Pages

Friday, April 27, 2012

ඔබ යන්න ගිහින් 3 කොටස

ඔබ යන්න ගිහින් 1 කොටස
ඔබ යන්න ගිහින් 2 කොටස



එතකොට අපි හිතුවා වැරදියි වගේ ඔෂිනි කියන්නෙ නිසලගෙ නංගිද? කෙල්ල එන විදිහටනං මරනෙ ගැන මුකුත් දන්නෙ නෑ වගේ...... එකපාරට මේ වගේ දෙයක් මෙයාට කොහොම කියන්නද කියලා දහඅතේ කල්පනා කරනකොට කෙල්ල මගේ ලගට ඇවිල්ලා ඉවරයි

ඇයි? අදුනන්නෙ නැති කොල්ලො දෙන්නෙක් ගෙයි දොරකට දැක්ක කෙල්ල ටිකක් සැකෙන් වගේ ඇහුවා.....

නංගි තාත්තා හරි අම්මා හරි ගෙදර ඉන්නවද? මේ වගේ දෙයක් මෙයාට කියන්න බැරි නිසා මම එහෙම ඇහුවා

පොඩ්ඩක් ඉන්න කියපු කෙල්ල අම්මේ මේ කවුද ඇවිල්ලා අම්මව අහනවා කියාගෙන ගෙයි ඇතුලට ගියා

අඩේ කට්ටිය තාම සීන් එක දන් නෑ වගේ........ ඒ අමිලයා

හුම් ඒ වගේ තමා මම කල්පනා කරන්නෙ දැන් කොහොම මේක කියන්නද කියලා.......

අපි දෙන්නා කතා කරකර ඉන්න අතරෙ කලින් ආපු කෙල්ලත් එක්ක වයස අවුරුදු 40ක විතර ගෑනු කෙනෙක් ගේ ඇතුලෙන් ආවා....

මොකක්ද පුතාලා කාරනේ එන්න ගේ ඇතුලට වාඩි වෙන්න අපිට පුටු දෙකක් පෙන්නන ගමන් ඒ ඇන්ටි අපිට ගේ ඇතුලට කතා කලා

ගේ ඇතුලට ගිහිල්ලා පුටුවක වාඩිවුන මම අමිලයගෙ මූන දිහා බැලුවා “දැන් ඉතිං කියපන්“ වගේ බැල්මක් උගේ මූනෙ තිබුනා...... ඒත් කොහොම කියන්නද අෆ්ෆා අර කෙල්ලත් තාම මෙතන...... අයියා නැතිවුනා කිව්වාම ඒක අහලා ඒකිට මොකක් හරි වෙයිද දන්නෙත් නෑ......

ඇන්ටි මේ නංගිට මෙතනිං පොඩ්ඩක් යන්න කියලා කියන්න පුලුවන්ද

ඇන්ටි නිකං මං දිහා බැලුවෙ මම අරකිට මගුල් යෝජනාවක් කරන්න යනවා කියලා හිතාගෙන වගේ....... ඇන්ටිත් මගුලක් කතා කරනවා මම මේ ආවෙ මල මගුලක් කියන්න හලේ මාත් ඉදලා ඉදලා දාගන්න ලෙඩ....
කොහොම හරි ඇන්ටි කියන්න කලින්ම නංගි එතනිං එහාට ගියා......

ඇන්ටි මම මේ කියන දේ අහලා කලබල වෙන්න එහෙම එපා....

මොකක්ද පුතා කියන්න.....

අනේ කොහොම කියන්නද මන්දා කොහොම හරි කියන්නත් එපැයි....
ඇන්ටි ඇන්ටිගෙ පුතා ඇක්සිඩන්ට් එකකිං අද උදේ නැති වුනා....... අන්තිමට මට ඒ වචන ටික කියාගන්න පුලුවන් වුනා........

ඒ වචන ටිකෙන් පස්සෙ පොඩි නිශ්ශබ්දතාවයක්..... ටික වෙලාවක් යනකං කවුරුවත්ම මුකුත්ම කිව්වෙ නෑ... අන්තිමටම ඇන්ටි නිශ්ශබ්දතාව බින්දා

මට පුතෙක් නෑනෙ පුතා......

ඒ වචන ටික ඇහුන මම නිකං කරකවලා අතඇරියා වගේ වුනා.......
ඇන්ටි මේ ඇඩ්‍රස් එක මේ ගෙදර ඇඩ්‍රස් එකද? මුකුත් හිතාගන්න බැරිවුන මම අමිලයගේ අතේ තිබ්බ ඇඩ්‍රස් එක ලියපු කොල කෑල්ල ඇදලා අරගෙන ඇන්ටිට පෙන්නුවේ අපි වැරදි ගෙදරකට ඇවිල්ලාවත්ද කියලා හිතේ ඇතිවුන සැකේට

ඔවු පුතා මේ තියෙන්නෙ මේ ගෙදර ඇඩ්‍රස් එක තමයි...... ඒ පාරනං මම ෆුල් මඤ්ඤං වෙලා ගියා

ටිකක් කල්පනා කරපු මම ඇන්ටිට අද උදේ වුන සිද්දිය කිව්වා

ඒ අයියා ගාව තිබුන අයිඩිටියේ විස්තර වලින් තමා ඇන්ටි අපි මේ ඇඩ්‍රස් එක හොයාගත්තෙ....... අන්තිමට මම කිව්වා

පුතා අපි මේ ගේ ඉන්නෙ කුලියට දැන් අවුරුදු හතරකට විතර කලින් තමා මේ ගේ කුලියට ගත්තෙ මම හිතන්නෙ ඔය මැරිලා තියෙන්නෙ මේ ගේ අයිතිකාරයා

මේ ඇන්ටි ඒ අයියා ගැන මුකුත් විස්තරයක් එහෙම දන්නවද...... එයාගෙ නෑදෑයො යාලුවො කවුරුහරි ගැනවත්

නෑදෑයො ගැනනං මම හරියට දන්නෙ නෑ පුතා මම දන්න තරමින් එයාට නෑදෑයො කවුරුත් හිටියෙ නෑ..... මේ ගේ අවුරුදු 5කට කුලියට දීලා කොළඹ යනවා කියලා තමා ඒ පුතා කිව්වෙ ඊට පස්සෙ විස්තරයක් මුකුත් කියන්නනං දන්නෙ නෑ

එහා ගෙදරනං හිටියා ඒ පුතාගෙ වයසෙ විතර පුතෙක් ඒ ගොල්ලොත් ගිය අවුරුද්දෙ පවුල පිටින්ම පිටරට පදිංචියට ගියා..... කොහොමත් දැන් මේ හරියෙ ඉන්නෙ ලගදි පදිංචියට ආපු අය ඉස්සර ඉදන්ම හිටපු පවුල් දැන් තියෙන්නෙ දෙක තුනයි

හරි ඇන්ටි බොහොම ස්තූතියි... සමාවෙන්න කරදරයක් කලානං අපි යන්නං...... මීට වඩා විස්තර මුකුත් ගන්න බැරි බව තේරුන මම පුටුවෙන් නැගිටින ගමන් කිව්වා

හරි පුතා

ආ ඇන්ටි ඔෂිනි කියලා කවුරුහරි ගැන ඇන්ටි දන්නවද? ගෙදරින් එලියට බහිද්දි එකපාරට ඔෂිනි ගැන මතක්වුන මම ඇහුවා

නෑ පුතා එහෙම කෙනෙක් ගැනනං කවදාවත් අහලා නෑ.....

ආ හරි ඇන්ටි කමක් නෑ තෑන්ක්ස්

මොකක්ද යකෝ තෝ අර කලේ මෙච්චර වෙලා කට වහන් හිටපු අමිලයා බයික් එක ගෙදර වත්තෙන් එලියට දාපු ගමන් ඇහුවා

ඇයි මචං මොකක්ද

යකෝ අපි ආවෙ ඔෂිනි ගැන හොයන්න නැතුව මුගේ නෑයො හොයලා මලගෙදර කියන්න නෙවේ ඒ වැඩ ටික පොලීසිය කරයි තෝ ඔෂිනි කියන එකී හොයල ඔය පොත ඒකිට දීපන්...... අනික තෝ මොකෝ අර කෙල්ලට ගෙයි ඇතුලට යන්න කිව්වෙ

ආ මූට මේ ඒකයි මෙච්චර මල පැනලා තියෙන්නෙ
යකෝ තොට කෙල්ලෙක් ඉන්නවා නේද තෝ මොකටද වෙන කෙල්ලො දිහා බලන්නෙ

අන්න මල්ලි ඕකනෙ බොට තේරෙන්නෙ නැත්තෙ දැන් බලපං උබ කැමති පේමන්ට් එකෙන් අව්වට වේලිලා කරවෙලා ගිය රඹුටන් ගෙඩියක් ගන්නද නැත්තං දැන් ගහෙන් කඩපු හොදට පිම්බිලා රතට රතේ දිලිසෙන ටිප් ටොප් රඹුටන් ගෙඩියක් ගන්නද..... ඔය ඔලුව ඇතුලෙ තියන මොලෙන් ටිකක් හිතපන්......

එතනිං එහාට මම මුකුත් කියවන්න ගියේ නෑ........ මදැයි ගිය වැඩෙත් කෙල වුනා.......

දැන් ඉතිං ඩයරියං සරනං ගච්චාමි තමා 

8 ක් හිතුනු දේවල් ලියලා....:

Unknown said...

දිගටම ලියන්න මල්ලී

පොඩි මෑන් said...

අප්පය හුඩු... කොටස් තුනම එක සැරේට දැන් කියෙවුවෙ... ලියන්නෙ නැතුව ඉදල ඉදල මෙන්න මේක හනුම වගේ ලියනව...

කතාව එලට යනව මච.. ලියපං... අපි එනව බලන්න...

කිඩෝ said...

@පොඩි මෑන් ඇරියස් කවර් කරනවා මචං දවස් 51ට පෝස්ට් 33ක් ලියන්න පුලුවන්ද බලනවා :D

වැප් said...

ආ මේන් කාලෙකට පස්සේ මතක් වෙලා

Dude said...

@පොඩි මෑන්: අඩේ හනුමා බ්ලොග් ලිව්ව බව මම දන්නෙ නෑනෙ.
@kiddo:ඔහොම යං! ඔහොම යං !

henryblogwalker the Dude

MR. KING said...

අඩෝ පස්ටයි බං....
ජය!!

Anonymous said...

නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව ‍
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යා‍ව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යා‍ව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies

යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
5. වැඩි විස්තර විද්යුාත් තැපෑලෙන් විමසන්න
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org

වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com

Anonymous said...

Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....