හැමදාම බ්‍රහස්පතින්දට අපට බද්දෙවිතාන සර්ගෙ පන්තිනෙ ඉතින් ............න් අපි 10ක විතර සෙට් එකක් කලුතර යන්න නගිනවා......මේ සෙට් එකෙන් ඕනෑම වේලාවක කවුරුන්හෝ බයිට් එකට ගන්න සැදීපැහැදී ඉන්නෙ මමයි හසියයි(බ්ලොග් ලියන එකා නෙවෙයි) පොලයි තමයි...... :D මේ සිද්දිය උනේ මාර්තු මාසෙ මුල විතර එදත් අපි සෙට් එක වෙනද වගේම බස්එකක් එනකන් හිටිය.... ඔන්න ටික වෙලාවක් යද්දි තංගල්ල කොළඹ බස් එකක් ආවෙ.... ඔන්න ඉතින් හසියත් අර බස් එක දැක්ක ගමන් "තංගල්ල කොළඹ මචං තේ බොන්න නවත්තයිද දන්නෑ....." කියල මුගේ මුසල කට ඇරියා. අපිත් ඉතින් ඕක ගනං ගන්නෙ නැතුව නැග්ග බස් එකට මොකද ඒකෙ හිස් ෂීටුත් තිබුන ඉතිං කවුද වාඩිවෙලා යන්න තියන චාන්ස් එක අතඅරින්නෙ...... මාත් ඉතින් බස් එකට නැගල අපේ සෙට් එකත් එක්ක පිටිපස්සෙම ෂිට් එකේ වාඩිඋනා විතරයි මෙන්න බස් එක පැත්තකට කරල නවත්තපි ........ල් හෝටලේ ගාව..... අපි නැග්ග තැන ඉදන් විනාඩි 2ක විතර දුර..... මදැයි වාඩිවෙලා යන්න නැග්ග වැඩේ චාටර් උන හින්ද අපිත් ෂේප් එකේ බස් එකෙන් බැස්සෙ හසියගෙ මූසල කටට බැන බැන..... අර වගේ චාටර් එකක් කාපු බස් එකට ආපහු නගින්න බැරි නිසා එතන පාරට වෙලා ඉදලා වෙන බස් එකක නැගල පන්ති ගියා.... පොඩ්ඩක් ඉන්න තාම කතාව ඉවර නෑ..... ඔන්න ඉතින් ඊලග සතියෙත් අපි පන්තියන්න පුරුදු තැනට ආවෙ තංගල්ල කොළඹ බස් එකකට අඩියක් තියන්නෙ නෑ කියල තීරනය කරගෙන ඉතින් එදා තංගල්ල කොළඹ නොවන බස් එකක් එනව දැකල හසියගෙ කටටත් "වහගෙන හිටු" නියෝගයක් නිකුත් කරලා බස් එකට නගින්න සෙට්උනා ගිය සතියෙ කාපු චාටර් එක නිසා මම බස් එකට නගිනකොටම කොන්දගෙන් "අයියෙ තේ බොන්න නවත්තනවද කියල ඇහුව" මූත් ටිකක් අමුතු විදිහකට හිනාවෙලා " නෑ නෑ මල්ලි" කිව්ව ඉතින් මාත් බය නැතුව බස් එකට නැග්ගා.... ඌ එහෙම කිව්වට මෙන්න බොලේ එදත් බස් එක ........ල් හෝටලේ ගාව නැවැත්තුව...... දෙවනි දවසෙත් උදේ පාන්දරම චාටර් එක කාගෙනම බස් එකෙන් බැස්සා...... :D බස් එකෙන් බැහැල ටිකක් එහාට ගියාම හසිය කියනව " මචං ඒ ගිය සතියෙ තංගල්ල බස් එකේ හිටපු කොන්දමයි බං අපි බස් එකට නැග්ගහම මූ මට කිව්වා මේ ගිය සතියෙත් නැග්ග මල්ලිල ටිකම නේද? අදත් තේ බොන්න නවත්තනව හොදේ" කියල...... ඉතින් එකම කොන්දගෙන් දෙවරක් පිට පිට චාටර් වීමට තරං මෝඩ වීම ගැන අපිටම දොස් පවරාගනිමින් වෙන බස් එකකට නැග්ගෙමු.......
Saturday, April 30, 2011
කොන්දගේ බයිට් එක

Friday, April 29, 2011
මම, අපේ එකා සහ ජොකා......

අද නං මම කියන්න යන්නෙ මට ඉස්කෝලෙදි වෙන්න ගිය චාටර්ම සිද්දියක්...... මේක මං 11 වසරෙ ඉන්නකොට වුනු සිද්දියක්.... දවසක් ඕෆ් පීරියඩ් එකක පුරුදු විදිහටම අපේ සෙට් එක පන්තිය ඉස්සරහ කොරිඩෝ එකට වෙලා කයියක් ගහගෙන හිටියා..... ඔන්න එතකොට අපේ කොටා දුවගෙන ඇවිල්ල කියාපි "මචං ...... ජොකෙක් තියනව දාමුද ........ ගෙ ඔලුවට" කියල ඉතින් මං ඇහුව කාගෙද මචං ජොකා කියල, මුං මොන වගේ ජොකෙක් දාන්න යනවද කියල දන්නෙ නෑ නෙ....... මචං ....... අයියගෙ ජොකා ඊයෙ අපිත් එක්ක නාන්න ගිහිල්ල වයලගෙ බෑග් එකේ දාපුගමන් ඌට ගන්න අමතකවෙලා ඒක තාම අරූගෙ බෑග් එකේ...... ඔන්න ඉතිං මමත් වැඩේට දෙපාරක් හිතන්නෙ නැතුව කැමතිඋනා (ඒ දවස්වල හිතට එන ඕනෙ දෙයක් කරන්න අපි සැදීපැහැදී හිටියෙ තාමත් සමහර වෙලාවට එහෙමයි හි හි :D .......) කොටාල කට්ටිය ලගට යනකොට අරූ සැක හිතනව මොකද අපේ සිංහල මිස් කියල විදිහට මුං තමයි පන්තියෙ හොදම අණ්ඩපාලයො ටික (මම නං ඉගනගන්න ගණය අණ්ඩපාල ගණය කියන දෙකටම අයත්..... හැබැයි ඉගනීම පැත්තට තමයි වැඩි බරක් තිබුනෙ..... ) ඉතින් අරූ සැක හිතන එක අහන්නත් දෙයක්ද...... අන්තිමට වැඩේ පැවරුනේ මට මොකද අරූ මං ගැන සැක හිතන්නෑ නෙ..... ඉතින් මමත් හිමීට අරූගෙ පිටිපස්සට ගිහින් මුගේ ඔලුවට ජොකා දැම්මා...... එතකොටම අනිත් උන් ටික මුට සටපට ගාලා ගහගෙන ගියා..... අරුත් පුලුවන් තරම් ඉක්මනට ජොකා ඔලුවෙන් ගලවල වීසි කරා මේක ගිහින් වැටුනෙ ඒ පේලියෙම කොල්ලෙක්ගෙ ඇගට මුත් නිකං ජීවිතේට ජොකෙක් ඇදල නැති එකෙක් වගේ පො...... සවුන්ඩ් එකක් දාගෙන ඒක වීසි කරේ නැද්ද කෙල්ලොන්ගෙ පැත්තට හුටා ජොකා කෙල්ලෙ ක්ගෙ පොතක් උඩ...... මට දෙලෝ රත්උනේ ඒකි අපේ මිස්ගෙ රූම් එක පැත්තට යනකොට... මමත් ඉතින් දුවල ගිහින් ආනේ බං කියන්න එපා කිව්වොත් මං ඉවරයි මමයි අරූගෙ ඔලුවට ජොකා දැම්මෙ කියල පින්සෙන්ඩු වෙලා ඒකිව නවත්ත ගත්තා.... මිස් ලගට ගියානම් මං ඉවරයි හි හි ......... පස්සෙ නීශා මිස් ඇවිල්ල මට හොදට බැන්න එයාගෙ රේඩාර් එකට අපි මැස්සෙක් මැරුවත් අහුවෙනවනෙ....... ඔයින් ගියා ඇති
Labels:
ඉස්කෝලේ
Thursday, April 28, 2011
අම්මටහුඩු මුරුංගා.....

අදින්නා දානා.... නෑ නෑ සිල් පදේ නෙවෙයි මුරුංගා. ඉස්සර මං ආසම එලවලු වලින් එකක් හැබැයි කාපු කාලයක් මතක නෑ මතක විදිහට අන්තිමටම මුරුංගා කෑවෙ දැනට අවුරුදු 3 කට විතර කලින්...... කට්ටිය බලයි මොකෝ යකෝ මුට මේ එකපාරට මුරුංගා මතක්වෙලා තියෙන්නෙ කියල..... නැ නැ මමත් මේ අහම්බෙන් දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක් Moringa A Miracle Tree කියල මාත් ඉතිං මොකක්ද මේ ආශ්චර්ය්‍යමත් ගහ කියල බැලුව(Moringa කියන්නෙ මුරුංග වලට කියල මට මීටර්උනේ නෑ නෙ.....) අම්මටහුඩු මෙන්න මුරුංගා,,,,, මුරුංගා කියන්නෙ ආශ්චර්ය්‍යමත් ගහක් කියල කලින් අහල තිබුනෙ නැති හින්ද හිතේ තිබුනු සැකේ යන්නත් එක්ක වීඩියෝ එක බැලුවා.
Moringa A Miracle Tree මෙතනින් බලන්න
මුරුංග වල මෙච්චර ප්‍රයෝජන තියනව කියල දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් නොදන්න අනිත් අයටත් දැනගන්න කියල ලියල දැම්ම....
අපේ ස්ට්‍රයික්......
ඔන්න අම්ම හදපු බෙලි කෝප්පයක් බීල මොකක් හරි ලියන්න කියල වාඩිඋනා :D ...... ලියන්න දෙයක් හිතනකොට මතක්උනේ කලින් පෝස්ට් එකේදි අපේ ස්ට්‍රයික් එක ගැන කියනවා කිව්ව නේද කියල.... කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තං මෙතනින් බලන්න.... මේ සිද්දිය උනේ අපි 11 වසරෙ ඉන්න කාලෙ දිනෙත් එක්ක කියනවනං 2010 ඔක්තෝබර් 11වෙනිදා..... ඒ කාලෙ ඔය ලංකාව පුරා O/L කරන්න ඉන්න ලමයින්ට සෙනසුරාදා සම්මන්ත්‍රණ මාලාවක් තියාගෙන ගියානෙ. අපේ ඉස්කෝලෙ මේන් හෝල් එකේ තමයි මේ සම්මන්ත්‍රණ තිබුනෙ. ඒ කාලෙ මේන් හෝල් එකේ හිටියෙ 6 වසරෙ ළමයි. ටික දවසක් යද්දි 6 වසරෙ මිස්ල අපට කේස් එක ඇද්දා හැමදාම සම්මන්ත්‍රණ වලින් පස්සෙ මේන් හෝල් එක සුද්ද කරන්න ගිහිල්ලා හැමදාම 6 වසරෙ ළමයින්ගෙ මුල් පීරියඩ් එකේ වැඩ කරන්න බැරි වෙනවයි කියලො. ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න කවුරු හරි මොලේ ඇති (නැති) එකෙක් නිගමනයකට එලබුනා තව මාස 2 කින් O/L කරන ළමයින්ට පීරියඩ් එකක් මිස් වෙනවට වඩා 6 වසරේ ළමයින්ට පීරියඩ් එකක් මිස් වීම ඉතා බලවත් පාඩුවක් කියල. ඉතින් ඔන්න ඔහොම තීරනයඋනා 11 ළමයි මේන් හෝල් එකට දාලා 6 වසරෙ ළමයි 11 වසරෙ පන්ති වලට දාන්න ඕනෙයි කියල. එතකොට 11 වසරෙ ළමයින්ටනෙ මුල් පීරියඩ් එකේ වැඩ කරන්න බැරි වෙන්නෙ..... කොහොමද ටිකිරි මොලේ...... :D
ඔන්න ඉතින් වැඩේ වෙන්න කලින් අපට නිව්ස් එක ආව.... කරන්න දෙයක් හිතාගන්න බැරිඋන හින්දා අපි තීරනය කරා පන්තිය ඇතුලෙම ඉන්න. ඔන්න ඉතින් තීරනේ සම්මත වෙච්ච හින්ද අපි පන්තියේ දොරට ඉබ්බ දාල ඇතුලට වෙලා හිටිය. ටික වෙලාවක් යද්දි 6 වසරෙ උන් මිස්ලත් එක්ක ඩෙස් පුටු අරගෙන 11 වසර පැත්තට ආව 11 A, B පන්ති දෙක කිසි විරෝදයක් පාන්නෙ නැතුව පන්ති වලින් අයින්උනා. 6 වසරෙ පොඩිඋන් ටික අපේ පන්තිය ගාව හිටගෙන ඉන්නව... උන්ට ඇතුලට එන්න බෑනෙ. මිස්ලත් ඇවිල්ල බලල යනව අපිව එලවන්න මිස්ලට බෑනෙ හි හි.... අපි අපේ පාඩුවෙ වැඩක් කරගෙන හිටියා. ඔහොම විනාඩි 20ක් විතර ඉන්න පුලුවන් උනත් අන්තිමට අපට එලියට බහින්න උනා... :( දැනට කරන්න දෙයක් නැති හින්ද අපිත් ගියා පන්තියට ඒ පන්තය දැක්කහම ඕවර් වෙලා තිබ්බ මල දෝරෙ ගලායන්න ගත්ත.... ඒක නිකං කුකුල් කොටුවක් වගේ පන්ති 3 වෙන් කරලත් නෑ A, B පන්ති දෙක දෙපැත්තෙ අපි මැද A, B 2 වැඩ කරන එකෙක් හිටියෙ කලාතුරකින් ඉතින් අපිත් පාඩමක් කරල හමාරයි :( බ්ලැක් බෝඩ් එකක් තිබුනා අඩුම ගානෙ වාක්‍ය 10ක රචනාවක්වත් ලියන්න ඉඩ නෑ....ඉතින් මේ ගැන මල පැනල හිටපු අපි ඊලග දවසෙ ඉස්කෝලෙ වර්ජනය කරන්න තීරනය කරා පස්සෙ අපේ පන්තියෙ ළමයින්ට මේක කිව්වහම උනුත් කැමතිඋනා. ඒ වෙලාවෙ ඉස්කෝලෙ ඇරපු නිසා අපිත් එලියට ආව.... ඔන්න ඔය විදිහට තමයි මගේ උපන්දිනේ දවසටම අපේ වැඩවර්ජනේ සෙට් උනේ
මං ගෙදර ආවත් තාමත් මේ සිද්දියට ෆුල් මලෙන් හිටියෙ ඒකෙ දුකටම ගෙදර ආපු ගමන් අපට වුනු අසාදාරනේ ගැන අම්මයි තාත්තයි ඉදිරිපිට ෆුල් ආවේගශීලී කතාවක් පැවැත්තුවා.(මේ වැඩේ හින්ද මම උග්‍ර සමාජවාදියෙක් වෙයි කියල අම්ම බය වෙලා තිබුන.. හි හි...මට නංගි පස්සෙ කිව්වෙ..) හැබැයි අම්මයි තාත්තයිනම් මේ වැඩවර්ජන වැඩේට කැමතිඋනේ නෑ.... තාත්ත කිව්වෙ මේක කතා කරල විසදගත්තනං හරි කියල. මම නං මේව අහන්න පුලුවන් තත්වෙක නෙවෙයි හිටියෙ... ඉතිං මං දුක අඩුවෙන්නත් එක්ක ෆේස්බුකිය පැත‍්තෙ ගියා. එතකොට ගොඩයා (අර සපත්තුව වීසිකර එකා) ඔන්ලයින් මූ එදා ඉස්කෝලෙ ආවෙ නැති නිසා මූට ඉස්කෝලෙ තත්වෙ කියලා 12 එන්න එපා කියල කිව්ව. ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මම කූල් ඩවුන් වෙලා මනස ටිකක් විතර සන්සුන්උනා. ඊට පස්සෙ තව ටිකක් හිතල බලනකොට තමයි තේරුනේ ගත්ත තීරනේ වැරදියි කියල. මම සාමාන්‍යයෙන් පොරෙන්දුවක් දුන්නහම ඒක කඩන ජාතියෙ එකෙක් නෙවෙයි. :D ඉතින් කොච්චර වැරදි තීරනයක් උනත් ඊලග දවසෙ ඉස්කෝලෙ ගියේ නෑ......
13න් වෙනිද ගියාම තමයි දන්නෙ වැඩේ අති සාර්ථකයි කියල. එදා ඇවිත් තියෙන්නෙ ළමයි 3 දෙනයි ඒ තුන්දෙනාම 11 ආපු නැති අය... බකලයි, ධනුෂ්කයි දෙන්න මේක ගැන දැනගෙන හිටියෙ නෑ.... අනිත් එකා ගොඩය ඌට එච්චර කියලත් ඌ ආවා...... හැබැයි ඒ කරපු වැඩෙන් අපට අපේ පන්තිය නං ආපහු ලැබුනෙ නෑ. පස්සෙ මුලු පන්තියම ගිහිල්ල ප්‍රින්සිපල්ව හම්බවෙලා මේක ගැන කතා කරා..... කෙහොම හරි අන්තිමට අපට අපේ පන්තිය ලැබුනා.... හැබැයි එතකොට පාඩමක් හරියට කරන්න තරම් කාලයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ....
ප.ලි.
ඒ වැඩෙන් එක හොදකුත් උනා මට විෂ්වාස කරන්න පුලුවන් පොරොන්දු රකින අයව හා කිසි විෂ්වාසයක් තියන්න බැරි උන්වයි හරියට අදුරගන්න මට පුලුවන් උනා.....
Labels:
ඉස්කෝලේ
Wednesday, April 27, 2011
ඔලුවට අයියෙ වැටුනෙ......

පන්ති ගිහිල්ල ඇවිල්ල කරන්න වැඩක් හිතාගන්න බැරිඋන නිසා බ්ලොග් එක පැත්තෙ ආව. ලියන්න දෙයක් මේ වෙලාවෙ මොලේට එන්නෙත් නෑ..... ඉතින් ඉස්කෝලෙ දි වුන සිද්දි ටකක් කියන්න හිතුව..... මේ සිද්දිය උනේ අපේ ස්ට්‍රයික් එක ඉවරවෙලා සති තුනක් විතර ගියාට පස්සෙ (ස්ට්‍රයික් කතාව පස්සෙ වෙලාවක කියන්නං)..... ඒදා අපේ ඉස්කෝලෙ රූකඩ සන්දර්ශනයක් තිබුනා මේන් හෝල් එක ඉතින් C එකේ කට්ටියත් D එකට ගියා. එදා අපේ පන්තියෙ උන් 10 ක් විතර හිටියෙ කොහොමත් O/L ලං වෙනකොට ලමයි එනව අඩුයිනෙ. හැබැයි ඒ අන්තිම කාලෙ තමයි හොදටම ඉගැන්නුවෙ/ ඉගනගත්තෙ ළමයි 50කට උගන්නනවට වඩා 10කට උගන්නනඑක ලේසියිනෙ.... මුල් පීරියඩ් 2 D එකේ ඉදලා ගනං පීරියඩ් එකේ ලැබ් එකට ගියා ඒ පීරියඩ් එක ඉවරඋනාම අපි ඉතිං මිස්ට ආපේ දුක කියල ලැබ් එකේම නවතින්න අවසර ගත්ත ඊලග පීරියඩ් එකේ මිස් හිටපු නැති හින්දා මමයි ටුක්කයි නිරෝෂුයි කැන්ටිමට ගිහිල්ල වඩේ 3ක් කාල වඩේවල ගුණ දොස් විචාරයක යෙදෙමින් ලැබ් එකට ආව ඒ එනකොට අපේ උන්ටික බකලගෙ ( අර විද්‍යාව සර් ගෙන් ගමකට කාපුඑකා ) සපත්තුව ගලවලා පාස් කරනව. මුගේ සපත්තු 2 මොකක්හරි වෙලා මූ එදා දාගෙන ඇවිල්ල තියෙන්නෙ මුගේ තාත්තගෙ සපත්තු 2ක්. මුගේ තාත්ත පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. කෙනෙක්. ඒ සපත්තු 2 මූට ටිකක් විතර ලොකුයි. අපේ උන්ගෙ සපත්තු පාස් වැඩේට මාත් එකතුඋනා. ඔහොම මගේ අතට සපත්තුව ආපුවෙලාවක ගොඩයා (මුටත් වෙච්ච මරු සිද්දි ටිකක් තියනව ඒවත් පස්සෙ වෙලාවක කියන්නම්) මචං ........ ඕක මට දාපං කිව්ව මාත් එහෙම්මම ඒක ගොඩයට දැම්ම. අපි හිටිය ලැබ් එක තිබුනෙ තට්ටු 3 බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ. මූ සපත්තුව අතටගත්ත ගමන් ඒක ජනේලෙන් එලියට වීසි කරා....... චින්තකයයි තව එකෙකුයි ඒ වෙලාවෙම පහලට දිව්ව සපත්තුව අරගන්න. මමත් පහල මොකෙක්වත් හිටියද දන්නෑ කියාගෙන ජනේලෙන් එබිල බැලුව. කිව්ව වගේම පහල පොඩි එකෙක් ඔලුවත් අල්ලගෙන හොල්මං වෙලා ඉන්නව. සපත්තුවත් මූ ගාව බිම. සපත්තුව මුගේ ඔලුවට වැටිලා තියෙන්නෙ එක පාරට ඔලුවට අහසෙන් සපත්තුවක් වැටුන පාර මූත් හොල්මං වෙලා. ඒ වෙලාවෙ ඔතනට A/L අයියල සෙට් එකක් ඇවිත් සපත්තුව ගත්තා මුං ටික සපත්තුව ගන්නකොටම අපේ උන් දෙන්නා ඇවිල්ලා සපත්තුව ඉල්ල ගත්ත..... නැත්තං සපත්තුව කොහෙන් නවතියිද දන්නෑ..... අපේ වෙලාවට පහල පොඩි එකෙක් හිටියෙ බැරි වෙලාවත් සර් කෙනෙක් හිටියනං අපි ඉවරයි..... හි හි..... සපත්තුව ගන්නගිය අපේ එකෙක් ඇවිල්ලා කියනව පව් බං අර පොඩි එකාගෙං සපත්තුව ඇගටද වැටුනෙ ඇහුවාම මූ හෙන අහිංසක විදිහට කිව්ව ඔලුවට අයියෙ වැටුනෙ...... කියල..... හි හි
Subscribe to:
Posts (Atom)