Pages

Friday, April 27, 2012

කීඩෑවා බැක් අගේන්

ඕං ඉතිං කාලෙකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න ගත්තා.... හප්පොච්චියේ මම හිතුවෙ මාස තුනක් ලියන්නෙ නැතුව හිටපු නිසා මාව සිංඩි වලින් දැනටමත් පන්නලා දාලා ඇති කියලා ඒත් ඉතිං තාම පන්නලා දාලා නෑ නොවැ ඒකත් හොදයි සමහරවිට මාස තුනේ කාලෙ වැඩි කරලද දන්නෙත් නෑ.........

කොහොමින් කොහොමින් හරි මේ පොඩි ඔපරේෂන් කට්ටක් නිසා (පපුව ඇතුලෙ පොඩි මස් ගෙඩියක් දාලා ඒක අයින් කරන්න එච්චර ලොකු ඔපරේශන් එකක් නෙවේ) දැන් මට ගෙට්ටු 2ක්ම මිස් වුනානෙ කරුමෙ තමා ගිය ජනවාරි 12 ඔපරේෂන් එක කරන්න හිටපු නිසා ගාල්ලෙ ගෙට්ටුවට යන්න ගෙදරින් අවසර ලැබුන්නෑ කෝමින් කෝමින් හරි 12 ඔපරේශන් එක කෙරුනෙත් නෑ..... ඩොක්ටර්ස්ලගෙ එක එක සීන් කෝන් වලක තුන් හතර පාරක්ම කල් ගිහිල්ලා කල් ගිහිල්ලා අන්තිමේ අප්‍රේල් 19ට ඒක වැටුනා ( ඒකෙන් සයිබර් සිහින බක්මහ උළෙලට එන එකටත් කෙල වුනා 2013දි නං ඉතිං සයිබර් සැනකෙලියට කොහොමත් එන්න වෙන එකක් නෑ. ගාල්ලෙ ආපහු මොකක් හරි සෙට් වුනොත් නං ඉතිං මොකක් හරි ජිංජිබිරිස් එකක් දාලා ඒකටනං එනවා )

හැබැයි ඉතිං 18 උදේ ඇඩ්මිට් වෙනකංම මේක 19 කරයි කියලා මටනං සුවර් එකක් තිබුනෙම නෑ.... යාලුවොන්ටත් 19 ඔපරේශන් එක කියලා පනිවිඩේ දුන්නෙ ඇඩ්මිට් වුනායිං පස්සෙ නැත්තං ඉතිං සුවර් නෑ නෙ මොකක් වෙයිද කියලා........ ඕං ඉතිං 19 ඔපරේෂන් එක කලා ඒක ඉවරයි අම්මා මෙච්චර කල් කියව කියව හිටපු ලේ සෙලවීම් 2න් පලවෙනි එක ඉදලා ඉදලා ඉවරයක් වුනා.... 20 ටිකට් කපන් ගෙදර ඇවිල්ලා ඉතිං කලේ කලින් දවස් දෙකේ කන්න බැරිවෙච්චටත් එක්ක හොදට කාපු එක තමා.....

23 උදේ ඩොක්ටර් කියපු විදිහට වෝඩ් එකට ගිහිල්ලා ඩොක්ටර් හම්බවෙලා දැන් අවුලක් නෑ තුවාලෙ හොදයි කිසි අවුලක් නෑ කියලා සුවර් කරගෙන ගෙදර ආවෙ බදාදා ඉදන් ආපහු ඉස්කෝලෙ යන්න හිතාගෙන......

ඒත් ඉතිං රෑ වෙනකොට ඔපරේෂන් කරපු පැත්ත නිකං බැලුමක් වගේ පිම්බිලා එන්න ගත්තා හවස් වරුවෙත් ටිකක් විතර ඉදිමිච්ච ගතියක් පේන්න තිබුනත් ඩොකා දැන් අවුලක් නෑ කියපු නිසා ඒක එච්චර ගනංගත්තෙත් නෑ...... වෙලාවට අපේ අක්කා එදා නයිට් ඩියුටි ඉතිං අක්කගෙ පිහිටෙන් රෑම ඉස්පිරිතාලෙ ඇතුලට කරදරයක් නැතුව යන්න පුලුවන් වුනා නැත්තං ඉතිං ඔතන පැය දෙක තුනක් එලියෙ තමා.....

මගේම වෙලාවට එදා ඩොක්ටර් ගිහිල්ලා තිබුනෙ නෑ..... ඩොක්ටර් කිව්වෙනං මුලින් ගහපු ප්ලාස්ටර් එක තදට වැදිලා නැති නිසා තමා මේ සීන් එක වෙලා තියෙන්නෙ.... ඇත්තටම එදා ගහපු ප්ලාස්ටර් එක ගොඩක් පොඩි එකක් යන්තං පපුව වැහෙන්න වගේ තිබුනා ඒකත් ඇදේ දිගාවුන ගමන් ගැලවෙනවා..... ගෙදර ගිහින් පිටින් වෙන ප්ලාස්ටර් කෑලි ගහලා අනිත් ප්ලාස්ටරේ ගැලවෙන්නෙ නැතුව තියාගත්තත් ඒ වෙනකොට ඒක ටිකක් බුරුල් වෙලා තිබුනෙ ඒ හින්දා තමා ඔපරේෂන් කරපු තැන ඇතුලෙන් ලේ පිරෙන්න අරන් තියෙන්නෙ

ඉතිං කවුරු හරි ඔපරේෂන් එකක් කරනවනං දාන ප්ලාස්ටර් එක හොද තදට & ලොකුවට දාගන්න..... පස්සෙ නිකං බොරුවට දුක් විදින්න ඕනෙ නෑ නෙ......

කෝමින් කෝමින් හරි කේන්දරේ කියපු කතාව ඇත්ත කරගෙන දෙවනි ලේ සෙලවීමත් වුනා. ඒ පාරනං මුලු පැත්තක්ම වැහෙන්න ප්ලාස්ටර් ගහන්න ඉස්පිරිතාලෙ කට්ටිය වගබලාගත්තා :D දැන් ඉතිං ඒකෙන් වුනේ ඉස්කෝලෙයි පන්තියි තව සුමානයක් යන්න බැරිවුන එක ඒකෙනුත් පාඩුව මටමයි...... මේ ටිකේ ඉතිං හොදට දාඩිය දාන නිසා තවත් සැපයි දැන් ඉතිං ලබන සදුදා වෙනකං මේ දුක විදින්න එපැයි......

කෝල් කරපු මැසේජ් වලින් සුවදුක් ඇහුව හැමෝටම ස්තූතියි

ඉතිං ගෙදර නිකං ඉන්න එකේ කොම්පීතර රාජයා ඉස්සරහා තමා මුලු දවසම මුල් දවස් ටිකේනං ඉතිං ඔක්කොම කලේ වම් අතින් අද තමා ටයිප් කරන්න දකුණත් පාවිච්චි කලේ..... කොහොම හරි විභාගෙ ඉවර වෙනකං සයිබරේට එන්නෙ නෑ කියපු මට ආපහු සයිබරේට එන්න වුනා...... ඉතිං ආපු එකේ ගියපාර 1 50 50 ගැහුවා වගේ (බ්ලොගේට අවුරුද්දයි පෝස්ට් 50 ෆලෝවර්ස්ලා 50) මේ පාර බ්ලොගේට අවුරුදු 2 ලබනකොට 2 100 100 ගහන්න තමා හිතාගෙන ඉන්නෙ ඒකෙනුත් දැන් ෆලෝවර්ස්ලනං හරි පෝස්ට් ගාන තමා දවස් 51ට පෝස්ට් 31ක් ලියන්න තමා මේ පාර ටාගට් එක......

මේ පාරනං කාලයක් මගේ හිතේ තිබුනු සුට්ටං ආසාවක් ඉශ්ට කරගන්නත් එක්ක මගේ කුලුදුල් මෙව්වා එකත් ලියන්න ගත්තා....... බැලුවෙ නැත්තං මෙන්න ලින්කු ටික

ඔබ යන්න ගිහින් 1 කොටස
ඔබ යන්න ගිහින් 2 කොටස
ඔබ යන්න ගිහින් 3 කොටස

කරදරයක් නැත්තං කමෙන්ටුවක් දාලා ෆලෝ පාරක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද

ඔබ යන්න ගිහින් 3 කොටස

ඔබ යන්න ගිහින් 1 කොටස
ඔබ යන්න ගිහින් 2 කොටස



එතකොට අපි හිතුවා වැරදියි වගේ ඔෂිනි කියන්නෙ නිසලගෙ නංගිද? කෙල්ල එන විදිහටනං මරනෙ ගැන මුකුත් දන්නෙ නෑ වගේ...... එකපාරට මේ වගේ දෙයක් මෙයාට කොහොම කියන්නද කියලා දහඅතේ කල්පනා කරනකොට කෙල්ල මගේ ලගට ඇවිල්ලා ඉවරයි

ඇයි? අදුනන්නෙ නැති කොල්ලො දෙන්නෙක් ගෙයි දොරකට දැක්ක කෙල්ල ටිකක් සැකෙන් වගේ ඇහුවා.....

නංගි තාත්තා හරි අම්මා හරි ගෙදර ඉන්නවද? මේ වගේ දෙයක් මෙයාට කියන්න බැරි නිසා මම එහෙම ඇහුවා

පොඩ්ඩක් ඉන්න කියපු කෙල්ල අම්මේ මේ කවුද ඇවිල්ලා අම්මව අහනවා කියාගෙන ගෙයි ඇතුලට ගියා

අඩේ කට්ටිය තාම සීන් එක දන් නෑ වගේ........ ඒ අමිලයා

හුම් ඒ වගේ තමා මම කල්පනා කරන්නෙ දැන් කොහොම මේක කියන්නද කියලා.......

අපි දෙන්නා කතා කරකර ඉන්න අතරෙ කලින් ආපු කෙල්ලත් එක්ක වයස අවුරුදු 40ක විතර ගෑනු කෙනෙක් ගේ ඇතුලෙන් ආවා....

මොකක්ද පුතාලා කාරනේ එන්න ගේ ඇතුලට වාඩි වෙන්න අපිට පුටු දෙකක් පෙන්නන ගමන් ඒ ඇන්ටි අපිට ගේ ඇතුලට කතා කලා

ගේ ඇතුලට ගිහිල්ලා පුටුවක වාඩිවුන මම අමිලයගෙ මූන දිහා බැලුවා “දැන් ඉතිං කියපන්“ වගේ බැල්මක් උගේ මූනෙ තිබුනා...... ඒත් කොහොම කියන්නද අෆ්ෆා අර කෙල්ලත් තාම මෙතන...... අයියා නැතිවුනා කිව්වාම ඒක අහලා ඒකිට මොකක් හරි වෙයිද දන්නෙත් නෑ......

ඇන්ටි මේ නංගිට මෙතනිං පොඩ්ඩක් යන්න කියලා කියන්න පුලුවන්ද

ඇන්ටි නිකං මං දිහා බැලුවෙ මම අරකිට මගුල් යෝජනාවක් කරන්න යනවා කියලා හිතාගෙන වගේ....... ඇන්ටිත් මගුලක් කතා කරනවා මම මේ ආවෙ මල මගුලක් කියන්න හලේ මාත් ඉදලා ඉදලා දාගන්න ලෙඩ....
කොහොම හරි ඇන්ටි කියන්න කලින්ම නංගි එතනිං එහාට ගියා......

ඇන්ටි මම මේ කියන දේ අහලා කලබල වෙන්න එහෙම එපා....

මොකක්ද පුතා කියන්න.....

අනේ කොහොම කියන්නද මන්දා කොහොම හරි කියන්නත් එපැයි....
ඇන්ටි ඇන්ටිගෙ පුතා ඇක්සිඩන්ට් එකකිං අද උදේ නැති වුනා....... අන්තිමට මට ඒ වචන ටික කියාගන්න පුලුවන් වුනා........

ඒ වචන ටිකෙන් පස්සෙ පොඩි නිශ්ශබ්දතාවයක්..... ටික වෙලාවක් යනකං කවුරුවත්ම මුකුත්ම කිව්වෙ නෑ... අන්තිමටම ඇන්ටි නිශ්ශබ්දතාව බින්දා

මට පුතෙක් නෑනෙ පුතා......

ඒ වචන ටික ඇහුන මම නිකං කරකවලා අතඇරියා වගේ වුනා.......
ඇන්ටි මේ ඇඩ්‍රස් එක මේ ගෙදර ඇඩ්‍රස් එකද? මුකුත් හිතාගන්න බැරිවුන මම අමිලයගේ අතේ තිබ්බ ඇඩ්‍රස් එක ලියපු කොල කෑල්ල ඇදලා අරගෙන ඇන්ටිට පෙන්නුවේ අපි වැරදි ගෙදරකට ඇවිල්ලාවත්ද කියලා හිතේ ඇතිවුන සැකේට

ඔවු පුතා මේ තියෙන්නෙ මේ ගෙදර ඇඩ්‍රස් එක තමයි...... ඒ පාරනං මම ෆුල් මඤ්ඤං වෙලා ගියා

ටිකක් කල්පනා කරපු මම ඇන්ටිට අද උදේ වුන සිද්දිය කිව්වා

ඒ අයියා ගාව තිබුන අයිඩිටියේ විස්තර වලින් තමා ඇන්ටි අපි මේ ඇඩ්‍රස් එක හොයාගත්තෙ....... අන්තිමට මම කිව්වා

පුතා අපි මේ ගේ ඉන්නෙ කුලියට දැන් අවුරුදු හතරකට විතර කලින් තමා මේ ගේ කුලියට ගත්තෙ මම හිතන්නෙ ඔය මැරිලා තියෙන්නෙ මේ ගේ අයිතිකාරයා

මේ ඇන්ටි ඒ අයියා ගැන මුකුත් විස්තරයක් එහෙම දන්නවද...... එයාගෙ නෑදෑයො යාලුවො කවුරුහරි ගැනවත්

නෑදෑයො ගැනනං මම හරියට දන්නෙ නෑ පුතා මම දන්න තරමින් එයාට නෑදෑයො කවුරුත් හිටියෙ නෑ..... මේ ගේ අවුරුදු 5කට කුලියට දීලා කොළඹ යනවා කියලා තමා ඒ පුතා කිව්වෙ ඊට පස්සෙ විස්තරයක් මුකුත් කියන්නනං දන්නෙ නෑ

එහා ගෙදරනං හිටියා ඒ පුතාගෙ වයසෙ විතර පුතෙක් ඒ ගොල්ලොත් ගිය අවුරුද්දෙ පවුල පිටින්ම පිටරට පදිංචියට ගියා..... කොහොමත් දැන් මේ හරියෙ ඉන්නෙ ලගදි පදිංචියට ආපු අය ඉස්සර ඉදන්ම හිටපු පවුල් දැන් තියෙන්නෙ දෙක තුනයි

හරි ඇන්ටි බොහොම ස්තූතියි... සමාවෙන්න කරදරයක් කලානං අපි යන්නං...... මීට වඩා විස්තර මුකුත් ගන්න බැරි බව තේරුන මම පුටුවෙන් නැගිටින ගමන් කිව්වා

හරි පුතා

ආ ඇන්ටි ඔෂිනි කියලා කවුරුහරි ගැන ඇන්ටි දන්නවද? ගෙදරින් එලියට බහිද්දි එකපාරට ඔෂිනි ගැන මතක්වුන මම ඇහුවා

නෑ පුතා එහෙම කෙනෙක් ගැනනං කවදාවත් අහලා නෑ.....

ආ හරි ඇන්ටි කමක් නෑ තෑන්ක්ස්

මොකක්ද යකෝ තෝ අර කලේ මෙච්චර වෙලා කට වහන් හිටපු අමිලයා බයික් එක ගෙදර වත්තෙන් එලියට දාපු ගමන් ඇහුවා

ඇයි මචං මොකක්ද

යකෝ අපි ආවෙ ඔෂිනි ගැන හොයන්න නැතුව මුගේ නෑයො හොයලා මලගෙදර කියන්න නෙවේ ඒ වැඩ ටික පොලීසිය කරයි තෝ ඔෂිනි කියන එකී හොයල ඔය පොත ඒකිට දීපන්...... අනික තෝ මොකෝ අර කෙල්ලට ගෙයි ඇතුලට යන්න කිව්වෙ

ආ මූට මේ ඒකයි මෙච්චර මල පැනලා තියෙන්නෙ
යකෝ තොට කෙල්ලෙක් ඉන්නවා නේද තෝ මොකටද වෙන කෙල්ලො දිහා බලන්නෙ

අන්න මල්ලි ඕකනෙ බොට තේරෙන්නෙ නැත්තෙ දැන් බලපං උබ කැමති පේමන්ට් එකෙන් අව්වට වේලිලා කරවෙලා ගිය රඹුටන් ගෙඩියක් ගන්නද නැත්තං දැන් ගහෙන් කඩපු හොදට පිම්බිලා රතට රතේ දිලිසෙන ටිප් ටොප් රඹුටන් ගෙඩියක් ගන්නද..... ඔය ඔලුව ඇතුලෙ තියන මොලෙන් ටිකක් හිතපන්......

එතනිං එහාට මම මුකුත් කියවන්න ගියේ නෑ........ මදැයි ගිය වැඩෙත් කෙල වුනා.......

දැන් ඉතිං ඩයරියං සරනං ගච්චාමි තමා 

Thursday, April 26, 2012

ඔබ යන්න ගිහින් 2 කොටස

ඔබ යන්න ගිහින් 1 කොටස කියවන්න බැරිවුන අය කියවලා ඉන්න අද මුල් කොටස නවත්තපු තැන ඉදන්



එතන ඩයරි 3ක් මේ එකකක හරි ඔෂිනි ගැන විස්තරයක් තියනවනං....... සම්පූර්ණයෙන්ම නිල් පාට පිටකවරයක් තිබුන ඩයරි තුනේ 2008 2009 2010 කියලා ගහලා තිබුනා......... යකෝ මේ මීට අවුරුදු 8කට විතර කලින් ලියපු ඩයරි වගයක්නෙ. මිනිහා මැරුනෙ 2015 සැප්තැම්බර් 2. මෙච්චර පරණ ඩයරි වගයක් කෙල්ලෙක්ට දෙන්න මේ යකාට තිබ්බ අමාරුව මොකක්ද. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නත් ඉතිං මේ ඩයරි 3 කියවන්නහ වෙනවා..... අනුංගෙ ඩයරියක් කියවන එකත් එක අතකට මහ කැත වැඩක්.... මොනා කරන්නද තත්වෙ හැටියට වෙන කරන්න කියලා දෙයක් තියනවයෑ

මම බර කල්පනාවක වැටිලා ඉන්නකොට එකපාරට ෆෝන් එක රිංග් වෙන්න ගත්තා..... බලනකොට අමිලයා අක්කා විස්තර දීලා වගේ.

හෙලෝ මචං අක්කා විස්තර දුන්නද

ඔව් මචං උගේ අයිඩී එකේ තිබ්බ විස්තර තමා ඌ ගාව වෙන මුකුත් තිබුනේ නෑලු....

උගේ නම නිසල දීප්ත කියලා කිව්වා ඇඩ්‍රස් එකත් දුන්නා....... ඌ මේ අම්බලන්ගොඩම එකෙක්නෙ බන්..... ඌ මෙහේ එකෙක් වෙලත් ඌ දන්නැද්ද අතන ගැරෙජ් එකක් තියනවා කියලා???

අනේ මන්දා බන් මම ඔව්වට උත්තර දන්නෙ නෑ මම මේ ඩයරියක් කියවන්න කියලා අතට ගත්තා විතරයි 2008 2009 2010 අවුරුදු වල ඩයරි තුනක් තිබ්බා.

මොකෝ බන් ඌට එච්චර පරණ ඩයරි වගයක් කාට වුනත් දෙන්න ඕනෙ වුනේ

අනේ මන්දා බන්  එක අතකට උගේ ඇඩ්‍රස් එක ලැබනු එකත් හොදයි කෙලින්ම ගිහිල්ලා ගෙදර උන්ගෙන් අහගන්න පුලුවන්නෙ කවුද ඔෂිනි කියන්නෙ කියලා.... අනුංගෙ ඩයරියක් කියවන එක එච්චර හරි නෑ නෙ

ඔෂිනි???? කෙල්ලෙක්ටද දැන් ඕක දෙන්න ඕනෙ....... සුවර් එකට උගේ කෙල්ල වෙන්න ඇති......

වෙන්න ඇති බන් යමන්ද හේනං දැන් උන්ලෑ ගෙදර

ගෙදර උන් ඉස්පිරිතාලෙට ගිහිල්ලද දන්න බන්

කෝකටත් කියලා යමං මොකෝ ඕකට මහ දුරක් යන්න ඕනෙ නෑ නෙ

හපෝ තොට හෙන ගහනවා තොගේ වැඩ නිසා අපට ගෙදරට වෙලා ඉන්නත් නෑ

හරි හරි බන් දැන් වරෙන් මම තාම ඇදුම් මාරු කරෙත් නෑ මෙහෙම්මම යං

හුම් හුම් යමං

එක අතකට ඒකත් හොදයි වෙලාවට ඩයරිය කියවන්න කලින්ම අමිලයා කෝල් කලේ කෝල් එක කට් කරපු මම කල්පනා කලා

ආයෙත් ඩයරි ටික ඒවා දාලා තිබුන බෑග් එකේම දාලා අමිලයා අවාම උගේ බයික් එකේ නැගලා ඇඩ්‍රස් එකේ තියන ගෙදර හොයාගෙන ගියා. අතර මග හතරපස් පලකින්ම අහලා අන්තිමට ගේ තියන තැන හොයාගන්න මටයි අමිලයටයි පුලුවන් වුනා. ඒත් කවුරුවත් එලියෙ පේන්නනං හිටියෙ නෑ මායි අමිලයයි පොඩ්ඩක් පුදුම වුනා මොකද අපි බලාපොරොත්තුවුනේ ඒ වෙනකොටත් සිද්දිය දැනගත්ත අයගෙන් ගෙදර පිරිලා ඇති කියලා නිසා....

අඩේ බලු බල්ලෙක්වත් පේන්න නෑනෙ මම හිතුවේ මෙලහකටත් ගෙදර කට්ටිය පිරිලා ඇති කියලා. මෙච්චර වෙලා මම හිතපු දේ අමිලයගෙ කටින් පටවුනා

ඒක තමා බන් මාත් හිතුවෙ ජනෙල් දොරවලුත් ඇරලා දාලා කට්ටිය තාම සීන් එක දන්නෑ වගේ නැත්තං කොල්ලෙක්ගෙ මලගෙදරක් මෙච්චර පාලු වෙන්න විදිහක් නෑ අපි වැරදි ගෙදරකටවත්ද දන්නෑ ආවෙ

නෑ බන් වෙන්න බෑ අතන කඩේ එකා කිව්වෙ පන්සල ලගින් දකුණට හැරිලා යන පාරෙ තියන තුන්වෙනි ගේ කියලනේ ඉතිං මේක තමා තුන්වෙනි ගේ කාට හරි කතා කරලම බලපන්

හුම් යමං බලන්න මෙහේ බල්ලො එහෙම ඉන්නවද දන්නෑ

ගෙදර ඉස්සරහා දොර ගාවට ගිය මම දොරට තට්ටු කලා.............. ම්හු කිසි සද්දයක් නෑ

කෝ බන් කවුරුත් නෑ වගේ

ආයෙ තට්ටු කරලා බලහං කෝකටත් අපරාදෙ පෙට්‍රල් ටික......... අමිලයට දැන්නං ඇති වෙලා වගේ

ආපහු පාරක් කලින්ට වඩා හයියෙන් දොරට තට්ටු කරන ගමන් ගෙදර කවුද? කියලා මම ටිකක් සද්දෙට ඇහුවා

ඒ පාරනං ගෙයි ඇතුලෙන් කවුරුහරි එන සද්දෙ ඇහුනා...... අම්මට සිරි ගෙයි ඇතුලෙන් මතුවුනේ නිකං සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් අඩේ මෙච්චරකල් මේ ගමේ ඉදලත් මම මේ වගේ කෙල්ලෙක් දැක්කමයිනෙ මට නිකම්ම අමිලයා දිහා බැලුනා

ඌ නිකං පිංපොං බෝලයක් උගුරෙ හිරවුන චිම්පන්සියෙක් වගේ කටත් ඇරන් බලාගෙන ඉන්නවා....... තව පොඩ්ඩක් හිටියොත් මුගේ කට දෙපැත්තෙන් කෙලත් වැක්කෙරෙනව සුවර්

ඌව ආපහු මේ ලෝකෙට ගන්න හීන් සීරුවේ ඌට වැලමිටෙන් අයින ගමන් මම ආපහු කෙල්ල දිහා බැලුවා

එතකොට මෙයාද මේ ඔෂිනි? මම මගෙන්ම අහගත්තා



ඇත්තටම ඒ ආවෙ ඔෂිනිද නැත්තං වෙන කවුරු හරිද ඒක දැනගන්නනං ඊලග කොටස එනකං ඉන්න වෙයි

Wednesday, April 25, 2012

ඔබ යන්න ගිහින් 1 කොටස



ඒ ලෙවල් ඉවර නිසා මේ දවස් වලනං හොදට දවල් වෙනකං නිදාගන්න එක තමයි..... අදත් හොදට නිදාගෙන ඉන්නකොට අඩ බඩ ගාලා ෆෝන් එක රිංග් වෙන සද්දෙට ඇහැරුනා....... උදේ පාන්දරම අමිලයගෙන් කෝල් එකක්.. අෆරාදෙ හොද නින්දක් දගෙන හිටියෙ කොහෙද මේ යකා නිදාගන්නවත් දෙන්නෙ නෑනෙ.... නින්ද කඩපු මලෙන්ම ෆෝන් එකට ආන්සර් කලා

මොකද යකෝ මේ පාන්දරම

මොන පාන්දරක්ද බොල දැන් නමයට පහයි

මොන රෙද්ද හරි හොද නින්දක් දාගෙන හිටියෙ මොකෝ කෝල් කලේ

මචං මේ පොඩි ගමනක් යන්න තියනවා යමන්ද?

කොහෙද

අරකිට අද 10ට පන්තිලු යමන්ද

අන්න ඔහෙම කියන්න එපැයි මල්ලි යමං යමං මගේ එකත් අද ඒවි

එලනෙ හේනං 9.30ට අපේ ගෙදරට වරෙන්

එල

කෝල් එක කට් කරලා එහෙම්මම අනිත් අතට කෙල්ලට අද පන්තිය ලගට එනවා කියලා මැසේජ් එකක් දාපු මම මූන කට හෝදගෙන ලෑස්ති වුනා

ටී ටීක් ටී ටීක් කෙල්ලගෙන් මැසේජ් එකක්

අනේ අයියෙ අද මට උන වගේ අද මම පන්ති එන්නෙ නෑ

ආ ඔය කෙලලා තියෙන්නෙ තාප්පෙටම..... ඇඩෙනවා කරන්න දෙයක් නෑ දැන් ඉතිං අමිලයා එක්ක ගිහින් පැත්තකට වෙලා ඉන්නවා උන් දෙන්නට ඕනෙ මගුලක් කරගන්න කියලා

උදේ පාන්දර වැදුන පොල්ල ගැන දුක්වෙවී අමිලලෑ ගියා සික් මේකිට ලෙඩ වෙන්න වෙන දවසක් තිබුනෙම නෑ නෙ

කෝමින් කෝමින් හරි අමිලලෑ ගෙදර යනකොට ඌත් කලින්ම ලෑස්තිවෙලා බලාගෙන ඉන්නවා මම එනකං ඉතිං එහෙම්මම උගේ බයික් එකේ නැගලා පන්තිය ගාවට ගියා

කෙල්ල 9.40 වෙද්දි එනවා කිව්වා බන්  දැන් ඇවිල්ලා ඇත්තෙ වරෙන් යන්න බලන්න අමිලයටත් කෙල්ල හම්බවෙන්න හදිස්සිය

උබ පලයන් මගේ එක අද ලෙඩ වෙලා එන්න වෙන්නෙ නෑ කිව්වා මම මෙතන්ට වෙලා ඉන්නං

හෆෝ බොගේ එක ලෙඩ වාට්ටුවක්නෙ  මටත් කිංඩියක් දාගෙන අමිලයා පන්තිය ගාවට ගියා මමත් ඉතිං ෆෝන් එක අරගෙන කෙල්ලට මැසේජ් කරන්න ගත්තා

“මල්ලි මේ හරියෙ ගැරෙජ් එකක් තියනවද වාහනේ හටි ගමන් නතර වුනා“ එකපාර මගේ පිටිපස්සෙන් සද්දයක් ආවා හැරිලා බලනකොට අවුරුදු 25ක් විතර වයස හොදට ඇදගත්ත කොල්ලෙක් අතේ පොඩි බෑග් එකක් තිබුනා මාත් ඉතිං එච්චර ගනංගත්තෙ නෑ

ඔය පේන පාරෙන් හැරිලා ටික දුරක් ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ ඇති කියලා මිනිහට පාර පෙන්නපු මම ආපහු ෆෝන් එක දිහා බලාගත්තා

හරි මල්ලි තෑන්ක්ස් කියාගෙන මිනිහා යන්න ගියා

ඒ කියලා තත්පර 10ක් වුනේ නෑ එකපාර මහ හයියෙන් බ්රේක් වදින සද්දයක් එක්ක දඩාස් ගාලා සද්දයක් ආවා හැරිලා බැලින්නං මගෙන් දැන් පාර අහපු කොල්ලා ලේ පෙරාගෙන වැටිලා හිටියා ඊට මීටර් කීපයක් එහායින් පාරෙ අයිනෙ පොල් ගහක වැදිලා ඉස්සරහා කුඩු වුන කාර් එකක්.....

මුකුත් හිතාගන්න බැරිවුන මම ඉබේටම වගේ මගෙන් පාර අහපු කොල්ලා ගාවට දිවවුනා.......

ඒ වෙනකොටත් මිනිහගෙ ඔලුවෙන් ලේ යනවා කොල්ලා මොකක් හරි කියන්න ට්‍රයි කලත් වචන හරියට පිටවුනේ නෑ මම කොල්ලගේ මූන ලගට තව ටිකක් ලං වෙලා කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ට්‍රයි කලා මල්ලි මේක ඔෂිනිට දීපන් අන්තිමට ගොත ගහලා කියාගන්න ඌට පුලුවන් වුනා මේක කිව්වේ ඌ අතේ තියන් හිටිය බෑග් එක වෙන්න ඇති කියල මට හිතුනා ඒ වෙලාව වෙනකොටත් ඒක එතන බිම වැටිලා තිබුනා

මේ ඔක්කොම වෙන්න විනාඩි බාගයක්වත් ගියේ නෑ ඒ වෙනකොටත් වටේ පිටේ මිනිස්සු එතනට වට වෙලා තිබුනෙ වෙලාවට එතනට ආපු ත්‍රීවීල් එකක් තුවාලකාරයා දාගෙන ඉස්පිරිතාලෙට ගියා..... ඊට කලින් එතන බිම තිබුන බෑග් එක ගන්න මට පුලුවන් වුනා

එතකොටම වගේ අමිලයත් හති දාගෙන දුවගෙන ආවා

අඩේ කවුද ඇක්සිඩන්ට් වුනේ මම හිතුවේ බොට කරදරයක් වුනා කියලා දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ අමිලයා හති දානගමන්ම කියාගෙන ගියා

නෑ නෑ බන් මේ මගෙන් ලගපාත ගැරෙජ් එකක් තියනවද කියලා කොල්ලෙක් ඇහුවා උට පාර පෙන්නලා මේ පැත්ත හැරිලා තත්පර 10ක් වුනේ නෑ ඌ කාර් එකක වැදිලා දැන් ත්‍රීවීල් එකක දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා කාර් එකේ එකානං එතනම ඉවරයි

හරි හේනං යමං ගෙදර මේ රෙද්ද හිංද කෙල්ලත් දාලා දුවගෙන ආවෙ

පොඩ්ඩක් ඉදහං අරූට කොහොමද දන්නෑ යමං බලන්න ඉස්පිරිතාලෙට

පොඩ්ඩක් හිටහං අපේ අක්කට කෝල් එකක් දාලා බලමු එතනිං කරාපිටි යවලා තිබුනොත් අපි යන එකේ වැඩක් නෑනෙ එහෙම කියපු අමිලයා උගේ අක්කට කෝල් එකක අරන් පැත්තකට ගියා ඒ අතරෙ මම බෑග් එක ඇරලා ඒකෙ තිබුනේ මොනවද කියලා බැලුවා පොත් වගයක් පොත් කිව්වට ඩයරි වගයක් වගේ එකක් එලියට අරන් බලන්න යනකොටම අමිලයා එතනට ආවා

ඌ ගේනකොටත් මැරිලලු බන් යමං දැංවත්

පොඩ්ඩක් අක්කගෙන් අහපංකො උගේ විස්තර නම ඇඩ්‍රස් එක අනංමනං

මොන රෙද්දකටද බන් බොට උගේ විස්තර

නෑ බන් ඌ මේ පාර්සලේ කාටද දෙන්න කිව්වා

අනේ තෝත් දාගන්න ලෙඩ හිටු මම අක්කට ආයෙ කෝල් කරන්න.... දැන් මොනවද ඔය පාර්සලේ තියෙන්නෙ

ඩයරි වගයක් වගේ බං

මොන රෙද්දකටද තෝ ඕක ගත්තෙ

නෑ බන් ඌ මල්ලි මේක දෙන්න කියලා කිව්වාම මම බෑ කියන්නයයැ අනික ඌ මැරෙයි කියලා මම හිතුවයැයි

හරි හරි අක්කා ඒ විස්තර මැසේජ් කරන්නං කිව්වා දැන් උබ ඕක ඔය කිව්ව කෙනාට දෙන්නද හිතං ඉන්නෙ අඩුගානෙ උබ දන්නවද ඔය කියන කෙනා ඉන්නෙ මොන තූත්තුකුඩියෙද කියලවත්

නෑ බන් සමහර විට මේ ඩයරියක ඔය කිව්ව කෙනාගැන විස්තර නැති වෙන්නත් බෑ පොඩ්ඩක් ගෙදර ගිහිං කියවලාම බලන්න ඕනෙ..... එහෙම හොයාගන්න බැරි වුනොත් උගේ ගෙදර අයට හරි දෙන්න පුලුවන්නෙ ඒකයි ඇඩ්‍රස් එක ඉල්ලගන්න කිව්වෙ

උබේ කැමැත්තක් ඉතිං දැන් යමං අක්කා විස්තර ටික එව්වාම මම උබට ෆෝවර්ඩ් කරන්නං

මාවත් අපේ ගෙදර ගාවින් බස්සගෙනම අමිලයා ගියා..... කාමරේට ගිහිල්ලා පොත් ටික පැත්තකිං තියලා අත්වල ගෑවිලා තිබුන ලේ එහෙම හෝදගෙන බිස්කට් දෙකතුනකුත් අතට ගත්ත මම ආපහු කාමරේට ආවෙ ඔෂිනි කියන්නෙ කවුද ඉන්නෙ කොහේද කියලා විස්තරයක් ඩයරියේ ලියලා තියනවද කියලා බලන්න හිතාගෙන.........

Friday, January 6, 2012

කරුමක්කාරයා

මන් දන්නෑ මේක කොහොම කියන්න ගන්නද කියලා නොදකිං මං වගේ කරුමක්කාරයෙක්......... වැල් වටාරම් නෑ අද කෙලින්ම කියනවා මට ගාල්ලෙ ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ.......



හැමදාම වගේ මං ආසාවෙන් මොකක්හරි දෙයක් කරන්න බලන් ඉන්නකොට මොකක්හරි කරුමයක් සෙට් වෙනවා..... මගේ කරුමෙම වෙන්ටෑ........ ගියපාර අපි ගැන විශ්වාසෙ තියලා ක්‍රිකට් කානිවල් එක සංවිධානය කරන්න අපිට බාර දුන්නා ඒත් ඒක හරියට කරගන්න අපිට බැරි වුනා...... දෙසැම්බර් 24 ඕනෙ අයියා මම ඒ ගැන කියලා දැම්ම පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ කෑල්කක තිබුනා ආයෙ චාන්ස් එන්නෙ නෑ මල්ලි . . . උඹල ඒ චාන්ස් එක ගන්න ඕනෙ . . . කියලා ඒ කියලා දවස් 2ක් ඇතුලද ඒ කියන්නෙ 26 සදුදා මට චැට් එකක් ආවා ඒකෙ මුල් ටික විතරක් උබලට දාන්නං

7:37 PM පොඩි: වැපා නැද්ද ??
7:38 PM කිඩෝ: අලු ලයිට් නෑ වගේ
ආ සිටී
පොඩි: චැට් ඔන්ලයින් නෑනෙ...
7:39 PM මේ ඒක නෙවෙයි...
කිඩෝ: හරි බන් ඕෆ්ලයින් චැට් පුලුවන්
පොඩි: අර අභීතයියා සිහින උලල කරන්න කලිං අපි වටේ ඉන්න උන් ගාල්ලට ගෙන්නමුද ??
කිඩෝ: අනේ මචං
පොඩි: මොකෝ අනේ... ??
කිඩෝ: මට අද උදේ ටොයිලට් එකේදිත් මතක්වුනේ ඕක
7:40 PM පොඩි: :D
කිඩෝ: සිරාවට බන්
සෙට් වෙමුද ලබන සෙනසුරාදා
පොඩි: කොළබ පැත්තෙ ඕක සංවිදානය කරන්න බෑනෙ අපිට...
අපි මෙහේ කරමු...
කිඩෝ: යා යා
පොඩි: කරලා කැමති උන්ට ගාල්ලෙ එන්න කියමු
කිඩෝ: උම්මා එකක් දෙන්න හිතයි බොට
7:41 PM පොඩි: එච්චර කලින් නෙවෙයි...
හදමු වෙනමු ගෲප් එකක්... හරි මොක හරි....
කිඩෝ: එලස් ගියපාර සෙට් වුන ටිකත් එක්ක කතා කරමු උන් නං අනිවා එයි
පොඩි: දවසෙ ප්ලෑනක් ගහලා ගෙන්නමු...
ඔවු...
7:42 PM ඔවු... බනියට කම්ටෑක් තියෙනවනෙ...
ඌටත් කියමු...
me: යා යා
පොඩි: මුලින් අපි කතා කරමු
කතා කරල දැම ගෲප් එකේම දාමු
දාල ගෙන්නමු කට්ටිය...
7:43 PM කොළඹ උන් ආවෙ නැතිඋනාට කමක් නෑ... අපි එලට වැඩේ කරමු
කිඩෝ: හරි මුලින් මට ප්‍රශ්නයක් තියනවා අහන්න ගියපාර වගේ ටිකදෙනෙක් කොටුවට ගිහින් ආතල් එකක් ගමුද නැත්තං සිරා ගෙට්ටුවක් සංවිධානය කරනවද
පොඩි: හොදට ඕගනයිස් කරොත් 25ක් 30 ගෙන්නන්න පුලුවන්...
මේකනෙ කොහේ හරි සෙට් වෙනවන්ම් සල්ලි ඕනෙ...
7:44 PM අන්න ඒකයි සීන් එක...
කිඩෝ: ඔව් එදා වගේ ගේමකටනං පොඩි ගානකිං ලොකු ආතල් එකක් ගන්න පුලුවන්
පොඩි: අන්න ඒකයි... වැදගත්...
7:45 PM කිඩෝ: බනියා සිටී අපි ඌත් කතාවට අල්ලගමුද
පොඩි: එල..
දාපං මේකට...
7:46 PM කිඩෝ: හරි ඉන්න ඌට බුකියේ කියන්නං
පොඩි: ආ බුකියෙ උනත් කමක් නෑ...
දාපංකො මාවත් ඒකට...
නැතිනම් උඹ කියල කියපං මට...
7:47 PM කිඩෝ: අහ් අලි මම බනියට මේකට එන්න කිව්වා
7:49 PM පොඩි: :)

ඔන්න ඔහොමයි ආපහු ගෙට්ටුවක් සංවිධානය කරන්න අපිට චාන්ස් එක ආවෙ..... අර වගේ දෙයක් වෙලා පොඩි කාලයක් ඇතුලත මෙහෙම චාන්ස් එකක් ආපු එක මට කොච්චර සතුටක් වුනාද කියලා දන්නේ මම විතරයි.

ඔන්න ඔහොම සිද්දවුනු පොඩි කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් නිසා බ්ලොග් අවකාසෙ ඉන්න ලංකාව වටේම පිට රටවල් වලින් හිටං 60කට වඩා කට්ටිය හෙට ඒ කියන්නෙ 7වෙනිදට ගාල්ලට එනවා......

ඒත් මට????? මට එන්න වෙන්නෙ නෑ එදාට...... පිටරටවල් වලින් ඉදන් දුර ගෙවාගෙන කස්ටිය ගාල්ලට එද්දි විනාඩි 45ක දුරින් ඉන්න මට මේ ගෙට්ටුවේම සංවිධායකයෙක් වුන මට ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ කියන්නෙ මම නියම කරුමක්කාරයෙක් නෙවෙයිද?

අඩුම ගානෙ ඊයෙවත් මම හිතුවේ නෑ මට මේ ගෙට්ටුවට එන්න බැරිවෙයි කියලා මම සාමාන්‍යයෙන් පොලු කන එකෙක් මිසක් පොලු තියන එකෙක් නෙවේ...... ඒත් මේ වගේ පොල්ලක් තියන්න වුන එක ගැන මට ඇත්තටම කණගාටුයි....... එක අතකට කනගාටු වෙන්න දේකුත් නෑ....... අනිත් උන්ට ආතල් එක ගන්න පුලුවන් තැනට අපි වැඩේ කරානෙ...... මේකෙන් කැඩෙන්නෙ මගේ ආතල් එක විතරනෙ ඉතිං තව 60-70ක් වෙනුවෙන් මගේ ආතල් එක මොකක්ද ඉතිං මම පොල්ල තියලා තියෙන්නෙ අනිත් උන්ට නෙවේ මටමයි......

දැන් මට එන්න නොවෙන හේතුව කිව්වෙත් නෑ නෙ මට හදිස්සියෙම 11 පොඩි ඔපරේශන් එකක් වැටිලා මම කලින් පෝස්ටුවේ ඒක කිව්වා මම හිතන්නෙ..... කොහොම උනත් ඒකනං ගනංගන්න තරම් එකක් නෙවේ පපුවෙ ඇතුලෙ පොඩි මස් කෑල්ලක් ඇවිල්ලා ඒක අයින් කරන්න. ඒත් ඉතිං අපේ තාත්තා වවුනියා වල තාත්තත් නැති වෙලාවෙ ඔපරේශන් එකකුත් අතලග තියාගෙන ගාල්ලෙදි මට මොකක්හරි කරදරයක් වුනොත් කියන බයට තාත්තා මගේ පර්මිශන් කැන්සල් කලා........ ඉතිං අන්තිම මොහොතෙ මේ වගේ දෙයක් වෙන්න මම සුපිරි කරුමක්කාරයෙක් නෙවෙයිද?

මොනා කරන්නද අෆ්ෆා දුක තමා අවුලක් නෑ බොලා සෙට් වෙලා ආතල් එකක් ගනිල්ලා මං වගේ පොඩි එකෙක් නාවා කියලා ඒකෙ ලොකු විශේෂයක් වෙන්නෙ නෑ අනික මං නාවත් ඒ වෙනවා කියපු වැඩ ඒ වෙලාවල්වලටම ඒ ප්ලෑන් කරපු විදිහටම සිද්දවේවි 8.00 වෙනකොට බනියා එතන ඉදීවි 8.30 වෙද්දි පොඩි මෑන් බස් එකක් අරන් එතනට ඒවි කට්ටිය දාගෙන යන්න ඉතිං කලින් පෝස්ට් එකේ කියපු විදිහටම ඒ වෙලාවලට ගිහිල්ලා කාලා ආතල් එකක් අරගෙන 4.00ට ගෙට්ටුව ඉවර කරලා විසිර යන්න පුලුවන්........ බනියා හෙට උගේ ලැප ගේනවා කිව්වා එහෙම පුලුවන් වුනොත් මම ස්කයිප් හරහා කස්ටිය එක්ක සෙට් වෙන්න ට්‍රයි කරන්නං........

ඊට කලින් විශේෂ ස්තුතියක් පිරිනමන්න තියනවා

මේ ගෙට්ටුව සංවිධානය කරලා හෙට කට්ටිය ගාල්ලට ගෙන්නන්න ලොකු වැඩ කොටසක් කරපු බනී පොඩි මෑන් දෙන්නට මගේ බොක්ක පතුලෙන්ම පිදෙන ස්තුතීය. ඊලගට ගාල්ල අවට උන් විතරක් සහබාගී කරගෙන කරන්න හදපු ගෙට්ටුවට කොළඹීන් කට්ටිය ගේන්න ඉතා විශාල කාර්ය්‍යභාරයක් සිද්ද කරපු රාජ් අයියට හා අභිත අයියටත් මම ගොඩක් ස්තුතීවන්ත වෙනවා...... ඊට අමතරව ඊයෙ මාත් එක්ක ගාල්ලෙ කෑම කඩ සෙට් කරගන්න ඒ වැඩ වලට යාලුවොන්ගෙන් කුණුහර්ප අහගෙන ආපු ගයාන් කල්හාර අයියටත් මගේ ස්තූතිය මේ කට්ටිය විතරක් නෙවේ එදාට එන අයටත් පැමිනීම වෙනුවෙන් මම ස්තූති කරනවා........ ඉතිං මේ වැඩේ සාර්ථක කරගන්න නන් අයුරින් උදව් කල එකී මෙකී නොකී සියලු දෙනාට මම නැවතත් ස්තුති කරනවා

හේනං හෙට සෙට්වෙන බෙලා ඔක්කොටම බුදු සරණයි!!! කිසිදු අතුරු ආන්තරාවක් නැතුව මේ ගෙට්ටුව සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..........

ප.ලි.
මේ ගෙට්ටුවෙන් පස්සෙ තියන ගෙට්ටුවලත තව අවුරුදු 2ක් යනකං මට එන්න පුලුවන් වෙන එකක් නෑ මොකද මම 2013 උසස් පෙල ලියනකං වෙන කිසිම දෙයක් ගැන මට සුවර් නෑ....... මේ වගේ කරුම කඩංපාත් වෙනකොට මොනා කරන්නද අෆ්ෆා???? වෙලාවකට හිතෙනවා ටික කාලෙකට (අවුරුදු 2කට) සයිබරයෙන් ඈත්වෙන්නත්........ නැත්තං කලින් වගේ මාසෙකට පෝස්ටුවක් වගේ දාලා වැඩි සද්දයක් නැතුව නිශ්ෂබ්දව ඉන්න....... ඒත් ඉතිං මම අත්දැකීමෙන් දන්නවා ඔය මොන ක්‍රමේ තෝරගත්තත් අවුරුදු 2ක් යනකොට බහුතරයක් කට්ටියට කිඩෝ කියලා එකෙක් හිටියද කියලවත් මතකයක් තියෙන එකක් නෑ සයිබරේට හැමදාම අලුත් අය එනවා පරණ අය යනවා..... මාස 2ක් සද්ද නැතුව හිටියාම අපි මොක්කුද කියලා නොදන්න තත්වෙට වැටෙනවා කියලා පහුගිය මාස 2 අත්දැකීම් වලින් මම දන්නවා ඒක. ඉතිං විශේෂයක් නෑ මොන ක්‍රෙම් තෝරගත්තත්......

පා.පා.ලි.
මම මේ පෝස්ටුව ලිය ලිය ඉන්නකොට අභි අයියා කෝල් කලා සිරාවට මම ඒ වෙලාවෙ අප්සට් එකේ හිටියේ ඔව් මම ඇඩුවා.... අභි අයියනං කිව්වේ ටිකක් පාඩම් කරාම ඕක හරියයි කියලා ඒත් මේ පෝස්ට් එක ලිව්වාම ඊට වඩා හිතට සැනසිල්ලක් ලැබුනා.....

හේනං 7වෙනිදට සෙට්වෙන සයිබර් මිතුරන්ට ජය!