Pages

Thursday, April 28, 2011

අපේ ස්ට්‍රයික්......


ඔන්න අම්ම හදපු බෙලි කෝප්පයක් බීල මොකක් හරි ලියන්න කියල වාඩිඋනා :D ...... ලියන්න දෙයක් හිතනකොට මතක්උනේ කලින් පෝස්ට් එකේදි අපේ ස්ට්‍රයික් එක ගැන කියනවා කිව්ව නේද කියල.... කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තං මෙතනින් බලන්න.... මේ සිද්දිය උනේ අපි 11 වසරෙ ඉන්න කාලෙ දිනෙත් එක්ක කියනවනං 2010 ඔක්තෝබර් 11වෙනිදා..... ඒ කාලෙ ඔය ලංකාව පුරා O/L කරන්න ඉන්න ලමයින්ට සෙනසුරාදා සම්මන්ත්‍රණ මාලාවක් තියාගෙන ගියානෙ. අපේ ඉස්කෝලෙ මේන් හෝල් එකේ තමයි මේ සම්මන්ත්‍රණ තිබුනෙ. ඒ කාලෙ මේන් හෝල් එකේ හිටියෙ 6 වසරෙ ළමයි. ටික දවසක් යද්දි 6 වසරෙ මිස්ල අපට කේස් එක ඇද්දා හැමදාම සම්මන්ත්‍රණ වලින් පස්සෙ මේන් හෝල් එක සුද්ද කරන්න ගිහිල්ලා හැමදාම 6 වසරෙ ළමයින්ගෙ මුල් පීරියඩ් එකේ වැඩ කරන්න බැරි වෙනවයි කියලො. ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න කවුරු හරි මොලේ ඇති (නැති) එකෙක් නිගමනයකට එලබුනා තව මාස 2 කින් O/L කරන ළමයින්ට පීරියඩ් එකක් මිස් වෙනවට වඩා 6 වසරේ ළමයින්ට පීරියඩ් එකක් මිස් වීම ඉතා බලවත් පාඩුවක් කියල. ඉතින් ඔන්න ඔහොම තීරනයඋනා 11 ළමයි මේන්‍ හෝල් එකට දාලා 6 වසරෙ ළමයි 11 වසරෙ පන්ති වලට දාන්න ඕනෙයි කියල. එතකොට 11 වසරෙ ළමයින්ටනෙ මුල් පීරියඩ් එකේ වැඩ කරන්න බැරි වෙන්නෙ..... කොහොමද ටිකිරි මොලේ...... :D

ඔන්න ඉතින් වැඩේ වෙන්න කලින් අපට නිව්ස් එක ආව.... කරන්න දෙයක් හිතාගන්න බැරිඋන හින්දා අපි තීරනය කරා පන්තිය ඇතුලෙම ඉන්න. ඔන්න ඉතින් තීරනේ සම්මත වෙච්ච හින්ද අපි පන්තියේ දොරට ඉබ්බ දාල ඇතුලට වෙලා හිටිය. ටික වෙලාවක් යද්දි 6 වසරෙ උන් මිස්ලත් එක්ක ඩෙස් පුටු අරගෙන 11 වසර පැත්තට ආව 11 A, B පන්ති දෙක කිසි විරෝදයක් පාන්නෙ නැතුව පන්ති වලින් අයින්උනා. 6 වසරෙ පොඩිඋන් ටික අපේ පන්තිය ගාව හිටගෙන ඉන්නව... උන්ට ඇතුල‍ට එන්න බෑනෙ. මිස්ලත් ඇවිල්ල බලල යනව අපිව එලවන්න මිස්ලට බෑනෙ හි හි.... අපි අපේ පාඩුවෙ වැඩක් කරගෙන හිටියා. ඔහොම විනාඩි 20ක් විතර ඉන්න පුලුවන් උනත් අන්තිමට අපට එලියට බහින්න උනා... :( දැනට කරන්න දෙයක් නැති හින්ද අපිත් ගියා පන්තියට ඒ පන්තය දැක්කහම ඕවර් වෙලා තිබ්බ මල දෝරෙ ගලායන්න ගත්ත.... ඒක නිකං කුකුල් කොටුවක් වගේ පන්ති 3 වෙන් කරලත් නෑ A, B පන්ති දෙක දෙපැත්තෙ අපි මැද A, B 2 වැඩ කරන එකෙක් හිටියෙ කලාතුරකින් ඉතින් අපිත් පාඩමක් කරල හමාරයි :( බ්ලැක් බෝඩ් එකක් තිබුනා අඩුම ‍ගානෙ වාක්‍ය 10ක රචනාවක්වත් ලියන්න ඉඩ නෑ....ඉතින් මේ ගැන මල පැනල හිටපු අපි ‍ඊලග දවසෙ ඉස්කෝලෙ වර්ජනය කරන්න තීරනය කරා පස්සෙ අපේ පන්තියෙ ළමයින්ට මේක කිව්වහම උනුත් කැමතිඋනා. ඒ වෙලාවෙ ඉස්කෝලෙ ඇරපු නිසා අපිත් එලියට ආව.... ඔන්න ඔය විදිහට තමයි මගේ උපන්දිනේ දවසටම අපේ වැඩවර්ජනේ සෙට් උනේ

මං ගෙදර ආවත් තාමත් මේ සිද්දියට ෆුල් මලෙන් හිටියෙ ඒකෙ දුකටම ගෙදර ආපු ගමන් අප‍ට වුනු අසාදාරනේ ගැන අම්මයි තාත්තයි ඉදිරිපිට ෆුල් ආවේගශීලී කතාවක් පැවැත්තුවා.(මේ වැඩේ හින්ද මම උග්‍ර සමාජවාදියෙක් වෙයි කියල අම්ම බය‍ වෙලා තිබුන.. හි හි...මට නංගි පස්සෙ කිව්වෙ..) හැබැයි අම්මයි තාත්තයිනම් මේ වැඩවර්ජන වැඩේට කැමතිඋනේ නෑ.... තාත්ත කිව්වෙ මේක කතා කරල විසදගත්තනං හරි කියල. මම නං මේව අහන්න පුලුවන් තත්වෙක නෙවෙයි හිටියෙ... ඉතිං මං දුක අඩුවෙන්නත් එක්ක ෆේස්බුකිය පැත‍්තෙ ගියා. එතකොට ගොඩයා (අර සපත්තුව වීසිකර එකා) ඔන්ලයින් මූ එදා ඉස්කෝලෙ ආවෙ නැති නිසා මූට ඉස්කෝලෙ තත්වෙ කියලා 12 එන්න එපා කියල කිව්ව. ඉතින් ඔහොම ‍ටික වෙලාවක් ඉන්නකොට මම කූල් ඩවුන් වෙලා මනස ටිකක් විතර සන්සුන්උනා. ඊට පස්සෙ තව ටිකක් හිතල බලනකොට තමයි තේරුනේ ගත්ත තීරනේ වැරදියි කියල. මම සාමාන්‍යයෙන් පොරෙන්දුවක් දුන්නහම ඒක කඩන ජාතියෙ එකෙක් නෙවෙයි. :D ඉතින් කොච්චර වැරදි තීරනයක් උනත් ඊලග දවසෙ ඉස්කෝලෙ ගියේ නෑ......

13න් වෙනිද ගියාම තමයි දන්නෙ වැඩේ අති සාර්ථකයි කියල. එදා ඇවිත් තියෙන්නෙ ළමයි 3 දෙනයි ඒ තුන්දෙනාම 11 ආපු නැති අය... බකලයි, ධනුෂ්කයි දෙන්න මේක ගැන දැනගෙන හිටියෙ නෑ.... අනිත් එකා ගොඩය ඌට එච්චර කියලත් ඌ ආවා...... හැබැයි ඒ කරපු වැඩෙන් අපට අපේ පන්තිය නං ආපහු ලැබුනෙ නෑ. ප‍ස්සෙ මුලු පන්තියම ගිහිල්ල ප්‍රින්සිපල්ව හම්බවෙලා මේක ගැන කතා කරා..... කෙහොම හරි අන්තිමට අප‍ට අපේ පන්තිය ලැබුනා.... හැබැයි එතකොට පාඩමක් හරියට කරන්න තරම් කාලයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ....

ප.ලි.
ඒ වැඩෙන් එක හොදකුත් උනා මට විෂ්වාස කරන්න පුලුවන් පොරොන්දු රකින අයව හා කිසි විෂ්වාසයක් තියන්න බැරි උන්වයි හරියට අදුරගන්න මට පුලුවන් උනා.....

6 ක් හිතුනු දේවල් ලියලා....:

අනූ said...

අණ්ඩ පාල කොල්ලො ටිකක්..:D

කිඩෝ said...

හි හි... ටිකක් විතර

අනූ said...

ටිකක් නෙමේ හොඳටම

සසීන්ද්‍ර වීරසිංහ said...

එළ එළ මචං
අපෙත් ඔහොම කේස් තිබුන. ඒත් ඔය වගේ කරමු කියල කිව්වම කස්ටියම "හා හා" කියල ඔක්කොම උං එනව :D

~ChAnDiKa~ said...

කතා කරල විසඳගන්න පුලුවන් එවුවටත් ස්ට්‍රයික් එකක් කරන එක දැං මොඩ් පැසොං එකක් වෙලා!!

අනුරාධ said...

ස්ට්‍රයික් ක‍රන එකෙත් තියෙනවා අමුතු ගතියක් :D

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....