Wednesday, June 15, 2011

බූරුවාගේ සුන්දර සිහිනය....

හොදයි හොදයි කමෙන්ට් දාපු හැමෝම වගේ මම හිතන විදිහට තමා කමෙන්ට් කරලා තිබුනේ.... ඒ වුනාට ඉතින් පෝස්ට් එක දානවා නැතුව බෑනේ....

අද කාලේ තරුණ තරුණියන්ට (විශේශයෙන් කැම්පස් වල) පෙන්නන හීනයක් තමා ඔය සමාජවාදය එහෙමත් නැත්තං සැමට සමාන අයිතිවාසිකම් සහිත සමාජයක් කියන එක.ඒත් ඔය සමාජවාදය කියලා අපට පෙන්නන හීනෙ ඇත්තක් වගේ පෙන්නන්න හැදුවත් ඒ හීනෙ ප්‍රායෝගිකද කියල ප්‍රශ්නයක් මතුවෙනවා... මෙතනදි අපට කියලා කිව්වේ සමාජෙ අත්දැකීම් තියන අයට නෙවේ අපි වගේ සමාජෙට අලුතෙන් ඇතුලු වන තරුණ තරුණියන්ට.... මේ ගැන මම බූරුවාගේ විප්ලවය 1 හා බූරුවාගේ විප්ලවය 2 පෝස්ට් වලින් කිව්වා.

කොහොම නමුත් තරුණ තරුණියන්ට පෙන්නන්න පුලුවන් හොදම හීනෙ තමා ඔය සැමට සම තැන කියන ලස්සන හීනෙ.... මට කවුරු හරි කොහේදි හරි කිව්වා මතකයි පොඩි කාලෙදි අපි වැඩ කරන්නෙ අපට වාසි වෙන පැත්තට ටිකක් වයසින් වැඩි වෙද්දි (තරුණ වයසෙදි) ඉන්නෙ යාලුවොන්ට පණ වුනත් දෙමි ස්ථාවරයෙන් ඉතින් ඕනෙ ගොං වැඩක් කරලා ඔක්කොම එකට ගුටි කනවා හැබැයි කවුරුත් පාවා දීම් නෑ... දැන් කසාදයක් එහෙම බැදගත්තහම යාලුවොන්ට පන දීම ටිකක් අඩු වෙනවා මොකද දැන් ජීවිතේ වගකීම් හා අත්දැකීම් තියනවනේ.... බ්ලා බ්ලා....(හා මතක්වුනා අපට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නපු සර් The Seven ages of man කරද්දි කිව්වේ...)

අන්න ඔය යාලුවන්ට පණ වුනත් දෙමි ස්ථාවරයෙන් ඉන්න කෙනෙක් අල්ලගත්තාම තව බූරු රැලක් එක්ක මුන්ව යුද්දෙකට වුනත් යවන්න පුලුවන් මොකද තරුණ ජවය වැඩි කාලෙනෙ මේ... පවුල් ප්‍රශ්න නෑ වෙන වෙන වගකීම් අඩුයි ඉතින් මේවගේ උන් ටිකක් අල්ලගෙන උන් ඉස්සරහට දාලා තමන්ගේ වැඩ කරගන්න තමා බොහෝ දෙනෙක් බලන් ඉන්නේ....

කතාව පිට පැන්නද මන්දා කොහොම හරි කියන්න ගියේ ඔය සැමට සම තැන ඇති සමාජයක් කියන සංකල්පේ ප්‍රායෝගිකද කියලනේ...

මගේනං උත්තරේ නෑ

ඇත්තටම මිනිස්සු කියන ජාතිය ඉන්නකං ඕක ප්‍රායෝගික නෑ ඔන්න ‍රොබෝලා වගේ හිතන්න බැරි කොටසක් ගත්තොත් ඕක ප්‍රායෝගික වෙන්න පුලුවන්.... මිනිසා කියන සත්වයා උපදිනකොටම අරන් එන දේවල් අතරේ ඉරිසියාව ලෝභය වගේ ගොඩක් දේවල් එක්ක ඉතින් සැමට සම සමාජයක් හදන්න නං මුලින්ම කරන්න ඕනෙ ඔය කියපු දේවල් මිනිස් සිත තුල උපදින එක නතර කිරීම ඒත් ඒක ගොඩක් අපහසු දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ... විප්ලවයක් කරන්න පුලුවන් හැබැයි ඒකට හැමෝටම පොදු සතුරෙක් ඉන්න ඕනේ ඒත් ඒ සතුරා නැතිවුන ගමන් විප්ලව කරද්දි එකාවගේ හිටිය අය දෙකට බෙදෙනවා.... ලංකාවේ නිදහස් සටනෙන් පස්සෙ වුන දේවල් ඉන්දියාවේ නිදහස් සටනෙන් පස්සේ වුන දේවල් මේකට හොදම උදාහරණ මේ ගැන බ්ලොග් එකකත් ලියලා තියනවා දැක්කා...

ඔය වගේ සැමට සම තැන ඇති සමාජයක් හැදුවා කියමුකෝ ඒත් ඒකෙ පැවැත්මක් තියේවිද? සොභාදහම හැම දෙයක්ම වෙනස් විදිහට නිර්මානය කරලා තියෙන්නෙ ඇයි... ලෝකයේ පැවැත්මට ඒ විවිදත්වය අත්‍යාවශ්‍ය නිසා එහෙම නැති වුනොත් ලෝකයේ පැවැත්මක් නැති නිසා.... ටිකක් හිතලා බලන්න දැති රෝද කට්ටලයක් ගැන දැති රෝද හැම එකක්ම එකම ප්‍රමානයේ වුනොත් මොකක් වෙයිද? හා දැන් ඔහොම සමාජයක් හැදුවා කියමුකෝ දැන් සම මට්ටම කියන්නේ මොකක්ද? ඔක්කොම රට පාලනය කරන්න යනවද? ඔක්කොම පොල් කඩන්න යනවද? දැන් එතකොට කාටවත් කවුරුවත් යටත් නෑ තමන්ට හිතුනු විදිහට ඕනෙ දෙයක් කරන්න පුලුවන් එහෙම වුනොත් මොකක් වෙයිද නිකං කල්පනා කර‍නකොටත් විහිලුවක් වගේ නේද අර පිනෝකියෝ කතාවෙ වගේ වෙයි හා එහෙම වෙන්නත් බෑ නෙ ඒකෙ පාලනය කරන්න එකෙක් හිටියනෙ නැත්තං අරුං කන්නෙ මොනවද

දැන් හිතලා බලන්න ඔය කියන විදිහට මුදල් හැමෝටම සම සමව ‍බෙදිලා යනවනං මුදල් කියන දෙයට වටිනා කමක් නැති වෙනවා නේද... ඇයි ඉතින් මහන්සි වෙලා වැඩ කරන එකාට ලැබෙන ගානම ගෙදරට වෙලා නිකං ඉන්න එකාටත් ලැබෙනවනෙ.... ඉතින් එහෙම වෙනකොට කවුරුත් වැඩ කරන්න යයිද? ඔක්කොම කිසි වැඩක් නොකර ඉන්න එක කරන්න පුලුවන් දෙයක්ද? එතකොට වෙන්නේ කන්න බොන්න නැතුව අපි ඔක්කොම මැරිලා යන එක නෙවෙයිද....ඔහොම තත්වයක් යටතේ දනවාදී අදහස් මතුවෙන එක වලක්වන්නත් බෑ නේද?

ඉතින් ඕක ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා දැන් පැහැදිලි වෙනවා නේද ඕක හීනයක් විතරයි ඒත් ලස්සන හීනයක්..... ඉතින් ඔය හීනෙට තව දුරටත් අපි රැවටෙන්න ඕනෙද.... අර කමෙන්ටුවක කියලා තිබුනා වගේ විප්ලව කරන එක නෙවේ අපි කරන්න ඕනෙ රට පාලනය කරන පාලකයන්ට උදව් කරන එක එහෙමයි රටක් හදන්නේ.... උදාහරනෙකට ගන්න ලිබියාව අර රජය පෙරලන්න හදපු උන් ඉල්ලන් නේද කෑවේ ගඩාෆි තාමත් එහෙමම ඉන්නවා ඒත් අර රජය පෙරලන්න හදපු උන්ට ගුවන් ප්‍රහාර ගැන ඇහෙනකොටත් චූ යනවා ඇති නේ.... ඉතින් විප්ලව කරන්න ගිහින් ඉල්ලන් කනවද රට කරන උන්ට රට කරන්න උදව් කරනවද කියන තීරණය තියෙන්නේ අපේ අතේ... විප්ලවයක් කරන්න ඕනෙ විප්ලවයක් කරන්න ඕනෙ වෙලාවට හැම රෙද්දකටම විප්ලව කරන්න යන එක බූරු වැඩක්....

ප.ලි.
මම කලින් පෝස්ට් වලත් කිව්වා වගේ මම මේ කියන්නේ මගේ මතය ඉතින් අනිත් අයගෙ මතයන් එක්ක ඒක වෙනස් වෙන්න පුලුවන්.....

ප.ප.ලි
‍මේක මගේ 49 වෙනි පෝස්ට් එක ලබන සෙනසුරාදා ඒ කියන්නේ 18 ‍වෙනිදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි එදාටම 50 වෙනි පෝස්ට් එකත් දානවා... දැනට මගේ ෆලෝවර්ස්ලා 44 එදා වෙනකොට ඒකත් 50 වෙලා තිබුනොත් නියමයි....

10 ක් හිතුනු දේවල් ලියලා....:

රවින් said...

මල්ලියෝ නියම කතාවක් හොඳේ... මගේ අදහසත් උඹේ අදහසම තමයි. හැබැයි ඕව තර්ක කරන්න ගියාම ගොඩාක් අයට අවුල්.. ඉතින් කට පියන් ඉන්න එක තමයි මම කරන්නේ.

රත්ගමයා said...

මට උඹව තේරෙනව කුඩ්ඩෝ....තව ලොකු වෙයන්...හික් හික්

මධුරංග said...

ඇත්ත තමා. අහිංසකයෝ ටිකක් ලවා වැඩ කරවලා අනිත් උන් බලාගෙන ඉන්නවා. උන් එකමත් එකා මැරිලා වැටෙද්දි එවුන්ව වැඩේට යොදවපු එවුන්ට හෙනම ආතල් එකක් ඇතිනේ.

සුපර් මාරියෝ said...

මම 18 වෙනිදට ගෙදර නෙවෙයි ඉන්නේ..

ඒක නිසා ඔන්න මම දැන්ම සුබ පතනවා...

සුබ උපන්දිනයක් වේවා...!!!

Dinesh said...

මලයාගේ තර්කය හරි.. ඒත් ඕක කීදෙනෙක් තේරුම් ගනීවිද??

Kasun said...

"...ඉතින් මේවගේ උන් ටිකක් අල්ලගෙන උන් ඉස්සරහට දාලා තමන්ගේ වැඩ කරගන්න තමා බොහෝ දෙනෙක් බලන් ඉන්නේ."

ඒක නම් සීයට සීයක් ඇත්ත කතාව. අර කිව්ව වගේ විශාල විවිදත්වයක් තියන මිනිස් සමාජය සම තැනකට ගන්න බෑ. ඒක සංකල්පයක් විතරයි. ප්‍රායෝගික නෑ.

මකුළුවා..... said...

හ්ම් ....නියමෙටම ලියලා තියෙනවා කිඩෝ.......

මධුරංග said...

ඔන්න දැන් ෆලෝවර්ලා ගාන හරි නේ. එහෙනම් 18 වෙනිදාට 50 වෙනි පෝස්ට් එක කියවමු. එල එල.

සරත් ලංකාප්‍රිය said...

රාජ භවතු ධම්මිකෝ නම් මොන ඉලවුවක්වත් නැතුව සහයෝගෙන් ඉන්න එකයි ඇත්තේ.. එහෙම නැතිකොට නම ඔය වාද මොකක් නැතත් මිනිස් නිදහසට සටන් කිරීම අවශ්‍යම දෙයක්.. ඉතිහාසයේ හොඳ වෙනස්කම් සිදුඋනේ එහමනේ.. කිසිම ඉලක්කයක් නැතිව අරමුණක් නැතිව හරක් වගේ හැමදේටම තප්පු නොලා විරුද්ද විය යුතු තැනදී විරුද්ද වීමත් හොඳ දේට සහය දීමත් අවශ්‍යයි.. කෝකටත් කලින් අවංක නායකයෝ අවශ්‍යයි..

පන්සල් හංදිය said...

ඔය සම්බන්ධව මම මුකුත් කියන්නෙ නැහැ .......
දන්න අය කතා කරන්න නැතෑ .....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....