Pages

Wednesday, January 4, 2012

ගාල්ලේ හමුව අප්ඩේට්ස්


ඔන්න ඉතිං මේ දවස්වල හැමෝම වගේ ගාල්ලට සෙට් වෙන්න බලාගෙන ඉන්නෙ ආරංචි හැටියට 7වෙනිදට ලංකාවෙ උන් විතරක් නෙමේ පිටරට උන් හිටං එනවලු ගාල්ලට කොහොමත් දැනටම 50කට ආසන්න බ්ලොග් කරුවන් ප්‍රමාණයකගෙ පැමිණිම අපි අපේක්ෂා කරනවා.... ඒ ගැන අපි දාපු පෝස්ට් වලට හොද ප්‍රතිචාර තිබුනා මම ලමයත් ඔය පොඩි රෙකෝඩ් කෑල්ලක් වගේ එකක් තිබ්බා වැඩිම ප.ලි. ගානක් ලියලා කොහෙද ඉතිං එකක් යන්න එකක අලුත් අප්ඩේට්ස් එනවනෙ ඉතිං ඔය ප.ලි. වලටත් සීමාවක් තියෙන්න එපැයි. ඔන්න ඉතිං මේ පෝස්ටුව ගාල්ලෙ ගෙට්ටුවේ අලුත්ම තත්වය ගැන පොඩි මෙව්වා එකක් කරාවි

කලින් අපේ පෝස්ට් වල කියලා තිබුන විදිහට අපි ගෙට්ටුව පටංගන්න ප්ලෑන් කරන් හිටියෙ උදේ 9.00ට නොවැ ඕං ඒක පොඩ්ඩක් වෙනස් වුනා ගෙට්ටුව පටංගන්න අලුත්ම වෙලාව උදේ 8.30 ආයෙත් කියනවා ගෙට්ටුව පටංගන්න වෙලාව උදේ 8.30

හැබැයි ඉතිං ගාල්ලට එන අය 7 වෙනිදා උදේ 8.00 වෙනකොට ගාල්ලෙ බස් නැවතුම්පොලයි දුම්රිය නැවතුම්පොලයි යා කරන පාලම උඩට එන්න බනියා කිඩෝ කියන අයගෙන් එක්කෙනෙක්/දෙන්නම ඒ වෙලාව වෙනකොට එතන්ට ඇවිල්ලා ඉදීවි ඉතිං අපේ බනියා අදුනගන්න අමුතුවෙන් අමාරුවක් නෑ නේ. ඌ නොදන්න එකෙකුත් නෑ මම හිතන්නෙ කොහොම හරි අපි අවම 8.20 වෙනකං කට්ටිය එනකං එතන බලන් ඉන්නවා හදිස්සියකට කෝල් කරන්න අපේ ෆෝන් නම්බර් දීලා ඇතිනෙ අමතක අයට ආයෙත්

බනී - 0719250005
පොඩි මෑන් - 0719586007
කිඩෝ - 0775215692

8.20 විතර වෙද්දි පොඩි මෑන් කොළඹ කට්ටිය එන වාහනේක නැගලා එතනට ඒවි ඒ වාහනෙන් කට්ටියටම රූමස්සල යන්න පුලුවන්

අහ් තව එකක් ජපන් පන්සල චීනෙට අරන් ගිහිල්ලලුනෙ ඉතිං ජපන් පන්සල් වදින්න යන ගමන කැන්සල් කලා හොදේ බය වෙන්න එපා ඒ වෙනුවට කරන්න දේවල් තව ඕනෙ තරම් තියේ අලුත් අදහසක් තියනවනං කමෙන්ටුවකින් කියලා යන්න

ඊලගට කෑම එදාට එන අය දැනටමත් ඒ වෙනුවෙන් හදපු සයිබර් මිතුරන්ගේ හමුව ගාල්ල 2012 ගෘපියට ජොයින් වෙලා ඇති කියලා හිතනවා නැත්තං දැන්ම ජොයින් වෙන්න ගාල්ලෙ හමුව ගැන වැඩි විස්තර දැන ගන්න ඒ ගෘපිය ලොකු උදව්වක් වේවි...... අහ් ඒකෙම ඇති තමන්ට දවල්ට ඕනෙ මොන ජාතියෙ කෑමද කියලා අපිට දන්වන්න කෑම ගන්නකොට අපිට ඒක ලොකු උදව්වක් වේවි......

ඩෙසට් එකටනං වැඩි කැමැත්ත තිබ්බේ ලග ඉන්න එකා කන්න ඉතින් ලග ඉන්න එකා ඩෙසට් එකට ගන්න අවසර ලැබෙනවා...... හැබැයි ඉතිං එහෙම කාලා බඩේ අමාරු හැදුනට අපිනං ඒවට වගකියන්නෙ නෑ කන්න කලින් ඒවා කල්පනා කරන්න ඕනෙ :D :D :D

ගෙට්ටුව නිල වශයෙන් ඉවර වෙන වෙලාව 4.00 කොළඹ ගෑනු ලමයින්ට ඉක්මනට ගෙවල්වලට යන්න ඕනෙ නිසා ඒ වෙලාවට ඒ අයට හා පරක්කුවේවි කියලා හිතන අනිත් අයට යන්න පුලුවන් ඉතුරු කස්ටියනං ඉතිං සමහර වෙලාවට ඊට වඩා වැඩි වෙලාවක් ඉදීවි

එදාට කෑමවලට හා අනංමනං වලට රුපියල් 200ක් ගේන්න කියලා අපි කිව්වා මතක ඇතුව ඒක ගේන්න හොදේ :D :D :D ආ අපේ පොඩි අදහසක් තියනවා එදාට එන කට්ටියගෙ ගෘප් ෆොටෝ එකක් ඒ වෙලාවෙම ප්‍රින්ට් කරලා දෙන්න හැබැයි ඉතිං ඒකට රුපියල් 30ක් විතර යනවා ඒක නිසා ෆොටෝ එක ඕනෙ අය එදාට රුපියල් 30ක් වැඩිපුර ගේන්නකෝ

අපි එදාට එන අය ගැන විස්තර ගන්න අපි පොඩි ෆෝම් එකක් පුරවන්න දුන්නා ඒක පුරවපු නැති අය ඉන්නවනං මෙන්න මෙතනිං ගිහිල්ලා පුරවන්න එදාට එන ගාන හරියටම දැනගන්න හා ඒ අය කන්ටැක්ට් කරගන්න මේක අපට ලොකු උදව්වක් වේවි

ඔන්න පොඩි මෑන් ප්‍රසිද්ධියේ සැක මතු කලා මන්තරකාරී ගෑල්ලමයෙක්ද පිරිමි ලමයෙක්ද කියලා සුවර් කරන්න බෑ කියලා. මන්තරකාරිනං කිව්වා එයා සුවර් එකටම ගෑල්ලමයෙක් කියලා. ඒත් ඉතිං කිව්ව පලියට විශ්වාස කරන්න බෑ නොවැ කියලා පොඩි මෑන් ඇල්ලුවා ඔට්ටුවටක් දැන් ඇත්තටම මන්තරකාරී ගෑල්ලමයෙක් නම් පොඩි මෑන් එදාට කට්ටිය ඉස්සරහා දන ගහලා සමාව ඉල්ලනවා කිව්වා..... ඔන්න ඉතිං පලවෙනි මඩපාර කල් තියාම දැනුම් දුන්නා කැමරා උස්සගෙන ඒ අවස්ථාව පටිගත කරගන්න රෙඩි පිට එන්ඩ. හැබැයි ඉතිං පොඩි මෑන් දන ගහලා මොන කුපාඩි වැඩක් කරයිද කියලා සුවර් නැති නිසා ගොඩක් අය මන්තරකාරිට කලිසමකට බැහැලා එන්න කියලා කල්තියාම අනතුරු ඇගෙව්වා...... මන්තරකාරි කොල්ලෙක්නං වෙන්නේ මොනවද කියලා ඔට්ටුවේ සදහන් වුනේ නෑ කියලත් මේ වෙලාවෙ කියන්න ඕනෙ.......

කියන්න තියන ඒවා ඔක්කොම කිව්වානෙ හේනං බොහෝ දුරට හෙට ෆොටෝස් එක්කම තව පෝස්ටුවක් වැටේවි


මේකත් අහන්න
Dakunu Lake by Kido de Silva

14 ක් හිතුනු දේවල් ලියලා....:

Abeetha Edirisinghe said...

එළ...

Bunny said...

හික් හික් :P

දේව් ගේ අඩවිය said...

එලම තමා.... 7 ට සෙට් වෙමුකෝ...

පොඩි මෑන් said...

ඔවුව් ඔඋව්.. මංතරකාරි කෙල්ලෙක් උනොත් එදාට ඇවිත් ඔප්පු කරොත් ඔක්කොම ආවාම වැල්ලෙදි මම දනගහල සමාව ගන්නවා....

ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ....

පැණි දොඩම් said...

එළ එළ මල්ලී...

Raj said...

කස්ටිය සෙට් වෙලා

ලොකු ජොලියක් දාලා

ප්‍රිති වෙලා නටලා

ගෙදර යනවලූ

දුකා said...

අමතක නොකර පින්තූර දාන්ට ඕන හරිය

මන්තරකාරි said...

පොඩි මෑන් ඔට්ටුව පැරදියි. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

සාටර් said...

මාත් එනව පුලුවන් උනොත්

සංකල්ප said...

මන්තරකාරි ගෑල්ලමයෙක් නෙමේ. හික්ස් :)
පොඩ්ඩා දන ගහන්න ඕනේ නෑ. බයවෙන්න එපා කොල්ලෝ !!!!
මම එතන ඉන්න මොකෙක්ව හරි මන්තරකාරි කරලා දෙන්නම් !!!

Janaranga Dewasurendra said...

අනේ මන්දා පොඩි මෑන් පජාත වෙයිද නැත්නම් මන්තරකාරි පජාත වෙයිද? නැත්නම් මුං දෙන්නගේ මේ කුමන්ත්‍රනේ දන්නේ නැතුව කටවල් ඇරගෙන බලං ඉන්න අනිත් එවුන් පජාත වෙයිද කියලා..

....ජනියා.... said...

පුළුවන් උපරිම වේගෙන් එනවා.. !!

pavithra weerapperuma said...

මුහුදු සුලන් විදිමින් ඉර බැස යන යාමේ... ගාලු පවුර මත කුමරියො වැතිර සිටින්නේ...?

පොඩ්ඩක් වෙලාව පස්සට ඇද ගන්ට බැරිවෙයිද? මං කිව්වෙ මේ කුමරියොන්ට කලින් වැතිරෙන්ට කිව්වනම්... :D

වර්ණා said...

මමත් එමි..

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....