Pages

Wednesday, April 25, 2012

ඔබ යන්න ගිහින් 1 කොටස



ඒ ලෙවල් ඉවර නිසා මේ දවස් වලනං හොදට දවල් වෙනකං නිදාගන්න එක තමයි..... අදත් හොදට නිදාගෙන ඉන්නකොට අඩ බඩ ගාලා ෆෝන් එක රිංග් වෙන සද්දෙට ඇහැරුනා....... උදේ පාන්දරම අමිලයගෙන් කෝල් එකක්.. අෆරාදෙ හොද නින්දක් දගෙන හිටියෙ කොහෙද මේ යකා නිදාගන්නවත් දෙන්නෙ නෑනෙ.... නින්ද කඩපු මලෙන්ම ෆෝන් එකට ආන්සර් කලා

මොකද යකෝ මේ පාන්දරම

මොන පාන්දරක්ද බොල දැන් නමයට පහයි

මොන රෙද්ද හරි හොද නින්දක් දාගෙන හිටියෙ මොකෝ කෝල් කලේ

මචං මේ පොඩි ගමනක් යන්න තියනවා යමන්ද?

කොහෙද

අරකිට අද 10ට පන්තිලු යමන්ද

අන්න ඔහෙම කියන්න එපැයි මල්ලි යමං යමං මගේ එකත් අද ඒවි

එලනෙ හේනං 9.30ට අපේ ගෙදරට වරෙන්

එල

කෝල් එක කට් කරලා එහෙම්මම අනිත් අතට කෙල්ලට අද පන්තිය ලගට එනවා කියලා මැසේජ් එකක් දාපු මම මූන කට හෝදගෙන ලෑස්ති වුනා

ටී ටීක් ටී ටීක් කෙල්ලගෙන් මැසේජ් එකක්

අනේ අයියෙ අද මට උන වගේ අද මම පන්ති එන්නෙ නෑ

ආ ඔය කෙලලා තියෙන්නෙ තාප්පෙටම..... ඇඩෙනවා කරන්න දෙයක් නෑ දැන් ඉතිං අමිලයා එක්ක ගිහින් පැත්තකට වෙලා ඉන්නවා උන් දෙන්නට ඕනෙ මගුලක් කරගන්න කියලා

උදේ පාන්දර වැදුන පොල්ල ගැන දුක්වෙවී අමිලලෑ ගියා සික් මේකිට ලෙඩ වෙන්න වෙන දවසක් තිබුනෙම නෑ නෙ

කෝමින් කෝමින් හරි අමිලලෑ ගෙදර යනකොට ඌත් කලින්ම ලෑස්තිවෙලා බලාගෙන ඉන්නවා මම එනකං ඉතිං එහෙම්මම උගේ බයික් එකේ නැගලා පන්තිය ගාවට ගියා

කෙල්ල 9.40 වෙද්දි එනවා කිව්වා බන්  දැන් ඇවිල්ලා ඇත්තෙ වරෙන් යන්න බලන්න අමිලයටත් කෙල්ල හම්බවෙන්න හදිස්සිය

උබ පලයන් මගේ එක අද ලෙඩ වෙලා එන්න වෙන්නෙ නෑ කිව්වා මම මෙතන්ට වෙලා ඉන්නං

හෆෝ බොගේ එක ලෙඩ වාට්ටුවක්නෙ  මටත් කිංඩියක් දාගෙන අමිලයා පන්තිය ගාවට ගියා මමත් ඉතිං ෆෝන් එක අරගෙන කෙල්ලට මැසේජ් කරන්න ගත්තා

“මල්ලි මේ හරියෙ ගැරෙජ් එකක් තියනවද වාහනේ හටි ගමන් නතර වුනා“ එකපාර මගේ පිටිපස්සෙන් සද්දයක් ආවා හැරිලා බලනකොට අවුරුදු 25ක් විතර වයස හොදට ඇදගත්ත කොල්ලෙක් අතේ පොඩි බෑග් එකක් තිබුනා මාත් ඉතිං එච්චර ගනංගත්තෙ නෑ

ඔය පේන පාරෙන් හැරිලා ටික දුරක් ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ ඇති කියලා මිනිහට පාර පෙන්නපු මම ආපහු ෆෝන් එක දිහා බලාගත්තා

හරි මල්ලි තෑන්ක්ස් කියාගෙන මිනිහා යන්න ගියා

ඒ කියලා තත්පර 10ක් වුනේ නෑ එකපාර මහ හයියෙන් බ්රේක් වදින සද්දයක් එක්ක දඩාස් ගාලා සද්දයක් ආවා හැරිලා බැලින්නං මගෙන් දැන් පාර අහපු කොල්ලා ලේ පෙරාගෙන වැටිලා හිටියා ඊට මීටර් කීපයක් එහායින් පාරෙ අයිනෙ පොල් ගහක වැදිලා ඉස්සරහා කුඩු වුන කාර් එකක්.....

මුකුත් හිතාගන්න බැරිවුන මම ඉබේටම වගේ මගෙන් පාර අහපු කොල්ලා ගාවට දිවවුනා.......

ඒ වෙනකොටත් මිනිහගෙ ඔලුවෙන් ලේ යනවා කොල්ලා මොකක් හරි කියන්න ට්‍රයි කලත් වචන හරියට පිටවුනේ නෑ මම කොල්ලගේ මූන ලගට තව ටිකක් ලං වෙලා කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ට්‍රයි කලා මල්ලි මේක ඔෂිනිට දීපන් අන්තිමට ගොත ගහලා කියාගන්න ඌට පුලුවන් වුනා මේක කිව්වේ ඌ අතේ තියන් හිටිය බෑග් එක වෙන්න ඇති කියල මට හිතුනා ඒ වෙලාව වෙනකොටත් ඒක එතන බිම වැටිලා තිබුනා

මේ ඔක්කොම වෙන්න විනාඩි බාගයක්වත් ගියේ නෑ ඒ වෙනකොටත් වටේ පිටේ මිනිස්සු එතනට වට වෙලා තිබුනෙ වෙලාවට එතනට ආපු ත්‍රීවීල් එකක් තුවාලකාරයා දාගෙන ඉස්පිරිතාලෙට ගියා..... ඊට කලින් එතන බිම තිබුන බෑග් එක ගන්න මට පුලුවන් වුනා

එතකොටම වගේ අමිලයත් හති දාගෙන දුවගෙන ආවා

අඩේ කවුද ඇක්සිඩන්ට් වුනේ මම හිතුවේ බොට කරදරයක් වුනා කියලා දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ අමිලයා හති දානගමන්ම කියාගෙන ගියා

නෑ නෑ බන් මේ මගෙන් ලගපාත ගැරෙජ් එකක් තියනවද කියලා කොල්ලෙක් ඇහුවා උට පාර පෙන්නලා මේ පැත්ත හැරිලා තත්පර 10ක් වුනේ නෑ ඌ කාර් එකක වැදිලා දැන් ත්‍රීවීල් එකක දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා කාර් එකේ එකානං එතනම ඉවරයි

හරි හේනං යමං ගෙදර මේ රෙද්ද හිංද කෙල්ලත් දාලා දුවගෙන ආවෙ

පොඩ්ඩක් ඉදහං අරූට කොහොමද දන්නෑ යමං බලන්න ඉස්පිරිතාලෙට

පොඩ්ඩක් හිටහං අපේ අක්කට කෝල් එකක් දාලා බලමු එතනිං කරාපිටි යවලා තිබුනොත් අපි යන එකේ වැඩක් නෑනෙ එහෙම කියපු අමිලයා උගේ අක්කට කෝල් එකක අරන් පැත්තකට ගියා ඒ අතරෙ මම බෑග් එක ඇරලා ඒකෙ තිබුනේ මොනවද කියලා බැලුවා පොත් වගයක් පොත් කිව්වට ඩයරි වගයක් වගේ එකක් එලියට අරන් බලන්න යනකොටම අමිලයා එතනට ආවා

ඌ ගේනකොටත් මැරිලලු බන් යමං දැංවත්

පොඩ්ඩක් අක්කගෙන් අහපංකො උගේ විස්තර නම ඇඩ්‍රස් එක අනංමනං

මොන රෙද්දකටද බන් බොට උගේ විස්තර

නෑ බන් ඌ මේ පාර්සලේ කාටද දෙන්න කිව්වා

අනේ තෝත් දාගන්න ලෙඩ හිටු මම අක්කට ආයෙ කෝල් කරන්න.... දැන් මොනවද ඔය පාර්සලේ තියෙන්නෙ

ඩයරි වගයක් වගේ බං

මොන රෙද්දකටද තෝ ඕක ගත්තෙ

නෑ බන් ඌ මල්ලි මේක දෙන්න කියලා කිව්වාම මම බෑ කියන්නයයැ අනික ඌ මැරෙයි කියලා මම හිතුවයැයි

හරි හරි අක්කා ඒ විස්තර මැසේජ් කරන්නං කිව්වා දැන් උබ ඕක ඔය කිව්ව කෙනාට දෙන්නද හිතං ඉන්නෙ අඩුගානෙ උබ දන්නවද ඔය කියන කෙනා ඉන්නෙ මොන තූත්තුකුඩියෙද කියලවත්

නෑ බන් සමහර විට මේ ඩයරියක ඔය කිව්ව කෙනාගැන විස්තර නැති වෙන්නත් බෑ පොඩ්ඩක් ගෙදර ගිහිං කියවලාම බලන්න ඕනෙ..... එහෙම හොයාගන්න බැරි වුනොත් උගේ ගෙදර අයට හරි දෙන්න පුලුවන්නෙ ඒකයි ඇඩ්‍රස් එක ඉල්ලගන්න කිව්වෙ

උබේ කැමැත්තක් ඉතිං දැන් යමං අක්කා විස්තර ටික එව්වාම මම උබට ෆෝවර්ඩ් කරන්නං

මාවත් අපේ ගෙදර ගාවින් බස්සගෙනම අමිලයා ගියා..... කාමරේට ගිහිල්ලා පොත් ටික පැත්තකිං තියලා අත්වල ගෑවිලා තිබුන ලේ එහෙම හෝදගෙන බිස්කට් දෙකතුනකුත් අතට ගත්ත මම ආපහු කාමරේට ආවෙ ඔෂිනි කියන්නෙ කවුද ඉන්නෙ කොහේද කියලා විස්තරයක් ඩයරියේ ලියලා තියනවද කියලා බලන්න හිතාගෙන.........

9 ක් හිතුනු දේවල් ලියලා....:

Asanka Udayanga said...

එල එල දිගටම ලියාපන් මලේ,කතාව නම් හොඩයි වගේ

මාතරේ said...

එල.. සිරා වගේ ලියල තියෙනව.. 2වෙනි කොටස එනකන් බලං ඉන්නේ... :D

Dinesh said...

මේක ඇත්තම කතාවක්ද මලයා.. නියමයි..

....ජනියා.... said...

සිරාවටම ඇත්ත කතාවක්ද?? ආරම්භය නියමයි

Raj said...

මචො ප්‍රෙමෙන් පිරිච්චි කතාවක් නොකරගෙන මෙක ටිකක් කුතුහලේ ඇතිවෙන විදිහට ලියහන්..අපො ප්‍රෙම කතා කියවල එපාවෙලා බං

කිඩෝ said...

ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි
50% කට වඩා ඇත්ත
@ රාජ් - ප්‍රේමෙන් නං පිරෙන එකක් නෑ බලමුකො මගේ මුල්ම ට්‍රයි එකනෙ

Unknown said...

Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

Mitsuha Miyamizu said...
This comment has been removed by the author.
Anonymous said...

Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....