Pages

Monday, May 23, 2011

බ්ලොග් අවකාශයේ මිතුරන්ට වැදගත් වෙන්න පුලුවන් පෝස්ටුවක්

හදිස්සියේම පෝස්ට් එකක් දාල යන්න කියල ආව මේ සතියෙ මට විභාගයක් හින්ද මේ සතිය ඇතුලත වෙන පෝස්ට් එකක් දාන්න වෙන එකක් නෑ..... කියවන්නෙ නැතුව ආපු වැඩේට සෙට්වෙන්නංකො....බුකිය.... බ්ලොග් ලියන කෙනෙක් බුකියෙ නැති වෙනවනං ඒ ‍බොහෝම කලාතුරකින් (කලාතුරකිනුත් වෙන්නෑ).... කොහොම හරි බුකියෙ ඔය එකඑක ගෘප් තියනවනෙ ඔය අතරෙ බ්ලොග් ලියන කියවන අය ඉන්න ගෘප් එකක් තමයි බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එක.... ඉතින් අපි ඔය ගෘප් එකේ ඉන්න අයගෙ බ්ලොග් වලට දාන්න පොඩි කොඩියක් හැදුවා....

දැන් ඉතින් කට්ටිය කියන්න ගනියි මුන්ට වෙන වැඩ නැතුව ඕකට මොකටද කොඩි කියල.... ඒත් ඉතින් මේක දාන්න ලොකු (ලොකුමත් නෑ) හේතුවක් තියනව... ඇත්තටම ගොඩක් අය අලුතෙන් බ්ලොග් ලියන්න එකතුවෙන්නෙ තව කෙනෙක්ගෙ බ්ලොග් එකක් කියවලා (මම දන්න විදිහට 80%ක් වත් එහෙමයි).... ඉතින් මේ අලුතෙන් බ්ලොග් ලියන්න එන අයට අලුතෙන් බ්ලොග් එකක් ලියන්න යද්දි ගැටලු මතුවෙන්න පුලුවන්නෙ..... ඊට අමතරව බ්ලොග් එක ගැන කවුරුත් දැන නොගැනීම වගේ අපහසුතාවලට මූනදෙන්න වෙලා ඒ අයට බ්ලොග් ලියන එක එපාවෙන්නත් පුලුවන්..... (මමත් එහෙම මාස ගානක් හිටපු නිසා මම දන්නවනෙ රගේ)

කොහොම හරි වෙන බ්‍ලොග්වල මේ වගේ කොඩියක් දැම්මහම අලුත් බ්ලොගර් කෙනෙක් ඒ ගැන ටිකක් විමසිලිමත් වෙලා ගෘප් එකට එකතුවෙන්න තියන ඉඩකඩ වැඩියි අනිත් එක ඒකට හොදම තැන බුකිය මොකද මම කලිනුත් කිව්ව වගේ ‍බ්ලොග් ලියන ගොඩක් අය බුකියෙ ඉන්නවනෙ අනිත් එක බුකිය ගොඩක් අයට අමුතු තැනකුත් නෙවෙයිනෙ..... ඉතින් කොහොම හරි අලුත් බ්ලොගර් කෙනෙක් මේ ගෘප් එකට එකතු වුනොත් එයාට තමන්ගෙ ප්‍රශ්න ගෘප් එකේදි ඉදිරිපත් කරන්න පුලුවන්නෙ ඉතින් එහෙම කරද්දි ඒ ගැන විසදුම් දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙට විසදුමක් ඉදිරිපත් කරනවනෙ ඒ වගේම මේකෙදි ප්‍රශ්න වලට උත්තර දීම කරන්නෙ තනි කෙනෙක් නෙවෙයිනෙ ගෘප් එකේ ඉන්න ගොඩක් දෙනා මේකට උත්තර දෙනවනෙ ඒ නිසා අලුත් බ්ලොගර් කෙනෙක්ට ඉක්මනින්ම තමන්ගෙ බ්ලොග් එක සම්බන්ද ප්‍රශ්න නිරාකරණය කරගන්න පුලුවන්නෙ. ඒ වගේම තමන්ගෙ පෝස්ට් වල ලින්ක් ගෘප් එකට දාල බ්ලොග් එකට කෙටි කාලයකින්ම පාඨකයෝ ගෙන්න ගන්නත් පුලුවන්නෙ (සින්ඩියක් වගේ) ඉතින් එහෙම කිරීමෙන් සින්හල බ්ලොග් කරුවන්ගෙ අනාගතය ටිකක් ශක්තිමත් කරන්නත් පුලුවන්නෙ.....

ඇත්තටම මේ කොඩියක් හදන අදහස ආවෙ දිලුම් අයියගෙ හදිස්සි මරණය නිසා ඉතින් මේ කොඩිය හැදීමේ ගෞරවය දිලුම් අයියටත් හිමිවෙනවා.... ඇත්තටම බ්ලොග් ලියන අයගෙ හිත්වල හැංගිලා තිබුන මනුස්සකම එලියට ඇදල ගත්තෙ දිලුම් අයියා කාටවත් ඒක නෑ කියන්න බෑ..... තව මේ කොඩිය හදන්න දායකත්වය දුන්න කෙනෙක් ඉන්නව ඒත් එයා නම කියන්න එපා කිව්වා..... කොහොම වුනත් එයාටත් බොක්ක පතුලෙන්ම ස්තූතියි...

මෙන්න කොඩිය.... කොඩිය තියෙන්නෙ gif ෆයිල් එකක් විදිහට මෙතනනං තියෙන්නෙ png ෆයිල් එකක් විදිහට


මෙන්න මේ කොඩ් එක කොපි කරගෙන ඔයාලාගෙ බ්ලොග්වල සයිඩ් බාර් එකේ
Add a gadget ---> html/ javaScript වල අලවන්න (පේස්ට්) කරන්න විතරයි තියෙන්නෙ


කෝඩ් එක පහල
|
|
v







මේ ගැන ඔයාලගෙ අදහස් කියලම යන්න චාටර් නං චාටර් කියන්න කිසි ප්‍රශ්නයක් නෑ මේකෙ තව වෙනස්කම් වෙන්න ඕනෙ නං වැරදි අඩුපාඩු තියනවනං අමතක කරන්නැතුව කියන්න...

සැ.යු.

මේ පෝස්ට් එක දාද්දි HTML පිස්සු කෙලින්න ගත්ත නිසා කෝඩ් එක දැම්මේ ඉමේජ් එකක් විදිහට මෙන්න කෝඩ් එක ....... සොලි වෙන්න ඕනෙ අවුලක් වුනා නං මෙන්න මේ ලින්ක් එකෙන් බුකියට ගිහින් කෝඩ් එක ගන්න

19 ක් හිතුනු දේවල් ලියලා....:

Unknown said...

kudda code eka hariyata denna..me tiyenne image ekane code eka newaine..eka nisa code eka denna...monawa unat wade ela..mama dannawa anit kena kawda kiyala meka hadanna hlp eka dunna..ath kiyanna epa kiyalane nattam kiyanawa..lol..

wade ela..!
two thumbs up!

කිඩෝ said...

මචං මේකෙ කෝඩ් එක දාන්න ගියාම පෝස්ට් එක පිස්සු කෙලියා මේ ඒකයි ඉමේජ් එකක් දැම්මේ... මේ මම පෝස්ට් එකට කෙලව ගන්නෙ නැතුව HTML කොඩ් එකක් දාන හැටි හොයනවා

Anonymous said...

නැවතුන කොඩිය නෙමෙයි, ලෙල දෙන කොඩියෙ කෝඩ් එක දෙන්න පුලුවන් ද?

අගේ ඇති වැඩක්......

කිඩෝ said...

බුකියෙ දාල ඇති http://www.facebook.com/home.php?sk=group_192579577425984&view=doc&id=228665113817430 මේකෙන් යන්න

පන්සල් හංදිය said...

ඔන්න මමත් ඔය ගෘප් එකට රික්වෙස්ට් එකක් දැම්මා ......... ඇක්සෙප්ට් කලා පස්සෙ කොඩියත් දානවා ..........

සුපර් මාරියෝ said...

ඔන්න මාත් රික්වෙස්ට් කරා... කාලෝච්ත වැඩක්..

pavithra weerapperuma said...

තොට ඒක තමා හරකො කියල දුන්නෙ. කෙලව ගන්නෙ නැතුව ඇච් ටි ඇම් ඇල් කොඩ් පෝස්ට් වලට දාන විදිය...

<img src="http://4.bp.blogspot.com/-NcbsceXpmu8/TdqC7VUS2ZI/AAAAAAAAAUo/uWpC3orPTww/s320/bloggers-flag-129.gif" width="212" height="320" longdesc="http://www.facebook.com/home.php?sk=group_192579577425984" />

ඔය බලපන්. මං කෙලව ගන්නෙ නැතුව කොඩ් එක දැම්මෙ...

pavithra weerapperuma said...

සොරි වෙන්න කලින් දීපු කෝඩ් එක වැරැදුනා... මෙන්න හරි එක...

<img src="http://i1222.photobucket.com/albums/dd494/kidodesilva/bloggers-flag-129.gif" width="212" height="320" longdesc="http://www.facebook.com/home.php?sk=group_192579577425984" />

Dinesh said...

ගොඩක් වටින වැඩ යාළුවා.. ඔන්න මමත් ආවා...

pavithra weerapperuma said...

අවකාසෙ ගෘපියෙ මං දාපු මෙවුව එක බලපන් ;)

මකුළුවා..... said...

හරී මමත් ප්ලග් වුනා ඕං......

පන්සල් හංදිය said...

එලනේ මම දැන් ඔන්න බොලොග් අවකාශේ ඉන්නවා ......

දුකා said...

සෑහෙන හොඳ වැඩක් . . මේ ගූගල් අවුල අඩු වුනු ගමන් මමත් ට්‍රයි එකක් දෙන්නම් මේක දාගන්න

සංකල්ප said...

මාත් එහෙනම් කෝඩ් එක ගැත්තට කමක් නෑනේ.

ADK කොලුවා said...

හොද වැඩක් මචං.. මමත් ඔය ගෘප් එකට ජොයින් වෙන්න දැම්ම. උබේ ෆ්ලෑග් එකත් දාන්නම්... මාරු මචං..

ADK කොලුවා said...

සුළඟිල්ලගෙ කෝඩ් ඒකෙ කොඩිය වැනුනට ලින්ක් එකක් නෑනේ... අයියෝ...

පන්සල් හංදිය said...

@ADK කොලුවා,

මටත් ඔය සෙතේමයි ......

Yasantha Hennayake said...

මචං මාත් ගෘප් එකට රික්වෙස්ට් එකක් දැම්මා.. දැනටමත් මෙම්බර්ස්ලා 247ක් ඉන්නවා නේද? 250 පැන්නොත් චැට් එක නැතිවෙනවා නේ? පුලුවන්නම් මගේ රික්වෙස්ට් එක ගැනත් සලකා බලපන්.. ලොකු උදව්වක්

Anonymous said...

මමත් දැම්මෝ....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....