Pages

Thursday, May 19, 2011

දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!!


සයිබර් අවකාශය කියන්නෙ මහ අමුතු තැනක් අමුතු තැනක් කිව්වෙ ඒකෙ වරදක් නෙවෙයි ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් අරන් තාම අවුරුද්දක්වත් නෑ ඒත් මම මේ බ්ලොග් ලිවීම නිසා යාලුවො ගොඩක් අදුරගන්න තරම් වාසනාවන්ත වුනා ඒත් ඒ වගේම මම අදුරගන්න ගොඩක් ආසාවෙන් හිටපු කිහිපදෙනෙකුත් හිටියා ඒත් අද අවාසනාවකට වගේ ඒ අය අතරෙන් මම අදුරගන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක් මිය ගිහිල්ල කියන ඒ දුක්බර ආරන්චිය ලැබුනා..... දිලුම් අයියා.... එහෙමත් නැත්තං ඉලන්දාරියා..... ෆොටෝ වලින් දැකල තිබුනට කවදාවත් දිලුම් අයියව හම්බවෙන්නවත් කතාකරන්නවත් මට අවස්ථාවක් ලැබුනෙ නෑ....

බ්ලොග් ලියන්න ආපු දවස්වල ඉදන් මම බ්ලොග් කියෙව්ව ඉලන්දාරිය ගැන මම දැනගත්තෙ මේ බ්ලොග් කියවීම නිසා.... දිලුම් අයියට එයාගෙ ජීවිතේ අවසන් කාලයෙ කන් ඇසීමට නොහැකි වුනා ඒත් දිලුම් අයිය එයාගෙ ජීවිතේ අපි ගොඩක් දෙනෙකුට ලබාගන්න බැරි දෙයක් ලබාගත්තා.... ඔව් මොනව අහිමි වුනත් දිලුම් අයියට හොද යාලුවො පිරිසක් ලැබුනා. දිලුම් අයියගෙ බ්ලොග්එක කියවනකොට මේක හොදින්ම පැහැදිලි වෙනවා.....දිලුම් අයිය අප අතරින් වෙන්වුනාට පස්සෙත් බුකියෙ දන්න කියන බ්ලොග් වල හැමතැනම පේන්නෙ දිලුම් අයිය ඒ දිනාගත්ත මිතුරොන්ගෙ හදවත් වල තාමත් අයිය ජීවත් වෙනව කියල..... අයියගෙ බ්ලොග් එකේ තවදුරටත් පෝස්ට් නොවැටුනත් අයිය හැමදාටම අපේ හදවත් වල ජීවත්වේවි......

දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!!!

සන්සාරයේ මතුවටත් අයියාට මෙවන් අකල්මරණ වලට මුහුනදීමට සිදුනොවේවා!!!!

2 ක් හිතුනු දේවල් ලියලා....:

පන්සල් හංදිය said...

දිලුම් සොයුර ඔබට නිවන් සුව .......!

මිකී said...

විටෙක සහෝදරයෙක්, විටෙක මග පෙන්වන්නෙක්, විටෙක ආදරණිය මිතුරෙක්... ඔබ නැති අඩුව අපට දැනේ. සහෝදරයාණෙනි, ඔබට නිවන් සුව!

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....