Tuesday, May 3, 2011

කෙල්ලොන්ගෙන් ගුටි කන්න වෙන පෝස්ට් එකක්.....

ඔන්න අද නං දාන්න යන්නෙ මට කෙල්ලොන්ගෙන් අම්බානකට බැනුම් අහගන්න වෙන පෝස්ට් එකක්.... බැනුම් අහන්න උනත් කමක්නෑ අදනං මේක කියනවමයි....බුකියෙ කැරකි කැරකි ඉන්නකොට කොල්ලෙක් දාල තිබුනු මෙන්න මේ ෆොටෝ එක දැක්කහම මගේ හිත ඇතුලෙ කාලයක් තිබුන ප්‍රශ්නයක් ආපහු ඔලුවට ආව..... කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් අනිත් අය ගැන නං මං කියන්න දන්නෙ නෑ ඒත් මට නං පේන්නේ ඒ විදිහට..... අමුතු ජාතියක් කිව්වෙ කෙල්ලොන්ව තේරුම් ගන්න හරි අමාරුයි...... කෙල්ලො නිකං ලංකාවෙ කාලගුණේ වගේ කියල කිව්වත් වරදක් නෑ මං හිතන්නෙ..... මොකද කෙල්ලොන්ගෙ මූඩ් එක කොයි වෙලාවෙ වෙනස්වෙයිද කියන්න බෑනෙ. මේ හිනාවෙලා බලනව විනාඩියක් විතර යනකොට ඒ හිනාව රැවීමක් බවට පත්වෙන්න 80% ක්ම ඉඩ තියනව... බොරු කියන්නෙ මොකටද මට නං ඔය කෙල්ලෙත් එක්ක ලව් කරල අත්දැකීම් නෑ..... ඒත් ඉතිං යාලුවොන්ගෙ ලව් වලට සප් එක දීල අත්දැකීම් තියනවනෙ. ඒ හින්දම තමයි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හිතෙන්නෙ නැත්තෙ.... මදැයි කතාව වෙන පැත්තකට ගියානෙ ඔය අස්සෙ මට මතක් උනා බුකියෙ මේ ගැන තිබුනු තව ෆොටෝ එකක තිබුනු පොඩි වාක්‍යයක් දැන් නම් ඒක ඒ විදිහටම මතක නෑ ඒ වුනාට ඒකෙ තිබුනෙ "කෙල්ලො කියන්නෙ එක කොල්ලෙක්ට හිතෙන් ආදරේ කරල, තව කොල්ලෙක් දිහා බලල, වෙන කොල්ලෙක්ට ආදරේ ප්‍රකාෂ කරන ජාතියක් " කියල (කොහොම හරි ඔය වගේ දෙයක් තමයි අදහස්උනේ).....

ඉතින් ඔය වගේ කෙල්ලො ඔය ටෙඩි බෙයාර්ස්ල (උන්ට කියන්නෙ ඒ නම තමයි මං දන්න හැටියට) බෝනික්කො වගේ අමුතු සත්තු කාමර පිරෙන්න පුරවන් ඉන්නේ ඇයි කියල මටනං තේරුම් ගන්න අමාරුයි. ඔන්න පොඩි ළමයින්ට නං සෙල්ලම් කරන්න කියල කියන්න පුලුවන්..... ඒත් මේ දහ අට පැනපු කෙල්ලොත් මේ වගේ සත්තු ලග තියාගෙන ඉන්න ඇයි කියල නං මම දන්නෙ නෑ..... ඔන්න බෝනික්කො ලග තියන් ඉන්නෙ ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් කියමුකො.... ඒත් අර ගෑනුද පිරිමිද කියන්න බැරි මහ ගොන් මූනු තියන වලස්සු(උන්ගෙ නං කිසි වලස් පෙනුමක් නෑ) තියන් ඉන්නෙ මොකටද කියලත් කියන්න මං දන්නෙ නෑ(අඩුම ගානෙ කොට්ටයක් වගේ ඔලුවටවත් තියාගන්න බෑනෙ)....... ‍කවුරු හරි කාමරේට පැන්නොත් ආරක්ශාවට වෙන්න ඇති කියල තමයි මට නං හිතෙන්නෙ...... කෙල්ලොන්ගෙ අනිත් ප්‍රශ්න නං පෞද්ගලික ගොඩට දාල ඒ ගැන වැඩිය කතා නොකර ඉන්න පුලුවන්..... ඒත් ඉතින් මේ ප්‍රශ්න ටික අහන්නැතුව බෑ වගේ කියල හිතුන හින්ද ලිව්වෙ.........

කමෙන්ට් එකක් දාලම යමුකො බලන්න......

12 ක් හිතුනු දේවල් ලියලා....:

DarKneT | ඉෂාර said...

කෙල්ලො ගැන නම් කියන්න ගත්තොත් කියලා ඉවර කරන්න බෑ බන් ඒක හින්දා මුකුත් කියන්නේ නෑ

මම said...

අර කවුද කිවුවලු නේ "A man gives many question marks, however, a woman is a whole mystery. " කියල....ඒක හින්දා මුකුත් කියන්නේ නෑ

ඉශ්වි said...

හරි කතාවක් නේ මේක.. පොඩි ලමයින්ට විතරද බොලේ ටෙඩි බෙයාර්ස්ලා එක්ක සෙල්ලම් කරන්න පුලුවන්?? හහ්.. :P

රොබින් said...

:D :D
බොරැ ඇඩ් එකට තමයි තියාගෙන ඉන්නේ

කිඩෝ said...

@ ඉශ්වි, අනේ ඔයගොල්ලො ටෙඩි බෙයාර්ස්ලා එක්ක සෙල්ලම් කරන්නෙ කොහොමද කියල කියන්නකො....
@ රොබින්, ඔව් වෙන්න පුලුවන් අපි තාම පොඩි ළමයි කියල ලෝකෙට පෙන්නල මේ අපි වගේ අහින්සක කොල්ලො දැලේ දාගන්න පාවිච්චි කරන පොඩි ට්‍රික් එකක්.....
@ ඉශාර & මම කමෙන්ට්ස් වලට තැන්කූ වේවා....

Observer said...

64 න් එකක්ද දන්නැහැ.

බීටා said...
This comment has been removed by the author.
බීටා said...

අඩේ ඔය කැත ටෙඩියො තියන් ඉන්න එකේ ලස්සන කොලු පැටියෙක්ව ගෙනත් තියාගත්තනම් මොකද... හික්:)
http://sithehisithuwam.blogspot.com/2011/05/blog-post_04.html

කිඩෝ said...

ඔව් නේ බං බීටා කවුරුත් නැත්තං උබ හරි තියාගන්න පුලුවන්නේ.... උබට හොදට තනි රැකලත් පුරුදුයි නෙ.... :D

..ChAnDiKa.. said...

හ්ම් උඹට ජීවත් වුණා ඇති කියල හිතෙනවද? මේ වගේ පෝස්ට් එකක් දැම්මෙ? :D

සුළඟිල්ල | pinkie said...

ලොල්ය... පිස්සුද බන්.. අත්තකිවුවම මක්කටෙයි අපි බොට කෙලින්නෙ.. :D

කුක්කු පැටියා said...

සිරාවට කෙල්ලො නම් මහ පුදුම ජාතියක් තමා බන් ! අපේ ක්ලාස් එකේ එක කෙල්ලෙක් ඉන්නවා, ඒකි හිතාගෙන ඉන්නෙ බඩුව කියලා !! හැබැයි නිකන් පිටලෑල්ලක් වගේ, මොර‍ටුව පැත්තෙ ගියා නම් අනිවා ඒකිව ලී බඩු හදන්න ගන්නවා !

@බීටා: ඒක නම් සිරාම කතාව බන් !

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....