
Saturday, April 30, 2011
කොන්දගේ බයිට් එක

Friday, April 29, 2011
මම, අපේ එකා සහ ජොකා......

අද නං මම කියන්න යන්නෙ මට ඉස්කෝලෙදි වෙන්න ගිය චාටර්ම සිද්දියක්...... මේක මං 11 වසරෙ ඉන්නකොට වුනු සිද්දියක්.... දවසක් ඕෆ් පීරියඩ් එකක පුරුදු විදිහටම අපේ සෙට් එක පන්තිය ඉස්සරහ කොරිඩෝ එකට වෙලා කයියක් ගහගෙන හිටියා..... ඔන්න එතකොට අපේ කොටා දුවගෙන ඇවිල්ල කියාපි "මචං ...... ජොකෙක් තියනව දාමුද ........ ගෙ ඔලුවට" කියල ඉතින් මං ඇහුව කාගෙද මචං ජොකා කියල, මුං මොන වගේ ජොකෙක් දාන්න යනවද කියල දන්නෙ නෑ නෙ....... මචං ....... අයියගෙ ජොකා ඊයෙ අපිත් එක්ක නාන්න ගිහිල්ල වයලගෙ බෑග් එකේ දාපුගමන් ඌට ගන්න අමතකවෙලා ඒක තාම අරූගෙ බෑග් එකේ...... ඔන්න ඉතිං මමත් වැඩේට දෙපාරක් හිතන්නෙ නැතුව කැමතිඋනා (ඒ දවස්වල හිතට එන ඕනෙ දෙයක් කරන්න අපි සැදීපැහැදී හිටියෙ තාමත් සමහර වෙලාවට එහෙමයි හි හි :D .......) කොටාල කට්ටිය ලගට යනකොට අරූ සැක හිතනව මොකද අපේ සිංහල මිස් කියල විදිහට මුං තමයි පන්තියෙ හොදම අණ්ඩපාලයො ටික (මම නං ඉගනගන්න ගණය අණ්ඩපාල ගණය කියන දෙකටම අයත්..... හැබැයි ඉගනීම පැත්තට තමයි වැඩි බරක් තිබුනෙ..... ) ඉතින් අරූ සැක හිතන එක අහන්නත් දෙයක්ද...... අන්තිමට වැඩේ පැවරුනේ මට මොකද අරූ මං ගැන සැක හිතන්නෑ නෙ..... ඉතින් මමත් හිමීට අරූගෙ පිටිපස්සට ගිහින් මුගේ ඔලුවට ජොකා දැම්මා...... එතකොටම අනිත් උන් ටික මුට සටපට ගාලා ගහගෙන ගියා..... අරුත් පුලුවන් තරම් ඉක්මනට ජොකා ඔලුවෙන් ගලවල වීසි කරා මේක ගිහින් වැටුනෙ ඒ පේලියෙම කොල්ලෙක්ගෙ ඇගට මුත් නිකං ජීවිතේට ජොකෙක් ඇදල නැති එකෙක් වගේ පො...... සවුන්ඩ් එකක් දාගෙන ඒක වීසි කරේ නැද්ද කෙල්ලොන්ගෙ පැත්තට හුටා ජොකා කෙල්ලෙ ක්ගෙ පොතක් උඩ...... මට දෙලෝ රත්උනේ ඒකි අපේ මිස්ගෙ රූම් එක පැත්තට යනකොට... මමත් ඉතින් දුවල ගිහින් ආනේ බං කියන්න එපා කිව්වොත් මං ඉවරයි මමයි අරූගෙ ඔලුවට ජොකා දැම්මෙ කියල පින්සෙන්ඩු වෙලා ඒකිව නවත්ත ගත්තා.... මිස් ලගට ගියානම් මං ඉවරයි හි හි ......... පස්සෙ නීශා මිස් ඇවිල්ල මට හොදට බැන්න එයාගෙ රේඩාර් එකට අපි මැස්සෙක් මැරුවත් අහුවෙනවනෙ....... ඔයින් ගියා ඇති
Labels:
ඉස්කෝලේ
Thursday, April 28, 2011
අම්මටහුඩු මුරුංගා.....

අදින්නා දානා.... නෑ නෑ සිල් පදේ නෙවෙයි මුරුංගා. ඉස්සර මං ආසම එලවලු වලින් එකක් හැබැයි කාපු කාලයක් මතක නෑ මතක විදිහට අන්තිමටම මුරුංගා කෑවෙ දැනට අවුරුදු 3 කට විතර කලින්...... කට්ටිය බලයි මොකෝ යකෝ මුට මේ එකපාරට මුරුංගා මතක්වෙලා තියෙන්නෙ කියල..... නැ නැ මමත් මේ අහම්බෙන් දැක්ක යූටියුබ් එකේ වීඩියෝ එකක් Moringa A Miracle Tree කියල මාත් ඉතිං මොකක්ද මේ ආශ්චර්ය්යමත් ගහ කියල බැලුව(Moringa කියන්නෙ මුරුංග වලට කියල මට මීටර්උනේ නෑ නෙ.....) අම්මටහුඩු මෙන්න මුරුංගා,,,,, මුරුංගා කියන්නෙ ආශ්චර්ය්යමත් ගහක් කියල කලින් අහල තිබුනෙ නැති හින්ද හිතේ තිබුනු සැකේ යන්නත් එක්ක වීඩියෝ එක බැලුවා.
Moringa A Miracle Tree මෙතනින් බලන්න
මුරුංග වල මෙච්චර ප්‍රයෝජන තියනව කියල දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් නොදන්න අනිත් අයටත් දැනගන්න කියල ලියල දැම්ම....
අපේ ස්ට්‍රයික්......
ඔන්න අම්ම හදපු බෙලි කෝප්පයක් බීල මොකක් හරි ලියන්න කියල වාඩිඋනා :D ...... ලියන්න දෙයක් හිතනකොට මතක්උනේ කලින් පෝස්ට් එකේදි අපේ ස්ට්‍රයික් එක ගැන කියනවා කිව්ව නේද කියල.... කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තං මෙතනින් බලන්න.... මේ සිද්දිය උනේ අපි 11 වසරෙ ඉන්න කාලෙ දිනෙත් එක්ක කියනවනං 2010 ඔක්තෝබර් 11වෙනිදා..... ඒ කාලෙ ඔය ලංකාව පුරා O/L කරන්න ඉන්න ලමයින්ට සෙනසුරාදා සම්මන්ත්රණ මාලාවක් තියාගෙන ගියානෙ. අපේ ඉස්කෝලෙ මේන් හෝල් එකේ තමයි මේ සම්මන්ත්රණ තිබුනෙ. ඒ කාලෙ මේන් හෝල් එකේ හිටියෙ 6 වසරෙ ළමයි. ටික දවසක් යද්දි 6 වසරෙ මිස්ල අපට කේස් එක ඇද්දා හැමදාම සම්මන්ත්රණ වලින් පස්සෙ මේන් හෝල් එක සුද්ද කරන්න ගිහිල්ලා හැමදාම 6 වසරෙ ළමයින්ගෙ මුල් පීරියඩ් එකේ වැඩ කරන්න බැරි වෙනවයි කියලො. ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න කවුරු හරි මොලේ ඇති (නැති) එකෙක් නිගමනයකට එලබුනා තව මාස 2 කින් O/L කරන ළමයින්ට පීරියඩ් එකක් මිස් වෙනවට වඩා 6 වසරේ ළමයින්ට පීරියඩ් එකක් මිස් වීම ඉතා බලවත් පාඩුවක් කියල. ඉතින් ඔන්න ඔහොම තීරනයඋනා 11 ළමයි මේන් හෝල් එකට දාලා 6 වසරෙ ළමයි 11 වසරෙ පන්ති වලට දාන්න ඕනෙයි කියල. එතකොට 11 වසරෙ ළමයින්ටනෙ මුල් පීරියඩ් එකේ වැඩ කරන්න බැරි වෙන්නෙ..... කොහොමද ටිකිරි මොලේ...... :D
ඔන්න ඉතින් වැඩේ වෙන්න කලින් අපට නිව්ස් එක ආව.... කරන්න දෙයක් හිතාගන්න බැරිඋන හින්දා අපි තීරනය කරා පන්තිය ඇතුලෙම ඉන්න. ඔන්න ඉතින් තීරනේ සම්මත වෙච්ච හින්ද අපි පන්තියේ දොරට ඉබ්බ දාල ඇතුලට වෙලා හිටිය. ටික වෙලාවක් යද්දි 6 වසරෙ උන් මිස්ලත් එක්ක ඩෙස් පුටු අරගෙන 11 වසර පැත්තට ආව 11 A, B පන්ති දෙක කිසි විරෝදයක් පාන්නෙ නැතුව පන්ති වලින් අයින්උනා. 6 වසරෙ පොඩිඋන් ටික අපේ පන්තිය ගාව හිටගෙන ඉන්නව... උන්ට ඇතුලට එන්න බෑනෙ. මිස්ලත් ඇවිල්ල බලල යනව අපිව එලවන්න මිස්ලට බෑනෙ හි හි.... අපි අපේ පාඩුවෙ වැඩක් කරගෙන හිටියා. ඔහොම විනාඩි 20ක් විතර ඉන්න පුලුවන් උනත් අන්තිමට අපට එලියට බහින්න උනා... :( දැනට කරන්න දෙයක් නැති හින්ද අපිත් ගියා පන්තියට ඒ පන්තය දැක්කහම ඕවර් වෙලා තිබ්බ මල දෝරෙ ගලායන්න ගත්ත.... ඒක නිකං කුකුල් කොටුවක් වගේ පන්ති 3 වෙන් කරලත් නෑ A, B පන්ති දෙක දෙපැත්තෙ අපි මැද A, B 2 වැඩ කරන එකෙක් හිටියෙ කලාතුරකින් ඉතින් අපිත් පාඩමක් කරල හමාරයි :( බ්ලැක් බෝඩ් එකක් තිබුනා අඩුම ගානෙ වාක්‍ය 10ක රචනාවක්වත් ලියන්න ඉඩ නෑ....ඉතින් මේ ගැන මල පැනල හිටපු අපි ඊලග දවසෙ ඉස්කෝලෙ වර්ජනය කරන්න තීරනය කරා පස්සෙ අපේ පන්තියෙ ළමයින්ට මේක කිව්වහම උනුත් කැමතිඋනා. ඒ වෙලාවෙ ඉස්කෝලෙ ඇරපු නිසා අපිත් එලියට ආව.... ඔන්න ඔය විදිහට තමයි මගේ උපන්දිනේ දවසටම අපේ වැඩවර්ජනේ සෙට් උනේ
මං ගෙදර ආවත් තාමත් මේ සිද්දියට ෆුල් මලෙන් හිටියෙ ඒකෙ දුකටම ගෙදර ආපු ගමන් අපට වුනු අසාදාරනේ ගැන අම්මයි තාත්තයි ඉදිරිපිට ෆුල් ආවේගශීලී කතාවක් පැවැත්තුවා.(මේ වැඩේ හින්ද මම උග්‍ර සමාජවාදියෙක් වෙයි කියල අම්ම බය වෙලා තිබුන.. හි හි...මට නංගි පස්සෙ කිව්වෙ..) හැබැයි අම්මයි තාත්තයිනම් මේ වැඩවර්ජන වැඩේට කැමතිඋනේ නෑ.... තාත්ත කිව්වෙ මේක කතා කරල විසදගත්තනං හරි කියල. මම නං මේව අහන්න පුලුවන් තත්වෙක නෙවෙයි හිටියෙ... ඉතිං මං දුක අඩුවෙන්නත් එක්ක ෆේස්බුකිය පැත්තෙ ගියා. එතකොට ගොඩයා (අර සපත්තුව වීසිකර එකා) ඔන්ලයින් මූ එදා ඉස්කෝලෙ ආවෙ නැති නිසා මූට ඉස්කෝලෙ තත්වෙ කියලා 12 එන්න එපා කියල කිව්ව. ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මම කූල් ඩවුන් වෙලා මනස ටිකක් විතර සන්සුන්උනා. ඊට පස්සෙ තව ටිකක් හිතල බලනකොට තමයි තේරුනේ ගත්ත තීරනේ වැරදියි කියල. මම සාමාන්‍යයෙන් පොරෙන්දුවක් දුන්නහම ඒක කඩන ජාතියෙ එකෙක් නෙවෙයි. :D ඉතින් කොච්චර වැරදි තීරනයක් උනත් ඊලග දවසෙ ඉස්කෝලෙ ගියේ නෑ......
13න් වෙනිද ගියාම තමයි දන්නෙ වැඩේ අති සාර්ථකයි කියල. එදා ඇවිත් තියෙන්නෙ ළමයි 3 දෙනයි ඒ තුන්දෙනාම 11 ආපු නැති අය... බකලයි, ධනුෂ්කයි දෙන්න මේක ගැන දැනගෙන හිටියෙ නෑ.... අනිත් එකා ගොඩය ඌට එච්චර කියලත් ඌ ආවා...... හැබැයි ඒ කරපු වැඩෙන් අපට අපේ පන්තිය නං ආපහු ලැබුනෙ නෑ. පස්සෙ මුලු පන්තියම ගිහිල්ල ප්‍රින්සිපල්ව හම්බවෙලා මේක ගැන කතා කරා..... කෙහොම හරි අන්තිමට අපට අපේ පන්තිය ලැබුනා.... හැබැයි එතකොට පාඩමක් හරියට කරන්න තරම් කාලයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ....
ප.ලි.
ඒ වැඩෙන් එක හොදකුත් උනා මට විෂ්වාස කරන්න පුලුවන් පොරොන්දු රකින අයව හා කිසි විෂ්වාසයක් තියන්න බැරි උන්වයි හරියට අදුරගන්න මට පුලුවන් උනා.....
Labels:
ඉස්කෝලේ
Wednesday, April 27, 2011
ඔලුවට අයියෙ වැටුනෙ......

පන්ති ගිහිල්ල ඇවිල්ල කරන්න වැඩක් හිතාගන්න බැරිඋන නිසා බ්ලොග් එක පැත්තෙ ආව. ලියන්න දෙයක් මේ වෙලාවෙ මොලේට එන්නෙත් නෑ..... ඉතින් ඉස්කෝලෙ දි වුන සිද්දි ටකක් කියන්න හිතුව..... මේ සිද්දිය උනේ අපේ ස්ට්‍රයික් එක ඉවරවෙලා සති තුනක් විතර ගියාට පස්සෙ (ස්ට්‍රයික් කතාව පස්සෙ වෙලාවක කියන්නං)..... ඒදා අපේ ඉස්කෝලෙ රූකඩ සන්දර්ශනයක් තිබුනා මේන් හෝල් එක ඉතින් C එකේ කට්ටියත් D එකට ගියා. එදා අපේ පන්තියෙ උන් 10 ක් විතර හිටියෙ කොහොමත් O/L ලං වෙනකොට ලමයි එනව අඩුයිනෙ. හැබැයි ඒ අන්තිම කාලෙ තමයි හොදටම ඉගැන්නුවෙ/ ඉගනගත්තෙ ළමයි 50කට උගන්නනවට වඩා 10කට උගන්නනඑක ලේසියිනෙ.... මුල් පීරියඩ් 2 D එකේ ඉදලා ගනං පීරියඩ් එකේ ලැබ් එකට ගියා ඒ පීරියඩ් එක ඉවරඋනාම අපි ඉතිං මිස්ට ආපේ දුක කියල ලැබ් එකේම නවතින්න අවසර ගත්ත ඊලග පීරියඩ් එකේ මිස් හිටපු නැති හින්දා මමයි ටුක්කයි නිරෝෂුයි කැන්ටිමට ගිහිල්ල වඩේ 3ක් කාල වඩේවල ගුණ දොස් විචාරයක යෙදෙමින් ලැබ් එකට ආව ඒ එනකොට අපේ උන්ටික බකලගෙ ( අර විද්‍යාව සර් ගෙන් ගමකට කාපුඑකා ) සපත්තුව ගලවලා පාස් කරනව. මුගේ සපත්තු 2 මොකක්හරි වෙලා මූ එදා දාගෙන ඇවිල්ල තියෙන්නෙ මුගේ තාත්තගෙ සපත්තු 2ක්. මුගේ තාත්ත පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. කෙනෙක්. ඒ සපත්තු 2 මූට ටිකක් විතර ලොකුයි. අපේ උන්ගෙ සපත්තු පාස් වැඩේට මාත් එකතුඋනා. ඔහොම මගේ අතට සපත්තුව ආපුවෙලාවක ගොඩයා (මුටත් වෙච්ච මරු සිද්දි ටිකක් තියනව ඒවත් පස්සෙ වෙලාවක කියන්නම්) මචං ........ ඕක මට දාපං කිව්ව මාත් එහෙම්මම ඒක ගොඩයට දැම්ම. අපි හිටිය ලැබ් එක තිබුනෙ තට්ටු 3 බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ. මූ සපත්තුව අතටගත්ත ගමන් ඒක ජනේලෙන් එලියට වීසි කරා....... චින්තකයයි තව එකෙකුයි ඒ වෙලාවෙම පහලට දිව්ව සපත්තුව අරගන්න. මමත් පහල මොකෙක්වත් හිටියද දන්නෑ කියාගෙන ජනේලෙන් එබිල බැලුව. කිව්ව වගේම පහල පොඩි එකෙක් ඔලුවත් අල්ලගෙන හොල්මං වෙලා ඉන්නව. සපත්තුවත් මූ ගාව බිම. සපත්තුව මුගේ ඔලුවට වැටිලා තියෙන්නෙ එක පාරට ඔලුවට අහසෙන් සපත්තුවක් වැටුන පාර මූත් හොල්මං වෙලා. ඒ වෙලාවෙ ඔතනට A/L අයියල සෙට් එකක් ඇවිත් සපත්තුව ගත්තා මුං ටික සපත්තුව ගන්නකොටම අපේ උන් දෙන්නා ඇවිල්ලා සපත්තුව ඉල්ල ගත්ත..... නැත්තං සපත්තුව කොහෙන් නවතියිද දන්නෑ..... අපේ වෙලාවට පහල පොඩි එකෙක් හිටියෙ බැරි වෙලාවත් සර් කෙනෙක් හිටියනං අපි ඉවරයි..... හි හි..... සපත්තුව ගන්නගිය අපේ එකෙක් ඇවිල්ලා කියනව පව් බං අර පොඩි එකාගෙං සපත්තුව ඇගටද වැටුනෙ ඇහුවාම මූ හෙන අහිංසක විදිහට කිව්ව ඔලුවට අයියෙ වැටුනෙ...... කියල..... හි හි
Tuesday, April 26, 2011
ආප්ප හැන්ද

මට අපේ අයිය කෙනක් එවපු ඊයක තිබුන ෆොටෝ එකක් දැකල පරන කතාවක් මතක්උනා....
මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක් වයස අනුව ගත්තොත් නම් මගේ වයසෙ වගේ දෙගුනෙකට වඩා අවුරුද්දක් දෙකක් විතර අඩු ඇති මේ සිද්දිය වෙලා තියෙන්නෙ මෑන්ස් A/L කරන කාලෙ පන්තියකදි...... ඔය පන්තියේ හිටියලු ටිකක් මහත (ටිකක් මහත කිව්වට ඉතින් අති විශාල හි හි....) කොල්ලෙක් අපි මූට අසේල කියමුකො. මූ ඔය පන්තියේම හිටපු සූටි කෙල්ලෙක්ට (ඒකිට මහේෂි කියමුකො) පොඩ්ඩක් ට්‍රයිලු..... දැන් ඉතින් අසේලය ශේප් එකේ කෙල්ලට පැනි හලනවලු.... දවසක් මුන් දෙන්න පන්තියේ පිටිපස්සෙම පේලියට වෙලා මල් කඩකඩ ඉන්නවලු දැන් අපේ එකා ඊට ඉස්සරහ පේලියෙ මුත් ඉතින් මං වගේම කට තියාගෙන ඉන්න බැරි එකෙක්. මුට හිතුනලු අරූට පොඩි විහිලුවක් කරන්න. මු පිටිපස්ස හැරීල අර කෙල්ලට කිව්වලු "මේ මේ මහේෂි අසේල එක්ක ඉන්නකොට ටිකක් පරිස්සමෙන් නැත්තං ආප්ප හැන්දෙන් තමා ගලවන්න වෙන්නෙ කියල" මේක අහපු ඩබලම රතුවෙලා ගියාලු. අපේ එකත් වැඩේ වැරදුනා කියල තේරුන හින්ද ශේප් එකේ ඉස්සරහ බලාගත්තලු. කොහොම හරි එදායින් පස්සෙ ඒ ලව් එක ඉවරයිලු... අපේ එකා නං කිව්වෙ අරූ බැන්නෙ නෑ "මොකක්ද යකෝ ඒ කරේ" කියල ඇහුව විතරයි කියල....... නම් ගම් මනඃකල්පිතය.....
Sunday, April 24, 2011
කිඩෝගේ ඉස්කෝලයේ මතකයන්
6,7 පන්තිවල ඉන්න කාලෙ යන්න ආසම නැති තැන් අතරට ඉස්කෝලෙ කියන නම අනිවාර්යයෙන්ම ඇතුලත් වුන නමක්. ඒකාලෙ ඉතින් මොකක් හරි හොර ලෙඩක් ඉස්සරහට අරගෙන ඉස්කෝලෙ නොගියපු දවස් අනන්තවත් තියනව.... ඇත්තටම ඒ කාලෙ එහෙම දේවල් කරල ගෙදර නවතින්න තරම් ඉස්කෝලෙට තිබුනු අකමැත්ත මොකක්ද කියල දැන් නම් හිතාගන්න බෑ. 6, 7 පන්තිවලදි අපි හිටියෙ D එකේ මේකට අපේ ඒ කාලෙ හිටපු පිනා කිව්වෙ "ශිෂ්‍යත්ව පන්තිය" කියල මොකද මේකෙ හිටපු ඔක්කොම (එකෙක් ඇර ඌ නං සල්ලි දීල ඉස්කෝලෙට ආපු එකෙක් අන්තිමට විනාස වෙලාම ගියා) 5 ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච හොද මීටර් ටිකක් ඔය කාලෙ අපේ පන්තියට ටිකක් වැඩි වරප්‍රසාද තිබ්බ. අපට ලැබුනෙ අනිත් පන්ති වලින් වෙන්කරල තිබ්බ හොද පන්තියක් හොදම මිස්ල සර්ල තමයි උගන්නන්න ආවෙ. ඒ හින්දම අපට අනිත් උන් තරම් තෙම්පරාදු වෙන්න උනේ නෑ.


කොහොම හරි ඉස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පිනා අයින්වෙලා ගියා. ඊට පස්සේ ඉස්කෝලෙට අලුතෙන් ආවෙ ජගත් සර්. සර් කලින් අපේ ඉස්කෝලෙ උගන්නපු සර් කෙනෙක්..... සර්ට මේ ශිෂ්‍යත්ව පන්ති වැඩේ අල්ලල ගියේ නෑ ඉතින් ආපහු අපේ පන්ති කැඩුව මේ වැඩේ හොද වගේම නරක පැත්තකුත් තිබුන. අපේහොදට වැඩ කරගෙන ආපු සමහරු විනාස වෙලා ගියා. හොදම උදාහරනෙ බන්ටිය මූ 9 දි බීල චාටර් වෙලා ඉස්කෝලෙන් අයින්කරා හොද කොල්ල ඒ වුනාට අන්තිමට විනාසවුනා ඊට පසසෙ මූ වඩු මඩුවක වැඩ කියලත් කතාවක් ගියා. කොහොම හරි මේ ලගදි දවසක මූ අපේ ගෙවල් ගාව පන්සලට ඇවිල්ල යද්දි හම්බවුනා ඒත් වැඩිය කතාකරන්න උනේ නෑ. මටනම් පන්ති කැඩුව වැඩේ හින්ද හොද යාලුවො ටිකක් අදුරගන්න පුලුවන් වුනා. ඔය කාලෙ ඒ කියන්නෙ අපි 8 දි අපේ උන් හරි හරි බාල්දි පෙරලගත්ත ඒව ගැන පස්සෙ වෙලාවක කියන්නම්.
අපිට ඉස්කෝලෙ එපා වෙන විදිහට වැඩ සිද්ද වෙන්න ගත්තෙ 9 වසරෙ දෙවෙනි වාරෙ පටන්ගත්තයින් පස්සෙ. ඒ අපේ විද්‍යා ගුරුතුමිය හා පන්තිභාර ගුරුතුමිය විදිහට කටයුතු කරපු පුෂ්පා ගුරුතුමිය විශ්‍රාම ගැනීමත් එක්ක අපේ පන්තිභාර විදිහට ආපු සර් නිසා(මේ කාලෙ වෙනකොට මගේ ප්‍රියතම විශය වෙලා තිබුනෙ විද්‍යාව ඇත්තටම මම කවදාවත් හිතුවෙ නෑ මම ආසම නැති විශය විද්‍යාව වෙයි කියල. ඒක එහෙම කරන්න කාටවත් පුලුවන් වෙයි කියලත් මං කවදාවත් හිතුවෙ නෑ) ඒ සර් ( සර් ටිකක් වයසක මන්ද ඩයල් එකක්) ආපු දවසෙ ඉදන් මට විද්‍යාව එපා වුනා මට විතරක් නෙවෙයි මුලු පන්තියටම විද්‍යාව එපාමවෙලා ගියා. අපේ උන් තව වාර 2කින් මේක ඉවරවෙන හින්ද ටිකක් ඉවසන් හිටිය.......

ඒ අවුරුද්දත් ඉවරවෙලා ගියා 10 වසරට යද්දි ප්‍රධාන විශයන්ට අමතරව තව විශයන් 3ක් තෝරගන්න ඕනෙනෙ මම තෝරගත්තෙ ඉංග්‍රීසි සාහිත්‍යයයි, ව්‍යාපාර අද්යනයයි, ICTයි 10 වසරට යද්දි අපේ පන්ති කැඩුවෙ තෝරගත්ත අමතර විශයන් වලට අනුව ඉතින් අපේ සෙට් එකෙන් ගොඩක් කට්ටිය වැටුනෙ 11 C පන්තියට දෙන්නෙක් වෙන පන්ති වලට වැටුන. අපිත් ඉතින් අලුත් පන්තියෙ ජොලියෙ හිටිය එතකොට අපේ ජොලියට කෙලවෙලා යන වැඩක්උනා. අපේ පරන විද්‍යාව සර් අපේ පන්තියට ආව. අපිත් බැලුව මොකද කියල මේ (අපි එතකන් හිතාගෙන හිටියෙ අපට විද්‍යාවට චමිලා මිස් එයි කියල) අපට විද්‍යාව කරන්නෙ සර් කිව්වාම අපේ උන්ට(මටත් ඇතුලුව) ඔලුවට පොලු පාරක් වැදුන වගේ උනා. ඇයි ඉතින් අපි වාර 2ක් වින්ද දුක අපිනෙ දන්නෙ දැන් ඉතින් තව අවුරුදු 2ක් කොහොම ඉන්නද........ ටික දවසක් යද්දි අනිත් ලමයින්ටත් විද්‍යාවේ රස තේරුනා අපි සර්ට මුලින් කිව්ව අපට සර් කියන ඒව තේරෙන් නෑ කියල. මූට ගානක්වත් නෑ අපි ගැන. අපේ උන්ටත් මේකට මල ඕවර් ඇයි ඉතින් විද්‍යාවට W එකක් ගන්න බෑ නෙ. වාරයක් විතර යනකොට විද්‍යාව පීරියඩ් වල " මොන ***** ද මන්ද, මූ මෙතන ****** කතා කරනව, කියන ***** තේරෙන්න කියපන්, තේරෙන්නෑ ******" වගේ ඒව කියවෙන්න ගත්ත. සමහර වෙලාවට සර්ගෙ මූනටම මේව කිව්ව. වෙන කිසිම ගුරුවරයෙක්ට අපි මෙහෙම කිව්වෙ නෑ ඒ අය හොදට උගන්නල ගුරු ගෞරවේ තියාගෙන හිටිය. ඉතින් අපේ ඔය වැඩ හින්ද අපේ උන් දෙතුන් වතාවක්ම දුරදිග යන කේසුත් ඇදගත්ත ඒ කේස් ඔක්කොම වගේ දාගත්තෙ අපේ එකෙක්. අපි අපේ මේ ප්‍රශ්නෙ ගැන අවසක් ප්‍රින්සිපල් හම්බුන වෙලාවක කිව්ව. ඇත්තටම මේ ප්‍රශ්නෙ සර්ල මිස්ල ඔක්කොම දැනගෙන හිටිය. අපි හිතුවෙ ප්‍රින්සිපල්වත් මොකක් හරි කරයි කියල. ඒත් ප්‍රින්සිපල් කිව්වෙ " ඔහොම තමයි පුතේ එක එක අය උගන්නන ක්‍රම වෙනස් මේ සර්ට විශය ගැන හොද දැනුමක් තියනව (ඇත්තටම සර්ට විශය ගැන හොද දැනුමක් තිබුන) ඒත් ඒක කියල දෙන්න බැරි වීමයි මෙතන තියන ප්‍රශ්නෙ.(යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්න වගේ උගේ දැනුම අපට දෙන්න බැරි නම් ඒක තම්බං කන්නද) ඒක ගැන මට කරන්න පුලුවන් දෙයක් නම් නෑ. ඔයගොල්ලො ටියුෂන් වලින්වත් විශය ගොඩදාගන්න. ඉවසගෙන ඉන්න බැරි වෙලාවට ඉවසපන් පපුව ඉවසපන් කියල ඉවසගෙන ඉන්න" ඇත්තටම අර ඉවසන වැඩේ නං හරි ගියා. අපි 11 වසරට ආවයින් පස්සෙ මුල් වාරෙ දවසක විද්‍යාව පීරියඩ් එකක සර් එලියට ගිය වෙලාවක අපි බීල දාපු අපේ පේලියෙ කොල්ලො දෙන්නෙක් මේක පිපුරුව (එදා අපි හිටියෙ පස්සෙම පේලියේ. අපේ උනුත් ඉතින් හිතෙන දේ කරනවනෙ) කරුමෙට(එක අතකට වාසනාවකට) ඒ වෙලාවෙම සර් පන්තියට ආව. සර්ට මේ වැඩේට හොදටම මල පැන්න. සර් ඒ මලෙන්ම මේක කරපු එකා නැගිටපන්..... මේක කරපු එකා නැගිටපන්..... කියල මැද පේලියක හිටපු ජලිතට ඇගිල්ල දික් කරල " උඔ මෙහාට වරෙන්" කිව්ව ඌ ටිකක් ඇග තියන කොල්ල මු ගත්කටටම බෑ කිව්ව. ඒ පාර සර් අල්ල ගත්තෙ බකලව ඌ පොඩි ඇග එච්චර නැති ඩයල් එකක් අරූ වගේ මූත් නෑ කිව්වට සර් ගනන් ගත්තෙ නෑ සර්

දන්නවනෙ මුට සර්ට ගහන්න බෑ කියල හි හි....... සර් මූ ඇදල අරන් මේක කරපු එකා නැගිටපන්........ මම මූව මරනව කියල අරූට ගහගෙන ගහගෙන ගිය. ඌට පලවෙනි පාර වදිනකොටම අපේ උන් දෙන්න නැගිට්ට....... සර් තාමත් අරූට හොදට ගහනව හැබැයි ඒව නම් ඌට දරාගන්න පුලුවන් පාරවල් නෙවෙයි මූ බොහොම අමාරුවෙන් සර්ගෙන් බේරිලා පැන්නෙ "තොගෙ අ*** ****" කියාගෙන මූටත් හොදටම මල ඇයි නෙකරපුවරදකටනෙ ගමකට ගුටි කෑවෙ..... අපේ උන් දෙන්නට නම් සර් අතවත් තිබ්බෙ නෑ ප්‍රින්සිපල් ගාවට එක්කං ගියා. ප්‍රින්සිපල් මුන්ට දවස් 3ක් පන්ති තහනම් කරා ඒ ඇර වෙන දඩුවමක් දුන්නෙ නෑ. හැබැයි සර් ඊට පස්සෙ අපේ පන්තියට උගන්නන්න ආවෙ නෑ......... කොහොම එන්නද පස්සෙ ඉතින් අපට වෙන මිස් කෙනෙක් ආව......
අද නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝල පටන්ගන්නවනෙ ඉතින් ඊයෙ ඉස්කෝලෙට ගියා ඒකයි ඉස්කෝලෙ ගැන ලියන්න හිතුවෙ...... තාම අපට ඉස්කෝල පටන්ගන්න දිනයනක් නැති හින්ද මාර පාලුවෙන් මේ දවස් වල ඉන්නෙ..... ඉස්කෝලෙදි වෙච්ච දේවල් නම් ඕන තරම් තියනව පස්සෙ වෙලාවක කියන්නම්
ප.ලි.
O/Lවල විද්‍යාවට A එකක් ආව ඇත්තටම හිතුවෙනම් C එකක් එයි කියල ..... හැබැයි දැන් නම් අර විද්‍යාව සර් ගැන හිතේ කිසි තරහක් නෑ.....
Labels:
ඉස්කෝලේ
Saturday, April 23, 2011
ඕන එකක් 4 ඕන එකෙක් අවසන් ගමන් යයි!!!!!!
ටොපික් එක දැකල කලබල වෙන්න ඕනෙ නෑ...... ඕන එකක් 4 ඕන එකෙක් අවසන් ගමන් යයි!!!!!! කිව්වට ඕන එකක් 4 ඕන එකෙක් කියන නම විතරයි අවසන් ගමන් යන්නෙ....... හැම දෙයක්ම රීමික්ස් කරන කාලෙ මේකෙ නමත් පෙඩ්ඩක් රීමික්ස් කරල ගන්න හිතුව..... හැමදාම software කෑලි හොරට ගන්න ඒව කියකිය ඉදල හරියන්නෙත් නෑනෙ...... ඉතින් හිතේ හිර කරගෙන තියාගෙන ඉන්න ජීවිතේ විදපු , විදවපු , සුන්දර , සුන්දර නොවන හිතේ තෙරපි තෙරපි තියාගෙන ඉන්න හැමදෙයක්ම සයිබර් අවකාශයට මුදාහරින්න පුලුවන් ස්ථානයක් බවට මේ බ්ලොග් එක හැරවීමෙන් මගේ හිතට සැනසීමක් ලබා ගැනීම සදහා මෙම බ්ලොග් අඩවියේ නම වෙනස් කිරීමේ කටයුත්තට අතගැසුවෙමි....... හි හි දන්නෙම නැතුව ලිඛිත භාෂාවට ගියානෙ........ කොහොම වුනත් අතරින් පතර software කෑලි හොරට ගන්න ඒව කියන්නත් අමතක කරන්නෙ නෑ. ඉතින් අද ඉදන් මේ බ්ලොග් එකට "ජනේලයෙන් එහා" කියල නම දානව නමේ අවුලක් එහෙම නෑනෙ........
එහෙනම් මේ මොහොතේ සිට ඕන එකක් 4 ඕන එකෙක් අවසන් ගමන් යයි!!!!!! ජනේලයෙන් එහා උපදියි!!!!!!
Subscribe to:
Posts (Atom)