Pages

Friday, January 6, 2012

කරුමක්කාරයා

මන් දන්නෑ මේක කොහොම කියන්න ගන්නද කියලා නොදකිං මං වගේ කරුමක්කාරයෙක්......... වැල් වටාරම් නෑ අද කෙලින්ම කියනවා මට ගාල්ලෙ ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ.......



හැමදාම වගේ මං ආසාවෙන් මොකක්හරි දෙයක් කරන්න බලන් ඉන්නකොට මොකක්හරි කරුමයක් සෙට් වෙනවා..... මගේ කරුමෙම වෙන්ටෑ........ ගියපාර අපි ගැන විශ්වාසෙ තියලා ක්‍රිකට් කානිවල් එක සංවිධානය කරන්න අපිට බාර දුන්නා ඒත් ඒක හරියට කරගන්න අපිට බැරි වුනා...... දෙසැම්බර් 24 ඕනෙ අයියා මම ඒ ගැන කියලා දැම්ම පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ කෑල්කක තිබුනා ආයෙ චාන්ස් එන්නෙ නෑ මල්ලි . . . උඹල ඒ චාන්ස් එක ගන්න ඕනෙ . . . කියලා ඒ කියලා දවස් 2ක් ඇතුලද ඒ කියන්නෙ 26 සදුදා මට චැට් එකක් ආවා ඒකෙ මුල් ටික විතරක් උබලට දාන්නං

7:37 PM පොඩි: වැපා නැද්ද ??
7:38 PM කිඩෝ: අලු ලයිට් නෑ වගේ
ආ සිටී
පොඩි: චැට් ඔන්ලයින් නෑනෙ...
7:39 PM මේ ඒක නෙවෙයි...
කිඩෝ: හරි බන් ඕෆ්ලයින් චැට් පුලුවන්
පොඩි: අර අභීතයියා සිහින උලල කරන්න කලිං අපි වටේ ඉන්න උන් ගාල්ලට ගෙන්නමුද ??
කිඩෝ: අනේ මචං
පොඩි: මොකෝ අනේ... ??
කිඩෝ: මට අද උදේ ටොයිලට් එකේදිත් මතක්වුනේ ඕක
7:40 PM පොඩි: :D
කිඩෝ: සිරාවට බන්
සෙට් වෙමුද ලබන සෙනසුරාදා
පොඩි: කොළබ පැත්තෙ ඕක සංවිදානය කරන්න බෑනෙ අපිට...
අපි මෙහේ කරමු...
කිඩෝ: යා යා
පොඩි: කරලා කැමති උන්ට ගාල්ලෙ එන්න කියමු
කිඩෝ: උම්මා එකක් දෙන්න හිතයි බොට
7:41 PM පොඩි: එච්චර කලින් නෙවෙයි...
හදමු වෙනමු ගෲප් එකක්... හරි මොක හරි....
කිඩෝ: එලස් ගියපාර සෙට් වුන ටිකත් එක්ක කතා කරමු උන් නං අනිවා එයි
පොඩි: දවසෙ ප්ලෑනක් ගහලා ගෙන්නමු...
ඔවු...
7:42 PM ඔවු... බනියට කම්ටෑක් තියෙනවනෙ...
ඌටත් කියමු...
me: යා යා
පොඩි: මුලින් අපි කතා කරමු
කතා කරල දැම ගෲප් එකේම දාමු
දාල ගෙන්නමු කට්ටිය...
7:43 PM කොළඹ උන් ආවෙ නැතිඋනාට කමක් නෑ... අපි එලට වැඩේ කරමු
කිඩෝ: හරි මුලින් මට ප්‍රශ්නයක් තියනවා අහන්න ගියපාර වගේ ටිකදෙනෙක් කොටුවට ගිහින් ආතල් එකක් ගමුද නැත්තං සිරා ගෙට්ටුවක් සංවිධානය කරනවද
පොඩි: හොදට ඕගනයිස් කරොත් 25ක් 30 ගෙන්නන්න පුලුවන්...
මේකනෙ කොහේ හරි සෙට් වෙනවන්ම් සල්ලි ඕනෙ...
7:44 PM අන්න ඒකයි සීන් එක...
කිඩෝ: ඔව් එදා වගේ ගේමකටනං පොඩි ගානකිං ලොකු ආතල් එකක් ගන්න පුලුවන්
පොඩි: අන්න ඒකයි... වැදගත්...
7:45 PM කිඩෝ: බනියා සිටී අපි ඌත් කතාවට අල්ලගමුද
පොඩි: එල..
දාපං මේකට...
7:46 PM කිඩෝ: හරි ඉන්න ඌට බුකියේ කියන්නං
පොඩි: ආ බුකියෙ උනත් කමක් නෑ...
දාපංකො මාවත් ඒකට...
නැතිනම් උඹ කියල කියපං මට...
7:47 PM කිඩෝ: අහ් අලි මම බනියට මේකට එන්න කිව්වා
7:49 PM පොඩි: :)

ඔන්න ඔහොමයි ආපහු ගෙට්ටුවක් සංවිධානය කරන්න අපිට චාන්ස් එක ආවෙ..... අර වගේ දෙයක් වෙලා පොඩි කාලයක් ඇතුලත මෙහෙම චාන්ස් එකක් ආපු එක මට කොච්චර සතුටක් වුනාද කියලා දන්නේ මම විතරයි.

ඔන්න ඔහොම සිද්දවුනු පොඩි කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් නිසා බ්ලොග් අවකාසෙ ඉන්න ලංකාව වටේම පිට රටවල් වලින් හිටං 60කට වඩා කට්ටිය හෙට ඒ කියන්නෙ 7වෙනිදට ගාල්ලට එනවා......

ඒත් මට????? මට එන්න වෙන්නෙ නෑ එදාට...... පිටරටවල් වලින් ඉදන් දුර ගෙවාගෙන කස්ටිය ගාල්ලට එද්දි විනාඩි 45ක දුරින් ඉන්න මට මේ ගෙට්ටුවේම සංවිධායකයෙක් වුන මට ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ කියන්නෙ මම නියම කරුමක්කාරයෙක් නෙවෙයිද?

අඩුම ගානෙ ඊයෙවත් මම හිතුවේ නෑ මට මේ ගෙට්ටුවට එන්න බැරිවෙයි කියලා මම සාමාන්‍යයෙන් පොලු කන එකෙක් මිසක් පොලු තියන එකෙක් නෙවේ...... ඒත් මේ වගේ පොල්ලක් තියන්න වුන එක ගැන මට ඇත්තටම කණගාටුයි....... එක අතකට කනගාටු වෙන්න දේකුත් නෑ....... අනිත් උන්ට ආතල් එක ගන්න පුලුවන් තැනට අපි වැඩේ කරානෙ...... මේකෙන් කැඩෙන්නෙ මගේ ආතල් එක විතරනෙ ඉතිං තව 60-70ක් වෙනුවෙන් මගේ ආතල් එක මොකක්ද ඉතිං මම පොල්ල තියලා තියෙන්නෙ අනිත් උන්ට නෙවේ මටමයි......

දැන් මට එන්න නොවෙන හේතුව කිව්වෙත් නෑ නෙ මට හදිස්සියෙම 11 පොඩි ඔපරේශන් එකක් වැටිලා මම කලින් පෝස්ටුවේ ඒක කිව්වා මම හිතන්නෙ..... කොහොම උනත් ඒකනං ගනංගන්න තරම් එකක් නෙවේ පපුවෙ ඇතුලෙ පොඩි මස් කෑල්ලක් ඇවිල්ලා ඒක අයින් කරන්න. ඒත් ඉතිං අපේ තාත්තා වවුනියා වල තාත්තත් නැති වෙලාවෙ ඔපරේශන් එකකුත් අතලග තියාගෙන ගාල්ලෙදි මට මොකක්හරි කරදරයක් වුනොත් කියන බයට තාත්තා මගේ පර්මිශන් කැන්සල් කලා........ ඉතිං අන්තිම මොහොතෙ මේ වගේ දෙයක් වෙන්න මම සුපිරි කරුමක්කාරයෙක් නෙවෙයිද?

මොනා කරන්නද අෆ්ෆා දුක තමා අවුලක් නෑ බොලා සෙට් වෙලා ආතල් එකක් ගනිල්ලා මං වගේ පොඩි එකෙක් නාවා කියලා ඒකෙ ලොකු විශේෂයක් වෙන්නෙ නෑ අනික මං නාවත් ඒ වෙනවා කියපු වැඩ ඒ වෙලාවල්වලටම ඒ ප්ලෑන් කරපු විදිහටම සිද්දවේවි 8.00 වෙනකොට බනියා එතන ඉදීවි 8.30 වෙද්දි පොඩි මෑන් බස් එකක් අරන් එතනට ඒවි කට්ටිය දාගෙන යන්න ඉතිං කලින් පෝස්ට් එකේ කියපු විදිහටම ඒ වෙලාවලට ගිහිල්ලා කාලා ආතල් එකක් අරගෙන 4.00ට ගෙට්ටුව ඉවර කරලා විසිර යන්න පුලුවන්........ බනියා හෙට උගේ ලැප ගේනවා කිව්වා එහෙම පුලුවන් වුනොත් මම ස්කයිප් හරහා කස්ටිය එක්ක සෙට් වෙන්න ට්‍රයි කරන්නං........

ඊට කලින් විශේෂ ස්තුතියක් පිරිනමන්න තියනවා

මේ ගෙට්ටුව සංවිධානය කරලා හෙට කට්ටිය ගාල්ලට ගෙන්නන්න ලොකු වැඩ කොටසක් කරපු බනී පොඩි මෑන් දෙන්නට මගේ බොක්ක පතුලෙන්ම පිදෙන ස්තුතීය. ඊලගට ගාල්ල අවට උන් විතරක් සහබාගී කරගෙන කරන්න හදපු ගෙට්ටුවට කොළඹීන් කට්ටිය ගේන්න ඉතා විශාල කාර්ය්‍යභාරයක් සිද්ද කරපු රාජ් අයියට හා අභිත අයියටත් මම ගොඩක් ස්තුතීවන්ත වෙනවා...... ඊට අමතරව ඊයෙ මාත් එක්ක ගාල්ලෙ කෑම කඩ සෙට් කරගන්න ඒ වැඩ වලට යාලුවොන්ගෙන් කුණුහර්ප අහගෙන ආපු ගයාන් කල්හාර අයියටත් මගේ ස්තූතිය මේ කට්ටිය විතරක් නෙවේ එදාට එන අයටත් පැමිනීම වෙනුවෙන් මම ස්තූති කරනවා........ ඉතිං මේ වැඩේ සාර්ථක කරගන්න නන් අයුරින් උදව් කල එකී මෙකී නොකී සියලු දෙනාට මම නැවතත් ස්තුති කරනවා

හේනං හෙට සෙට්වෙන බෙලා ඔක්කොටම බුදු සරණයි!!! කිසිදු අතුරු ආන්තරාවක් නැතුව මේ ගෙට්ටුව සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..........

ප.ලි.
මේ ගෙට්ටුවෙන් පස්සෙ තියන ගෙට්ටුවලත තව අවුරුදු 2ක් යනකං මට එන්න පුලුවන් වෙන එකක් නෑ මොකද මම 2013 උසස් පෙල ලියනකං වෙන කිසිම දෙයක් ගැන මට සුවර් නෑ....... මේ වගේ කරුම කඩංපාත් වෙනකොට මොනා කරන්නද අෆ්ෆා???? වෙලාවකට හිතෙනවා ටික කාලෙකට (අවුරුදු 2කට) සයිබරයෙන් ඈත්වෙන්නත්........ නැත්තං කලින් වගේ මාසෙකට පෝස්ටුවක් වගේ දාලා වැඩි සද්දයක් නැතුව නිශ්ෂබ්දව ඉන්න....... ඒත් ඉතිං මම අත්දැකීමෙන් දන්නවා ඔය මොන ක්‍රමේ තෝරගත්තත් අවුරුදු 2ක් යනකොට බහුතරයක් කට්ටියට කිඩෝ කියලා එකෙක් හිටියද කියලවත් මතකයක් තියෙන එකක් නෑ සයිබරේට හැමදාම අලුත් අය එනවා පරණ අය යනවා..... මාස 2ක් සද්ද නැතුව හිටියාම අපි මොක්කුද කියලා නොදන්න තත්වෙට වැටෙනවා කියලා පහුගිය මාස 2 අත්දැකීම් වලින් මම දන්නවා ඒක. ඉතිං විශේෂයක් නෑ මොන ක්‍රෙම් තෝරගත්තත්......

පා.පා.ලි.
මම මේ පෝස්ටුව ලිය ලිය ඉන්නකොට අභි අයියා කෝල් කලා සිරාවට මම ඒ වෙලාවෙ අප්සට් එකේ හිටියේ ඔව් මම ඇඩුවා.... අභි අයියනං කිව්වේ ටිකක් පාඩම් කරාම ඕක හරියයි කියලා ඒත් මේ පෝස්ට් එක ලිව්වාම ඊට වඩා හිතට සැනසිල්ලක් ලැබුනා.....

හේනං 7වෙනිදට සෙට්වෙන සයිබර් මිතුරන්ට ජය!



Thursday, January 5, 2012

කීඩෑවා ගාල්ල මැද......... අපට කොයින්ද සෙට් වෙන්න නෙලුම් කොල....

අහෝ මෙවන් විපතක් වේ යැයි මොකානං සිතුවාද? ඉහි ඉහි ඉකි මේවා ඇහුවාම තනි ඇහැට ඇඩෙනවාය.... ඇඩෙනවාය???? සිංහල වැරදියි යකෝ ව්‍යාකරණ කාලා...... හරි ඕනෙ රෙද්දක් සීන් එක මේකයි ඕං ඉතිං අපේ ගාල්ලෙ ගෙට්ටුවේ සංවිධායක තුමන්ලා වන බනියා.... ඔව් ඔව් ඒ වල් හාවා තමා & පොඩි මෑන් ඉන්නවනෙ උන් දෙන්නා හෙන මෙව්වා එකෙන් සෙට් වුනා අද සෙට් වෙලා කෑම ඕඩර් කරන්න සහ අනිත් වැඩ ටික සෙටාර් කරගන්න ගාල්ල වටේ කැරකෙන්න කියලා අද 3.30ට..... ඕං ඉතිං මමතුමා ඉස්කෝලෙ ගිහිල්ලා දඩබඩ ගාලා වෙනදා විනාඩි 45ක් ගන්න ගමන අද විනාඩි 10න් ඇවිල්ලා බතුත් නොකා උදේ ඉතුරුවුනු පාන් වගයක් කාලා යන්න ලෑස්තිවෙලා බුකියට ලොග්වුනා

බනි තුමා කොල ලයිට් පත්තුකොරගෙන මමතුමා ඉතිං කතාව පටංගත්තා

අඩෝ අද කවද්ද

බ්‍රහස්පතින්දා

අද 3.30ට වැඩක් තියේද මුකුත්

  • වැඩ නම් නැ

  • තාත්තා ගෙදර නැ


    • නෑ

    • මම තොට කියන්නෑ

    • යකෝ අද 3.30ට නේද සෙට් වෙනවා කිව්වේ


එහෙම කිවද ?


සිකේ උබනං

ඔන්න වැඩ අධික මිනිස්සු පට ගාලා අමතක වෙනවා නොවැ කොහොමින් කොහොමින් හරි ඌට වැඩක් වැටිලුල අනේ මචං කොහොම හරි වරෙන් අනේ දෙන්නගෙන් එකෙක්හරි වරෙන් කියලා කොහොමහරි එකෙක් හරි එන්නකං කියපු නිසා ඔන්න 2.30ට ගෙදරින් පිටත්වෙන්න බැස්සා එතකොට තමා මතක්වුනේ ෆෝන් එක නෑ කියලා හෙව්වා පේන තැනක නෑ බැලින්නං අම්මා ඒක උස්සන් ගිහිල්ලා ඉතිං ඉක්මනට ස්ටෑන්ඩ් එකට එන්නයි කියලා ස්ටෑන්ඩ් එකට ගියා කොහොමහරි අම්මා එනකොට 3.20 අම්බලන්ගොඩට ඩොට් වෙන්න වහිනවා අනේ ඉති තෙමීගෙනම එල්ලුනා බස් එකක

ඕං ඉතිං 4.00ට විතර ආවා ගාල්ලට ගත්තා බනියට කෝල් එකක් හුටා ඌට වැඩක් වැටිලා කියන්නෙ දැන් තනියමදැ ගාල්ලෙ කඩ ගානෙ යන්නෙ ඒ පාර ගත්තා පොඩි මෑන්ට ඌත් කකුල කඩාගෙන නොවැ හලේ මදැයි කොලා ඉතිං ඔන්න ඔය වෙලාවෙ තමා පොඩි මෑන් ගයාන් කල්හාරයව මතක් කලේ. අලේ ඌවත් එයිද මගෙ උදව්වට? ගත්තා කෝල් එකක්

මෑන්ස් කරාපිටි යන ගමන්ලු හැබැයි ඉතිං මං වැටිලා ඉන්න තත්වෙ ගැන කිව්වාම විනාඩි 5ක් ඉදපන් මම එන්නං කියලා ඌත් එක්ක හිටපු අනිත් උන්ට යන්නයි කියලා ඌ ආවා ගාල්ලට

මෙතැන් සිට ගයාන් කල්හාර අයියා පොඩිමෑන්ට පසුව ගත් ඇමතුමේදී පැවසූ ලෙස කතාව.....

මචං මම මේ ප්‍රැක්ටිස් ඉවර වෙලා එද්දි කිඩෝ කෝල් කලා ගාල්ලට එන්න කියලා මම මේ කරාපිටි හිටියේ ඉතිං ඌ කිව්ව විදිහෙන් මට හිතුනා මොකක්හරි ප්‍රශ්නයක් තමා කියලා මම එහෙම්මම බයික් එක හරවන් ආවා ඔන්න මචං මං කුණු ඇල පාරෙ එනවා කුණු ඇල පාරෙ කොනේම බැම්ම උඩ වාඩි වෙලා පාර පැත්ත බලාගෙන (මම මූට කිව්වා බැම්ම උඩ වාඩි වෙලා කුණු ඇල පැත්තට කකුල් දාගෙන කියලා නැත්තං කදුලු වැටෙන්නෙ කුණු ඇලෙන් පිටටනෙ.... කොහෙද මේ යකා තේරුම් ගන්නෙ නෑ නොවැ) එකෙක් අඩනවා හෝ ගාලා උගේ කදුලු ඔක්කොම කුණු ඇලේ මුගේ කදුලු නිසා කුණු ඇල උතුරන්නත් ඔන්න මෙන්න ලංවෙලා බැලින්නං කිඩෝ..... මම ඇහුවා මොකෝ මල්ලි අඩන්නෙ කියලා? මූ අඬ අඬ කිව්වා මෙච්චර #$$@#$@ ඉන්න ගාල්ලෙ අර බනියයි පොඩි මෑනුයි මාව අනාත කරා බන් ඉහි ඉහි කියලා මේ මූ තාමත් අඩනවා දැන් මේ ටිශු පේපර් පැකට් එකක්ම ඉවර වෙලා ශර්ට් එකෙනුත් කදුලු පිහිදානවා..... බ්ලා බ්ලා බ්ලා

ඔය ගයාන් කල්හාරයා කියපු කතාව නොවැ ඇත්ත කතාවෙනං ඔහොම ඒවා සිද්දවුනේ නෑ හොදේ

ඔන්න ඉතිං කොහොමින් කොහොමින් හරි අන්තිමට කල්හාරයියා ආවා දැන් කෑම ගන්න කඩයක් මොකක්ද කියලා හොයන්නත් එපැයි අඩු ගානකට හොද කෑම එකක් ගන්න පුලුවන් තැනක්. ඉතින් ගියපාර ගෙට්ටුවෙත් කෑම ගන්න ආවෙ මමයි කල්හාරයියමයිනෙ ගියපාර ගත්ත තැනින්ම මේ පාරත් ගම්මු කියලා ගියා. හුටා වඩේ කසා ඇත. ඇහ් නෑ නෑ කඩේ වසා ඇත :D :D ටිකක් එබිලා බැලුවාම ඇතුලේ වැඩ කරන උන්නං ඉන්නවා චුට්ටක් ඇරපන් කිව්වාම කෑම නෑලු ඒ පාර ඉති කන්න නෙවේ ඕඩරයක් දෙන්න කිව්වාමනං විනාඩි 2ක් ඉන්න කියලා ඌ ගියා විනාඩි 2ට 4ක් හිටියා කියමුකො මුං නෙවේ කඩේ අරින්නෙ

කල්හාරයියා ගියා බෝඩ් එකකුත් පෙරලං එලියට (පෙරලං කිව්වෙ ඉතිං කඩ කාරයා නොසැලකිලිමත් විදිහට බෝඩ් එක තියලා තියෙන්නෙ ඌ දැනගන්න එපැයි කවුරුහරි මේක යටිං රිංගුවොත් මේක වැටෙනවා කියලා) ගත්තා ෆොන් එක ඩයල් කරා මන්ත්‍රී තුමාගෙ නම්බර් එක ආ ආයෙත් වැරැද්දුවනෙ මන්ත්‍රී තුමා නෙවේ කඩේ බෝඩ් එකේ ගහලා තිබ්බ නම්බර් එක ඕඩරේ සයිස් එක ඇහුවාම තමා කඩකාරයා කඩේ ඇරියෙ :P

ඒ ඉතිං කඩකාරයට කියන්න ඕනෙ ටික ෆෝන් එකෙන් කියලා ඉවර කර නිසා කඩ කාරයා කඩේ ඇරියට ඌත් එක්ක කතාකරගන්න දෙයකුත් තිබ්බේ නෑ අමුතුවෙන් ඇවිල්ලා විනාඩි 5ක් ඇතුලත කරන්න ආපු වැඩේ ගොඩදාගත්ත නිසා කරන්න වෙන වැඩක් තිබ්බෙත් නෑ.

ඔන්න එතකොට තමා කල්හාරයියා සුපිරි යෝජනාවක් කලේ කකුල කඩාගෙන ඇද උඩ දිවි ගෙවන අපේ පොඩි මෑන් බලන්න යන්න. වෙන මොන කතාද ඉතිං එක පාරින් ස්ථිරයි. ඒත් ඉතින් පාර දන්න එකක්යෑ ඉතිං කල්හාරයියා ගත්තා පොඩි මෑන්ට කෝල් එකක් ඔන්න ඔතනදි තමා අර උඩ කියපු මඩ කතාව ප්‍රචාරය කලේ. කෝමින් කෝමින් හරි පොඩි මෑන්ගෙ ගෙවල් හොයාගත්තත් ගාලු පාරෙ යන්න බැරි තත්වයක් පැනනැගුනා මොකද අපි දෙන්නගෙන් ඔලුවක් තිබ්බේ කල්හාරයියට විතරයි මට ඔලුවක් තිබ්බේ නෑ නොවැ අනික ඔලු නැතුව ගියොත් පොලිස් මාමලා අපිට හෙන ආසාවෙන් දඩ කොලයක් ලියයි (ඔලු කිව්වේ හෙල්මට් හොදේ)

ඉතිං ඒ නිසාම කැලෑ පාරවල් තෝරගෙන දිග පාරෙන් යන්න වුනා අපිට. හනේ කල්හාරයියා ඌ රේස් යන යෑමෙන්ම යන්න ගත්තෙ නැද්ද උදෙත් බයිසිකලයක් කුඩු පට්ටම් කරලා දෙවනි එකෙත් උදේ පැදලා ක්ලච් එක ගිහිල්ලා නිසා වැඩිය අද්දන්න බෑ කියලා කිව්වත් මූ ගියේනං ඉගිල්ලිලා ඉතිං පිටිපස්සෙ ඉන්න මම ලමයට කෙලින්ම මතක්වුනේ මේ ටිකේ මගේ ලේ සෙලවීම් දෙකක් වෙනවා කියලා කේන්දරේ තියනවා කියලා කියපු කතාව එක ලේ සෙලවීමක්නං ලබන 12වෙනිදට වෙනවා (හිච්චි ඔපරේශන් එකක් කරන්න තියනව) අනිකනං අදම වෙයි කියලා තමා ගමන ඉවර වෙනකම්ම මම හිතුවේ

කෝමින් කෝමින් හරි ගාල්ලෙ කෙල්ලො දිහා බලලා අහුවෙන්න එපා වගේ කල්හාරයගෙ තර්ජන මැද්දෙ බයික් එකේ පෙට්‍රලුත් ඉවර වුනා. වෙලාවට ලගපාත කඩයක් තිබ්බ නිසා හොදට ගියා නැත්තං පලයංකො පයින් එතනදි කල්හාරයියා නිගමනේකට එලබුනා පෙට්‍රල් භාගෙ < ගල් භාගෙ කියලා.....එතනදි පොඩි මෑන්ට කෝල් එකක් දුන්නාම ඌ කිව්වා “අයියා ලොකු වැඩක“ කියලා ලොකු වැඩේ ඉතිං කොන්ඩෙ කපන එක කියලා කිව්ව නිසා අපිට සිද්ද වුනා එතන ඉදන් වටේ තියන සැලුන් බල බල යන්න ඔන්න වෙලාවට පොඩි කඩ කෑල්ලක් අස්සක සැලුන් කියන නම තයනවා දැක්ක නිසා බයික් එක හරවන් ඇවිල්ලා ඔලුව දාලා බැලුවා.....
මේ ඉන්නෙ අපේ කකුල කැඩිච්ච එකා..... අංකල් කෙනෙක් කප්පාදු කතුරක් අරං කපනවා මුගේ කොණ්ඩෙ..... කෝමින් කෝමින් හරි කොන්ඩෙ කපලා කොරලා කල්හාරයියගේ ගැට මිරිකීමෙන් අමුතු රසක් ලැබේ තියරිය ඔප්පු කරලා පොඩ්ඩට කඩෙන් ගේන්න කියපු සීනි ලූනු එහෙමත් අරගෙන අපි පිටත්වුනා පොඩි මෑන්ස්ලෑ ගෙවල් බලා

ඕං ඉතිං පොඩි මෑන්ගෙ ගෙදර ආවා කියමුකො මූ දොර අරින්නං කියලා අපි දෙන්නා ගේ ඉස්සරහා දාලා ගියා ගේ පිටිපස්සට මූ ගෙදරයි කියලා කෙල්ලෙක්ගෙ ගෙදරකටවත් ගෙනල්ලා අතඇරියද කියලා සුවර් නැති නිසා කෝකටත් දුවන්න රෙඩි පිටම අපි එලියෙ හිටියා. ඔන්න මූ දොර ඇරියාම තමා ඒ බය නැති වෙලා ගියේ. කොහොම කොහොම හරි අපි පැයක් විතර එක එක එව්වා කතා කරකර හිටියා කතා කරපුවා ලියන්න ගියොත් මේ පෝස්ටුව අද ලියලා ඉවර කරනවා බොරු ඒ නිසා ඒ ටික නොලියා ඉන්නවා.... කොහොම උනත් පොඩි මෑන් පොඩි කාලෙ උගේ ඇට සැකිල්ලනං උගේ කාමරේ එල්ලලා තිබිලා අපිට දකින්න ලැබුනා....... ඔන්න ඉතිං 6ට විතර ගෙදරින් කෝල් කරනකොට තමා ගෙදර යන්න ඕනෙ කියලා මතක්වුනේ

ඉතිං ආයෙ කල්හාරයියගෙ බයික් එකේ නැගලා හයිවේ පිවිසුම් මාර්ගෙ දිගේ ගාල්ල මාතර පාරට ආවා...... ඔතනදි සුද්දෙකුත් අපට මොකක්ද කියාගෙන ගියා මං හිතන්නේ ඌ කිව්වෙ පිටි පස්සෙ රෝදෙ කැරකෙනවා කියලා වෙන්ටෑ එතනිං බස් එකක එල්ලිලා මංතුමා ගෙදර ආවා...... ඔන්න ඉතිං ගාල්ලෙ නොලුම් කොල නැති නිසා අපේ සෙට් වීම සිද්ද වුනේ ඒ විදිහට....... ෆොටෝ ගහන්නං කියලා එන්න සෙට්වුනු බනියට හදිස්සියේ වෙන වැඩක් වැටුන නිසා ෆොටෝ ගහන්න එන්න බැරිවුනා ඒ නිසා ෆොටෝ මුකුත් නෑ...... හේනං 7 වෙනිදට සෙට් වෙමු......

මාව බයික් එකේ දාගෙන යාලුවොන්ගෙන් කුණුහර්ප අහගෙන මාත් එක්ක වටේ ගිය ගයාන් කල්හාර අයියාට මාගේ බොක්ක පතුලෙන් පිරිනැමෙන තැන්කූ පාර......

පා.ලි.
  • කොළඹින් ගෙට්ටුවට පැමිනෙන අය සදහා එකතුවීමට කලින් කතිකා කරගත් ස්ථානය වන කොට්ටාව රොටි කඩේ අසල ස්ථාන කොට්ටාව හන්දිය දක්වා වෙන්ස් වී ඇති බව සයිබර් හමුවේ කොළබ සංබන්දිකාරක පුවක්පිටිය කංකානම්ලාගේ රාජ් මහතා අප වෙත දැන්වා ඇත....

Wednesday, January 4, 2012

ගාල්ලේ හමුව අප්ඩේට්ස්


ඔන්න ඉතිං මේ දවස්වල හැමෝම වගේ ගාල්ලට සෙට් වෙන්න බලාගෙන ඉන්නෙ ආරංචි හැටියට 7වෙනිදට ලංකාවෙ උන් විතරක් නෙමේ පිටරට උන් හිටං එනවලු ගාල්ලට කොහොමත් දැනටම 50කට ආසන්න බ්ලොග් කරුවන් ප්‍රමාණයකගෙ පැමිණිම අපි අපේක්ෂා කරනවා.... ඒ ගැන අපි දාපු පෝස්ට් වලට හොද ප්‍රතිචාර තිබුනා මම ලමයත් ඔය පොඩි රෙකෝඩ් කෑල්ලක් වගේ එකක් තිබ්බා වැඩිම ප.ලි. ගානක් ලියලා කොහෙද ඉතිං එකක් යන්න එකක අලුත් අප්ඩේට්ස් එනවනෙ ඉතිං ඔය ප.ලි. වලටත් සීමාවක් තියෙන්න එපැයි. ඔන්න ඉතිං මේ පෝස්ටුව ගාල්ලෙ ගෙට්ටුවේ අලුත්ම තත්වය ගැන පොඩි මෙව්වා එකක් කරාවි

කලින් අපේ පෝස්ට් වල කියලා තිබුන විදිහට අපි ගෙට්ටුව පටංගන්න ප්ලෑන් කරන් හිටියෙ උදේ 9.00ට නොවැ ඕං ඒක පොඩ්ඩක් වෙනස් වුනා ගෙට්ටුව පටංගන්න අලුත්ම වෙලාව උදේ 8.30 ආයෙත් කියනවා ගෙට්ටුව පටංගන්න වෙලාව උදේ 8.30

හැබැයි ඉතිං ගාල්ලට එන අය 7 වෙනිදා උදේ 8.00 වෙනකොට ගාල්ලෙ බස් නැවතුම්පොලයි දුම්රිය නැවතුම්පොලයි යා කරන පාලම උඩට එන්න බනියා කිඩෝ කියන අයගෙන් එක්කෙනෙක්/දෙන්නම ඒ වෙලාව වෙනකොට එතන්ට ඇවිල්ලා ඉදීවි ඉතිං අපේ බනියා අදුනගන්න අමුතුවෙන් අමාරුවක් නෑ නේ. ඌ නොදන්න එකෙකුත් නෑ මම හිතන්නෙ කොහොම හරි අපි අවම 8.20 වෙනකං කට්ටිය එනකං එතන බලන් ඉන්නවා හදිස්සියකට කෝල් කරන්න අපේ ෆෝන් නම්බර් දීලා ඇතිනෙ අමතක අයට ආයෙත්

බනී - 0719250005
පොඩි මෑන් - 0719586007
කිඩෝ - 0775215692

8.20 විතර වෙද්දි පොඩි මෑන් කොළඹ කට්ටිය එන වාහනේක නැගලා එතනට ඒවි ඒ වාහනෙන් කට්ටියටම රූමස්සල යන්න පුලුවන්

අහ් තව එකක් ජපන් පන්සල චීනෙට අරන් ගිහිල්ලලුනෙ ඉතිං ජපන් පන්සල් වදින්න යන ගමන කැන්සල් කලා හොදේ බය වෙන්න එපා ඒ වෙනුවට කරන්න දේවල් තව ඕනෙ තරම් තියේ අලුත් අදහසක් තියනවනං කමෙන්ටුවකින් කියලා යන්න

ඊලගට කෑම එදාට එන අය දැනටමත් ඒ වෙනුවෙන් හදපු සයිබර් මිතුරන්ගේ හමුව ගාල්ල 2012 ගෘපියට ජොයින් වෙලා ඇති කියලා හිතනවා නැත්තං දැන්ම ජොයින් වෙන්න ගාල්ලෙ හමුව ගැන වැඩි විස්තර දැන ගන්න ඒ ගෘපිය ලොකු උදව්වක් වේවි...... අහ් ඒකෙම ඇති තමන්ට දවල්ට ඕනෙ මොන ජාතියෙ කෑමද කියලා අපිට දන්වන්න කෑම ගන්නකොට අපිට ඒක ලොකු උදව්වක් වේවි......

ඩෙසට් එකටනං වැඩි කැමැත්ත තිබ්බේ ලග ඉන්න එකා කන්න ඉතින් ලග ඉන්න එකා ඩෙසට් එකට ගන්න අවසර ලැබෙනවා...... හැබැයි ඉතිං එහෙම කාලා බඩේ අමාරු හැදුනට අපිනං ඒවට වගකියන්නෙ නෑ කන්න කලින් ඒවා කල්පනා කරන්න ඕනෙ :D :D :D

ගෙට්ටුව නිල වශයෙන් ඉවර වෙන වෙලාව 4.00 කොළඹ ගෑනු ලමයින්ට ඉක්මනට ගෙවල්වලට යන්න ඕනෙ නිසා ඒ වෙලාවට ඒ අයට හා පරක්කුවේවි කියලා හිතන අනිත් අයට යන්න පුලුවන් ඉතුරු කස්ටියනං ඉතිං සමහර වෙලාවට ඊට වඩා වැඩි වෙලාවක් ඉදීවි

එදාට කෑමවලට හා අනංමනං වලට රුපියල් 200ක් ගේන්න කියලා අපි කිව්වා මතක ඇතුව ඒක ගේන්න හොදේ :D :D :D ආ අපේ පොඩි අදහසක් තියනවා එදාට එන කට්ටියගෙ ගෘප් ෆොටෝ එකක් ඒ වෙලාවෙම ප්‍රින්ට් කරලා දෙන්න හැබැයි ඉතිං ඒකට රුපියල් 30ක් විතර යනවා ඒක නිසා ෆොටෝ එක ඕනෙ අය එදාට රුපියල් 30ක් වැඩිපුර ගේන්නකෝ

අපි එදාට එන අය ගැන විස්තර ගන්න අපි පොඩි ෆෝම් එකක් පුරවන්න දුන්නා ඒක පුරවපු නැති අය ඉන්නවනං මෙන්න මෙතනිං ගිහිල්ලා පුරවන්න එදාට එන ගාන හරියටම දැනගන්න හා ඒ අය කන්ටැක්ට් කරගන්න මේක අපට ලොකු උදව්වක් වේවි

ඔන්න පොඩි මෑන් ප්‍රසිද්ධියේ සැක මතු කලා මන්තරකාරී ගෑල්ලමයෙක්ද පිරිමි ලමයෙක්ද කියලා සුවර් කරන්න බෑ කියලා. මන්තරකාරිනං කිව්වා එයා සුවර් එකටම ගෑල්ලමයෙක් කියලා. ඒත් ඉතිං කිව්ව පලියට විශ්වාස කරන්න බෑ නොවැ කියලා පොඩි මෑන් ඇල්ලුවා ඔට්ටුවටක් දැන් ඇත්තටම මන්තරකාරී ගෑල්ලමයෙක් නම් පොඩි මෑන් එදාට කට්ටිය ඉස්සරහා දන ගහලා සමාව ඉල්ලනවා කිව්වා..... ඔන්න ඉතිං පලවෙනි මඩපාර කල් තියාම දැනුම් දුන්නා කැමරා උස්සගෙන ඒ අවස්ථාව පටිගත කරගන්න රෙඩි පිට එන්ඩ. හැබැයි ඉතිං පොඩි මෑන් දන ගහලා මොන කුපාඩි වැඩක් කරයිද කියලා සුවර් නැති නිසා ගොඩක් අය මන්තරකාරිට කලිසමකට බැහැලා එන්න කියලා කල්තියාම අනතුරු ඇගෙව්වා...... මන්තරකාරි කොල්ලෙක්නං වෙන්නේ මොනවද කියලා ඔට්ටුවේ සදහන් වුනේ නෑ කියලත් මේ වෙලාවෙ කියන්න ඕනෙ.......

කියන්න තියන ඒවා ඔක්කොම කිව්වානෙ හේනං බොහෝ දුරට හෙට ෆොටෝස් එක්කම තව පෝස්ටුවක් වැටේවි


මේකත් අහන්න
Dakunu Lake by Kido de Silva