Pages

Monday, May 2, 2011

තවත් ත්‍රස්ථවාදියෙක් මරා දමා ඇත... මගේ ශෝක ප්‍රකාශය

මෙතෙක් කාලයක් තිස්සේ ආරක්ශා කරගෙන සිටි මාගේ (අම්මා කියන විදිහට වැදි) කොන්ඩය අම්මාගෙන් වු දැඩි විරෝධය හමුවේ කපා දැමීමට සිදුවිය.... :( එසේ ගෙදර පැමිණි මට යලිත් වරක් ............. යාමට සිදුවූ අතර යලි පැමිනෙන අතරතුර යහලුවන් දෙදෙනෙකු මුණගැසුනි..... වෙන කවුරුත් නෙවෙයි හසියයි කල්හාරයි මුන් දෙන්න පන්ති ගිහින් එනගමන්..... මචං බින්ලාඩන් මැරිලලු ඔබාමා ඔය විශේෂ ප්‍රකාශෙකුත් නිකුත් කරයි කියන්නෙ..... කියල හසියා පොඩි නිව්ස් කෑල්ලක් දුන්නා. මම ඉතින් ඔය ටී.වී. කියන එකත් එක්ක එච්චර සම්බන්දයක් නෑනෙ.... මගේ සියලු සම්බන්ධතා කම්පියුටරෙත් එක්කනේ.... ඉතිං ගෙදර ඇවිල්ල බැලුවාම වැඩේ ඇත්ත. ඉතින් මම ඒගැන මට හිතෙන විදිහට ලියන්න ඕනෙ කියල හිතුන... ඔන්න මම මගේ ශෝක ප්‍රකාශය මේ විදිහට ලියනවා......

තවත් ත්‍රස්ථවාදියෙක් මරා දමා ඇත දැන්නම් බැන්කි මූන් මහතාට හා ඔහුගේ "සද කමිටුවට" වැඩ වැඩිවෙනු ඇත... හැමදාමත් සිවිල් ජනයාගේ මරණයන් පිලිබදව සිය හද පත්ලෙන්ම ශෝක වන මූන් මහතාට මෙය දරාගත නොහැකිවනු නොඅනුමානය. අද හෙටම එතුමාගේ "සද කමිටුවට" වහා ඇෆ්ගනිස්ථානයට ගොස් ඇමරිකාව යුද්ධයේදී සිදුකල යුද අපරාද පිලිබදව වාර්ථාවක් හැකි ඉක්මනින් සකසා ඇෆ්ගනිස්ථානයේ සිදුකල යුද අපරාද වාර්ථාවත් සමගින් ඇමරිකාව ලෝක යුද අධිකරනය ඉදිරියට පමුනවනු ඇත..... ලෝකය පුරා ජීවත්වන අල් ඛයිඩා සාමාජිකයන් ඇමරිකාවට හා එහි අතිගරු ජනපති බැරුක් ඔබාමා මහතාට විරුද්ධව ලෝකය පුරා උද්ඝෝශන පවත්වනු ඇත. මෙවන් තත්වයක් හමුවේ ජනපති බැරුක් ඔබාමා මහතාට තම කොන්ද කෙලින් තබාගත හැකි වුවහොත් එය සතුටට කරුණකි.... මෙහිදී මියගිය ඔසාමා බින්ලාඩන් මහතා පිලිබදව කතා නොකර සිටියහොත් එය බලවත් වරදකි. ඔසාමා බින්ලාඩන් යනු නිදහස උදෙසා සටන්කල ජනහිතකාමී නායකයෙකි. ඔහු සටන් කලේ තම ජනතාව වෙනුවෙනි. ඔහු සතුව පැවතියේ නීතිගරුක හා ආදර්ශමත් හමුදාවකි. ඔවුන් අතින් කිසි විටක සිවිල් ජනතාව මියගියේ නැත. සිවිල් ජනතාව ඔහුට ආදරය කලහ. නමුත් ම්ලේඡ ඇමරිකානු හමුදාවෝ ඔහු ඇතුලු දහස් ගනනක් සිවිල් ජනතාව මරාදමා ඇත. මේ පිලිබදව වහාම ඇමරිකාවට එරෙහිව පියවරක් ගත යුතුව ඇත..... ඔසාමා බින්ලාඩන් මහතානනි ඔබට නිවන් සුව!!!!

මේ ලෝකයේ සර්ව සාධාරනත්වය හෝ සමානාත්මතාවය කියා කිසිවක් තිබුනහොත් සිදුවිය යුත්තේ මෙයයි. මේ සම්බන්ධව මා වැඩිදුර කතා කිරීමට යන්නේ හරි හැටි නොදන්නා සර්ව සාධාරනත්වයක් හෝ සමානාත්මතාවයක් ගැන කියා පණ්ඩිත බවක් පෙන්වීමට වඩා කට වහගෙන සිටීම නුවණට හුරු බැවිනි. නමුත් මා හට ගැටලු කිහිපයක් ඇත. ඒවාට පිලිතුරු දන්නා කෙනෙකුගෙන් පිලිතුරක් අපේක්ෂාවෙන් එම ගැටලු කිහිපයත් ලියා දමමි.... මේ ගැටලු වලට මූන් මහතාගෙන් පිලිතුරක් ලැබේ නම් වඩාත් හොදය. නමුත් වෙනත් අයටද පිලිතුරු දිය හැකිය....

1. සිවිල් ඝාතන වලින් තොරව යුද්ධයක් කල හැකිද ?
2. විකී ලික්ස් හරහා ඇමරිකාවේ යුද රහස්(යුද අපරාද) තොග ගනනින් පිටවෙද්දීත් මූන් මහතා එය බලු මයිලක් තරම්වත් ගනන් නොගත්තේ ඇමරිකාව අමුතු නිසාද? (මෙහි "අමුතු" යන වචනය වෙනුවට ඕනෑ තරම් ඒවා සිතට ආවත් ඒවා ප්‍රසිද්ධියේ කීමට නොහැකි බැවින් "අමුතු" යන වචනය භාවිතා කලෙමි)
3. ලංකාවේ යුද අපරාධ පිලිබද සෙවීටම මූන් මහතා මෙච්චර වෙහෙසෙන්නේ ඔහු අවංකවම සිවිල් ජනතාව ගැන සිතන නිසාද?

ප.ලි.
තව පැවසීමට ඕනෙ තරම් දේවල් තබුනත් මගේ කට පාලනය කිරීම අපහසු බැවින් මෙතනින් මාගේ ගැටලු ලිවීම නවත්තමි.......

ප.ප.ලි
මෙම ලිපිය ත්‍රස්ථවාදියෙකුගේ මරණය පිලිබද මූන් මහතා ශ්‍රී ලංකාවට හා ඇමරිකාවට සලකන ආකාරය මතක්කර දීම උදෙසා ලියන ලදි....

8 ක් හිතුනු දේවල් ලියලා....:

Anonymous said...

ඒ කිඩෝ සිරාද ඔසා මා මැරිලද...? සිකේ මම දන්නේ නෑ නෙව ඒවගක්

කිඩෝ said...

@ බීටා මටත් කිව්වෙ යාලුවෙක් බුකියෙයි බ්ලොග් වගේකයිත් තිබුනා සීන් අක ඇත්ත වගේ....

අනුරාධ said...

බලාගෙන කොල්ලො.... මිසයිල් එකක් එන්න බැරි නෑ උඹලයි ගෙවල් පැත්තටත්. :D

Dinesh said...

ඕවා අදලා අපේ රටට විතරයි.. බලමුකෝ ඉස්සරහට මූන් ලොක්කා මොනවද කරන්නේ කියලා..

කිඩෝ said...

ඔව් ඔව් මූන් මේකට මොකක් හරි නොකරොත් අපේ පංචායුද (විමල් වීරවංග)අංකල් තව මාරාන්තික උපවාසයක් කරයි.....

Observer said...

තව සැරයක් නිමාඩු පාඩුවේ කියෝලම කොමෙන්ට් කොරන්නන්.

Asanka Udayanga said...

පරිස්ස්මට දන්නවනේ ඔබාමා අන්කල් අමාරු කාරයා....

සම්ත් හෙට්ටිආරච්චි said...

ෆස්ට මචං....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....