Pages

Wednesday, May 18, 2011

ලේබල් බෞද්ධයෝ....


වෙසක් එක විකුනං කාලත් ඉවරයි දැන් කස්ටියම පොසොන් එකත් විකුනං කන්න සැදැහැ සිතින් පෙල ගැසෙනව..... ඕක ගැන වැඩිය කියවන්න ගිහිල්ල මිත්‍යාදෘශ්ටිකයා කිලය නිකං බොරුවට අපේ බොක්ක පතුලෙ ඉදන්ම බෞද්ධ කම ඉතිරිලා යන පෝය දවසට මදුරුවෙක් වත් මරන්නැති මස් නොකන එකී මෙකී නොකී සියලු පුණ්‍ය ක්‍රියාවල යෙදෙන අපේ බහුතර පට්ට බෞද්ධ ජනතාවගෙන් අහගන්න ඕනෙ නෑ නෙ..... අවුරුද්දෙ දවස් 365 දවසක් දෙකක් ඔය තියන (බොරු) ශ්‍රද්ධාවෙන් බැබලි බැබලි ඉන්න බෞද්ධ ජනතාව අනිත් දවස් වල තියන ජරා වැඩ ඔක්කොම කිරීම වෙනම කතාවක් දවස් 2කට ලෝකෙට පේන්න හරි උන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයොනෙ......

ඉතින් අපේ බෞද්ධ ජනතාව වෙසක් එක දවසෙ කරන විකාර දැක්කහම පොඩි එකෙක් හිටන් වැරදියට වටහගන්නව මේක තමයි බෞද්ධ කම කියල..... තමන්ගෙ දරුවව කවදාවත් දහම්පාසලකට නොයවන සමහර දෙමව්පියො දරුවව උස්සන් පන්සල් "එනව අද වෙසක්නෙ පන්සල් යන්න එපැයි" කියාගෙන කවදාවත් පන්සලකට නොගියපු දරුව ඉතින් පන්සලකටකට ගියාම නිකන් අමුතු තැනකට ගියාවගේ මොකෝ කරන දෙයක් දන්නවයැයි. ටිකක් විමසිල්ලෙන් බලාගෙන හිටියාම තේරෙනව දෙමව්පියොත් දරුවට දෙවෙනි නෑ කියල නිකං පන්සල වටේ ඇවිදල ‍පහනක් එහෙම පත්තුකරල ලොකූ මල් වට්ටියක් බුදු පිලෙම වහන්සේ ඉස්සරහ තියල (තමන්ගෙ මල් වට්ටිය අනිත් අයගෙ මල් වට්ටි වලට වඩා ලොකු වෙන තරමට අපේ ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තරු/ උපාසක අම්මල සැටිස් වැරදිලෘ හරි තමන්ගෙ මල් වට්ටියට වඩා ලොකු මල් වට්ටියක් තිබුනොත් ඇග පුරාම ඉරිසියාව දෝරෙ ගලනව බලන්න පුලුවන්) අත් දෙක ඔලුව මුදුනෙන්ම තියල දන්න්න කියන ගාථා දෙකතුනක් කියල පන්සලේ හාමුදුරුවොත් මුනගැහිල (අපේ උන් කියන විදිහටනං මුනත්තහඩුව පෙන්නල එහෙමත් නැත්තං පොත අත්සන් කරල) ගෙදර එනව.... හැබැයි මේ ඔක්කොම දේවල් කරන්නෙ හිතේ ශ්‍රද්ධාව තියාගෙනද කියන එකනං ප්‍රශ්නයක්...

කොහොම හරි පෝය දවසකට පන්සල කියන්නෙ උපාසක අම්මලගෙ ඕපදුප බේස් එක කිව්වත් වරදක් නෑ... මෙහේ හාමුදුරුවො බණ දේශනා කරනව සමහර උපාසක අම්මල ශ්‍රද්ධාව වැඩි කමට කෙල පෙරපෙර ඇස් පියාගෙන බණ අහනව කොල්ලො නං ඉතින් කට්ටියත් එක්ක සෙට් වෙලා කවුරුත් බලන් නැති වෙලාවක කෙල්ලෙක්ට පොඩි ගල් කැටේකින් එහෙම ගහල අත් දෙක නලලෙ තියන් බණ අහනවා... වැරදිලා හරි ඔය ගල් කැටේ උපාසක අම්මකෙනෙක්ට වැදුනොත් සිල් අමතකයි එතකොට ඉතින් සොදුරු මුවින් සොදුරු වදන් අහගන්න පුලුවන්.. මේ ආහාරය උගුරෙන් පහලට යනවිට පිලිකුල් වන්නේය කියල පටන් ගත්තට දවල් දානෙ කෑවට පස්සෙ කෑම ගැන ගුණදොස් විචාරයක යෙදෙන්නත් අපේ උපාසක අම්මල අමතක කරන්නෑ නෙ... ඊට පස්සෙ ගමේම තියන ප්‍රශ්ණ (ඕපදූප) ටිකට සාකච්චා මාර්ගයෙන් විසදුම් හොයන්නත් එපැයි. පෝයට පව් කරන්න පන්සලටම එන්න ඕනෙද????

දවසක් මමයි යාලුවෙකුයි පන්සලට ගියා මතක විදිහට හාමුදුරුවො කතා කරලා මොකක් හරි වැඩකට..... මෙන්න බොලේ පන්සලේ අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි තව පොඩි එකෙකුයි (දෙන්නෙක්ද මන්ද) යනව නිකං බීච් එකට ඇවිල්ල වගේ අංකල් සගක් බස්සල යනව නිකං ගෝටයිම්බර පාටි එකෙන්. ඒ වෙලාවෙ එච්චර අව්වක් තිබුනෙත් නෑ ඉතින් ඒ වෙලාවෙ මොකටද පන්සලට සන්ග්ලාස් දාන්නෙ. (වෙන මොකටද යකෝ ඇඩ් එක වෙන්න මිසක්) මට පස්සෙනෙ වැඩේ මීටර් වුනේ පන්සලකට යනකොට සපත්තු තොප්පි ගලවල යන්න කිව්වට සන්ග්ලාස් දාගෙන යන්න එපා කියල කොහෙවත් කියල නෑ නෙ. හිහි දැන් ගොඩක් පන්සල්වලයයි පාක් වලයි වැඩි වෙනසක් නෑ පෝය දවස්වලට සමහර කොල්ලො කෙල්ලො ලව් කරන්න එන්නෙත් පන්සල් වලට. පාක් වලට වගේ පොලීසියෙන් පයින්නෙත් නෑනෙ. මට දවසක් යාලුවෙක් කිව්ව පන්සල් වත්තක උන කතාවක් කතාව ප්‍රසිද්ධියේ කියන්නනං බෑ හැබැයි සිද්ධියේ අන්තිම වක්‍ය නං මෙහෙමයි "මොකක්ද පොඩි හාමුදුරුවනේ මෙතනවත් නිදහසේ ඉන්න බැරිද".... දැන් පන්සල් වලට සමහරු අදින ඇදුම් ගැනත් කතා කරල වැඩක් නෑ.

මේව ජනතාවගෙම වැරදි කියලත් කියන්න බෑ මොකද අද සමහර හාමුදුරුවරුත් ඉන්නව බුදු දහම විකෘති කරල බණ දේශනා කරන. ඔය අතරෙ බදු සසුනේ දියුනුවට අවන්කවම කැපවෙලා වැඩ කටයුතු කරන පිරිසකුත් ඉන්නව. හැබැයි ඒ සුලුතරයක් බහුතරයක් අයනං ලේබල් බෞද්ධයො මේ ඔක්කොටම හේතුව බුදු දහමෙ තියන නිදහස කියලයි මටනං හිතෙන්නෙ.....

ලියන්න හිතන් ආවෙ වෙන එකක්.. මේව ගැන කිසිම පෝස්ට් එකක් දාන්නෙ නෑ කියල හිතන් හිටියට නොදැනිම ලියවුනා...

7 ක් හිතුනු දේවල් ලියලා....:

සුපර් මාරියෝ said...

නියමයි කිඩෝ.... වදිනව බොක්කටම..

Observer said...

ප්‍රීති වෙසක්........!!!!

Unknown said...

ආ එල එල ලොවෙත් නැති වෙන්න වදිනවා කැරකිලා යන්න​.

රොබින් said...

ලියන්න ආපු එක කෙසේ වෙතත් ලියලා තියන එකනම් සහතික ඇත්ත. ඒත් ඕක කීදෙනෙකුට තේරෙයිද කියලා තමයි දුක...
නියමයි

Dinesh said...

කතාවනම් ඇත්ත යාළුවා...

පන්සල් හංදිය said...

ලියලා තියෙන්නෙ සහතික ඇත්ත ..... බුද්ධාගමෙත් අර මුස්ලිම් ආගමේ වගේ තද නීති තිබුනා නං ඔහොම වෙන්නෙ නැහැ .........

ගොඩයා said...

පට්ට ඇත්ත මල්ලි... නියම පෝස්ට් එක......
@ කල්හාර - නෑ මචං. මුස්ලිම් ආගම වගේ ආගමක් නෙවෙයි බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය කියන්නේ දර්ශනයක්. බොහොම විවෘත මනසකින් අවබෝධ කරන්න ඕනේ දෙයක්.... ඒ අවබෝධය නීති වලින් දෙන්න බෑ සහෝ..... කරන්න ඕනේ අපේ ස්වාමින් වහන්සේලා මිනිස්සුන්ට හරි අවබෝධය දෙන එකයි. එහෙම නැතුව තම තමන්ගේ අදහස් බුද්ධ ධර්මයේ ගිණුමට දාලා මිනිස්සුන්ට දේශනා කිරීමෙන් අසරණ බෞද්ධයන්ව නොමග යවන එක නෙවෙයි.

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....