Pages

Thursday, December 22, 2011

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන... නෑ නෑ අනාවැකිය නෙවේ පාපොච්චාරනය.....



අභි අයියාගෙ ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය මුලු බ්ලොග් අවකාශෙම කැලබීමක් ඇති කරා. ඒ පෝස්ට් එක කියෙව්වයින් පස්සෙ අපි ආපහු සෙට් වෙන එකක් නැද්ද කියලා හිතුවෙ නැති එකෙක් ඉන්න විදිහක් නෑ.... ඒත් අභි අයියා තාම පැහැදිලි හේතුවක් කියලා නෑ නෙ ඇයි එහෙම ලිව්වෙ කියලා එක ලග මේකට අදාලයි කියලා හිතන්න පුලුවන් ඒත් එකිනෙකට වෙනස් සිද්දීන් දෙකක් සිද්දවුන නිසා අපටත් අමාරුයි හේතුව හොයාගන්න. සිද්දි දෙක මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

එකක් අර අමිල කිව්ව එල්කේ ගොසිප් නිව්ස් සීන් කෝන් එක ඒවා මේ බ්ලොග් අවකාශෙ හැමදාම වුනා එකෙක් වැඩක් කරනකොට තව එකෙක් ඌට වරදිනකං කින්ඩි දාන්න බලං ඉන්නවා ඒක ඉතිං සයිබරේට විතරක් අදාල දෙයක් නෙවෙයිනෙ හැමදාමත් ඒක වුනා ඉස්සරහටත් වේවි. ඒත් ඉතිං හැමදාම එහෙම කලේ සුලුතරයක් අනිත් අය එකමුතුව හිටියා හැමදාම. වෙන එකක් තියා සයිබරේ හැමෝම බොක්කෙන්ම ඉලන්දාරියා(දිලුම් අයියා) ගොඩදාන්න එකතුවුනාට ඒකට විරුද්ධ වුන සෙට් එකකුත් හිටියා. ඉතිං ඒක අනිත් එයගේ එකමුතු කමට ප්‍රශ්නයක් වුනේ නෑ නේ. මේකෙදිත් එහෙම වෙන එකක් නෑ....

දැන් අනිත් සීන් එක. ඒකෙනං සම්පූර්ණ වැරැද්ද අපේ අතේ. මේක ගැන විස්තරේ සමහරු දන්නවා ඇති සමහරු නැතුව ඇති. හැබැයි බහුතරයක් ලාවට හරි මේක ගැන අහලා ඇති. වටේ යන්නේ මොකටද දෙසැම්බර් 10 බ්ලොග් කරුවො සෙට් වෙලා ක්‍රිකට් මැච් එකක් තියන්න සෙට්වුන බව කවුරුත් අඩුම ගානෙ නමිං හරි දන්නවා ඇතිනේ.

මං දන්න විදිහට ඒ හීනෙත් දැක්කේ අභිත අයියම තමා අගෝස්තු මුල වෙගේ දැකපු ඒ හීනෙ හැබෑ කරලා පෙන්නන්න අවස්ථාව ලැබුනේ ආදුනික බ්ලොග් කරුවො වුන බස් පදින අපි කිහිප දෙනෙකුට පරණ බ්ලොග් කරුවො ඒ කිව්වේ සයිබර් අවුරුදු උත්සවේ කරපු සෙට් එක අපිට උදව් කරා වෙන්න ඕනෙ ඒවා කිව්වා

ඇත්තටම ඒ අය අපි ගැන ලොකු විශ්වාසයක් තිබ්බා කියලා පෙනුනා එහෙම වැඩක් අපට කරන්න කියලා බාරදුන්න එකෙන්. ඇත්තටම මුල් සති කීපයේ අපිත් පුදුම උනන්දුවකින් හිටියේ. ඒත් මේ ඔක්කොටම කෙලවෙන කාරනේ ඒ කිව්වේ අපිට තව ඇති තරම් කාලය තියනවා කියලා අපි හිතපු එක අපිට පරහට හිටියා. මුල් සතිය දෙක ඇතුලතදි බජට් හදලා එක එක්කෙනාට වැඩ බෙදලා දීලා ඔක්කොම වැඩ ටික දෙට් කරගන්න අපට පුලුවන් වුනා.

ඒ වෙනකොට අපිට ඉතුරුවෙලා තිබුනේ ස්පොන්සර්ස්ලා අල්ලගන්නයි පිට්ටනිය බුක් කරන්නයි විතරයි. ඒත් ඉතින් ඇති තරම් කාලය තියනවා කියලා අපි හිතන් හිටපු නිසා ඒ වැඩේ දවසින් දවස කල් ගියා.... පටංගන්නකොටම වගේ අනිත් වැඩ ටික සෙට් කරලා ඉවරවුන නිසා මැදදි අපට කරන්න දෙයක් නැතිවුනා මොකද අපි ප්ලෑන් කලේ ඔක්තෝබර් වල ඉගි දෙන්න අරගෙන(ඒ ඉගි වැඩේ නං වුනා) නොවැම්බර් වල ඇත්ත හෙලි කරන්න. ඒත් ඉතිං අගෝස්තු අග වෙද්දි අනිත් වැඩ ටික කරලා ඉවරවුන නිසා අපිට මුලු සැප්තැම්බර් මාසෙම තිබුනා වැඩක් නැතුව.

ඉතිං ඒ මාසෙ ඇතුලත අපේ තිබ්බ උනන්දුව ගොඩක් අඩුවුනා ඒක අපේ වැරැද්ද කොහොම හරි ඒ නැතිවුන උනන්දුව ආපහු තිබුන තත්වෙට ගන්න අපිට බැරිවුනා ඉතිං අන්තිමට වුනේ අභි අයියගේ හීනෙ හැබෑකරන්න අපිට බැරිවුන එක..... ඒකට ඉතිං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අපිට ඒ වැඩේවත් හරියකට කරගන්න බැරිවුනා අපි කාටවත් ඇගිල්ල දික් කරන්න යන්නෙ නෑ මොකද වැරැද්ද අපේ.... ආයෙ චාන්ස් එකක් ආවොත් ඒ වැරැද්ද නොකරන්න අපි වගබලා ගන්නවා

ඉතිං කට්ටිය සෙට්වෙන හීනෙ දෙසැම්බර් මාසෙදි හැබෑ කරන්න බැරිවුන එක ගැන අපි හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.....

ප.ලි.
මේ ගැන කවුරුත් මං දන්න තරමින් පෝස්ට් එකක් දැම්මේ නෑ ඉතිං කට්ටියටම දැනගන්න මම කියන්න ඕනෙ ටික කිව්වා.... ඒත් ඉතිං මේ පාර නං අභි අයියගේ මේ අනාවැකියනං බොරු වෙනවා...... එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

පා.පා.ලි.
මේක අභි අයියගේ පෝස්ට් එකට කමෙන්ටුවක් විදිහට දාන්න හිතුවත් ටිකක් දිග වැඩි වෙනවා වගේ පෙනුන නිසා ටිකක් මොඩිෆයි කරලා පෝස්ට් එකක් විදිහට දැම්මා

11 ක් හිතුනු දේවල් ලියලා....:

අනුරාධ said...

මට මතක විදියට පසන් මේ සම්බන්ද පෝස්ට් එකක් දාලා තිබුනා.

Hasitha Gunasinghe said...

දැන් කවද්ද අලුත් වැඩේ දාගන්න හිතාගෙන ඉන්නේ ???

Dinesh said...

අළුත් වැඩේ ගැනත් ඉතින් කිවුවනම්නේ හොද...

දේව් ගේ අඩවිය said...

සෙට් වෙන ඕන වැඩකට ඔන්න මල්ලි අපි බොක්කෙන්ම.... කරන්න පුලුවන් ඕනම දෙයක් අනිවා කියන්න කරනවා...

ටිකක් වැටිලා වගේ දුවන මේ බ්ලොග් කලාව ආයේ උස්සන්න ඕනේ අපිමයි.. කට්ටියම එකතු වෙමු..

කොළබින් පිට ඉන්න නිසා මේ වගේ දෙයක් මෙහේ සංවිධානය කරන එක ටිකක් අවුල් වගේ නිසා එහෙම දෙයකට අත ගහන්න බැරි උනත් වෙන ඕනම දෙයකට අපි ඉන්නවා..

Anonymous said...

ගොඩක් අය දෙසැම්බර් 10 ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා මල්ලි. අන්තිමේදි කට්ටිය සෙට් වෙලා අපි දන්නෙත් නැතුව..........

පුදුම දුකක් දැණුනා. දැනගෙන එන්න බැරි වුණා නම් තව කමක් නෑ....

අවුලක් නෑ! පුළුවන් නම් සිහින අවුරුදු උළෙල සැබෑ කරන්න

Kasun said...

අනේ මොකක් හරි සෙට් කරපල්ලකෝ බං. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳල බලන් ඉන්නේ මොකක් හරි එනකල්.

සංකල්ප said...

මෙදාපාර ගෙට්ටුත් නෑ. තියෙන්න තිබ්බ මැච් එකක්වත් නෑ. බොලා ලා සංවිදානේ කරලා අපටත් කියහල්ලකෝ. එක්කෝ සංවිදාන වැඩ කටයුතු මොනාහරි කෙරෙන්න තියෙනවා නම් ඒකත් කියහල්ලා.

කිඩෝ said...

@ අනුරාධ අයියා, හි හි පසන් අයියා ඒ දාලා තිබුනෙ පොඩි මඩක්නෙ සීන් එක දන්න අය විතරනෙ දන්නෙ ඒක මඩක් කියලා අනිත් අය හිතුවෙ සිරාවටම සෙට් වෙලා කියලා හික් හික් පහන් අයියා ඒක කොලටියට ලියලා තිබ්බා මඩක් කියලා තේරෙන්නෙවත් නැති වෙන්න. මටත් මුලින් දැක්කවෙලේ හිතාගන්න බැරිවුනා සිරාවටම මුං සෙට් වුනාද නැත්තං මඩක්ද කියලා පස්සෙ මැදදි අපේ නම් තියනකෙට තමා තේරුනේ මඩක් කියලා :D

@ ඇනෝ, නෑ මචං දෙසැ 10 කවුරුත් සෙට් වුනේ නෑ

@ අනිත් අය, 2012 සයිබර් උත්සවේ අනිවා තියාවි....

Raj said...

අපි වැඩේ කරමු මම අබිය එක්කත් කතාකලා මගේ මේ ඊපතට traj1981@gmail.com රියක් විදපං චැටක් දාන්ඩ...

duliponline said...

මල්ලි . . උඹට මතකද දිලුම් වෙනුවෙං පිලිකා රෝහලට ආධාරයක් කරපු දවස ???? එදා ඒ වැඩසටහනෙං පස්සෙ කතාඋන දේවලිං මම දැනගත්ත ඔය දෙසැම්බර් 10 වැඩේ වෙන්නෙ නෑ කියල . . . . මොකද දන්නවද . . . . උඹලගෙ කිසිම උනන්දුවක් වගේම කිසිම එකමුතුවක් තිබුනෙත් නෑ වැඩේට . . . .

මම කියන්නෙ නෑ නෙලුං කොලේට සෙට් වෙලා බොන ගමං වැඩසටහන කතා කරන්න ඕනෙමයි කියල . . . ඒත් උඹල අඩුමගානෙ හරියට එක වතාවක්වත් සෙට් උනාද ඔය ගැන කතා කරන්න ?????

මල්ලි මම පහුගිය දේට උඹලට බනිනව නෙමෙයි . . ඒත් ඉදිරියටත් දෙයක් කරද්දි "සංවිධානය" කියන වචනෙ තේරුම උඹල වටහගත්තෙ නැත්තං . . ඒ දේවල් කවදාවත් උඹලට කරන්න බෑ . . . .

//ඒත් ඉතිං මේ පාර නං අභි අයියගේ මේ අනාවැකියනං බොරු වෙනවා...... එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....//
ප්‍රාර්ථනා කරල විතරක් මදි මල්ලි . . . තව මාස තුනක් ඇතුලත ක්‍රියාත්මක කරල ඉවර කරන්නත් ඕනෙ.

//ආයෙ චාන්ස් එකක් ආවොත් ඒ වැරැද්ද නොකරන්න අපි වගබලා ගන්නවා//
ආයෙ චාන්ස් එන්නෙ නෑ මල්ලි . . . උඹල ඒ චාන්ස් එක ගන්න ඕනෙ . . .

මේක චැලෙන්ජ් එකක් . . . . !!!!

ප.ලි.
මම උඹට කතා කරන්න හිටියෙ . . . මගෙ නෙට් ඩවුන් උන නිසා මට බැරි උනා.
duliponline@gmail.com එකට මේලක් දාපං

Anonymous said...

Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....