Pages

Thursday, December 29, 2011

සයිබර් මිතුරන් ආයෙත් ගාල්ලට සෙට් වන වගයි!!!!!!!!!

ඕං 2012 උදේ පාන්දරම හිච්චං සෙට්වීමක් වෙන්නලු යන්නෙ ......... ඔව් ඔව් 2012 බ්ලොග් අවකාශෙ උන් සෙට් වෙන මුල්ම ගෙට්ටුව ගාල්ලෙ තියන්නයි ලෑස්ති වෙන්නෙ....... මතක ඇතිනෙ ගියපාරත් අපි සෙට්වුනා ගාලු කොටුවට...... හැබැයි ඉතිං ඒක දාපුගමන් කස්ටිය කිව්වෙ බොල අපිටත් කියලා ගියනං නරකයි නේ කියලා...... හිහි ඒ ගෙට්ටුව ඉතිං මේ හදිස්සියෙ සෙට්වුන ගෙට්ටුවක්නෙ ගාල්ලෙ වැසියො (දැන් බෙන්තර පාලමෙන් එහා) ගෘපියෙන් සෙට්වෙලා දිනයක් කතාකරගෙන ටුං ගාලා සෙට්වුනා ඉතිං වැඩි දෙනෙක්ට ඒක කියන්න වුනේ නෑ.....

ඔන්න ඉතිං මේ පාර පෝස්ටුවකුත් දාලම වැඩේ පටංගන්න හිතුවා...... එතකොට කාටවත් කියන්න බෑ නෙ අපි කලින් කිව්වෙ නෑ කියලා...... කෝමද ටිකිරි මොලේ......
------------------------------------------------------------------------------------------

අඩේ අවුරුදු ගානකට පස්සෙ ත්‍රිපෝෂ වගයක් හම්බුනා..... තාමත් ඉතිං පොඩි එකා තමා අපි කවද්ද දුන්න දේකට එපා කියන්නේ.... ඕං ඉතිං ඒවා දුන්න ඇත්තන්ට පිං සිද්ධ වෙච්චාවෙ කියලා ඒ ටික කනගමන්ම මේකත් ටයිප් කරලා දානවා
------------------------------------------------------------------------------------------
අලි කෝම හරි මේක මේ මහාපරිමාන ගෙට්ටුවක්නං නෙවේ ටිකදෙනෙක් සෙට් වෙලා හොද ආතල් එකක් ගන්න සෙට් කරපු එකක් (ගියපාර වගේ) ගාල්ලෙ උන්ට විතරයි කියලා කතාවක් නෑ ලංකාවෙ එහා කොනේ හිටියත් එදාට එන්න පුලුවන්නං එන්න (දැන් හයිවේ එකත් තියන එකේ ඔය කොලඹ පැත්තෙ ඇත්තොන්ට එන්න බැරි කමක් නෑනෙ)

අහ් දැන් සෙට්වෙන තැන අනංමනං සීන් කෝන් ටික කියලා දාන්නත් එපැයි......

මේ පාර අපි සෙට්වෙන්න තෝරගත්තෙ කවුරුත් වගේ දන්න රූමස්සල. ඔය ලගදි දොහක මාරයා තුමත් ඇවිල්ලා රූමස්සලින් නාලා ගිහින් තිබ්බා ඉතිං සමහරු කියනවනෙ ඔය මාරයා නෑවෙ සෑහෙන කාලෙකට පස්සෙ කියලා ඒක නිසා ඔතන මුහුදෙ වතුර ගැනනං අපිට වගකියන්න අමාරුයි :D :D :D කෝම උනත් නාලා මොකක්හරි වුනොත් වගකීමක් ගන්නත් බෑනෙ ඒ නිසා නොනා ඉන්න එක ඇගට ගුණයි ඒත් ඉතිං නාන්නම ඕනෙ කියලා හිතෙනවනං වගකීම තමන්ට ගන්න පුලුවන්නං නාන්න සෙට්වෙලා ආවට අවුලක් නෑ..... නාන්න පුලුවන් වුනා බැරි වුනා කියලා ඉතිං බීච් එකට ගිහිල්ලා රැල්ල පාගලා පොඩි ආතල් එකක් ගන්න තහනමක් නෑ නෙ

දිනේ ගැන කියනවනං ජනවාරි 7 සෙනසුරාදා දවසක් බොහොමයක් අයට පුලුවන් කිව්ව නිසා ඒ දිනේ තෝරගත්තා.... අහ් වෙලාවත් කියන්න එපැයි උදේ 9.00ට (මෙය උදේ 8.00 ලෙස අප්ඩේට් වූ වගයි) තැන කියනවනං ගාල්ල ස්ටේශන් එකයි බස් නැවතුම්පොලයි යා කරන අලුතෙන් ගහපු පාලම උඩට.... අපට ඉතිං “ව“ යනු නෑනෙ ඒක යටට සෙට් වෙන්න........ පාලම උඩට සෙට් වෙලා එතනින් කට්ටියත් එක්කම රූමස්සලට යන්නයි ප්ලෑන් කලේ..... ඉතිං එදාට ලංකාවෙ පුරුදු අතඇරලා දාලා කට්ටියම වෙලාවට එනවනං ලොකු උදව්වක්........ හයි වේ එකේ පැයෙන්ද කොහෙ එන්න පුලුවන් නිසා ඔය කොලඹ පැත්තෙ උදවියට ඉතිං 7ට විතර එන්න ආවත් වෙලාවට තැනට එන්න පුලුවන්නෙ...... කට්ටියම සෙට් වෙලා ආවනං ට්‍රිප් එකක් වගේ තමා :D :D :D

අහ් තව ඩිංගෙන් අමතක වෙනවා කට්ටියම රුපියල් 200ක් අරන් එන්නකෝ දවල් කෑමට සහ ඔය පොඩි බඩගින්නක් එනවෙලාවට මොවවා හරි කන්න..... තව එකක් පුලුවන්නං වතුර බෝතලයක් ගේන්න විසේසයෙන් ඔය ගෑල්ලමයි..... ආ ඔය යාලුවො එක්ක බෙදාගෙන කන්න ඔය කිරිටොෆි වගේ අනංමනං ටිකක් අරගෙන ආවොත් අනේ ඉතිං අපි එපා කියන්නෙනං නෑ ඒ වගේ හොද වැඩ වලට :D තව ඉතිං ඔය සංගීත භාණ්ඩයක් වගේ දෙයක් අරං එන්න පුලුවන්නං සුපිරි

ඒන කට්ටිය එනවා කියලා කියන්නකෝ වැඩි විස්තර ඒ අයට කියන්නං.....

අවුලක් වුනොත් කතා කරන්න

බනී - 0719250005
පොඩි මෑන් - 0719586007
කිඩෝ - 0775215692

හරිනෙ හේනං සෙට් වෙන්න ආසාවක් තියන කස්ටිය එන්ඩෝ

ප.ලි.
ආ පොඩි ආරංචියක් ලැබුනා 2012 සයිබර් ෆෙස්ටිවල් එක ලංකාවෙ තියන්නෙ නෑ කියලා..... ආරංචි විදිහට ඒක මේ මොකක්ද වෙන රටකලු තියන්න යන්නේ..... ඒ රටේ නම උඩ රට කියලලු කියන්නෙ.....

ප.ප.ලි.
ඔන්න එදාට වැඩ සිද්දවෙන විදිහ ගැන පොඩි මෑන්ගෙ පෝස්ටුව

ප.ප.ප.ලි
මෙන්න දැන් ලැබුනු නිව්ස් එකක් - එදාට ගාල්ලේ ගෙට්ටුවට සමගාමීව සයිබර් ෆෙස්ටිවල් එක පැවැත්වෙන ආකාරය ගැනත් කතාබහ කරනු ලැබේ......

ප.ප.ප.ප.ලි
ඔන්න කෙළඹින් යන අය මෙන්න මේ පෝස්ට් එක බලන්න

ප.ප.ප.ප.ප.ලි
එදාට එන අය මෙන්න මේකත් පුරවලා දෙනවනං අපට කරන ලොකු උදව්වක්

ප.ප.ප.ප.ප.ප.ලි
කොළඹින් යන අය මේ පෝස්ට් එක බලන්න (අප්ඩේට්)

ප.ප.ප.ප.ප.ප.ප.ලි
පෝස්ට් එකට වඩා ප.ලි වැඩියිනේ බ්ලොග් අවකාශෙ වැවිම ප.ලි සහිත ලිපිය මේක වගෙයි ලොල් :P

ප.ප.ප.ප.ප.ප.ප.ප.ලි
සයිබර් ගෙට්ටුවේ තීම් සෝන්ග් බයි පොඩිමෑන් දැන් පිටවූ වගයි

ප.ප.ප.ප.ප.ප.ප.ප.ප.ලි
ගාල්ලේ අයට උදේ 9.00ට එන්න කී වෙලාව උදේ 8.00 ලෙස වෙනස්විය. ගාල්ලෙන් සෙට් වෙන අය 7 උදේ 8.00ට ගාල්ල දුම්රියපල හා බස් නැවතුම්පොල යා කරන පාලම උඩට එන්න (අප්ඩේට්)

Thursday, December 22, 2011

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන... නෑ නෑ අනාවැකිය නෙවේ පාපොච්චාරනය.....



අභි අයියාගෙ ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය මුලු බ්ලොග් අවකාශෙම කැලබීමක් ඇති කරා. ඒ පෝස්ට් එක කියෙව්වයින් පස්සෙ අපි ආපහු සෙට් වෙන එකක් නැද්ද කියලා හිතුවෙ නැති එකෙක් ඉන්න විදිහක් නෑ.... ඒත් අභි අයියා තාම පැහැදිලි හේතුවක් කියලා නෑ නෙ ඇයි එහෙම ලිව්වෙ කියලා එක ලග මේකට අදාලයි කියලා හිතන්න පුලුවන් ඒත් එකිනෙකට වෙනස් සිද්දීන් දෙකක් සිද්දවුන නිසා අපටත් අමාරුයි හේතුව හොයාගන්න. සිද්දි දෙක මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

එකක් අර අමිල කිව්ව එල්කේ ගොසිප් නිව්ස් සීන් කෝන් එක ඒවා මේ බ්ලොග් අවකාශෙ හැමදාම වුනා එකෙක් වැඩක් කරනකොට තව එකෙක් ඌට වරදිනකං කින්ඩි දාන්න බලං ඉන්නවා ඒක ඉතිං සයිබරේට විතරක් අදාල දෙයක් නෙවෙයිනෙ හැමදාමත් ඒක වුනා ඉස්සරහටත් වේවි. ඒත් ඉතිං හැමදාම එහෙම කලේ සුලුතරයක් අනිත් අය එකමුතුව හිටියා හැමදාම. වෙන එකක් තියා සයිබරේ හැමෝම බොක්කෙන්ම ඉලන්දාරියා(දිලුම් අයියා) ගොඩදාන්න එකතුවුනාට ඒකට විරුද්ධ වුන සෙට් එකකුත් හිටියා. ඉතිං ඒක අනිත් එයගේ එකමුතු කමට ප්‍රශ්නයක් වුනේ නෑ නේ. මේකෙදිත් එහෙම වෙන එකක් නෑ....

දැන් අනිත් සීන් එක. ඒකෙනං සම්පූර්ණ වැරැද්ද අපේ අතේ. මේක ගැන විස්තරේ සමහරු දන්නවා ඇති සමහරු නැතුව ඇති. හැබැයි බහුතරයක් ලාවට හරි මේක ගැන අහලා ඇති. වටේ යන්නේ මොකටද දෙසැම්බර් 10 බ්ලොග් කරුවො සෙට් වෙලා ක්‍රිකට් මැච් එකක් තියන්න සෙට්වුන බව කවුරුත් අඩුම ගානෙ නමිං හරි දන්නවා ඇතිනේ.

මං දන්න විදිහට ඒ හීනෙත් දැක්කේ අභිත අයියම තමා අගෝස්තු මුල වෙගේ දැකපු ඒ හීනෙ හැබෑ කරලා පෙන්නන්න අවස්ථාව ලැබුනේ ආදුනික බ්ලොග් කරුවො වුන බස් පදින අපි කිහිප දෙනෙකුට පරණ බ්ලොග් කරුවො ඒ කිව්වේ සයිබර් අවුරුදු උත්සවේ කරපු සෙට් එක අපිට උදව් කරා වෙන්න ඕනෙ ඒවා කිව්වා

ඇත්තටම ඒ අය අපි ගැන ලොකු විශ්වාසයක් තිබ්බා කියලා පෙනුනා එහෙම වැඩක් අපට කරන්න කියලා බාරදුන්න එකෙන්. ඇත්තටම මුල් සති කීපයේ අපිත් පුදුම උනන්දුවකින් හිටියේ. ඒත් මේ ඔක්කොටම කෙලවෙන කාරනේ ඒ කිව්වේ අපිට තව ඇති තරම් කාලය තියනවා කියලා අපි හිතපු එක අපිට පරහට හිටියා. මුල් සතිය දෙක ඇතුලතදි බජට් හදලා එක එක්කෙනාට වැඩ බෙදලා දීලා ඔක්කොම වැඩ ටික දෙට් කරගන්න අපට පුලුවන් වුනා.

ඒ වෙනකොට අපිට ඉතුරුවෙලා තිබුනේ ස්පොන්සර්ස්ලා අල්ලගන්නයි පිට්ටනිය බුක් කරන්නයි විතරයි. ඒත් ඉතින් ඇති තරම් කාලය තියනවා කියලා අපි හිතන් හිටපු නිසා ඒ වැඩේ දවසින් දවස කල් ගියා.... පටංගන්නකොටම වගේ අනිත් වැඩ ටික සෙට් කරලා ඉවරවුන නිසා මැදදි අපට කරන්න දෙයක් නැතිවුනා මොකද අපි ප්ලෑන් කලේ ඔක්තෝබර් වල ඉගි දෙන්න අරගෙන(ඒ ඉගි වැඩේ නං වුනා) නොවැම්බර් වල ඇත්ත හෙලි කරන්න. ඒත් ඉතිං අගෝස්තු අග වෙද්දි අනිත් වැඩ ටික කරලා ඉවරවුන නිසා අපිට මුලු සැප්තැම්බර් මාසෙම තිබුනා වැඩක් නැතුව.

ඉතිං ඒ මාසෙ ඇතුලත අපේ තිබ්බ උනන්දුව ගොඩක් අඩුවුනා ඒක අපේ වැරැද්ද කොහොම හරි ඒ නැතිවුන උනන්දුව ආපහු තිබුන තත්වෙට ගන්න අපිට බැරිවුනා ඉතිං අන්තිමට වුනේ අභි අයියගේ හීනෙ හැබෑකරන්න අපිට බැරිවුන එක..... ඒකට ඉතිං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අපිට ඒ වැඩේවත් හරියකට කරගන්න බැරිවුනා අපි කාටවත් ඇගිල්ල දික් කරන්න යන්නෙ නෑ මොකද වැරැද්ද අපේ.... ආයෙ චාන්ස් එකක් ආවොත් ඒ වැරැද්ද නොකරන්න අපි වගබලා ගන්නවා

ඉතිං කට්ටිය සෙට්වෙන හීනෙ දෙසැම්බර් මාසෙදි හැබෑ කරන්න බැරිවුන එක ගැන අපි හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.....

ප.ලි.
මේ ගැන කවුරුත් මං දන්න තරමින් පෝස්ට් එකක් දැම්මේ නෑ ඉතිං කට්ටියටම දැනගන්න මම කියන්න ඕනෙ ටික කිව්වා.... ඒත් ඉතිං මේ පාර නං අභි අයියගේ මේ අනාවැකියනං බොරු වෙනවා...... එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

පා.පා.ලි.
මේක අභි අයියගේ පෝස්ට් එකට කමෙන්ටුවක් විදිහට දාන්න හිතුවත් ටිකක් දිග වැඩි වෙනවා වගේ පෙනුන නිසා ටිකක් මොඩිෆයි කරලා පෝස්ට් එකක් විදිහට දැම්මා

Sunday, October 23, 2011

අපෙ රජාගෙ ටිකිරි මොලේ

හෆ්ෆා ඉතිං මේ දවස්වල ලෝකෙ වටේම මරු මරු සිද්දි වෙනවනෙ ඕං ගඩාෆිත් මලා කෝම හරි බූරුවගෙ විප්ලවේ වැඩ කලා ඒත් අනේ මුං බූරුවොම තමා කියලා හිතුනා බුකියෙ කජුවත්ත එක්සත් Cricket සමාජය පේජ් එකේ දාලා තිබ්බ පෝස්ට් එකක් දැක්කාම බඩු තිබුනෙනං මේ විදිහට

‎"අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" හෙවත් ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...

1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.

2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.

3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.

4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.

5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.

6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.

7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.

8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

(http://www.facebook.com/Kaju.Waththa.Eksath)

9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.

10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.

11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.

14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.

15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.

16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ මෙම කරුණු නොදැන සිටියා නම් මෙය Share කරන්න.

ඕං ලොවෙත් නෑ ‍නේ මෙච්චර දුන්න මිනිහෙක්ට අන්තිමට වුන දේ......

අන්න ඒකට අපේ නායකයෝ කෙලින්ම පරම්පරාවක්ම ඉස්සරහට හිතලා බලලා තමා ගේම දෙන්නේ.... ලංකාව ආසියාවේ අශ්චර්ය්‍ය කරා කියමුකෝ ඒත් ඊට පස්සේ ලිබියාවෙ වුනදේම ලංකාවෙත් වුනොත් කාලා හමාරයිනේ..... ඉතින් අපේ නායකයා රැවුලයි කැදයි දෙකම බේරගෙන වැඩේ දෙනවා එක පැත්තකිං ලංකාව දියුනු කරනවා(ලු) ලගදි ලංකාවෙ තෙල් තියනව කියලත් හොයාගත්තයි කියලා ඔය කිව්වේ..... අහ් ඇයි ඒ විතරද දක්ෂීණ අධීවේගී මාර්ගෙත් ලගදිම විවෘත වෙනවනෙ තව අනං මනං සීන් කෝන් ගොඩයි..... ගානට වැස්සොත් රාජා භවතු ධම්මිකෝ කියයි... ගංවතුරක් ගලන්නම වැස්සොත් නැත්තං හෙන නියගයක් ආවොත් අනේ ඒවටනං රජාගෙ ධාර්මිෂ්ඨ බවේ කිසිම සම්බන්ධයක් නෑ...... ඒවටනං හේතු වෙන්නේ ඔය බෙංගාල බොක්කෙයි අනං මනං තැන් වලයි වායුගෝලීය සීන් කෝන් ලු...... (ඇහ් එතකොට රජාගෙ ධාර්මිෂ්ඨ බාවය රදා පවතින්නේ බෙංගාල බොක්කේ වායුගෝලිය බලපෑම මතද මරුනෙ අෆ්ෆා.....)

කෝම උනත් ඔන්න ලගදි තව ඩබලක් ඇර ගත්තා... ලොවෙත් නෑ ලංකාවෙ හරිහමන් චිත්ත්‍රපටියක්වත් එලියට නොඑන කාලෙ මෙන්න බඩු අතිබිහිසුණු සටන් ජවනිකා, රහස් පරීක්ෂක වැඩ වගේ අනංමනං සීන් කෝන් ගොඩයි... හැබැයි පොඩි පරහකට තිබුනේ මේ චිත්ත්‍රපටියෙ ජවනිකා ශෝ එකෙන් ශෝ එකට වෙනස්, අද යන කතාව නෙවේ හෙට.... දෙබස් වෙනස්වෙලා චරිත මාරුවෙලා පිටපත වෙනස් වෙලා ආයෙ ලොවෙත් නැති විදිහට ඊලග දවසෙ යනවා..... අද මුලින් මැරෙන එකා ඊලග දවසෙ මැරෙන්නෙ අනිත් එකා වැටුනට පස්සේ.... අද එකෙක් වෙඩි තියනවා හෙට ඌ වෙඩි තියන් නෑ..... අද එකෙක් තියන වෙඩිල්ල හරියටම අනිකට වැදෙනවා හෙට වදින්නේ වෙන එකෙක් තියන වෙඩිල්ල.... ටිකක් හොයලා බැලුවාම මේකට කියන්නේ මේ චිත්‍රපටි කලාවේ නව ඉසව්වක් කියලලුනේ.......

ඕනෙ ඉසව්වක් ඒත් ඉතිං මම ලමයටනං හිතෙන්නේ මේකත් අපේ නායකතුමාගේ ලොවෙත් නැති ප්ලෑනක් කියලා..... ගිය එකා ගියා ඌව ආයෙ උපද්දන්නයෑ.... මේක කෙලින්ම අපේ අපේ නායකතුමාගේ උගත් කම හොදට පෙන්නන අවස්ථාවක්. ඇත්තටම මේ දැන් යොදාගන්න තියරියට කියන්නේ "ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ තියරිය" කියලාලු. පට්ට ප්‍රැක්ටිකල් තියරියක්..... සරලවම ගත්තොත් ගිය එකාගෙ ඡන්ද ටික නැතිවෙලා ඉවරයි ඉන්න එකාට කෙලෙව්වොත් උගේ ඡන්ද ටිකත් ඉවරනෙ.... 500න් පාඩුව 1000ක් කරගන්න කවුද කැමති..... අනික දැන් තියන තත්වෙ අනුව ඉන්න එකා තරහ කරගෙනත් බෑ නොවෑ ඌටත් බටර් ගාලා බැරිනං දියකරලා වක්කරලා හරි තමන්ගාව තියාගන්නත් එපැයි.....

ඔන්න ඔහොමයි සේෆ්ටි ෆස්ට් කියාගෙන තමා රජා ලංකාව ආසියාවෙ ලොවෙත් නැති කරන ගේමට එන්ටර් වෙලා තියෙන්නේ.... අපේ නායක තුමා ලිබියාවෙ වුන දේ නොවෙන විදිහට ලංකාව ආසියාවෙ අශ්චර්ය්‍ය කරලා ලංකාවෙ රජ වෙන්න පරම්පරා ගානක් දුර හිතලා දුන්න ගේම පට්ටයි නේ..... රටම රජාගෙ වුනාම කව්ද අෆ්ෆා රජාට විරුද්ධව කැරලි ගහන්නෙ.... කෝමද අපේ රජාගේ ටිකිරි මොලේ....



Monday, September 19, 2011

කවදද මුං තේරුම්ගන්නේ? (කීඩෑවා බැක් අගේන්)


අප්පා බ්ලොගේ හොදටම වල් වැදිලා.... සික් මාස එකහමාරකින් පෝස්ට් එකක් ලියලා නෑ... පෝස්ට් එකක් ලියන්න තියා අනිත් උන්ගේ පෝස්ට් එකක් කියවන්නවත් බැරිවුනා..... පට්ට බිසී කිව්වත් අන්තිමට හිතලා බලද්දි කරපු රෙද්දකුත් නෑ. කොහොම උනත් ගොඩ දෙනෙක් ඇහුවා මොකෝ මල්ලි සයිලන්ට් කියලා... එහෙම හොයලා බලපු කස්ටියට තැන්කූ වේවා.... මොනවා කරන්නද දැන් ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ මට මතක්වෙන්නේ මම 50 ගහන්න දවස් 18ට පෝස්ට් 12 ටාගට් එක තියන් ලියපු කාලේ හයියෝ ඒ ටිකෝ පෝස්ට් 12ට 24ක් ලියන්න තරම් දේවල් ඔලුවට ආවා කොහොම හරි හයිස්පීඩ් යන්න ගිහිල්ලා 50 ටාගට් එකට බ්ලොගේට අවුරුද්ද වෙන දවසට සතියකට විතර කලින් යනවා බොහොම අමාරුවෙන් ඒ දවස් ටිකේ පෝස්ට් නොලියා හිටියේ... ඒකට දැන්...

කොහොම වුනත් දැන් වෙනදා වගේ හැම තැනකම වල බහින්න එක ගොඩක්ම අඩුවෙලා බුකියේ චැට් වලටත් වෙනදා වගේ සෙට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා බස් ගැනත් ඉතින් එහෙම්මම තමා ටිකක් හරි ටච් එකේ ඉන්නේ බස් රේඩියෝ චැටේ තමා.... බ්ලොග් කියවීම ගැන ගත්තොත් ඉස්සර දවසකට පෝස්ට් 50ක් විතර කියවපු මම මේ මාස එකහමාරටම පෝස්ට් 50ක් වත් කියෙව්වේ නෑ.... ගොඩක් වෙලාවට පෝස්ට් එකක් අලුත් ටැබ් එකක ඕපන් කරනවා පස්සේ කියවන්න හිතාගෙන ඒත් ඉතින් ඒක එහෙම්මම තියනවා කියවන්නේ නැතුව (මම වෙන වැඩවල ඉන්න නිසා ඕක කියවන්න වෙලාවක් එන්නෙම නෑ ඉතින් එහෙම්මම අමතක වෙලා යනවා) ඊට පස්සේ ඕක ආපහු දකින්නේ නිදාගන්න කම්පියුටරේ ඕෆ් කරන්න යනකොට ඉතින් ඕක ඔහොම්මම අමතක වෙනවා....

මේ හේතු නිසා මම ලාවට වගේ සයිබරයෙන් දුරස් වුනා වගේ දැනෙනවා ඇත්තටම මේකෙ වුන සමහර දේවල් මම දන්නෙත් නැති තරං පොඩි මෑන්ගේ බ්ලොගේ කුණුහර්ප තියනවා කියලා මොකක්ද කතාවක් දවසක් ස්කයිප් කෝල් එකකදි පොඩි මෑන් කිව්වත් මට ඒ සීන් එක හරියට මීටර් වුනේ නෑ... ඊයේ පොඩිමෑන් බුකියේ දාලා තිබුනු ලින්ක් එකක් ඕපන් කලා ඒකත් වෙනදා වගේම එහෙම්මම තිබුනා පස්සේ වෙලාවක කියවන්න කියලා රෑ 8ට විතර පොඩි මෑන් බුකියේ චැටකිං ලින්ක් එකක් එව්වාම තමා මතක්වුනේ 6ට විතර ඕපන් කරපු පේජ් එක තාමත් එහෙම්මමයි කියලා ඉතින් ඒක කියවලා බැලුවාම තමා සීන් එක මීටර් වුනේ.... අද රංග අයියත් ඔය ගැන පෝස්ට් එකක් දාලා තිබුනා.....



ඉතින් මම ඒක කියවගෙන යද්දි weni දාලා තිබුන කමෙන්ට් එකකට ටිකක් හිත ගියා ඒ කමෙන්ටුව නං මෙහෙමයි තිබුනේ


"ළමයි බ්ලොග් කියවල නරක් වෙනවා නම් වැරැද්ද බ්ලොග් ලියන අයගෙ නෙවෙයි..එච්චරම අස්ථාවරව ළමයව හදපු අම්මලගේ තාත්තලගෙ තමයි..නිකන් හදන්නන් වාලේ හදන්නෙ නැතුව ළමයිව ලෝකෙ හොඳ නරක දෙක තෙරුම් ගන්න පුළුවන් වෙන්න හදන්නෙ නැතුව..ළමයව අපතයො විදියට හදලා අම්මලා තාත්තල ළමයින්ට වැරදුනහම.. අන්තර්ජාලයටයි, බ්ලොග් වලටයි, එෆ් බී වලටයි බැනල හරි යනවද? පොල්ලක් අරගෙන තලා ගන්න ඕනි තමන්ටමයි එහෙව් අම්මලා තාත්තලා. නෙළුම් මල් පිපෙන්නෙ මඩ වගුරෙ තමයි..මඩට බැහැලා මඩ ගාගනෙ නැතුව නෙළුම් මල් කඩන්න හරි ඒ සුන්දරත්වය විඳ ගන්න හරි ඕනි කියලයි මට හිතෙන්නෙ!"

මේක දැක්කාම මටත් පොඩි කරුනු ටිකක් කියන්න හිතුනා ඇත්තටම කලින් මම මේ ගැන පෝස්ට් එකක් ලියන්න ගියත් මේ සීද්දිය මට වඩා සමාජේ පිලිගත්ත දැනුමින් වැඩි අය ගැන සිද්දියක් හින්දා මේක ගැන නොලියන්න මම තීරනය කලා ඒත් මේ සීන් එක හින්දා ලාවට වගේ (ඒකම අරමුණු කරගන්නේ නැතුව) ඒක ගැනත් කියන්න හිතුනා

ඇත්තටම අපේ සමාජයේ ගොඩක් අය අලුත්/ තමන් නොදන්න/ තමන්ට නුහුරු දේකට ගොඩක් බයයි. මේකට හොදම උදාහරනේ තමයි පරිගණකය. අලුත් පරම්පරාව මේකත් එක්ක ටච් එකේ හිටියට මැදිවියේ අයගෙන් ගොඩ දෙනෙක් මේ පරිගණකය අන්තර්ජාලය වගේ දේවල් ගැන ලොකු දැනුමක් තියන අය නෙවෙයි. ඉතින් ඒ බහුතරය දන්නේ ඔය එක එකා කතා කරන දේවල් ගැනයි පත්තරවල යන දේවල් ගැනයි විතරයි.

හැම තැනකම හොද දේකට වඩා කරක දෙයක් මාකට් කරන්න ලේසියි ඉතින් පත්තරයක් ගත්තත් තියෙන්නේ පරිගණක භාවිතය නරකයි, අන්තර්ජාලය කියන්නේ පොඩි එකෙක් දෙසවත් නොබැලිය යුතු නරක තැනක් වගේ අදහසක් එන ලිපි (ඇත්තටම අන්තර්ජාලය නිසා වුන හොදක් ගැන ලංකාවේ පත්තරේන ගිය ලිපියක් මම තාම දැකලා නෑ) ඉතින් අපේ අයත් හිතන්නේ හරි මේක තමා ඇත්ත පරිගණකය, අන්තර්ජාලය වගේ දේවල් වලින් ගන්න කිසිම හොදක් නෑ කියන එක. හැම දේකම හොද වගේම නරකත් අඩු වැඩි වශයෙන් තියනවා එහෙම හොදම විතරක් තියන කිසිම දෙයක් මේ ලෝකෙ නෑ.

ඉස්සර මැනුවල් වැඩ කරපු ගොඩක් ආයතන දැන්/ඉස්සරහට වැඩ කරන්නේ පරිගණක භාවිතයෙන් ඒත් ඉතින් ඒ ආයතන වල සේවය කරන අයට බෑ අපිට ඔය පරිගණක ගැන තේරෙන්නේ නෑ පරන විදිහට වැඩ කරමු කියලා පරන විදිහට වැඩ කරන්න මොකද ලෝකෙ ඉස්සරහට යන්නේ තාක්ෂනෙත් එක්ක ඉතින් ලෝකේ තාක්ශනය දියුණු වෙන විදිහට අපි අප්ඩේට් නොවුනොත් ‍අපි පරාදයි. අපේ ගොඩක් වැඩිහිටියොන්ට ඒක තේරුම් කරන්න අමාරුයි

දැන් මාස කිහිපයකට කලින් පත්තරේක ‍ලිපියක් තිබුනා පරිගණකට භාවිතය ගැන ලංකාවේ විද්වතුන් කිහිප දෙනෙකු‍ගේ අදහස් පලවුන ලිපියක්. ඇත්තටම ඒ අය කියලා තිබුනේ පරිගණකය පාවිච්චි කරන්න අමාරුයි කියලා හේතුව හැටියට එක එක කතා කියලා තිබුනත් ඇත්තටම එතන තිබුනේ ඒ අය පරිගණකයට නුහුරු වීම. ඉතින් ඒ විදිහට තමන්ට ඒක නුහුරු දෙයක් වුනාම ගොඩ දෙනෙක් කරන්නේ පරිගණකය කියන්නේ පාවිච්චි කරන්න ඕනෙ දෙයක් නෙවේ (මොකෝ මට ඒක පාවිච්චි කරන්න තේරෙන්නේ නැති නිසා.. මේ කෑල්ල ඒ අය කියන්නේ නෑ) ඒකෙන් වෙන හොදක් නෑ කියලා කියන එක.

ඉතින් weni කියලා තිබුනා වගේ දරුවෝ ඒවගෙන් වැරදියට ප්‍රයෝජන ගත්තාම දෙමව්පියෝ ගොඩක් වෙලාවට කරන්නේ අන්තර්ජාලයට හා පරිගණක වලට බනින එක. මොකට ඒ අය දන්නේ අන්තර්ජාලය කියන්නේ හොද දෙයක් නෙවේ කියලා නිසා (තමන්ගේ පැත්තෙනුත් වැරැද්දක් තියනවා කියලා ඒ අය තේරුම් ගන්නේ නෑ).

ඒකත් හරියට දැන් පොඩිමෑන්ගේ බ්ලොග් එකේ කුණුහර්ප තියනවා කියලා ගිය අවුල වගේ තමා. කුණුහර්ප කියන්නේ මොනවද කියලා නොදැන නිකං බොරුවට හෙන සද්දයක් දාලා.... අන්තිමට බලද්දි සද්දෙයි පඩ ගදයි විතරයි... අපේ උන් කවදා මේක තේරුම්ගනියිද මන්දා....

Friday, August 5, 2011

කාලකණ්නියා.....

හැමෝගෙම ජීවිත අපි හිතන තරං ලස්සන නෑ.....
ඉතිං මට මොකෝ බන්....
උබට විහිලු උබ දැන්නවද උබ මේ ආතල් එකේ ඉන්න වෙලාවේ ලෝකේ කී දෙනෙක් දුකින් ඉන්නවද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබ අඩුගානේ දන්නවද පාන් ගෙඩියක ගාන කොච්චරද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබ දන්නෑ උබ වාසනාවන්තයි උබට හොදට කන්න බොන්න තියනවා ඒත් උබ දන්නවද මේ ලෝකේ බඩගින්නේ මැරෙන අය කොච්චර ඉන්නවද කියලා....
ඉතිං මට මොකෝ බන්....
උබට මේවගෙ ගානක් නෑ උබ දන්නෑ ජීවිතේ කියන්නේ මොකක්ද කියලා ටිකක් ඇස් ඇරලා බලපන් මේ ලෝකේ වෙන්නේ මොනවද කියලා....
මොනාව වුනත් මට මොකෝ බන්....
උබනං මහ කාලකණ්නියෙක් බන්....
ඉතිං බොට මොකෝ....
ඔහොම කියපු අය ගොඩක් හිටියා.... ඒත් වැඩි කාලයක් හිටියේ නෑ.... උබටත් ‍තේරේවි ලගදිම....