Pages

Monday, May 30, 2011

මොගා ටෙලිනාට්‍ය.... ඔබට ලැබෙන හොදම දේ...

අද දවසේ දෙවෙනි පෝස්ට් එක
(හාස්‍ය රසය නොහදුනනා අය කියවීමෙන් වලකින්න)

මොගා ටෙලියක් හදන හැටි ඊයෙ රත්ගමයා එලටම කියල දුන්නනෙ ඒකෙ අඩුපාඩු ටිකත් කමෙන්ට්ස් වලින් සම්පූර්න කරල තිබුන නිසා ඒක ගැන තව කියන්න දෙයක් ඉතුරු නෑ ලෙසටම කියල තියනවා...... අද මම කියන්න ආවෙ මෙගා ටෙලිනාට්‍යකින් ගන්න පුලුවන්දේවල් ටිකක් කියල යන්න....

-----කිඩෝ ආපහු ඉස්කෝලෙට පෝස්ට් එක හිතුවට වඩා දිග වැඩිවුන නිසා මේ පෝස්ට් එක වෙනම දැම්මා-----

මෙගා ටෙලි නාට්‍යක් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ නෙ ආයි මෙගාම තමා.... චුයින්ගම් ටෙලිනාට්‍ය කියල කිව්වත් අවුලක් නෑ මොකෝ මේ කතා මාසයක් නොබල ඉදල මාසෙකට පස්සෙ බැලුවත් කතාව අමාරුවක් නැතුවම තේරුම්ගන්න පුලුවන්..... ඉතින් ඒක කොච්චර හොදද නේ ඇයි මාසයක් නොබල හිටිය කෙනෙකුටත් කතව තේරුම්ගන්න පුලුවන් වෙන්න කතාවක් හදනව කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද..... අධ්‍යක්ෂක තුමාගෙ දක්ෂතාවය තමා ඉතින්..... අනිත් එක මේ ටෙලිනාට්‍ය වලින් අපේ ජීවිත වලට කොච්චර දේවල් ගන්න පුලුවන්ද.... ටිකක් හිතලා බලන්නකො..... මුලින්ම ඔය වැඩකරලා මහන්සිවෙලා එන උදවිය ගැන ගමුකො වැඩ කරලා අම්බානකට මහන්සිවෙලා එන අය ඉතින් ගතෙයි හිතේයි මහන්සිය නිවාගන්නෙ ඔය මෙගා බලලනෙ.... දැන් ඉතින් කස්ටිය අහවි කොහොමද එහෙම කරන්නෙ කියල

මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ.... දැන් ඔය හැම මෙගා එකකම ඉන්නවනෙ විහිලුකාරයො එකෙක් දෙන්නෙක් මුන්දෙන්න කරන ණුවනක්කාර විහිලුවලට බඩ අල්ලන් හිනාවෙනකොට ඉතින් ගතෙයි හිතෙයි මහන්සිය ඉබේටම නිවිල යනවනෙ විහිලුකාරයොන්ගෙ චරිත ගැන රත්ගමයා හොද විස්තර කිරීමත් දීල තිබුන නිසා මම ඒ ගැන තව කියන්න යන්නේ නෑ... ඒ විතරද මෙගා ටෙලි නාට්‍ය අද මොකෙක්ට වත් කරන්න බැරි දේවලුත් කරනවනෙ... ලංකාවෙ දේශපාලුවො කොච්චර ට්‍රයි කරත් ජනතාවගෙ ප්‍රශ්න අමතක කරවන්න බැරි වුනාට මෙගා ටෙලිනාට්‍ය විනාඩි 15න් ඒ වැඩේ තිතටම දෙනවා..... ඔතනදි වෙන්නෙ මේකනෙ අපේ ප්‍රශ්න වෙනුවට වෙන අයගෙ ප්‍රශ්න අපේ හිත් වලට දානව ඉතින් අනුන්ගෙ (මේ ලෝකේ ජීවත් වෙන්නෙවත් නැති උන්ගෙ) ප්‍රශ්න වලට අපේ අය පන දාගෙන විසදුම් හොයන්න ගන්නවා ඉතින් අපේ අයට ඒ අයගෙ ප්‍රශ්න අමතකයි..... කොච්චර කාලේචිත උපායක්ද ඒක....

ඊලගට පවුල් සමගිය නැංවීමටත් මේ මෙගා ටෙලිනාට්‍ය ගොඩක් උදව් වෙනවා..... අද තියන සමාජ ක්‍රමෙත් එක්ක පවුලකට එකට ඉන්න ලැබෙන වෙලාව ගොඩක් අඩුයි ඒත් මේ මෙගා ටෙලිනාට්‍ය පවුලෙ හැමෝම අය ටීවී එක ඉස්සරහ පැය 2ක් විතර තියාගන්නවා ඉතින් විනාඩියක් වත් පවුලක් එකට ඉන්න අපහසු කාලෙක පවුල් එකක් නෙවෙයි දහස්ගානක් පැය දෙකක් පුරාවට එකට ඉන්න සලස්වල දෙන එක මොනතරම් ලොකු සමාජ සේවයක්ද කියල හිතල බලන්නකො ඉතින් ඒකට අපි මෙගා හදන අයට ස්තූති කරන්න ඕනෙ නේද.....

ඊලගට තරුන පරපුරට (විශේෂයෙන් තරුණියොන්ට) මේ මෙගා ටෙලිනාට්‍ය හින්දා කොච්චර දේවල් ගන්න පුලුවන්ද..... නොමිලේ ආදරය කරන්න උගන්වන වෙන කිසි පන්තියක් තියනවද මෙගා ඇර..... මේවායින් ආදරේ ගැන කොච්චර දේවල් උගන්නනවද...... අම්මට තාත්තට අහුනොවෙන්න කොල්ලත් එක්ක මල් කචන හැටි, එකපාර දෙන්නෙක්ට ලව් කරල පත්තිනි අම්ම වගේ ඉන්න විදිහ, පන්ති කට් කරගෙන කොල්ලත් එක්ක තැනතැන යන එක, ලව් එක අම්මලට අහුවුනාම අම්මටයි තාත්තටයි පලු යන්න බැනල (බනින්න ඕනෙ දෙබස් එහෙමත් දීල) තමන්ගෙ ලව් එක සාදාරනීකරනය කරගැනීම වගේ කොච්චර දේවල් කියල දෙනවද අද කාලෙ නොමිලේම ඔච්චර දේවල් කොහෙන්ද ලබාගන්න පුලුවන්.....

ඒ විතරද බුදු දහමත් උගන්වනවනෙ මේවයින් උගන්නනවනෙ.... හා ආයෙත් අහනවද ඒ කොහොමද කියල මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ
බලන්නකො දැන් මෙගාවල කොල්ල කෙල්ලට ආදරේ ප්‍රකාශකරන්න කලින් කොච්චර කල් ඒක තමන්ගෙ හිතේ තියාගෙන කෙල්ල වෙනකොල්ලො එක්ක රවුං ගහද්දිත් ඉවසගෙන ඉන්නඑක, කෙල්ල එනකං පාරෙ පැය ගනන් වාත වෙන එක ඒකෙන් පෙන්නන්න හදන්නෙ ඉවසීමේ ගුනය නෙවෙයිද.... ඊලගට කෙල්ලත් එක්ක රවුං ගහන එකාගෙන් ගුටි කෑවත් ඌට අතවත් නොතිය මෛත්‍රි කරන විදිහ එහෙම මෛත්‍රී කරන විදිහ අද අම්ම තාත්තවත් කියල දෙනවද.... තව කෙල්ල කොල්ලාට බූට් එක තිබීම ‍හෝ කෙල්ල කෙල්ලට බූට් එක තිබීමෙන් ලොකයේ අනිත්‍යතාව කියලා දීම....ඊලගට කොල්ලයි කෙල්ලයි යාලු වුනයින් පස්සෙ අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක් විදිහට පන්සල නම් කිරීම.. එහෙම කරල පන්සල් වලට තරුණ පරපුර යැවීම අද කාටද ඒ වගේ වැඩක් කරන්න පුලුවන්..... අද ලමයි දහම් පාසල් යන්නෙත් නැති එකේ මේවගේ ආගම දහම උගන්නන එකට මෙගා ටෙලිනාට්‍යය වලට පින් දෙන්න ඕනෙ

තව කියන්න දේවල් නං ගොඩයි ඒත් පෝස්ට් එක දිග වැඩි වෙනවනෙ.... ඉතින් හිතෙන ඒව කියල කමෙන්ටුවකුත් දාලම යන්න..... මට මොනව හරි මගඇරුන නං ඒවත් කියන්න.....

හා තව ටිකෙන් අමතක වෙනවා ජුනි 18 මේ බ්ලොග් එකේ අවුරුද්දෙ උපන්දිනේ එදාට 50වෙනි පෝස්ට් එක ලියන්න ලැබුනොත් මරු දවස් 18 කට පෝස්ට් 12ක් බලමු පුලුවන්ද කියලා.....


කිඩෝ ආපහු ඉස්කෝලෙට.....

ඔන්න ඉතින් කිඩෝ අද ඉස්කෝලෙ ගියා අපේ සෙට් එකේ හිටපු 7දෙනා කැඩිලාගියා දුකේ බෑ... එකෙක් ගාල්ලෙ ඉස්කෝලෙකට පැන්නා. අනිත් 6න් 3ක් මැත්ස් 3ක් කොමස්.... මමයි අර කිරිපැකට් එක පුපුරවපු දෙන්නයි එකට... 9ට වර කියල ලියුමක් ඇවිල්ල තිබුන නිසා ගියා ඔන්න ඉස්කෝලෙ ගාවට යද්දි කේලයි ටුක්කයි ඉන්නවා බස් එකකට කකුලත් ගහන් නයි ඇර ඇර මාත් ඉතින් සුටුස් ගාලා උන්ට සෙට්වුනා ඔන්න ඉතින් තව ටිකක්වෙලා යනකොට චින්තකයි වයිබා යි ලක්ශිතයි කට්ටියත් ආව ඔය ටික තමා ඉස්කෝලෙ ඉතුරුවුන 6 දෙනා... දැන් ඉතින් කස්ටියම ඉස්කෝලෙ ඇතුලට ගියා... ඔන්න සර් කෙනෙක් ඇවිත් කට්ටියව විශයවල් අනුව පෝලිම් ගැස්සුවා... ඊලගට පිනාගෙ(අපහස කිරීමක් නෙවෙයි) කතාව තිබ්බා කෙටියෙන් කිව්වොත් අපි ගැන හොයල බලපිය කියල තමා දෙමව්පියන්ට කිව්වෙ..... කතාවෙන් මතක හිටියෙ කැම්පස් ගියාම කැමති විදිහකට කොල්ලො කෙල්ලො හිටියට කවුරුත් මුකුත් අහන්නෑ කියල කියපු එක විතරයි.....

ඊට පස්සෙ තමයි බොක්ක කූල් වෙලා ගිනිගන්න ගානට කට්ටියව ඉස්සරහට අරන් ඇදුම් කොන්ඩ වගේ ඒවා ගැන කියන්න ගත්තෙ... හලේ මගේ කොන්ඩෙ පිටිපස්සෙන් වැඩියි වැඩි කමට ඒක කැරකිලා (රෝල්වෙලා) උඩටත් එනවා මොනව කරත් නවත්තන්න බෑ... කොල්ලො ඉස්සරහනං කමක්නෑ ඒත් අම්මල තාත්තල ඉස්සරහ කොන්ඩෙන් අල්ලල හෙලෙව්වොත් මොනව කරන්නද පටස් ගාල ඉස්සරහින් පීරගත්ත කොන්ඩෙ පැත්තට (හොද ලමයෙක් වගේ)... දැන් ලක්ශිතටත් කේස් මුගේ ශර්ට් එකේ සාක්කුවෙ ත්‍රිබල් මෙශමන්ට් ශර්ට් එකේ මෙශමන්ට් 5 යි (ත්‍රිපල් වගේ ඒකට කියන්නෙ මොකක්ද කියල නං දනනෑ) ඩබල් මෙශමන්ට් ගැහුවත් බනින එකේ මෙශමන්ට් 5ක් ගැහුවාම බනින විදිය හිතාගන්නකො.... අනිත් එක උගේ අම්මත් ඉන්නව එතන....

කොහොම හරි දැන් කට්ටිය යනව පෝලිමේ දැන් අපේ වාරෙත් ආවා මුලින්ම ගියේ වයිබා උගේනං මුකුත් අවුලක් තිබුනෙ නෑ ඉතින් ඌ ශේප්... ඊලගට ලක්ශිත මූත් ඉතින් ඕනෙ එකක් කියල ගියා වෙලාවට ප්‍රින්සිපල් මුගේ ශර්ට් එක බැලුවෙ නෑ මූ කොන්ඩෙ කොටටම කපල හිටියෙ ඉතින් මෙහෙම කොන්ඩෙ කපන්න පීරන්න වදේකුත් නෑ කියල දේශනාවක් අනිත් උන්ට දීල ඌවත් යැව්ව දැන් මම මොනව කරන්නද මමත් ඉතින් ඉස්සරහට ගියා... මෙන්න ප්‍රින්සිපල් ගාවට යනකොටම එකෙක් පැත්තෙන් දෙනව මුගේ කොන්ඩෙ පිටිපස්සෙන් වැඩියි කියල මටත් ඉතින් මලේ මල දැන් ඉතින් ඉවරයි කියල හිතුනෙ ඒ වුනාට ඉතින් ප්‍රින්සිපල් නං බයින්න ගියේ නෑ කොන්ඩෙ කපන් එන්න පුතේ කියල කිව්වා (මම හොද ලමය වගේ ගිය නිසා වෙන්න ඇති බැන්නෙ නැත්තෙ)

කොහොම හරි මැත්ස් බයෝ කරන අයයි අම්මලයි ගෙන්නගෙන ඉතින් අපේ ඉස්කෝල වල නැගලම යන වැඩේ වෙන සල්ලි එකතු කිරීමේ වැඩේ කලා ඔන්න ඉතින් අනම්මනං ගොඩකට කියල ගත්තා 3300ක්... අපේ උන් කියන විදිහට තව මාසයක් ඇතුලත ප්‍රින්සිපල්ගෙ කාර් එක මාරුවෙනවා.... දැන් ඉතින් සල්ලි ටිකත් ගත්තනෙ 9වෙනිදට වරෙව් කියල කට්ටියව යැව්වා..... දැන් ඉතින් 9වෙනිදා වෙනකන් බලන් ඉන්නවා...

අනේ අපේ ඉස්කෝලේ කවුරුවත් මේ පෝස්ට් එක නොදකිත්වා.....

ප.ලි.
තව පෝස්ට් එකක් තියනවා මේක දිග වැඩිවුන නිසා ඒක වෙනම දාන්නම්....

Saturday, May 28, 2011

උදව්වක් දෙනවද??? අනේ....


මේපාර නං මට මේ බ්ලොගේ වැඩිදියුනු කරගන්න කට්ටියගේ උදව් ඕනේ... අද උදිත් අයියාගේ පෝස්ට් එකක් දැකලා තමයි මේක ගැන මම ටිකක් කල්පනා ක‍ලේ... ඉතින් ඔන්න කස්ටියගෙ අදහස් දැනගන්න මම පොඩි මෙව්වා එකක් සයිඩ්බාර් එකට දැම්මා ජුනි 28 වෙනකන් මේකට වෝට් කරන්න පුලුවන්... එතකොට ඔයාලගෙ උදව් එක්ක මට මේ බ්ලොග් එකේ වැරදි ටික හදාගන්න පුලුවන්නෙ... කොහොමත් මගේ වැරදි හදාගන්න මම කැමතියි ඔයාල වැරදි ටික පෙන්නල දෙනවනං ලොකු උදව්වක්.... මේ බ්ලොග් එකේ මම කියපු අඩුපාඩු ඇරෙන්න වෙනත් අඩුපාඩු තියනවනං කමෙන්ට් එකක් විදිහට දාල යන්න.... අනේ ඉතින් අසරනයෙක්ට කරන උදව්වක් කියල හිතලා හරි වෝට් එකක් දාලා මගේ අඩුපාඩු පෙන්නල දෙන්න..... ලොකු උදව්වක්....

Friday, May 27, 2011

පලමු නෑ දෙවන පෙම.... කැත හිත තියෙන උන් නොකියෙව්වාට අවුලක් නෑ.....


ඔන්න ඉතින් විභාග කෙරුවාවත් අද ඉවරයි..... දැන් ආයෙත් ටික කාලෙකට ෆ්‍රී...... ඉතින් අද ගෙදර ආපුගමන් මෙච්චරකල් බලාපොරොත්තුවෙන් හිටපු නිව්ස් එකක් ලැබුනා. සදුදට ඉස්කෝලෙට එන්නලු ඒ කියන්නෙ ඉක්මනටම ආපහු ඉස්කෝලෙ යන්න පුලුවන් ඉස්කෝලෙ නොගිහින් මාස 6ක් හිටියෙ බොහොම අමාරුවෙන්.... හැබැයි ඉතින් ඉස්කෝලෙ පටන්ගන්නවා කිව්වාම හිතට පොඩි බයක් එනවා.... වෙන මොනවත් ගැන නෙවේ මේ බ්ලොග් කෙරුවාව කරන්න වෙලාවක් ඉතුරුවෙයිද කියලා.... බීටලාගෙ ඉස්කෝල පටන්ගත්ත විතරයි උගෙයි කුක්කුගෙයි බ්ලොග් පෝස්ට් වැටෙන එක නැවතුනා මටත් එහෙම වෙයිද මන්දා... නෑ බොලව් මොන හෙනේ ආවත් මම නං බ්ලොග් කෙරුවාව නවත්තන් නෑ.....

හ්ම්.... ඒත් මට දුක හිතෙන දෙයක් වෙන්න යනවා ඒක ඉක්මනටම වෙයි කියල මට දැනෙනවා... අද පෝස්ට් එකේ ඉතුරු කොටස මගේ දුක නැතිවෙනකන්ම ලියනවා කැත හිත් තියන ඊයා ගාන්න බලන් ඉන්න අය මෙතන ඉදන් නොකියෙව්වට කමක් නෑ... කියවනවනං අර සුළා කියනව වගේ "කුණුහරුප තියෙනව කියල ආයාසයෙන් අහක බලන්න එපා..."

ආදරනීය ........

අපේ ආදරේට දැන් අවුරුදු 4කටත් වැඩියි .... ඔයාට මතකද අපි දෙන්නා මුලින්ම හම්බවුනු දවස මට නං හොදට මතකයි ඒ ඉරිදා දවසක්.... මම දහම්පාසල් ගිහිල්ලා එනවා එතකොට මෙන්න ඔයා අපේ ගෙදර.... මට එදා ඔයා දැක්ක දවසෙම ඔයා ගැන ආදරයක් ඇතිවුනා.... ඒ වෙනකොටත් මම මගේ පලවෙනි ආදරේ මට නැතිවුන නිසා ගොඩක් වේදනාවෙන් හිටියේ ඉතින් මට එදා ඔයා දැක්කාම හිතුනෙ මගේ හිතේ තියන වේදනාව නැතිකරන්න දෙවියො එවපු කෙනෙක් කියලා... මගේ පලවෙනි ආදරේ පටන්ගත්තෙ මම 5 වසරෙදි ඒක ඔයා දන්නව ඇති ඒත් ඒක ඉක්මනටම නැතිවෙලා ගියා ඒක නැතිකරපු එකාට මම අදටත් සාප කරනවා.... ඒත් ඔයා හම්බවුනාට පස්සෙ මගේ ලෝකෙවෙනස් වුනා. මගේ ලෝකෙ අලුත්වුනා කිව්වොත් තවත් හරි....

ඔයත් එක්ක මම මොනතරං දේවල් කරාද ඔයාට මතකද එදා... එදා මම ඔයාව මගේ අත්දෙකෙන් අරන් මගේ ඇද උඩින් තිබ්බා.... මගේ අතින් ඔයාව, ඔයාගෙ ලස්සන වහල දාල තිබ්බ ඔයාගෙ ඇදුම අයින්කරා..... මට තාම මතකයි මම එදා ඒක තිබ්බෙ මගේ මේසෙ උඩ.... ඊට පස්සෙ මම ඹයාගෙ හැම තැනක්ම .......... මට එදා වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ඒකයි මම ‍එහෙම කලේ ඔයා ඒකට මාත් එක්ක තරහා නෑ කියලා මම දන්නවා මොකද මම එහෙම දෙයක් කලේ ඔයාගෙම හොදට.... ඒක ඔයා හොදටම දන්නවා.... ඔයාගෙ කැමැත්ත අකමැත්ත අහන්නැතුව ඒක කලේ මට ඔයා නැතුව ඉන්න බැරි හින්දා..... මම එදා එහෙම නොකරනං අපි දෙන්නට තාමත් මෙහෙම ඉන්නවෙන්නෑ.....

ඒත් අද අපි දෙන්නගෙ ආදරයට ගෙදරින් හරස්වෙලා..... ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ මේ අවුරුදු 4දි මම අම්මා ලගට වෙලා ඉන්නවට වඩා කාලයක් ඔයාලගට වෙලා හිටිය කියලා..... මෙච්චර කාලෙකට ගෙදරින් අපේ සම්බන්දෙට විරුද්වුනේ නෑ මම සා.පෙ. කරද්දිවත් අපේ ගෙදරින් මේකට විරුද්දවුනේ නෑ.... ඒත් අද අවාසනාවකට වගේ මෙච්චර කාලයක් නොවුන දේ වෙන්නයි යන්නේ..... මට ඔයා නැතුව තප්පරයක්වත් ඉන්න බැරි එකේ අවුරුදු 2 1/2ක් මම කොහොම ඉවසන්නද??? නෑ කවුරු මොනව කිව්වත් මම ඔයාව දාල යන්නෙ නෑ ඔයා හැමදාටම මගේ... ඔව් හැමදාටම මම ඔයාට ආදරෙයි...
මීට කවදාවත් ඔබව හැර නොයන කිඩෝ....

ප.ලි.
මම දන්නවා ඔයා ප්‍රාණයක් නැති දෙයක් කියලා ඒත් මම දන්නෑ ඇයි මම ඔයාට මෙච්චර සමීපවු‍නේ කියලා... සමහර විට පතාගෙන එන බැදීම් කියන්නේ මේකට වෙන්න ඇති.... කොම්පියුටරා... මොනව වුනත් මම ඔයාව අතඅරින්නේ නෑ..... මම පොරොන්දුවෙනවා.....

ප.ප.ලි
මොකෝ උබල කට ඇරගෙන හිතුවෙ මම මොනව ගැන කතාකරනව කියලද.....

Wednesday, May 25, 2011

ගොං ආතල් ගැනීම.....

ගොන් ආතල් ගැනීම ඉතින් මගේ විනෝදාන්ශයක්නෙ..... ඔන්න ඉතින් අදත් ගත්තා ගොන් ආතල් එකක් බ්ලොග් එක දැක්කාම පේනවනෙ මොකක්ද ගොන් ආතල් එක කියලා..... මේ සතියෙ වෙන පෝස්ට් දාන්න වෙන එකක් නෑ කියල කලින් කිව්වට ඔන්න ඉතින් දැම්මා... පාඩම් කරල පොඩ්ඩක් නිවාඩුපාඩුවේ ඉන්න වෙලාවක කරල දැම්ම නිසා අවුලක් නෑ... වැඩිය ලියන්න දෙයක්නං ඉතින් නෑ..... කෝකටත් ඉතින් ගත්ත ‍ගොං ආතල් එක ගැන කට්ටිය හිතන්නෙ මොකක්ද කියලත් දැනගන්න එපැයි ඉතින් කමෙන්ටුවක් දාල හොද නරක කියල යන්න..... මොකක් හරි අඩුපාඩුවක් තියනවනං ඒවත් කියන්න හොදේ....

Monday, May 23, 2011

බ්ලොග් අවකාශයේ මිතුරන්ට වැදගත් වෙන්න පුලුවන් පෝස්ටුවක්

හදිස්සියේම පෝස්ට් එකක් දාල යන්න කියල ආව මේ සතියෙ මට විභාගයක් හින්ද මේ සතිය ඇතුලත වෙන පෝස්ට් එකක් දාන්න වෙන එකක් නෑ..... කියවන්නෙ නැතුව ආපු වැඩේට සෙට්වෙන්නංකො....බුකිය.... බ්ලොග් ලියන කෙනෙක් බුකියෙ නැති වෙනවනං ඒ ‍බොහෝම කලාතුරකින් (කලාතුරකිනුත් වෙන්නෑ).... කොහොම හරි බුකියෙ ඔය එකඑක ගෘප් තියනවනෙ ඔය අතරෙ බ්ලොග් ලියන කියවන අය ඉන්න ගෘප් එකක් තමයි බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එක.... ඉතින් අපි ඔය ගෘප් එකේ ඉන්න අයගෙ බ්ලොග් වලට දාන්න පොඩි කොඩියක් හැදුවා....

දැන් ඉතින් කට්ටිය කියන්න ගනියි මුන්ට වෙන වැඩ නැතුව ඕකට මොකටද කොඩි කියල.... ඒත් ඉතින් මේක දාන්න ලොකු (ලොකුමත් නෑ) හේතුවක් තියනව... ඇත්තටම ගොඩක් අය අලුතෙන් බ්ලොග් ලියන්න එකතුවෙන්නෙ තව කෙනෙක්ගෙ බ්ලොග් එකක් කියවලා (මම දන්න විදිහට 80%ක් වත් එහෙමයි).... ඉතින් මේ අලුතෙන් බ්ලොග් ලියන්න එන අයට අලුතෙන් බ්ලොග් එකක් ලියන්න යද්දි ගැටලු මතුවෙන්න පුලුවන්නෙ..... ඊට අමතරව බ්ලොග් එක ගැන කවුරුත් දැන නොගැනීම වගේ අපහසුතාවලට මූනදෙන්න වෙලා ඒ අයට බ්ලොග් ලියන එක එපාවෙන්නත් පුලුවන්..... (මමත් එහෙම මාස ගානක් හිටපු නිසා මම දන්නවනෙ රගේ)

කොහොම හරි වෙන බ්‍ලොග්වල මේ වගේ කොඩියක් දැම්මහම අලුත් බ්ලොගර් කෙනෙක් ඒ ගැන ටිකක් විමසිලිමත් වෙලා ගෘප් එකට එකතුවෙන්න තියන ඉඩකඩ වැඩියි අනිත් එක ඒකට හොදම තැන බුකිය මොකද මම කලිනුත් කිව්ව වගේ ‍බ්ලොග් ලියන ගොඩක් අය බුකියෙ ඉන්නවනෙ අනිත් එක බුකිය ගොඩක් අයට අමුතු තැනකුත් නෙවෙයිනෙ..... ඉතින් කොහොම හරි අලුත් බ්ලොගර් කෙනෙක් මේ ගෘප් එකට එකතු වුනොත් එයාට තමන්ගෙ ප්‍රශ්න ගෘප් එකේදි ඉදිරිපත් කරන්න පුලුවන්නෙ ඉතින් එහෙම කරද්දි ඒ ගැන විසදුම් දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙට විසදුමක් ඉදිරිපත් කරනවනෙ ඒ වගේම මේකෙදි ප්‍රශ්න වලට උත්තර දීම කරන්නෙ තනි කෙනෙක් නෙවෙයිනෙ ගෘප් එකේ ඉන්න ගොඩක් දෙනා මේකට උත්තර දෙනවනෙ ඒ නිසා අලුත් බ්ලොගර් කෙනෙක්ට ඉක්මනින්ම තමන්ගෙ බ්ලොග් එක සම්බන්ද ප්‍රශ්න නිරාකරණය කරගන්න පුලුවන්නෙ. ඒ වගේම තමන්ගෙ පෝස්ට් වල ලින්ක් ගෘප් එකට දාල බ්ලොග් එකට කෙටි කාලයකින්ම පාඨකයෝ ගෙන්න ගන්නත් පුලුවන්නෙ (සින්ඩියක් වගේ) ඉතින් එහෙම කිරීමෙන් සින්හල බ්ලොග් කරුවන්ගෙ අනාගතය ටිකක් ශක්තිමත් කරන්නත් පුලුවන්නෙ.....

ඇත්තටම මේ කොඩියක් හදන අදහස ආවෙ දිලුම් අයියගෙ හදිස්සි මරණය නිසා ඉතින් මේ කොඩිය හැදීමේ ගෞරවය දිලුම් අයියටත් හිමිවෙනවා.... ඇත්තටම බ්ලොග් ලියන අයගෙ හිත්වල හැංගිලා තිබුන මනුස්සකම එලියට ඇදල ගත්තෙ දිලුම් අයියා කාටවත් ඒක නෑ කියන්න බෑ..... තව මේ කොඩිය හදන්න දායකත්වය දුන්න කෙනෙක් ඉන්නව ඒත් එයා නම කියන්න එපා කිව්වා..... කොහොම වුනත් එයාටත් බොක්ක පතුලෙන්ම ස්තූතියි...

මෙන්න කොඩිය.... කොඩිය තියෙන්නෙ gif ෆයිල් එකක් විදිහට මෙතනනං තියෙන්නෙ png ෆයිල් එකක් විදිහට


මෙන්න මේ කොඩ් එක කොපි කරගෙන ඔයාලාගෙ බ්ලොග්වල සයිඩ් බාර් එකේ
Add a gadget ---> html/ javaScript වල අලවන්න (පේස්ට්) කරන්න විතරයි තියෙන්නෙ


කෝඩ් එක පහල
|
|
v







මේ ගැන ඔයාලගෙ අදහස් කියලම යන්න චාටර් නං චාටර් කියන්න කිසි ප්‍රශ්නයක් නෑ මේකෙ තව වෙනස්කම් වෙන්න ඕනෙ නං වැරදි අඩුපාඩු තියනවනං අමතක කරන්නැතුව කියන්න...

සැ.යු.

මේ පෝස්ට් එක දාද්දි HTML පිස්සු කෙලින්න ගත්ත නිසා කෝඩ් එක දැම්මේ ඉමේජ් එකක් විදිහට මෙන්න කෝඩ් එක ....... සොලි වෙන්න ඕනෙ අවුලක් වුනා නං මෙන්න මේ ලින්ක් එකෙන් බුකියට ගිහින් කෝඩ් එක ගන්න

Friday, May 20, 2011

මම තාම පොඩි එකෙක්(ලු/ද?)

අද නං බ්ලොගේට ආවෙ හිතේ තියන දුක වචන කරල යන්න.... මේක මම මොනව කරන්න ගියත් වෙන අසාදාරනයක්..... ඉවසල ඉවසල බැරිම තැන තමා මේ පෝස්ට් එක ලියන්නෙ.... ඉලන්දාරියගෙ මලගෙදර හෙටනේ ඉතින් අද බුකියෙදි උදිත් අයිය මගෙන් ඇහුවා "මල ගෙදර යනවද" කියල මම ඉතින් උදිත් අයියගෙන් මේ පැත්තෙන් යන්නෙ කවුද කියල ඇහුව උදිත් අයිය ඒ පාර කිව්ව රත්ගමය යනවයි කිව්ව කියල ඉතින් මම රත්ගමයගෙන් ගමනේ බේසික් දේවල් (රත්ගමින් යන වෙලාව ආදිය) ටික දැනගෙන ගියා ඉහලින් අවසර ගන්න.. මොන මල ගෙදර මාතලේ කියපු ගමන් මගේ වීසා කැන්සල්.... එච්චර දුර යන්න මම තාම පොඩි වැඩියිලු දැන් ඔය පොඩි වැඩියි කතාව අහලම මට එපාවෙලා තියෙන්නෙ... මම මොකක් කරන්න ගියත් මම පොඩි එකා. රකිනවයි කියල ඔහොම බිත්තර රකින්න වගේ රකින්න ඕනෙ නෑ නෙ...

මට දැන් 16 මාස ගානක් අපේ ස්ට්‍රයික් එකට අවුරුද්ද පිරෙන දවසට මට 17ක්. ඒත් තවමත් මට කවදාවත් ගෙදරින් පිට තනියම යන්න දෙන්නෙ නෑ මම තාම කිරිබොන වයසෙ පොඩි එකානෙ.... මට තාම ඡන්ද අයිතිය නැතිවෙන්න පුලුවන් ඒත් මම දැන් වැඩක් තනියම කරගන්න පුලුවන් වයසෙ ඉන්නෙ ඒත් ඒක තාම අපේ අම්මලට තේරෙන්නැත්තෙ ඇයි කියල නං මම දන්නෑ.... අද නොවෙන්න පුලුවන් ඒත් කවද හරි දවසක මට මගේ වැඩ තනියම කරගන්න වෙනවනෙ ඒත් ඒකට චාන්ස් එකක් නොලැබෙනකොට/ නොදෙනකෙට මට කවදාවත් යමක් ඉගනගන්න ලැබෙන්නෑ නෙ..... මම දැන් ගොඩක් කාලෙක ඉදන් මගේ අම්මටයි තාත්තටයි (විශේෂයෙන් අම්මට) මේක තේරුම් කරන්න උත්සහ කරනවා ඒත් ඒගොල්ලො පොඩි උන්ටත් අන්තයිනෙ කවදාවත්ම මම කියන මේ ඇත්ත තේරුම් ගන්නෑ..... මම කවදාවත් මට ලැබෙන දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න ගිහින්නෑ එහෙම කරල යන්න නොදුන්නනං ඒක වෙනම කතාවක් ඒත් මාව පොඩි එකෙක් ගානට දාල සැලකීම ඒකෙ කිසි සාදාරනත්වයක් නෑ....

මම පොඩි එකා හින්ද (ඒගොල්ලො කියන විදිහට) තනියම ගමනක් යන්න බෑ කියමුකො ඉතින් මම මගේ අන්තිම තුරුම්පුවත් ගහල දැම්මා..... මම කිව්වා මම විතරක් තනියම යනව නෙවෙයි තව කට්ටිය යනවා මමත් ඒ ගොල්ලො එක්ක යන්නෙ කියල...... ඒ පාර මේගොල්ලො දැම්මනෙ මාර තර්කයක් "ඕක ආරන්චියක් විතරයිනෙ අන්ත් එක ඔය බ්ලොග් ලියන කාවවත්ම ඔයාවත් අපිවත් හරියට දන්නෑනෙ ඉතින් යන්න දෙන්න බෑ..." කියල. අනේ මගේ කටට ආව හොද තර්ක ටිකක් ඒත් ඉතින් නිකං බොරුවට වලි දාගන්න ඕනෙ නැති නිසා මම බොහොම අමාරුවෙන් කට පාලනය කරගෙන හිටියා.... ඇයි යකෝ බ්ලොග් ලියන කට්ටියව මම කවදාවත් දැකල නැතිවෙන්න පුලුවන් ඉතින් ඒගොල්ලො දකින්න අවස්ථාවක් ගෙදරින් ලැබෙන්නෙ නැත්තං මට කවදාවත්ම ඒගොල්ලො දකින්න වෙන්නෑනෙ.... මේක මහ ගොන් කතාවක්නෙ.... මේගොල්ලො තාම හිතන්නෙ පරන විදිහට.... ----- හද ඈතට විතරක් දැකපු නිසා මිනිස්සු හද ගැන නොසොය හිටියනං අදටත් අපේ උන් හදේ ඉන්න හාවට වදිනව නේද? අයිසැක් නිව්ටන් එදා අර ඇපල් ගෙඩිය කාල දැම්මනං ගුරුත්වාකර්ශනේ කියන්නෙ මොකක්ද කියලවත් අපේ උන් දන්නවද? ----- උයන එක ගැන අත්දැකීම් ලබන්න උයන දේවල් කෑවට බෑනෙ. ඒකට උයලම පුරුදුවෙන්න ඕනෙ..... කවද හරි උයන්න පුලුවන් වෙයි කියල හිතල කකා හිටියට උයන්න පුලුවන්වෙන්නෑනෙ.... අපේ අම්මල මට කරන්නෙත් ඒවගේ වැඩක් තමයි..... මම දන්නව මම බැදල දරුවෙක් හැදුවත් අම්ම කියයි මම තාම පොඩි එකා කියල.....

හෙට ඉදන් වරෙල්ලකො මගේ වැඩ කරල දෙන්න....

ප.ලි.
දිලුම් අයියේ ඔයාගෙ මලගෙදර මට එන්න බැරිවෙන එකට සමාවෙන්න......

Thursday, May 19, 2011

දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!!


සයිබර් අවකාශය කියන්නෙ මහ අමුතු තැනක් අමුතු තැනක් කිව්වෙ ඒකෙ වරදක් නෙවෙයි ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් අරන් තාම අවුරුද්දක්වත් නෑ ඒත් මම මේ බ්ලොග් ලිවීම නිසා යාලුවො ගොඩක් අදුරගන්න තරම් වාසනාවන්ත වුනා ඒත් ඒ වගේම මම අදුරගන්න ගොඩක් ආසාවෙන් හිටපු කිහිපදෙනෙකුත් හිටියා ඒත් අද අවාසනාවකට වගේ ඒ අය අතරෙන් මම අදුරගන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක් මිය ගිහිල්ල කියන ඒ දුක්බර ආරන්චිය ලැබුනා..... දිලුම් අයියා.... එහෙමත් නැත්තං ඉලන්දාරියා..... ෆොටෝ වලින් දැකල තිබුනට කවදාවත් දිලුම් අයියව හම්බවෙන්නවත් කතාකරන්නවත් මට අවස්ථාවක් ලැබුනෙ නෑ....

බ්ලොග් ලියන්න ආපු දවස්වල ඉදන් මම බ්ලොග් කියෙව්ව ඉලන්දාරිය ගැන මම දැනගත්තෙ මේ බ්ලොග් කියවීම නිසා.... දිලුම් අයියට එයාගෙ ජීවිතේ අවසන් කාලයෙ කන් ඇසීමට නොහැකි වුනා ඒත් දිලුම් අයිය එයාගෙ ජීවිතේ අපි ගොඩක් දෙනෙකුට ලබාගන්න බැරි දෙයක් ලබාගත්තා.... ඔව් මොනව අහිමි වුනත් දිලුම් අයියට හොද යාලුවො පිරිසක් ලැබුනා. දිලුම් අයියගෙ බ්ලොග්එක කියවනකොට මේක හොදින්ම පැහැදිලි වෙනවා.....දිලුම් අයිය අප අතරින් වෙන්වුනාට පස්සෙත් බුකියෙ දන්න කියන බ්ලොග් වල හැමතැනම පේන්නෙ දිලුම් අයිය ඒ දිනාගත්ත මිතුරොන්ගෙ හදවත් වල තාමත් අයිය ජීවත් වෙනව කියල..... අයියගෙ බ්ලොග් එකේ තවදුරටත් පෝස්ට් නොවැටුනත් අයිය හැමදාටම අපේ හදවත් වල ජීවත්වේවි......

දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!!

සන්සාරයේ මතුවටත් අයියාට මෙවන් අකල්මරණ වලට මුහුනදීමට සිදුනොවේවා!!!!

Wednesday, May 18, 2011

ලේබල් බෞද්ධයෝ....


වෙසක් එක විකුනං කාලත් ඉවරයි දැන් කස්ටියම පොසොන් එකත් විකුනං කන්න සැදැහැ සිතින් පෙල ගැසෙනව..... ඕක ගැන වැඩිය කියවන්න ගිහිල්ල මිත්‍යාදෘශ්ටිකයා කිලය නිකං බොරුවට අපේ බොක්ක පතුලෙ ඉදන්ම බෞද්ධ කම ඉතිරිලා යන පෝය දවසට මදුරුවෙක් වත් මරන්නැති මස් නොකන එකී මෙකී නොකී සියලු පුණ්‍ය ක්‍රියාවල යෙදෙන අපේ බහුතර පට්ට බෞද්ධ ජනතාවගෙන් අහගන්න ඕනෙ නෑ නෙ..... අවුරුද්දෙ දවස් 365 දවසක් දෙකක් ඔය තියන (බොරු) ශ්‍රද්ධාවෙන් බැබලි බැබලි ඉන්න බෞද්ධ ජනතාව අනිත් දවස් වල තියන ජරා වැඩ ඔක්කොම කිරීම වෙනම කතාවක් දවස් 2කට ලෝකෙට පේන්න හරි උන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයොනෙ......

ඉතින් අපේ බෞද්ධ ජනතාව වෙසක් එක දවසෙ කරන විකාර දැක්කහම පොඩි එකෙක් හිටන් වැරදියට වටහගන්නව මේක තමයි බෞද්ධ කම කියල..... තමන්ගෙ දරුවව කවදාවත් දහම්පාසලකට නොයවන සමහර දෙමව්පියො දරුවව උස්සන් පන්සල් "එනව අද වෙසක්නෙ පන්සල් යන්න එපැයි" කියාගෙන කවදාවත් පන්සලකට නොගියපු දරුව ඉතින් පන්සලකටකට ගියාම නිකන් අමුතු තැනකට ගියාවගේ මොකෝ කරන දෙයක් දන්නවයැයි. ටිකක් විමසිල්ලෙන් බලාගෙන හිටියාම තේරෙනව දෙමව්පියොත් දරුවට දෙවෙනි නෑ කියල නිකං පන්සල වටේ ඇවිදල ‍පහනක් එහෙම පත්තුකරල ලොකූ මල් වට්ටියක් බුදු පිලෙම වහන්සේ ඉස්සරහ තියල (තමන්ගෙ මල් වට්ටිය අනිත් අයගෙ මල් වට්ටි වලට වඩා ලොකු වෙන තරමට අපේ ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තරු/ උපාසක අම්මල සැටිස් වැරදිලෘ හරි තමන්ගෙ මල් වට්ටියට වඩා ලොකු මල් වට්ටියක් තිබුනොත් ඇග පුරාම ඉරිසියාව දෝරෙ ගලනව බලන්න පුලුවන්) අත් දෙක ඔලුව මුදුනෙන්ම තියල දන්න්න කියන ගාථා දෙකතුනක් කියල පන්සලේ හාමුදුරුවොත් මුනගැහිල (අපේ උන් කියන විදිහටනං මුනත්තහඩුව පෙන්නල එහෙමත් නැත්තං පොත අත්සන් කරල) ගෙදර එනව.... හැබැයි මේ ඔක්කොම දේවල් කරන්නෙ හිතේ ශ්‍රද්ධාව තියාගෙනද කියන එකනං ප්‍රශ්නයක්...

කොහොම හරි පෝය දවසකට පන්සල කියන්නෙ උපාසක අම්මලගෙ ඕපදුප බේස් එක කිව්වත් වරදක් නෑ... මෙහේ හාමුදුරුවො බණ දේශනා කරනව සමහර උපාසක අම්මල ශ්‍රද්ධාව වැඩි කමට කෙල පෙරපෙර ඇස් පියාගෙන බණ අහනව කොල්ලො නං ඉතින් කට්ටියත් එක්ක සෙට් වෙලා කවුරුත් බලන් නැති වෙලාවක කෙල්ලෙක්ට පොඩි ගල් කැටේකින් එහෙම ගහල අත් දෙක නලලෙ තියන් බණ අහනවා... වැරදිලා හරි ඔය ගල් කැටේ උපාසක අම්මකෙනෙක්ට වැදුනොත් සිල් අමතකයි එතකොට ඉතින් සොදුරු මුවින් සොදුරු වදන් අහගන්න පුලුවන්.. මේ ආහාරය උගුරෙන් පහලට යනවිට පිලිකුල් වන්නේය කියල පටන් ගත්තට දවල් දානෙ කෑවට පස්සෙ කෑම ගැන ගුණදොස් විචාරයක යෙදෙන්නත් අපේ උපාසක අම්මල අමතක කරන්නෑ නෙ... ඊට පස්සෙ ගමේම තියන ප්‍රශ්ණ (ඕපදූප) ටිකට සාකච්චා මාර්ගයෙන් විසදුම් හොයන්නත් එපැයි. පෝයට පව් කරන්න පන්සලටම එන්න ඕනෙද????

දවසක් මමයි යාලුවෙකුයි පන්සලට ගියා මතක විදිහට හාමුදුරුවො කතා කරලා මොකක් හරි වැඩකට..... මෙන්න බොලේ පන්සලේ අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි තව පොඩි එකෙකුයි (දෙන්නෙක්ද මන්ද) යනව නිකං බීච් එකට ඇවිල්ල වගේ අංකල් සගක් බස්සල යනව නිකං ගෝටයිම්බර පාටි එකෙන්. ඒ වෙලාවෙ එච්චර අව්වක් තිබුනෙත් නෑ ඉතින් ඒ වෙලාවෙ මොකටද පන්සලට සන්ග්ලාස් දාන්නෙ. (වෙන මොකටද යකෝ ඇඩ් එක වෙන්න මිසක්) මට පස්සෙනෙ වැඩේ මීටර් වුනේ පන්සලකට යනකොට සපත්තු තොප්පි ගලවල යන්න කිව්වට සන්ග්ලාස් දාගෙන යන්න එපා කියල කොහෙවත් කියල නෑ නෙ. හිහි දැන් ගොඩක් පන්සල්වලයයි පාක් වලයි වැඩි වෙනසක් නෑ පෝය දවස්වලට සමහර කොල්ලො කෙල්ලො ලව් කරන්න එන්නෙත් පන්සල් වලට. පාක් වලට වගේ පොලීසියෙන් පයින්නෙත් නෑනෙ. මට දවසක් යාලුවෙක් කිව්ව පන්සල් වත්තක උන කතාවක් කතාව ප්‍රසිද්ධියේ කියන්නනං බෑ හැබැයි සිද්ධියේ අන්තිම වක්‍ය නං මෙහෙමයි "මොකක්ද පොඩි හාමුදුරුවනේ මෙතනවත් නිදහසේ ඉන්න බැරිද".... දැන් පන්සල් වලට සමහරු අදින ඇදුම් ගැනත් කතා කරල වැඩක් නෑ.

මේව ජනතාවගෙම වැරදි කියලත් කියන්න බෑ මොකද අද සමහර හාමුදුරුවරුත් ඉන්නව බුදු දහම විකෘති කරල බණ දේශනා කරන. ඔය අතරෙ බදු සසුනේ දියුනුවට අවන්කවම කැපවෙලා වැඩ කටයුතු කරන පිරිසකුත් ඉන්නව. හැබැයි ඒ සුලුතරයක් බහුතරයක් අයනං ලේබල් බෞද්ධයො මේ ඔක්කොටම හේතුව බුදු දහමෙ තියන නිදහස කියලයි මටනං හිතෙන්නෙ.....

ලියන්න හිතන් ආවෙ වෙන එකක්.. මේව ගැන කිසිම පෝස්ට් එකක් දාන්නෙ නෑ කියල හිතන් හිටියට නොදැනිම ලියවුනා...

Thursday, May 12, 2011

පට්ට ඇඩ් එකක්.....

අද මම ගෙදර මුරට තබා අම්මයි තාත්තයි නංගිගේ වැඩකට ඉස්කෝලෙට ගිහින්ය..... තනියම ඉන්න එක නං දුක නෑ ඒත් අද යාලුවො කස්ටිය ‍පොඩි ට්‍රිප් එකක් යනව කිව්ව ඒක මතක් වෙනකොට නං දුකයි..... :( දැන්නං පට්ට කම්මැලියි මේකෙම ඉන්නත් බෑ නෙ ගේ ගැනත් ටිකක් බලන්න එපැයි..... :D ඉතින් සින්දුවක් වත් අහන්න කියල බලනකොට පොඩි වීඩියෝ කෑල්ලක් අහුවුනා මේක කොහොම මගේ කම්පියුටරේට ආපු එකක්ද කියල නං දැං මීටර් වෙන්නෑ..... සමහරවිට තාත්තා හරි නංගි හරි දාන්න ඇති.... කොහොම වුනත් මෙන්න ඇඩ් එක. කලින් දැකපු කට්ටියත් ඇති සමහරවිට..... :D



ප.ලි.
කියන්න බැරි වුනා අර සීන්එකට සමාව ලැබුනා.... ආයෙ ටික කාලෙකට ගොං වැඩ කිරීම නවත්තනවා....

Tuesday, May 10, 2011

සමාව අයදීමයි.....


මම කලින් දමා තිබූ වරහන් ඇතුලේ ආදරය පෝස්ටුව කිසිවෙකුටත් මඩ ගැසීමේ චේතනාවෙන් කරනලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න..... මෙම කතාව නම් සිරාවටම සිද්දවූ දෙයක්ය.... ඒ පිලිබදව දන්නා අය දනිති..... මෙම පෝස්ටුව නිසා x හා y දෙදෙනාට හානියක් සිදුවූයේ නම් ඒ පිලිබදව මම මාගේ බොක්ක පතුලෙන්ම සමාව ඉල්ලා සිටිමි..... එක අතකට x ගෙන්නම් සමාව ඉල්ලීමේ අවශ්‍යතාවයක්ද නැත.... ගේම ඉල්ලුවේ ඌය...... කොහොම ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍උනත් මට සමාවෙන්න හොදේ.....

Sunday, May 8, 2011

රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමනේ හෙලි නොවු කතාව by කිඩෝ


රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන පිලිබදව රත්ගමයා ලිපි දෙකක් ලියා ඇත...... ඒවා බැලුවෙ නැත්තං
රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන පිලිබදව රත්ගමයා තොරතුරු හෙලි කලත් මෙහිදී රත්ගමයා හෙලි නොකල කතා කිහිපයක්ද මෙම විශේෂ වර්ල්ඩ් කප් ගමනේදී සිදුවිය........ මෙම ලිපිය වෙන් වන්නේ එම හෙලි නොවූ කතා කිහිපය බ්ලොග් පාඨකයන්ට හෙලි කිරීමටයි.....

බොලිවුඩ් නිලි අමීෂා පටේල් ඉන්දීය මාධ්‍යයට තමන් පෙර දිනයකදී රත්ගමයාගේ බ්ලොගය කියවූ බවත් එය කියවා අවසානයේ රත්ගමයාගේ කුප්පකම් ගැන කියවීමෙන් පසු රත්ගමයා පිලිබදව තම හිතේ ආදරයක් හටගත් බවත් රත්ගමයාට හාදුවක් දීමට සිහින දකින බවත් පවසා ඇතැයි ඉන්දියාවෙන් වාර්ථා විය..... නමුත් මෙය රත්ගමයාගේ තවත් කුප්ප ක්‍රියාවක් නිසාවෙන් එය ලසිත් මාලිංගගේ පිටින් ගියේය.... කෙසේ හෝ රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමනේදී අමීෂා පටේල් හමුවීමටද රත්ගමයා අමතක කලේ නැත..... නමුත් අමීෂා පටේල්ට මේ කුප්පයාට එක හාදුවක් දී ගැලවෙන්නට බැරි විය. මූ පලුමු හාදුව දීමට පෙරම හාදු වැස්සක් ඉල්ලූ අතර අවසානයේදී හාදු වැස්ස (රත්ගමයාගේ දැඩි අකමැත්ත මැද) හාදු 10 කට සීමා කරගැනීමට අමීෂා පටේල් සමත් විය.......

මේ අතර මෙම කුප්පයාගේ තවත් රසිකාවියක් වන ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක් ලෙස සැලකෙන යෝගිතා පංචාල් රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන සිහිවීම පිණිස ඇගේ සිරුරේ (ස්ථානය කීමෙන් වලකිමි අහවල් තැන නොවන බව පමණක් කරුණාවෙන් සලකන්න....) රත්ගමයා මහතාගේ පච්චයක් කොටාගෙන ඇත. මෙයද මාධ‍්‍ය හරහා හෙලිවීමට යාමේදී රත්ගමයා මහතා තමන්ගේ කුප්ප කමින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඇගේ අතේ මහේන්ද්‍ර සිං දෝනිගේ පච්චයක් ගසා මාධ්‍ය නොමගයවා ඇත......

මෙවන් හෙලි නොවූ සිදුවීම් ගනනාවක්ම රත්ගමයා මහතාගේ වර්ල්ඩ් කප් ගමනේදී සිදුවිය මේ ඒවා අතරින් ප්‍රධාන සිදුවීම් දෙකක් පමනි......

හෙලිදරව්ව by කිඩෝ.

Friday, May 6, 2011

පුතා vs. තාත්තා

හෆ්‍ෆා මාර කම්මැලියි ලියන්න මුකුත් හිතට එන්නෙත් නෑ..... ඉතින් ටියුබිය පැත්තෙ වටයක් දාන්න ගියා ඒ ගියාට ඉතිං කරන්නෙ මොකක්ද කියල හිතුවෙ නෑ ටියුබියෙ හින්දි සින්දු දෙකක් විතර බලනකොට මතක්වුනා අපේ නං‍ගි දවසක් බල බල හිටිය ඇනිමේශන් වීඩියෝ කෑල්ලක්..... ඉතිං දගලල දගලල ඒක හොයා ගත්ත ඔන්න පහලින් බලන්නකෝ....
ලියන්න දෙයක් හිතාගන්න බැරිවුන නිසා මේකවත් දානවයි කියල දාල දැම්ම.......

Tuesday, May 3, 2011

කෙල්ලොන්ගෙන් ගුටි කන්න වෙන පෝස්ට් එකක්.....

ඔන්න අද නං දාන්න යන්නෙ මට කෙල්ලොන්ගෙන් අම්බානකට බැනුම් අහගන්න වෙන පෝස්ට් එකක්.... බැනුම් අහන්න උනත් කමක්නෑ අදනං මේක කියනවමයි....බුකියෙ කැරකි කැරකි ඉන්නකොට කොල්ලෙක් දාල තිබුනු මෙන්න මේ ෆොටෝ එක දැක්කහම මගේ හිත ඇතුලෙ කාලයක් තිබුන ප්‍රශ්නයක් ආපහු ඔලුවට ආව..... කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් අනිත් අය ගැන නං මං කියන්න දන්නෙ නෑ ඒත් මට නං පේන්නේ ඒ විදිහට..... අමුතු ජාතියක් කිව්වෙ කෙල්ලොන්ව තේරුම් ගන්න හරි අමාරුයි...... කෙල්ලො නිකං ලංකාවෙ කාලගුණේ වගේ කියල කිව්වත් වරදක් නෑ මං හිතන්නෙ..... මොකද කෙල්ලොන්ගෙ මූඩ් එක කොයි වෙලාවෙ වෙනස්වෙයිද කියන්න බෑනෙ. මේ හිනාවෙලා බලනව විනාඩියක් විතර යනකොට ඒ හිනාව රැවීමක් බවට පත්වෙන්න 80% ක්ම ඉඩ තියනව... බොරු කියන්නෙ මොකටද මට නං ඔය කෙල්ලෙත් එක්ක ලව් කරල අත්දැකීම් නෑ..... ඒත් ඉතිං යාලුවොන්ගෙ ලව් වලට සප් එක දීල අත්දැකීම් තියනවනෙ. ඒ හින්දම තමයි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හිතෙන්නෙ නැත්තෙ.... මදැයි කතාව වෙන පැත්තකට ගියානෙ ඔය අස්සෙ මට මතක් උනා බුකියෙ මේ ගැන තිබුනු තව ෆොටෝ එකක තිබුනු පොඩි වාක්‍යයක් දැන් නම් ඒක ඒ විදිහටම මතක නෑ ඒ වුනාට ඒකෙ තිබුනෙ "කෙල්ලො කියන්නෙ එක කොල්ලෙක්ට හිතෙන් ආදරේ කරල, තව කොල්ලෙක් දිහා බලල, වෙන කොල්ලෙක්ට ආදරේ ප්‍රකාෂ කරන ජාතියක් " කියල (කොහොම හරි ඔය වගේ දෙයක් තමයි අදහස්උනේ).....

ඉතින් ඔය වගේ කෙල්ලො ඔය ටෙඩි බෙයාර්ස්ල (උන්ට කියන්නෙ ඒ නම තමයි මං දන්න හැටියට) බෝනික්කො වගේ අමුතු සත්තු කාමර පිරෙන්න පුරවන් ඉන්නේ ඇයි කියල මටනං තේරුම් ගන්න අමාරුයි. ඔන්න පොඩි ළමයින්ට නං සෙල්ලම් කරන්න කියල කියන්න පුලුවන්..... ඒත් මේ දහ අට පැනපු කෙල්ලොත් මේ වගේ සත්තු ලග තියාගෙන ඉන්න ඇයි කියල නං මම දන්නෙ නෑ..... ඔන්න බෝනික්කො ලග තියන් ඉන්නෙ ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් කියමුකො.... ඒත් අර ගෑනුද පිරිමිද කියන්න බැරි මහ ගොන් මූනු තියන වලස්සු(උන්ගෙ නං කිසි වලස් පෙනුමක් නෑ) තියන් ඉන්නෙ මොකටද කියලත් කියන්න මං දන්නෙ නෑ(අඩුම ගානෙ කොට්ටයක් වගේ ඔලුවටවත් තියාගන්න බෑනෙ)....... ‍කවුරු හරි කාමරේට පැන්නොත් ආරක්ශාවට වෙන්න ඇති කියල තමයි මට නං හිතෙන්නෙ...... කෙල්ලොන්ගෙ අනිත් ප්‍රශ්න නං පෞද්ගලික ගොඩට දාල ඒ ගැන වැඩිය කතා නොකර ඉන්න පුලුවන්..... ඒත් ඉතින් මේ ප්‍රශ්න ටික අහන්නැතුව බෑ වගේ කියල හිතුන හින්ද ලිව්වෙ.........

කමෙන්ට් එකක් දාලම යමුකො බලන්න......

Monday, May 2, 2011

තවත් ත්‍රස්ථවාදියෙක් මරා දමා ඇත... මගේ ශෝක ප්‍රකාශය

මෙතෙක් කාලයක් තිස්සේ ආරක්ශා කරගෙන සිටි මාගේ (අම්මා කියන විදිහට වැදි) කොන්ඩය අම්මාගෙන් වු දැඩි විරෝධය හමුවේ කපා දැමීමට සිදුවිය.... :( එසේ ගෙදර පැමිණි මට යලිත් වරක් ............. යාමට සිදුවූ අතර යලි පැමිනෙන අතරතුර යහලුවන් දෙදෙනෙකු මුණගැසුනි..... වෙන කවුරුත් නෙවෙයි හසියයි කල්හාරයි මුන් දෙන්න පන්ති ගිහින් එනගමන්..... මචං බින්ලාඩන් මැරිලලු ඔබාමා ඔය විශේෂ ප්‍රකාශෙකුත් නිකුත් කරයි කියන්නෙ..... කියල හසියා පොඩි නිව්ස් කෑල්ලක් දුන්නා. මම ඉතින් ඔය ටී.වී. කියන එකත් එක්ක එච්චර සම්බන්දයක් නෑනෙ.... මගේ සියලු සම්බන්ධතා කම්පියුටරෙත් එක්කනේ.... ඉතිං ගෙදර ඇවිල්ල බැලුවාම වැඩේ ඇත්ත. ඉතින් මම ඒගැන මට හිතෙන විදිහට ලියන්න ඕනෙ කියල හිතුන... ඔන්න මම මගේ ශෝක ප්‍රකාශය මේ විදිහට ලියනවා......

තවත් ත්‍රස්ථවාදියෙක් මරා දමා ඇත දැන්නම් බැන්කි මූන් මහතාට හා ඔහුගේ "සද කමිටුවට" වැඩ වැඩිවෙනු ඇත... හැමදාමත් සිවිල් ජනයාගේ මරණයන් පිලිබදව සිය හද පත්ලෙන්ම ශෝක වන මූන් මහතාට මෙය දරාගත නොහැකිවනු නොඅනුමානය. අද හෙටම එතුමාගේ "සද කමිටුවට" වහා ඇෆ්ගනිස්ථානයට ගොස් ඇමරිකාව යුද්ධයේදී සිදුකල යුද අපරාද පිලිබදව වාර්ථාවක් හැකි ඉක්මනින් සකසා ඇෆ්ගනිස්ථානයේ සිදුකල යුද අපරාද වාර්ථාවත් සමගින් ඇමරිකාව ලෝක යුද අධිකරනය ඉදිරියට පමුනවනු ඇත..... ලෝකය පුරා ජීවත්වන අල් ඛයිඩා සාමාජිකයන් ඇමරිකාවට හා එහි අතිගරු ජනපති බැරුක් ඔබාමා මහතාට විරුද්ධව ලෝකය පුරා උද්ඝෝශන පවත්වනු ඇත. මෙවන් තත්වයක් හමුවේ ජනපති බැරුක් ඔබාමා මහතාට තම කොන්ද කෙලින් තබාගත හැකි වුවහොත් එය සතුටට කරුණකි.... මෙහිදී මියගිය ඔසාමා බින්ලාඩන් මහතා පිලිබදව කතා නොකර සිටියහොත් එය බලවත් වරදකි. ඔසාමා බින්ලාඩන් යනු නිදහස උදෙසා සටන්කල ජනහිතකාමී නායකයෙකි. ඔහු සටන් කලේ තම ජනතාව වෙනුවෙනි. ඔහු සතුව පැවතියේ නීතිගරුක හා ආදර්ශමත් හමුදාවකි. ඔවුන් අතින් කිසි විටක සිවිල් ජනතාව මියගියේ නැත. සිවිල් ජනතාව ඔහුට ආදරය කලහ. නමුත් ම්ලේඡ ඇමරිකානු හමුදාවෝ ඔහු ඇතුලු දහස් ගනනක් සිවිල් ජනතාව මරාදමා ඇත. මේ පිලිබදව වහාම ඇමරිකාවට එරෙහිව පියවරක් ගත යුතුව ඇත..... ඔසාමා බින්ලාඩන් මහතානනි ඔබට නිවන් සුව!!!!

මේ ලෝකයේ සර්ව සාධාරනත්වය හෝ සමානාත්මතාවය කියා කිසිවක් තිබුනහොත් සිදුවිය යුත්තේ මෙයයි. මේ සම්බන්ධව මා වැඩිදුර කතා කිරීමට යන්නේ හරි හැටි නොදන්නා සර්ව සාධාරනත්වයක් හෝ සමානාත්මතාවයක් ගැන කියා පණ්ඩිත බවක් පෙන්වීමට වඩා කට වහගෙන සිටීම නුවණට හුරු බැවිනි. නමුත් මා හට ගැටලු කිහිපයක් ඇත. ඒවාට පිලිතුරු දන්නා කෙනෙකුගෙන් පිලිතුරක් අපේක්ෂාවෙන් එම ගැටලු කිහිපයත් ලියා දමමි.... මේ ගැටලු වලට මූන් මහතාගෙන් පිලිතුරක් ලැබේ නම් වඩාත් හොදය. නමුත් වෙනත් අයටද පිලිතුරු දිය හැකිය....

1. සිවිල් ඝාතන වලින් තොරව යුද්ධයක් කල හැකිද ?
2. විකී ලික්ස් හරහා ඇමරිකාවේ යුද රහස්(යුද අපරාද) තොග ගනනින් පිටවෙද්දීත් මූන් මහතා එය බලු මයිලක් තරම්වත් ගනන් නොගත්තේ ඇමරිකාව අමුතු නිසාද? (මෙහි "අමුතු" යන වචනය වෙනුවට ඕනෑ තරම් ඒවා සිතට ආවත් ඒවා ප්‍රසිද්ධියේ කීමට නොහැකි බැවින් "අමුතු" යන වචනය භාවිතා කලෙමි)
3. ලංකාවේ යුද අපරාධ පිලිබද සෙවීටම මූන් මහතා මෙච්චර වෙහෙසෙන්නේ ඔහු අවංකවම සිවිල් ජනතාව ගැන සිතන නිසාද?

ප.ලි.
තව පැවසීමට ඕනෙ තරම් දේවල් තබුනත් මගේ කට පාලනය කිරීම අපහසු බැවින් මෙතනින් මාගේ ගැටලු ලිවීම නවත්තමි.......

ප.ප.ලි
මෙම ලිපිය ත්‍රස්ථවාදියෙකුගේ මරණය පිලිබද මූන් මහතා ශ්‍රී ලංකාවට හා ඇමරිකාවට සලකන ආකාරය මතක්කර දීම උදෙසා ලියන ලදි....