Pages

Sunday, April 24, 2011

කිඩෝගේ ඉස්කෝලයේ මතකයන්

6,7 පන්තිවල ඉන්න කාලෙ යන්න ආසම නැති තැන් අතරට ඉස්කෝලෙ කියන නම අනිවාර්යයෙන්ම ඇතුලත් වුන නමක්. ඒකාලෙ ඉතින් මොකක් හරි හොර ලෙඩක් ඉස්සරහට අරගෙන ඉස්කෝලෙ නොගියපු දවස් අනන්තවත් තියනව.... ඇත්තටම ඒ කාලෙ එහෙම දේවල් කරල ගෙදර නවතින්න තරම් ඉස්කෝලෙට තිබුනු අකමැත්ත මොකක්ද කියල දැන් නම් හිතාගන්න බෑ. 6, 7 පන්තිවලදි අපි හිටියෙ D එ‍කේ මේකට අපේ ඒ කාලෙ හිටපු පිනා කිව්වෙ "ශිෂ්‍යත්ව පන්තිය" කියල මොකද මේකෙ හිටපු ඔක්කොම (එකෙක් ඇර ඌ නං සල්ලි දීල ඉස්කෝලෙට ආපු එකෙක් අන්තිමට විනාස වෙලාම ගියා) 5 ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච හොද මීටර් ටිකක් ඔය කාලෙ අපේ පන්තියට ටිකක් වැඩි වරප්‍රසාද තිබ්බ. අපට ලැබුනෙ අනිත් පන්ති වලින් වෙන්කරල තිබ්බ හොද පන්තියක් හොදම මිස්ල සර්ල තමයි උගන්නන්න ආවෙ. ඒ හින්දම අපට අනිත් උන් තරම් තෙම්පරාදු වෙන්න උනේ නෑ.

කොහොම හරි ඉස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පිනා අයින්වෙලා ගියා. ඊට පස්සේ ඉස්කෝලෙට අලු‍තෙන් ආවෙ ජගත් සර්. සර් කලින් අපේ ඉස්කෝලෙ උගන්නපු සර් කෙනෙක්..... සර්ට මේ ශිෂ්‍යත්ව පන්ති වැඩේ අල්ලල ගියේ නෑ ඉතින් ආපහු අපේ පන්ති කැඩුව ‍මේ වැඩේ හොද වගේම නරක පැත්තකුත් තිබුන. අ‍‍පේහොදට වැඩ කරගෙන ආපු සමහරු විනාස වෙලා ගියා. හොදම උදාහරනෙ බන්ටිය මූ 9 දි බීල චාටර් වෙලා ඉස්කෝලෙන් අයින්කරා හොද කොල්ල ඒ වුනාට අන්තිමට විනාසවුනා ඊට පසසෙ මූ වඩු මඩුවක වැඩ කියලත් කතාවක් ගියා. කොහොම හරි මේ ලගදි දවසක මූ අපේ ගෙවල් ‍ගාව පන්සලට ඇවිල්ල යද්දි හම්බවුනා ඒත් වැඩිය කතාකරන්න උනේ නෑ. මටනම් පන්ති කැඩුව වැඩේ හින්ද හොද යාලුවො ටිකක් අදුරගන්න පුලුවන් වුනා. ඔය කාලෙ ඒ කියන්නෙ අපි 8 දි අපේ උන් හරි හරි බාල්දි පෙරලගත්ත ඒව ගැන පස්සෙ වෙලාවක කියන්නම්.

අපිට ඉස්කෝලෙ එපා වෙන විදිහට වැඩ සිද්ද වෙන්න ගත්තෙ 9 වසරෙ දෙවෙනි වාරෙ පටන්ගත්තයින් පස්සෙ. ඒ අපේ විද්‍යා ගුරුතුමිය හා පන්තිභාර ගුරුතුමිය විදිහට කටයුතු කරපු පුෂ්පා ගුරුතුමිය විශ්‍රාම ගැනීමත් එක්ක අපේ පන්තිභාර විදිහට ආපු සර් නිසා(මේ කාලෙ වෙනකොට මගේ ප්‍රියතම විශය වෙලා තිබුනෙ විද්‍යාව ඇත්තටම මම කවදාවත් හිතුවෙ නෑ මම ආසම නැති විශය විද්‍යාව වෙයි කියල. ඒක එහෙම කරන්න කාටවත් පුලුවන් වෙයි කියලත් මං කවදාවත් හිතුවෙ නෑ) ඒ සර් ( සර් ටිකක් වයසක මන්ද ඩයල් එකක්) ආපු දවසෙ ඉදන් මට විද්‍යාව එපා වුනා මට විතරක් නෙවෙයි මුලු පන්තියටම විද්‍යාව එපාමවෙලා ගියා. අපේ උන් තව වාර 2කින් මේක ඉවරවෙන හින්ද ටිකක් ඉවසන් හිටිය.......


ඒ අවුරුද්දත් ඉවරවෙලා ගියා 10 වසරට යද්දි ප්‍රධාන විශයන්ට අමතරව තව විශයන් 3ක් තෝරගන්න ඕනෙනෙ මම තෝරගත්තෙ ‍ඉංග්‍රීසි සාහිත්‍යයයි, ව්‍යාපාර අද්‍යනයයි, ICTයි 10 වසරට යද්දි අපේ පන්ති කැඩුවෙ තෝරගත්ත අමතර විශයන් වලට අනුව ඉතින් අපේ සෙට් එකෙන් ගොඩක් කට්ටිය වැටුනෙ 11 C පන්තියට දෙන්නෙක් වෙන පන්ති වලට වැටුන. අපිත් ඉතින් අලුත් පන්තියෙ ජොලියෙ හිටිය එතකොට අපේ ජොලියට කෙලවෙලා යන වැඩක්උනා. අපේ පරන විද්‍යාව සර් අපේ පන්තියට ආව. අපිත් බැලුව මොකද කියල මේ (අපි එතකන් හිතාගෙන හිටියෙ අපට විද්‍යාවට චමිලා මිස් එයි කියල) අපට විද්‍යාව කරන්නෙ සර් කිව්වාම අපේ උන්ට(මටත් ඇතුලුව) ඔලුවට පොලු පාරක් වැදුන වගේ උනා. ඇයි ඉතින් අපි වාර 2ක් වින්ද දුක අපිනෙ දන්නෙ දැන් ඉතින් තව අවුරුදු 2ක් කොහොම ඉන්නද........ ටික දවසක් යද්දි අනිත් ලමයින්ටත් විද්‍යාවේ රස තේරුනා අපි සර්ට මුලින් කිව්ව අපට සර් කියන ඒව තේරෙන් නෑ කියල. මූට ගානක්වත් නෑ අපි ගැන. අපේ උන්ටත් මේකට මල ඕවර් ඇයි ඉතින් විද්‍යාවට W එකක් ගන්න බෑ නෙ. වාරයක් විතර යන‍කො‍ට විද්‍යාව පීරියඩ් වල " මොන ***** ද මන්ද, මූ මෙතන ****** කතා කරනව, කියන ***** ‍තේරෙන්න කියපන්, තේරෙන්නෑ ******" ‍වගේ ඒව කියවෙන්න ගත්ත. සමහර වෙලාවට සර්ගෙ මූනටම ‍මේව කිව්ව. වෙන කිසිම ගුරුවරයෙක්ට අපි මෙහෙම කිව්වෙ නෑ ඒ අය හොදට උගන්නල ගුරු ගෞරවේ තියාගෙන හිටිය. ඉතින් අපේ ඔය වැඩ හින්ද අපේ උන් දෙතුන් වතාවක්ම දුරදිග යන කේසුත් ඇදගත්ත ඒ කේස් ඔක්කොම වගේ දාගත්තෙ අපේ එකෙක්. අපි අපේ මේ ප්‍රශ්නෙ ගැන අවසක් ප්‍රින්සිපල් හම්බුන වෙලාවක කිව්ව. ඇත්තටම මේ ප්‍රශ්නෙ සර්ල මිස්ල ඔක්කොම දැනගෙන හිටිය. අපි හිතුවෙ ප්‍රින්සිපල්වත් මොකක් හරි කරයි කියල. ඒත් ප්‍රින්සිපල් කිව්වෙ " ඔහොම තමයි පුතේ එක එක අය උගන්නන ක්‍රම වෙනස් මේ සර්ට විශය ගැන හොද දැනුමක් තියනව (ඇත්තටම සර්ට විශය ගැන හොද දැනුමක් තිබුන) ඒත් ඒක කියල දෙන්න බැරි වීමයි මෙතන තියන ප්‍රශ්නෙ.(යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්න වගේ උගේ දැනුම අපට දෙන්න බැරි නම් ඒක තම්බං කන්නද) ඒක ගැන මට කරන්න පුලුවන් දෙයක් නම් නෑ. ඔයගොල්ලො ටියුෂන් වලින්වත් විශය ගොඩදාගන්න. ඉවසගෙන ඉන්න බැරි වෙලාවට ඉවසපන් පපුව ඉවසපන් කියල ඉවසගෙන ඉන්න" ඇත්තටම අර ඉවසන වැඩේ නං හරි ගියා. අපි 11 වසරට ආවයින් පස්සෙ මුල් වාරෙ දවසක විද්‍යාව පීරියඩ් එකක සර් එලියට ගිය වෙලාවක අපි බීල දාපු අපේ ‍පේලියෙ කොල්ලො දෙන්නෙක් මේක පිපුරුව (එදා අපි හිටියෙ පස්සෙම පේලියේ. අ‍පේ උනුත් ඉතින් හිතෙන දේ කරනවනෙ) කරුමෙට(එක අතකට වාසනාවකට) ඒ වෙලාවෙම සර් පන්තියට ආව. සර්ට මේ වැඩේට හොදටම මල පැන්න. සර් ඒ මලෙන්ම මේක කරපු එකා නැගිටපන්..... මේක කරපු එකා නැගිටපන්..... කියල මැද පේලියක හිටපු ජලිතට ඇගිල්ල දික් කරල " උඔ මෙහාට වරෙන්" කිව්ව ඌ ටිකක් ඇග තියන කොල්ල මු ගත්කටටම බෑ කිව්ව. ඒ පාර සර් අල්ල ගත්තෙ බකලව ඌ පොඩි ඇග එච්චර නැති ඩයල් එකක් අරූ වගේ මූත් නෑ කිව්වට සර් ගනන් ගත්තෙ නෑ සර්



දන්නවනෙ මුට සර්ට ගහන්න බෑ කියල හි හි....... සර් මූ ඇදල අරන් මේක කරපු එකා නැගිටපන්........ මම මූව මරනව කියල අරූට ගහගෙන ‍ගහගෙන ගිය. ඌට පලවෙනි පාර වදිනකොටම අපේ උන් දෙන්න නැගිට්ට....... සර් තාමත් අරූ‍ට හොදට ගහනව හැබැයි ඒව නම් ඌට දරාගන්න පුලුවන් පාරවල් නෙවෙයි මූ බොහොම අමාරුවෙන් සර්ගෙන් බේරිලා පැන්නෙ "තොගෙ අ*** ****" කියාගෙන මූටත් හොදටම මල ඇයි නෙකරපුවරදකටනෙ ගමකට ගුටි කෑවෙ..... අපේ උන් දෙන්නට නම් සර් අතවත් තිබ්බෙ නෑ ප්‍රින්සිපල් ගාවට එක්කං ගියා. ප්‍රින්සිපල් මුන්ට දවස් 3ක් පන්ති තහනම් කරා ඒ ඇර වෙන දඩුවමක් දුන්නෙ නෑ. හැබැයි සර් ඊට පස්සෙ අපේ පන්තියට උගන්නන්න ආවෙ නෑ......... කොහොම එන්නද ප‍ස්සෙ ඉතින් අපට වෙන මිස් කෙනෙක් ආව......

අද නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝල පටන්ගන්නවනෙ ඉතින් ඊයෙ ඉස්කෝලෙට ගියා ඒකයි ඉස්කෝලෙ ගැන ලියන්න හිතුවෙ...... තාම අපට ඉස්කෝල පටන්ගන්න දිනයනක් නැති හින්ද මාර පාලුවෙන් මේ දවස් වල ඉන්නෙ..... ඉස්කෝලෙදි වෙච්ච දේවල් නම් ඕන තරම් තියනව පස්සෙ වෙලාවක කියන්නම්

ප.ලි.
O/Lවල විද්‍යාවට A එකක් ආව ඇත්තටම හිතුවෙනම් C එකක් එයි කියල ..... හැබැයි දැන් නම් අර විද්‍යාව සර් ගැන හිතේ කිසි තරහක් නෑ.....

4 ක් හිතුනු දේවල් ලියලා....:

අනූ said...

:) කිඩෝ මගේ වයසෙමද?(2010 O/L)

කිඩෝ said...

ඔව්නෙ....

Ishara ( DarKneT ) said...

අපිට නම් 9ය වසරටයි 10 වසරටයි හිටියේ ශෝයි චීටර් කෙනෙක්, ඒක හින්දාම ඒ ටීචර් කියල දීපු විඩිහට ඒ දවස් වල නම් පංතියේ ඔක්කොටම විද්‍යාව තරම් දෙයක් තිබ්බේ නෑ :D

KingGuru said...

ක්‍රමෙ හොදයි කියලමයි හිතෙන්නෙ

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....