Pages

Monday, September 19, 2011

කවදද මුං තේරුම්ගන්නේ? (කීඩෑවා බැක් අගේන්)


අප්පා බ්ලොගේ හොදටම වල් වැදිලා.... සික් මාස එකහමාරකින් පෝස්ට් එකක් ලියලා නෑ... පෝස්ට් එකක් ලියන්න තියා අනිත් උන්ගේ පෝස්ට් එකක් කියවන්නවත් බැරිවුනා..... පට්ට බිසී කිව්වත් අන්තිමට හිතලා බලද්දි කරපු රෙද්දකුත් නෑ. කොහොම උනත් ගොඩ දෙනෙක් ඇහුවා මොකෝ මල්ලි සයිලන්ට් කියලා... එහෙම හොයලා බලපු කස්ටියට තැන්කූ වේවා.... මොනවා කරන්නද දැන් ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ මට මතක්වෙන්නේ මම 50 ගහන්න දවස් 18ට පෝස්ට් 12 ටාගට් එක තියන් ලියපු කාලේ හයියෝ ඒ ටිකෝ පෝස්ට් 12ට 24ක් ලියන්න තරම් දේවල් ඔලුවට ආවා කොහොම හරි හයිස්පීඩ් යන්න ගිහිල්ලා 50 ටාගට් එකට බ්ලොගේට අවුරුද්ද වෙන දවසට සතියකට විතර කලින් යනවා බොහොම අමාරුවෙන් ඒ දවස් ටිකේ පෝස්ට් නොලියා හිටියේ... ඒකට දැන්...

කොහොම වුනත් දැන් වෙනදා වගේ හැම තැනකම වල බහින්න එක ගොඩක්ම අඩුවෙලා බුකියේ චැට් වලටත් වෙනදා වගේ සෙට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා බස් ගැනත් ඉතින් එහෙම්මම තමා ටිකක් හරි ටච් එකේ ඉන්නේ බස් රේඩියෝ චැටේ තමා.... බ්ලොග් කියවීම ගැන ගත්තොත් ඉස්සර දවසකට පෝස්ට් 50ක් විතර කියවපු මම මේ මාස එකහමාරටම පෝස්ට් 50ක් වත් කියෙව්වේ නෑ.... ගොඩක් වෙලාවට පෝස්ට් එකක් අලුත් ටැබ් එකක ඕපන් කරනවා පස්සේ කියවන්න හිතාගෙන ඒත් ඉතින් ඒක එහෙම්මම තියනවා කියවන්නේ නැතුව (මම වෙන වැඩවල ඉන්න නිසා ඕක කියවන්න වෙලාවක් එන්නෙම නෑ ඉතින් එහෙම්මම අමතක වෙලා යනවා) ඊට පස්සේ ඕක ආපහු දකින්නේ නිදාගන්න කම්පියුටරේ ඕෆ් කරන්න යනකොට ඉතින් ඕක ඔහොම්මම අමතක වෙනවා....

මේ හේතු නිසා මම ලාවට වගේ සයිබරයෙන් දුරස් වුනා වගේ දැනෙනවා ඇත්තටම මේකෙ වුන සමහර දේවල් මම දන්නෙත් නැති තරං පොඩි මෑන්ගේ බ්ලොගේ කුණුහර්ප තියනවා කියලා මොකක්ද කතාවක් දවසක් ස්කයිප් කෝල් එකකදි පොඩි මෑන් කිව්වත් මට ඒ සීන් එක හරියට මීටර් වුනේ නෑ... ඊයේ පොඩිමෑන් බුකියේ දාලා තිබුනු ලින්ක් එකක් ඕපන් කලා ඒකත් වෙනදා වගේම එහෙම්මම තිබුනා පස්සේ වෙලාවක කියවන්න කියලා රෑ 8ට විතර පොඩි මෑන් බුකියේ චැටකිං ලින්ක් එකක් එව්වාම තමා මතක්වුනේ 6ට විතර ඕපන් කරපු පේජ් එක තාමත් එහෙම්මමයි කියලා ඉතින් ඒක කියවලා බැලුවාම තමා සීන් එක මීටර් වුනේ.... අද රංග අයියත් ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබුනා.....



ඉතින් මම ඒක කියවගෙන යද්දි weni දාලා තිබුන කමෙන්ට් එකකට ටිකක් හිත ගියා ඒ කමෙන්ටුව නං මෙහෙමයි තිබුනේ


"ළමයි බ්ලොග් කියවල නරක් වෙනවා නම් වැරැද්ද බ්ලොග් ලියන අයගෙ නෙවෙයි..එච්චරම අස්ථාවරව ළමයව හදපු අම්මලගේ තාත්තලගෙ තමයි..නිකන් හදන්නන් වාලේ හදන්නෙ නැතුව ළමයිව ලෝකෙ හොඳ නරක දෙක තෙරුම් ගන්න පුළුවන් වෙන්න හදන්නෙ නැතුව..ළමයව අපතයො විදියට හදලා අම්මලා තාත්තල ළමයින්ට වැරදුනහම.. අන්තර්ජාලයටයි, බ්ලොග් වලටයි, එෆ් බී වලටයි බැනල හරි යනවද? පොල්ලක් අරගෙන තලා ගන්න ඕනි තමන්ටමයි එහෙව් අම්මලා තාත්තලා. නෙළුම් මල් පිපෙන්නෙ මඩ වගුරෙ තමයි..මඩට බැහැලා මඩ ගාගනෙ නැතුව නෙළුම් මල් කඩන්න හරි ඒ සුන්දරත්වය විඳ ගන්න හරි ඕනි කියලයි මට හිතෙන්නෙ!"

මේක දැක්කාම මටත් පොඩි කරුනු ටිකක් කියන්න හිතුනා ඇත්තටම කලින් මම මේ ගැන පෝස්ට් එකක් ලියන්න ගියත් මේ සීද්දිය මට වඩා සමාජේ පිලිගත්ත දැනුමින් වැඩි අය ගැන සිද්දියක් හින්දා මේක ගැන නොලියන්න මම තීරනය කලා ඒත් මේ සීන් එක හින්දා ලාවට වගේ (ඒකම අරමුණු කරගන්නේ නැතුව) ඒක ගැනත් කියන්න හිතුනා

ඇත්තටම අපේ සමාජයේ ගොඩක් අය අලුත්/ තමන් නොදන්න/ තමන්ට නුහුරු දේකට ගොඩක් බයයි. මේකට හොදම උදාහරනේ තමයි පරිගණකය. අලුත් පරම්පරාව මේකත් එක්ක ටච් එකේ හිටියට මැදිවියේ අයගෙන් ගොඩ දෙනෙක් මේ පරිගණකය අන්තර්ජාලය වගේ දේවල් ගැන ලොකු දැනුමක් තියන අය නෙවෙයි. ඉතින් ඒ බහුතරය දන්නේ ඔය එක එකා කතා කරන දේවල් ගැනයි පත්තරවල යන දේවල් ගැනයි විතරයි.

හැම තැනකම හොද දේකට වඩා කරක දෙයක් මාකට් කරන්න ලේසියි ඉතින් පත්තරයක් ගත්තත් තියෙන්නේ පරිගණක භාවිතය නරකයි, අන්තර්ජාලය කියන්නේ පොඩි එකෙක් දෙසවත් නොබැලිය යුතු නරක තැනක් වගේ අදහසක් එන ලිපි (ඇත්තටම අන්තර්ජාලය නිසා වුන හොදක් ගැන ලංකාවේ පත්තරේන ගිය ලිපියක් මම තාම දැකලා නෑ) ඉතින් අපේ අයත් හිතන්නේ හරි මේක තමා ඇත්ත පරිගණකය, අන්තර්ජාලය වගේ දේවල් වලින් ගන්න කිසිම හොදක් නෑ කියන එක. හැම දේකම හොද වගේම නරකත් අඩු වැඩි වශයෙන් තියනවා එහෙම හොදම විතරක් තියන කිසිම දෙයක් මේ ලෝකෙ නෑ.

ඉස්සර මැනුවල් වැඩ කරපු ගොඩක් ආයතන දැන්/ඉස්සරහට වැඩ කරන්නේ පරිගණක භාවිතයෙන් ඒත් ඉතින් ඒ ආයතන වල සේවය කරන අයට බෑ අපිට ඔය පරිගණක ගැන තේරෙන්නේ නෑ පරන විදිහට වැඩ කරමු කියලා පරන විදිහට වැඩ කරන්න මොකද ලෝකෙ ඉස්සරහට යන්නේ තාක්ෂනෙත් එක්ක ඉතින් ලෝකේ තාක්ශනය දියුණු වෙන විදිහට අපි අප්ඩේට් නොවුනොත් ‍අපි පරාදයි. අපේ ගොඩක් වැඩිහිටියොන්ට ඒක තේරුම් කරන්න අමාරුයි

දැන් මාස කිහිපයකට කලින් පත්තරේක ‍ලිපියක් තිබුනා පරිගණකට භාවිතය ගැන ලංකාවේ විද්වතුන් කිහිප දෙනෙකු‍ගේ අදහස් පලවුන ලිපියක්. ඇත්තටම ඒ අය කියලා තිබුනේ පරිගණකය පාවිච්චි කරන්න අමාරුයි කියලා හේතුව හැටියට එක එක කතා කියලා තිබුනත් ඇත්තටම එතන තිබුනේ ඒ අය පරිගණකයට නුහුරු වීම. ඉතින් ඒ විදිහට තමන්ට ඒක නුහුරු දෙයක් වුනාම ගොඩ දෙනෙක් කරන්නේ පරිගණකය කියන්නේ පාවිච්චි කරන්න ඕනෙ දෙයක් නෙවේ (මොකෝ මට ඒක පාවිච්චි කරන්න තේරෙන්නේ නැති නිසා.. මේ කෑල්ල ඒ අය කියන්නේ නෑ) ඒකෙන් වෙන හොදක් නෑ කියලා කියන එක.

ඉතින් weni කියලා තිබුනා වගේ දරුවෝ ඒවගෙන් වැරදියට ප්‍රයෝජන ගත්තාම දෙමව්පියෝ ගොඩක් වෙලාවට කරන්නේ අන්තර්ජාලයට හා පරිගණක වලට බනින එක. මොකට ඒ අය දන්නේ අන්තර්ජාලය කියන්නේ හොද දෙයක් නෙවේ කියලා නිසා (තමන්ගේ පැත්තෙනුත් වැරැද්දක් තියනවා කියලා ඒ අය තේරුම් ගන්නේ නෑ).

ඒකත් හරියට දැන් පොඩිමෑන්ගේ බ්ලොග් එකේ කුණුහර්ප තියනවා කියලා ගිය අවුල වගේ තමා. කුණුහර්ප කියන්නේ මොනවද කියලා නොදැන නිකං බොරුවට හෙන සද්දයක් දාලා.... අන්තිමට බලද්දි සද්දෙයි පඩ ගදයි විතරයි... අපේ උන් කවදා මේක තේරුම්ගනියිද මන්දා....