Pages

Friday, August 5, 2011

කාලකණ්නියා.....

හැමෝගෙම ජීවිත අපි හිතන තරං ලස්සන නෑ.....
ඉතිං මට මොකෝ බන්....
උබට විහිලු උබ දැන්නවද උබ මේ ආතල් එකේ ඉන්න වෙලාවේ ලෝකේ කී දෙනෙක් දුකින් ඉන්නවද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබ අඩුගානේ දන්නවද පාන් ගෙඩියක ගාන කොච්චරද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබ දන්නෑ උබ වාසනාවන්තයි උබට හොදට කන්න බොන්න තියනවා ඒත් උබ දන්නවද මේ ලෝකේ බඩගින්නේ මැරෙන අය කොච්චර ඉන්නවද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබට මේවගෙ ගානක් නෑ උබ දන්නෑ ජීවිතේ කියන්නේ මොකක්ද කියලා ටිකක් ඇස් ඇරලා බලපන් මේ ලෝකේ වෙන්නේ මොනවද කියලා....
මොනාව වුනත් මට මොකෝ බන්....
උබනං මහ කාලකණ්නියෙක් බන්....
ඉතිං බොට මොකෝ....
ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ.... උබටත් ‍තේරේවි ලගදිම....