉන්නකොට එතන හාමුදුරුවරුන්ගෙ ටෙන්ට් එකේ හිටපු හාමුදුරුනමක් අහනවලු ස් ස් නම නම කියලා අපේ නංගිත් ගනං අරං නෑ වෙන කෙනෙක්ට කිව්ව එකක් කියලා හිතලා කෝකටත් ඒ පැත්ත නොබලා ඉන්නවා කියලා ඉදලා.

ඒත් ඉතින් විනාඩි පහක්විතර යනකොට ‍නංගිට මේ සීන් එක අමතක වෙලා ආපහු අර පැත්ත බලලා එතකොට අර හාමුදුරුවෝ නම්බරේ නම්බරේ කියලා ෆෝන් නම්බර් එක ඉල්ලනවලු.... දැන් නං එන පොට හොද නෑ කියලා තේරුන නංගි අම්මට යං කියලා කිව්වලු ඒත් ඉතින් අම්මා‍ මේ සීන් එක දන්නෙ නෑ නේ තව පැය බාගයක් ඉදලා යමු කියලා කිව්වලු. නංගිටත් දැන් කරන්න දෙයක් නෑ සෙනග මැද්දේ ඔය කතාව කියන්න බෑ නේ. කොහොම හරි ඒ වෙලාවෙ වහින්න අරගත්ත නිසා අම්මලා ගෙදර ඇවිත් රෑ තමා අපට සීන් එක කිව්වේ....

මෙහෙමයි හාමුදුරුනමක් කියන්නේ ගිහියෙක් නෙවේ ඉතින් චීවරේ ඇගේ තියනකොට සංවරව ඉන්න දැනගන්න ඕනෙ වැරදිලා හරි ගමේ කෙනෙක් දැක්කනං ඔතන මොනවා වෙයිද කියලා කියන්න බෑ.... හොද සංවර හාමුදුරුවරුත් නත්තෙම නෑ ඒත් ඉතින් මේ වගේ දේවල් අනුමත කරන්න බෑ නේ... ගොසිප් ලංකා නිව්ස් එකෙත් තිබ්බා කතාවක් මේවා දකිනකොට සාසනේ ගැන හිත කලකිරෙනවා.....

Tuesday, July 12, 2011

ලංකාවේ බස්වල සීඝ්‍ර කඩාවැටීමක් වාර්ථාමය වැඩසටහන ඇතුලු ටුඩේස් බාකිං නිවුස්

පසුගිය දිනවල බස් සේවයේ ඇතිවූ සීඝ්‍ර කඩාවැටීම පිලිබද හේතු සෙවීම සදහා පත්කල කමිටුවේ අවසන් වාර්ථාව මේවනවිට අපි අතට ලැබී ඇත ‍මේ ඒ පිලිබදව ගෙන එන වාර්ථාමය වැඩසටහනකි

බස් වලට වුනේ මොකක්ද?



පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ බස් ඉතා සාර්ථක අන්දමින් ජනප්‍රිය වූ අතර එක්වරම එහි කඩාවැටීමක් දක්නට ලැබුනි මේ පිලිබද කල සමීක්ශනයකින් අපට පෙනීගියේ පසුගිය ජූලි 4වනදා රාත්‍රියේ සිට මේ තත්වය උදාවී ඇති බවයි.... මේ නිසාවෙන් පසුගිය ජූලි 4 වනදා සිදුවූ අත්බූත සිදුවීම කුමක්දැයි සොයා බැලූවිට අප‍ට දැනගන්නට ලැබුනේ ජූලි 4 වනදා රාත්‍රී 8.00ට අහස ගුගුරවාගෙන මහ පොලව දෙදරවාගෙන යම් දෙයක් සයිබර් අවකාශයට පැමිණෙන බවට කිහිප දෙනෙක් අනාවැකි පලකර ඇති බවයි.... මේ පිලිබදව එක් එක් අය නොයෙක් කතා කියා ඇති නමුත් සත්‍ය අනාවරනය කරගැනීමට අප සමත් විය....

සැබැවින්ම ජූලි 4වනදා රාත්‍රී 8.00ට සිදුවී ඇත්තේ බස් රේඩියෝව නව මුහුණුවරකින් ආරම්භ කිරීමය... මෙම බස් කඩාවැටීමට මූලික හේතුව වී ඇත්තේ මෙහි අලු‍තෙන් ඇති චැට් පහසුකම බව බොහෝදෙනාගේ අදහසයි.... මෙය ආරම්භකල දිනයේදී මෙහි චැට්එක ට්‍රැෆික් නිලදාරීන්ට හැරෙන්නටවත් ඉඩක් නොතබා ගිය බව මෙය ඇසින් දුටු අය අපට කිව්වෝය.....

තවද මේ හේතුවෙන් ලාංකීය බස් සේවාවේ ලේකම්, බස් පියා යන ගෞරව නාම වලින් පිදුම්ලත් වැප් නිශාන්ත තරුණයා පාට් ටයිම් ජොබ් එකක් ලෙසට පුවක් විකිනීම ආරම්භ කරඇති අතර මේ නිසාවෙන්ම ලංකාවේ බස් කර්මාන්තයේ අනාගතය කෙසේ වේදැයි යන්න පිලිබදව ගැටලු මතුවී ඇත.... මේවන විටත් වෙනදා දිනක් ඇතුලත කැඩුනු බස් දැන් දින දෙක තුන දාවනය වන බව පෙනේ....

(හදිස්සි විදුලි විසන්දිවීමක් හේතුවෙන් මෙම වැඩ සටහනේ ඉතිරි කොටස වාර්ථා කරගැනීමට නොහැකි විය)

ටිං ටොං ටෑං..... ඔබත් පවුල් දිවිය අසාර්ථක කරගත් කෙනෙක්ද පවුල් දිවිය සාර්ථක කරගැනීමට ඔන්ලයින් උපදෙස් සිතුවිලි නිහඩයි වෙතින්.... කැඩුනු පවුල් සුපර්ග්ලූ ගා හෝ එක්කරනු ලැබේ... ඔබත් අදම පැමිනේන්න

විරාමයකට පසු නැවතත් ඔබ බාකිං නිවුස් සමග.....

දින 21ක් තුල එස්.බී. මාමා රත්ගමයවත් වෙනස් කරයි

සයිබර් අවකාශයේ කුප්පකමින් අග්‍රගන්‍ය යැයි සම්මත රත්ගමයා මහතා පසුගිය දිනක බලෙන්ම රැගෙන ගොස් නායකත්ව පුහුනුවකට කියා දින 21ක් තිස්සේ රදවාගෙන තබාගෙන දැන් නිදහස් කර ඇත. නමුත් මේ දින 21 තුලදී රත්ගමයාගේ කුප්පකම් යම් ප්‍රමානයකට අඩු කිරීමට එස්.බී මාමා සමත්වී ඇත. මෙසේ රත්ගමයාගේ යහලුවන් ඇතුලු පවුලේ සැමට අවුරුදු ගනනාවක් තිස්සේ වෙනස් කිරීමට නොහැකිවූ මොහුගේ කුප්ප කම් එස්.බී. මාමා දවස් 21ක් තුල යම් තරමකින් හෝ වෙනස් කලේ කෙසේදැයි සැමට ප්‍රශ්නයක්ව පවතී......

රත්ගමයා මහතාගේ මල්ලී මූ යලිත් වරක් නායකත්ව පුහුනුවට යැවීමට දන්නා සියලු සෙල්ලම් දානා බව අපට වාර්ථා විය.... එමෙන්ම විශ්වාස කර නොහැකි ලෙස එස්.බී. මාමා රත්ගමයා මහතාගේ දේශපාලන මතයද වෙනස් කර ඇත.... වෙනදා ආණ්ඩුවට ලෙසටම දෙහි කැපූ රත්ගමයා මහතා අද ආණ්ඩුවට බනින්න එපා යැයි හා තමා මහින්ද මාමාට ආදරේ බව කීවේ වටේ පිටේ සිටි සියලු දෙනා පුදුමයට පත් කරමිනි












සයිබර් අවකාශයේ අලුත් කපල් එක

‍මේ දිනවල සානිකා මහත්මිය බ්ලොග් අවකාශයේ දකින දකින කෙනාගෙන් අලුත් කපල් එක දන්නවාද යනුවෙන් අසමින් යයි... මේ ගැන වැඩි විස්තර සොයාගැනීම සදහා අප කල පරීක්ශනයකදී හෙලිවූයේ මෙය යම්කිසි භාණ්ඩයක ප්‍රචාරය කිරීමට ගන්නා උපක්‍රමයක් බවයි. මෙම භාණ්ඩය කුමක්ද යන්න හෝ මෙම ප්‍රචාරන කටයුතු සදහා ඇයට ගෙවනා මුදල පිලිබද තවමත් හෙලිවී නැත. මේ පිලිබද වැඩි විස්තර ලද සැනින් ඔබ වෙත ගෙන එන්නෙමු.

මේ විරාමයෙන් පසු මේ දිනවල සිදුවන විදුලි විසන්දි වීම් පිලිබද අනාවරනය.

(යලිත් විදුලිය විසන්දි වීමක්)

බාකිං නිව්ස් පුවත් විකාශය අවසානයි....

මීලගට පැය 2ක් පුරාවට ඔබට ආතල්දෙන අවුරුදු ගනනක් පැරනි මෙගා සීරීස් එක සමග රැදී සිටින්න.....

-------------------------------------------------------------------------------------------------------

මෙම විදුලි විසන්දිවීම් ප්‍රශ්නය පිලිබද දැන ගැනීමට බාකිං නිව්ස් කාර්යාලයට කෝල් කල අවස්ථාවේදී ඔවුන් පැවසුවේ මෙවන් දෙයකි

මම - ‍මේ මට බාකිං නිව්ස් වල කොටස් වගයක් මිස් වුනා මේ පැත්තට කරන්ට් ගිය නිසා මට රෙකෝඩිං කරපු එක ගන්න පුලුවන්ද
බාකිං නිව්ස් කාර්යාලය - අනේ සොරි වෙන්න ඕනෙ මල්ලි ඒ ටික රෙකෝඩ් කරගන්න බැරිවුනා මේ පැත්තටත් කරන්ට් ගියානේ
මම - ඒ වුනාට අයියේ ඒකෙ කෑලි ටික නිකං කලින් කිව්වා වගේනේ දුන්නේ
බා.නි.කා - නෑ මල්ලි මේකයි බාකිං නිව්ස් වලින් පස්සේ ආතල් පැය 2 යනවනේ ඉතින් අපේ බොසා කිව්වා බාකිං නිව්ස් නොදුන්නත් කමක් නෑ වෙලාවට ආතල් පැය 2 පටංගනිං කියලා ඒකයි අපි කොටස් ඇර ඇර කිව්වේ
මම - ඇයි බොලේ උබලා ගාව ඔය ජෙනරේටර් කියන ජාතිය නැද්ද බොල?
බා.නි.කා - අනේ මල්ලියේ මහඅධිකරණෙවත් නැති ජෙනරේටර් කොහෙන්ද අපි ලග.....

මට කටඋත්තර නැතිවිය....

Sunday, July 3, 2011

ගාල්ලේ බ්ලොග් කරුවන්ගේ හමුව...

අද නං පට්ට ආතල් දවසක් ඕන්න අද තමා මට බ්ලොග් ලියන අය මුලින්ම හම්බ වුනේ... බුකියේ බස්වල චැට් කරලා තිබුනට කස්ටිය දැක්කේ අද තමා.... මුලින්ම කිව්වට මට කලින් කුරුංගුරුං ව නං හම්බ වුනා බද්දෙවිතාන සර්ගෙ පන්තියේදී... තව ටිකෙන් ඒකත් මිස් වෙනවා කෙහෙල්මල් වලියක් නිසා.... කොහොම හරි බනියා ඇතුලු කට්ටිය කතාකරගෙන තිබුනානේ ගිය සෙනසුරාදා සෙට් වෙන්න ඒත් එ වැඩේ හරිගියේ නෑ.... ඔන්න ආපහු Galle වැසියෝ ගෘපියේ චැටකින් කට්ටිය කතා කරගත්තා ආපහු සෙට් වෙන්න.... ඉතින් දිනයක් තැනක් නියම කරගන්න එක තමා කරන්න තිබුනේ... අන්තිමට ඉතින් කට්ටියත් එක්කම කතා කරලා දෙවනිදා උදේ 11ට ගාල්ලේ කොටුවේ ලයිට්හවුස් එක ගාවදි මීට් වෙන්න කතා කරගත්තා....


හෆ්ෆා මේකට නගින්නේ කොහොමද?

අවුලකට තිබුනේ දෙවනිදා මට පන්ති 9 ඉදන් 4 වෙනකං ඉතින් පන්ති ඉවරවෙලා 4ට එන්න තමා මම හිතාගෙන හිටියේ.... (එහෙම කරා නං මට කට්ටිය ගෙදර යනවා තමා බලන්න තිබුනේ).... කොහොම හරි දෙවනිදාට හිම හංසි අක්කා, ප්‍රාර්ථනා අක්කා බනියා අනිවාර්යයෙන්ම සෙට් වෙනවා කිව්වා ඒ වුනාට ඉතින් තුන්දෙනෙක් විතරක් ඇවිල්ලා වැඩක් නෑ නේ ඉතින් කට්ටිය Galle වැසියෝ ගෘපියේ මේ ගැන දැම්මා කැමති කට්ටියට එදාට එන්න කියලා.... 


ඔන්න ඉතින් කට්ටිය 12දෙනෙක් එනවා කියලා කිව්වා... ඉතින් අපේ සංවිධායකතුමා ඒ කියන්නේ බනියා සෙට් වෙන්න මුලින් හිතාගෙන හිටපු තැන (කොටුවේ ලයිට්හවුස් එක) කොටුවේ ඔරලෝසු කණුව විදිහට වෙනස් කලා... ඒ වගේම පහත දේවල් ගේන්න කියලත් කියලා තිබුනනේ...


කෑම එකට රු 150 ගෙන්න..
තව ෆොටොස් ගන්න ඔන්නම් කැමරා අම්පන්න :D
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සංගීත වාදන භාන්ඩයක් ගෙන්න :D (වාදනය කරන්නත් පුලුවන් වෙන්ටොන හැබැයි ;)



ඔන්න ඉතින් මම ආසාවෙන් බලන් හිටපු දෙවනිදා උදා වුනා... ඉතින් උදේ 6ට නැගිටලා ආපහු 6.30 වෙනකං නිදාගෙන ලෑස්ති වුනා යන්න..... වෙන කොහෙවත් නෙවේ පන්ති... ඔන්න ඉතින් පන්තියේ 10 30ට ඉන්ටවල් දීපු වෙලාවේ මිස් හම්බවෙලා 12ට ලන්ච් අවර් එකේදී ශෝට් ලීව් එකක් දාන්න අවසර ගත්තා... 


දැන් ඉතින් කොලුවා 12ට පන්තියෙන් කැපිලා කොටුවට ආවා හා දැන් ඉතින් හොයපන්කෝ කට්ටිය කොහෙද කියලා... දුන්නා බනියට කෝල් එකක් කොහෙද ඉන්නේ කියලා අහන්න... හා කිඩෝ අපි මේ කවුතුකාගාරේ ඉන්නේ කියලා එන්න ඕනෙ පැත්තත් බනියා කිව්වා... හා ඕක හොයාගන්න එක මහලොකු වැඩක්යෑ ගියා ඉතින් වීරයා වගේ.... මෙන්න තියනවා බෝඩ් එකක් ජාතික කවුතුකාගාරය. හා කවුතුකාගාරෙටනේ එන්න කිව්වේ කට්ටිය ඇතුලේ ඇති කියලා හිතලා පඩි කමට කෝල් එකක්වත් නොදී රුපියල් 20 ටිකට් එකකුත් අරන් ගියා කවුතුකාගාරේ ඇතුලට...


ඔය ඉන්නේ කට්ටියම (බනියා කැමරාවට පිටුපසින්)
හුටා කට්ටිය කවුරුත් පේන්න නෑ නේ.. කපල් එකක් ඉන්නවා තව කපල් දෙකක් ඉන්නවා මම ඉන්නවා කවුතුකාගාරේ වැඩ කරන උන් දෙන්නෙක් ඉන්නවා කෝ බොල අපේ උන්... බැලුවා වටපිට ඔව් එච්චරයි ඉන්නේ.... ගත්තා ටාර් ගාලා කෝල් එකක් බනියට කෝබොල මූ කියන මෙලෝ දෙයක් පැහැදිලි නෑ... ආයෙක් ගත්තා ම්හු ප්‍රතිචාරයක් නෑ.... සික් බනියගේ ෆෝන් එකත් වැඩ නෑ නේ මුකුත් අහගන්න වෙන කෙනෙක්ගේ නම්බරේ දන්නෙත් නෑ.... රුපියල් 20 ටිකට් එකක් අරන් නිකං බැහැලා යන්නද බැලුවා මුලු කවුතුකාගාරෙම මුන් එන වෙලාවක එන්නෙ නැතෑ...


දැන් නං ඉතින් ඒකේ බලන්න තව මුකුත් ඉතුරු වෙලත් නෑ බැස්සා එලියට ආපහු කෝල් එකක් ගන්න ගමන් හා මෙන්න රිංග්ස් යනවා....


මම- අඩෝ බනී උබලා කොහෙද බන් ඉන්නේ මම මේ කවුතුකාගාරෙට ගියා කවුරුත් නෑ නේ
බනී- අපි මේ සමුද්‍ර කවුතුකාගාරේ උබ කොහෙටද ගියේ?
මම- අඩෝ මේ ජාතික කවුතුකාගාරේ කියලා තියෙන්නේ... කවුතුකාගාරේ කිව්වාම මම හිතුවේ මේක කියලා...
බනී- සමුද්‍ර කවුතුකාගාරෙට වරෙන්
මම- මේ පා‍රෙම නේද
බනී- ඔව්. ඔය කලුපාට ශර්ට් එකක් ඇදන් එන්නේ උබද? (වටෙන්- අත උස්සන්න කියපන්..) 
මම- (අත උස්සගෙන) ඔව් ඔව්....


ඔන්න ඔහොම තමා මම කට්ටියත් එක්ක සෙට් වුනේ... දැන් ඉතින් මම අරුන් ‍එන ඉස්සරහට යනවා මුං මගේ ඉස්සරහට එනවා මෙන්න බනියා එකපාරට "උබ නේද ඇර අමුඩ පෝස්ට් එක දැම්මේ.." කියාගෙන මගේ පස්සෙන් එලවගෙන ආවේ නැතැයි... මුකුත් නෑ මම හැරුනු ගමන් දිව්වා (හරියට නිකං මැඩගස්කර් 1 එකේ ඇලෙක්ස් මාටි පස්සේ එලවන සීන් එක වගේ) පස්සේ ඉතින් කට්ටිය කොටු බැම්ම උඩ වාඩිවෙලා තමන්ම හදුන්වා දුන්නා (2 වසරේ මයි සෙල්ෆ්) ඒ කිව්වේ තමන්ගේ නම බ්ලොග් එක බ්ලොග් කෙරුවාවට ආපුහැටි වගේ ඒවා... 


බ්ලොග් කරුවන් හදුන්වාදීම අතරතුර

කොහොම හරි ඒ වෙනකොට හිටියේ මම, ජනරංග අයියා, රිද්ම අයියා (පොඩි මෑන්), ප්‍රාර්ථනා අක්කා, හිමංශි අක්කා (හිම හංසි), ගයාන් කල්හාර අයියා ඇන්ඩ් අපේ බනී අයියා ඇතුලු සෙට් එක වත් අක්කා තව අක්කා කෙනෙක එක්ක ඇවිත් මොකක්ද පොත් නැවක් බලන්න ගියා කිව්වා... ඔන්න ඉතින් අපි හදුන්වාදීම් කරන අතරේ හුස්නි අයියයි කස් අයියයිත් ආවා... හනේ මේ අස්සේ හිම හංසි අක්කට බඩගිනි වෙලා අපි කමුකෝ අපි කමුකෝ ගගා කියනවා.. ඉතින් ගයාන් අයියයි මමයි ගියා කෑම ගේන්න...


ගයාන් අයියා ගත්තා මෑන්ස්ගේ ජනඅප්පිරිය බයික් රාජයයි ඌ අම්මගේ බඩේ ඉන්න කාලෙදිත් දාන් ගියයි කියන හෙල්මට් එකයි. මම ගත්තා හුස්නි අයියාගේ පුටාර් එක (හිටගෙන පදිනකොට වීසිවෙන ගතියක් නැත්තං ඒක පට්ට බයිසිකලේ) ගියා ඉතින් බත් එකක් (එකක් නෙවේ 9ක්) ගේන්න... ඉතින් එතන විනාඩි 20ක් විතර වාත වෙලා ආපහු එන්න ආවා බත් ටිකත් අරන් එතනදි මම ඉගනගත්තදෙයක් තමා ෆිෂ් රයිස් එකක් දාන්න යන වෙලාවට වඩා විනාඩි දෙක්ක් විතර වැඩියෙන් වැයවෙනවා චිකන් රයිස් 5ක් හා වෙජිටබල් රයිස් 2ක් දාන්න...


පේන්නැත්තං හොදට බලන්න ඔය කට්ටියම ඉන්නේ හුස්නි අයියගේ ලයිසිකලේ උඩ


කොහොම හරි අපි ආපහු එනකොට වත් අක්කා නැව බලලා ඇවිල්ලා.... ප්‍රමුක අයියත් ටික වෙලාවකින් ආවා කොහෙම හරි කට්ටිය කාලා ඉවරවෙලා නිකං ඉන්න බැරුවට හුස්නි අයියගේ බයිසිකලේටත් දස වද දීලා බීච් එක පැත්තට එන්න ආවා... ඔන්න ඉතින් බීච් එකටත් ඇවිල්ලා වත් අක්කට පින් සිද්දවෙන්න අයිස්ක්‍රීම් එකකුත් කාලා ගියා බීච් එකට ඉතින් බීච් එකෙත් ටික වෙලාවක් ඉදලා ආපහු ඇවිල්ලා සින්දුවක් එහෙම කියලා ඉන්නකොට අපි දන්නෙම නැතුව 4ත් පහු වෙලා.... ඉතින් වත් අක්කත් පරක්කුවෙනවා කියලා ගියා අපිත් ඉතින් තව විනාඩි 10ක් විතර ඉදලා කට්ටියගෙම ෆෝන් නම්බර්ස් හුවමාරු කරගෙන ගියා ස්ටෑන්ඩ් එකට


වත් අක්කා‍ගේ බලු කපුටු දානය

කොහොම හරි අද මම ගාල්ල පැත්තේ (මාතරත් ඇතුලත්) ඉන්න බ්ලොගර්ස්ලා කීපදෙනෙක් අදුනගත්තා ඇත්තටම බුකියේ චැට් කරනවට වඩා මූනට මූන හම්බවෙලා කතාකරන්න ලැබුනු එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි....


ප.ලි.


අන්තිම හරියේ ‍ගොඩක් සිද්දි මඩ ගනයට වැටෙන ඒවා මම මඩ ගැසීමෙන් තාවකාලිකව වැලකිලා ඉන්න නිසා ඒ ටික දැම්මේ නෑ...


ප.ප.ලි 


මේ ටිකේ පෝස්ට් එකක් වත් දාන්න බැරි වුනානේ.... අවුලක් නෑ ඉස්සරහට නිවාඩු....




ඔය ඉන්නේ කට්ටියම....