Pages

Friday, April 27, 2012

කීඩෑවා බැක් අගේන්

ඕං ඉතිං කාලෙකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න ගත්තා.... හප්පොච්චියේ මම හිතුවෙ මාස තුනක් ලියන්නෙ නැතුව හිටපු නිසා මාව සිංඩි වලින් දැනටමත් පන්නලා දාලා ඇති කියලා ඒත් ඉතිං තාම පන්නලා දාලා නෑ නොවැ ඒකත් හොදයි සමහරවිට මාස තුනේ කාලෙ වැඩි කරලද දන්නෙත් නෑ.........

කොහොමින් කොහොමින් හරි මේ පොඩි ඔපරේෂන් කට්ටක් නිසා (පපුව ඇතුලෙ පොඩි මස් ගෙඩියක් දාලා ඒක අයින් කරන්න එච්චර ලොකු ඔපරේශන් එකක් නෙවේ) දැන් මට ගෙට්ටු 2ක්ම මිස් වුනානෙ කරුමෙ තමා ගිය ජනවාරි 12 ඔපරේෂන් එක කරන්න හිටපු නිසා ගාල්ලෙ ගෙට්ටුවට යන්න ගෙදරින් අවසර ලැබුන්නෑ කෝමින් කෝමින් හරි 12 ඔපරේශන් එක කෙරුනෙත් නෑ..... ඩොක්ටර්ස්ලගෙ එක එක සීන් කෝන් වලක තුන් හතර පාරක්ම කල් ගිහිල්ලා කල් ගිහිල්ලා අන්තිමේ අප්‍රේල් 19ට ඒක වැටුනා ( ඒකෙන් සයිබර් සිහින බක්මහ උළෙලට එන එකටත් කෙල වුනා 2013දි නං ඉතිං සයිබර් සැනකෙලියට කොහොමත් එන්න වෙන එකක් නෑ. ගාල්ලෙ ආපහු මොකක් හරි සෙට් වුනොත් නං ඉතිං මොකක් හරි ජිංජිබිරිස් එකක් දාලා ඒකටනං එනවා )

හැබැයි ඉතිං 18 උදේ ඇඩ්මිට් වෙනකංම මේක 19 කරයි කියලා මටනං සුවර් එකක් තිබුනෙම නෑ.... යාලුවොන්ටත් 19 ඔපරේශන් එක කියලා පනිවිඩේ දුන්නෙ ඇඩ්මිට් වුනායිං පස්සෙ නැත්තං ඉතිං සුවර් නෑ නෙ මොකක් වෙයිද කියලා........ ඕං ඉතිං 19 ඔපරේෂන් එක කලා ඒක ඉවරයි අම්මා මෙච්චර කල් කියව කියව හිටපු ලේ සෙලවීම් 2න් පලවෙනි එක ඉදලා ඉදලා ඉවරයක් වුනා.... 20 ටිකට් කපන් ගෙදර ඇවිල්ලා ඉතිං කලේ කලින් දවස් දෙකේ කන්න බැරිවෙච්චටත් එක්ක හොදට කාපු එක තමා.....

23 උදේ ඩොක්ටර් කියපු විදිහට වෝඩ් එකට ගිහිල්ලා ඩොක්ටර් හම්බවෙලා දැන් අවුලක් නෑ තුවාලෙ හොදයි කිසි අවුලක් නෑ කියලා සුවර් කරගෙන ගෙදර ආවෙ බදාදා ඉදන් ආපහු ඉස්කෝලෙ යන්න හිතාගෙන......

ඒත් ඉතිං රෑ වෙනකොට ඔපරේෂන් කරපු පැත්ත නිකං බැලුමක් වගේ පිම්බිලා එන්න ගත්තා හවස් වරුවෙත් ටිකක් විතර ඉදිමිච්ච ගතියක් පේන්න තිබුනත් ඩොකා දැන් අවුලක් නෑ කියපු නිසා ඒක එච්චර ගනංගත්තෙත් නෑ...... වෙලාවට අපේ අක්කා එදා නයිට් ඩියුටි ඉතිං අක්කගෙ පිහිටෙන් රෑම ඉස්පිරිතාලෙ ඇතුලට කරදරයක් නැතුව යන්න පුලුවන් වුනා නැත්තං ඉතිං ඔතන පැය දෙක තුනක් එලියෙ තමා.....

මගේම වෙලාවට එදා ඩොක්ටර් ගිහිල්ලා තිබුනෙ නෑ..... ඩොක්ටර් කිව්වෙනං මුලින් ගහපු ප්ලාස්ටර් එක තදට වැදිලා නැති නිසා තමා මේ සීන් එක වෙලා තියෙන්නෙ.... ඇත්තටම එදා ගහපු ප්ලාස්ටර් එක ගොඩක් පොඩි එකක් යන්තං පපුව වැහෙන්න වගේ තිබුනා ඒකත් ඇදේ දිගාවුන ගමන් ගැලවෙනවා..... ගෙදර ගිහින් පිටින් වෙන ප්ලාස්ටර් කෑලි ගහලා අනිත් ප්ලාස්ටරේ ගැලවෙන්නෙ නැතුව තියාගත්තත් ඒ වෙනකොට ඒක ටිකක් බුරුල් වෙලා තිබුනෙ ඒ හින්දා තමා ඔපරේෂන් කරපු තැන ඇතුලෙන් ලේ පිරෙන්න අරන් තියෙන්නෙ

ඉතිං කවුරු හරි ඔපරේෂන් එකක් කරනවනං දාන ප්ලාස්ටර් එක හොද තදට & ලොකුවට දාගන්න..... පස්සෙ නිකං බොරුවට දුක් විදින්න ඕනෙ නෑ නෙ......

කෝමින් කෝමින් හරි කේන්දරේ කියපු කතාව ඇත්ත කරගෙන දෙවනි ලේ සෙලවීමත් වුනා. ඒ පාරනං මුලු පැත්තක්ම වැහෙන්න ප්ලාස්ටර් ගහන්න ඉස්පිරිතාලෙ කට්ටිය වගබලාගත්තා :D දැන් ඉතිං ඒකෙන් වුනේ ඉස්කෝලෙයි පන්තියි තව සුමානයක් යන්න බැරිවුන එක ඒකෙනුත් පාඩුව මටමයි...... මේ ටිකේ ඉතිං හොදට දාඩිය දාන නිසා තවත් සැපයි දැන් ඉතිං ලබන සදුදා වෙනකං මේ දුක විදින්න එපැයි......

කෝල් කරපු මැසේජ් වලින් සුවදුක් ඇහුව හැමෝටම ස්තූතියි

ඉතිං ගෙදර නිකං ඉන්න එකේ කොම්පීතර රාජයා ඉස්සරහා තමා මුලු දවසම මුල් දවස් ටිකේනං ඉතිං ඔක්කොම කලේ වම් අතින් අද තමා ටයිප් කරන්න දකුණත් පාවිච්චි කලේ..... කොහොම හරි විභාගෙ ඉවර වෙනකං සයිබරේට එන්නෙ නෑ කියපු මට ආපහු සයිබරේට එන්න වුනා...... ඉතිං ආපු එකේ ගියපාර 1 50 50 ගැහුවා වගේ (බ්ලොගේට අවුරුද්දයි පෝස්ට් 50 ෆලෝවර්ස්ලා 50) මේ පාර බ්ලොගේට අවුරුදු 2 ලබනකොට 2 100 100 ගහන්න තමා හිතාගෙන ඉන්නෙ ඒකෙනුත් දැන් ෆලෝවර්ස්ලනං හරි පෝස්ට් ගාන තමා දවස් 51ට පෝස්ට් 31ක් ලියන්න තමා මේ පාර ටාගට් එක......

මේ පාරනං කාලයක් මගේ හිතේ තිබුනු සුට්ටං ආසාවක් ඉශ්ට කරගන්නත් එක්ක මගේ කුලුදුල් මෙව්වා එකත් ලියන්න ගත්තා....... බැලුවෙ නැත්තං මෙන්න ලින්කු ටික

ඔබ යන්න ගිහින් 1 කොටස
ඔබ යන්න ගිහින් 2 කොටස
ඔබ යන්න ගිහින් 3 කොටස

කරදරයක් නැත්තං කමෙන්ටුවක් දාලා ෆලෝ පාරක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද

10 ක් හිතුනු දේවල් ලියලා....:

Unknown said...

අඩේ අප්පේ දන්නේ නෑ නේ බන් මේ සින් එක..දැන් කෝම හරි හොදයි නේ , එපමණයි :)
2013 මොකක්ද මල්ලි සීන් එක අවුරුදු උත්සවේට එන්න බැරි වෙන..මොකද ගම රට අත ඇරලවත් යනවද ? විභාගයක්වත් ද ?

කිඩෝ said...

@chamma - ඇයි අෆ්ෆා උපෙ කියලා එකකුත් තියනවනෙ ලියන්න

සංකල්ප said...

ගාල්ලේ ගොඩක් දෙනෙක්ව අදුන ගත්තා. මයත් පුලුවන් හැටියකට එන්ඩ. මේකා විතරමද කොහෙද අදුන ගන්ඩ ඉතුරු වෙලා ඉන්නේ :)

Dinesh said...

දැන් හොදටම සුවයි නම් සතුටුයි.. ලිපි 31 කට දවස් 51 හොදටෝම ඇති.. ලියමු ලියමු..

ආ.. කතවත් කියමින් යන්නේ...

වර්ණා said...

ආපහු ආව එක ගැන ගොඩාක් සතුටුයි. :)

අපේ තාත්තිගේත් ඔපරේෂන් එකක් කළා. එයාත් කියුවා ප්ලාස්ටරේ හෙන තදින් අලවනවලු ෆුල් ඩම් දාලා.

සරත් ලංකාප්‍රිය said...

සාදරයෙන් නැවත පිලිගන්නවා. දොක්කුන්ට මොකට බනිනවාද ? ප්ලාස්ටර් දාගෙන එක එක වැඩ පෙන්නන්න යන්න ඇති !!

Unknown said...

නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව ‍
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යා‍ව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යා‍ව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies

යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
5. වැඩි විස්තර විද්යුාත් තැපෑලෙන් විමසන්න
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org

වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com

Anonymous said...

නාකියා said...

උඹ කෝ????????

සිහින said...

විබාගෙත් ඉවර එකේ ආයෙ මේකෙ අලු ගසා දාල වැඩ අල්ලමු මල්ලි :D

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....