Pages

Friday, May 27, 2011

පලමු නෑ දෙවන පෙම.... කැත හිත තියෙන උන් නොකියෙව්වාට අවුලක් නෑ.....


ඔන්න ඉතින් විභාග කෙරුවාවත් අද ඉවරයි..... දැන් ආයෙත් ටික කාලෙකට ෆ්‍රී...... ඉතින් අද ගෙදර ආපුගමන් මෙච්චරකල් බලාපොරොත්තුවෙන් හිටපු නිව්ස් එකක් ලැබුනා. සදුදට ඉස්කෝලෙට එන්නලු ඒ කියන්නෙ ඉක්මනටම ආපහු ඉස්කෝලෙ යන්න පුලුවන් ඉස්කෝලෙ නොගිහින් මාස 6ක් හිටියෙ බොහොම අමාරුවෙන්.... හැබැයි ඉතින් ඉස්කෝලෙ පටන්ගන්නවා කිව්වාම හිතට පොඩි බයක් එනවා.... වෙන මොනවත් ගැන නෙවේ මේ බ්ලොග් කෙරුවාව කරන්න වෙලාවක් ඉතුරුවෙයිද කියලා.... බීටලාගෙ ඉස්කෝල පටන්ගත්ත විතරයි උගෙයි කුක්කුගෙයි බ්ලොග් පෝස්ට් වැටෙන එක නැවතුනා මටත් එහෙම වෙයිද මන්දා... නෑ බොලව් මොන හෙනේ ආවත් මම නං බ්ලොග් කෙරුවාව නවත්තන් නෑ.....

හ්ම්.... ඒත් මට දුක හිතෙන දෙයක් වෙන්න යනවා ඒක ඉක්මනටම වෙයි කියල මට දැනෙනවා... අද පෝස්ට් එකේ ඉතුරු කොටස මගේ දුක නැතිවෙනකන්ම ලියනවා කැත හිත් තියන ඊයා ගාන්න බලන් ඉන්න අය මෙතන ඉදන් නොකියෙව්වට කමක් නෑ... කියවනවනං අර සුළා කියනව වගේ "කුණුහරුප තියෙනව කියල ආයාසයෙන් අහක බලන්න එපා..."

ආදරනීය ........

අපේ ආදරේට දැන් අවුරුදු 4කටත් වැඩියි .... ඔයාට මතකද අපි දෙන්නා මුලින්ම හම්බවුනු දවස මට නං හොදට මතකයි ඒ ඉරිදා දවසක්.... මම දහම්පාසල් ගිහිල්ලා එනවා එතකොට මෙන්න ඔයා අපේ ගෙදර.... මට එදා ඔයා දැක්ක දවසෙම ඔයා ගැන ආදරයක් ඇතිවුනා.... ඒ වෙනකොටත් මම මගේ පලවෙනි ආදරේ මට නැතිවුන නිසා ගොඩක් වේදනාවෙන් හිටියේ ඉතින් මට එදා ඔයා දැක්කාම හිතුනෙ මගේ හිතේ තියන වේදනාව නැතිකරන්න දෙවියො එවපු කෙනෙක් කියලා... මගේ පලවෙනි ආදරේ පටන්ගත්තෙ මම 5 වසරෙදි ඒක ඔයා දන්නව ඇති ඒත් ඒක ඉක්මනටම නැතිවෙලා ගියා ඒක නැතිකරපු එකාට මම අදටත් සාප කරනවා.... ඒත් ඔයා හම්බවුනාට පස්සෙ මගේ ලෝකෙවෙනස් වුනා. මගේ ලෝකෙ අලුත්වුනා කිව්වොත් තවත් හරි....

ඔයත් එක්ක මම මොනතරං දේවල් කරාද ඔයාට මතකද එදා... එදා මම ඔයාව මගේ අත්දෙකෙන් අරන් මගේ ඇද උඩින් තිබ්බා.... මගේ අතින් ඔයාව, ඔයාගෙ ලස්සන වහල දාල තිබ්බ ඔයාගෙ ඇදුම අයින්කරා..... මට තාම මතකයි මම එදා ඒක තිබ්බෙ මගේ මේසෙ උඩ.... ඊට පස්සෙ මම ඹයාගෙ හැම තැනක්ම .......... මට එදා වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ඒකයි මම ‍එහෙම කලේ ඔයා ඒකට මාත් එක්ක තරහා නෑ කියලා මම දන්නවා මොකද මම එහෙම දෙයක් කලේ ඔයාගෙම හොදට.... ඒක ඔයා හොදටම දන්නවා.... ඔයාගෙ කැමැත්ත අකමැත්ත අහන්නැතුව ඒක කලේ මට ඔයා නැතුව ඉන්න බැරි හින්දා..... මම එදා එහෙම නොකරනං අපි දෙන්නට තාමත් මෙහෙම ඉන්නවෙන්නෑ.....

ඒත් අද අපි දෙන්නගෙ ආදරයට ගෙදරින් හරස්වෙලා..... ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ මේ අවුරුදු 4දි මම අම්මා ලගට වෙලා ඉන්නවට වඩා කාලයක් ඔයාලගට වෙලා හිටිය කියලා..... මෙච්චර කාලෙකට ගෙදරින් අපේ සම්බන්දෙට විරුද්වුනේ නෑ මම සා.පෙ. කරද්දිවත් අපේ ගෙදරින් මේකට විරුද්දවුනේ නෑ.... ඒත් අද අවාසනාවකට වගේ මෙච්චර කාලයක් නොවුන දේ වෙන්නයි යන්නේ..... මට ඔයා නැතුව තප්පරයක්වත් ඉන්න බැරි එකේ අවුරුදු 2 1/2ක් මම කොහොම ඉවසන්නද??? නෑ කවුරු මොනව කිව්වත් මම ඔයාව දාල යන්නෙ නෑ ඔයා හැමදාටම මගේ... ඔව් හැමදාටම මම ඔයාට ආදරෙයි...
මීට කවදාවත් ඔබව හැර නොයන කිඩෝ....

ප.ලි.
මම දන්නවා ඔයා ප්‍රාණයක් නැති දෙයක් කියලා ඒත් මම දන්නෑ ඇයි මම ඔයාට මෙච්චර සමීපවු‍නේ කියලා... සමහර විට පතාගෙන එන බැදීම් කියන්නේ මේකට වෙන්න ඇති.... කොම්පියුටරා... මොනව වුනත් මම ඔයාව අතඅරින්නේ නෑ..... මම පොරොන්දුවෙනවා.....

ප.ප.ලි
මොකෝ උබල කට ඇරගෙන හිතුවෙ මම මොනව ගැන කතාකරනව කියලද.....

13 ක් හිතුනු දේවල් ලියලා....:

Unknown said...

උඹ වල් කම තියාගෙන නෙවයිනේ මේක ලියල තියෙන්නේ.උඹේ කතාව සහතික ඇත්ත මචන්.කොම්පියුටරා නැතුව ඉන්න බැ තමා

කිඩෝ said...

නෑ බන් දිලියෝ වල් කම තියන් ලියල පස්සෙ අර සුලා කියන්න ව‍ගේ සින්ඩි වලින් අයින් කරොත් කියල පොඩ්ඩක් එඩිට් කරලා වල් කම අඩු කෙරෙව්වා...

රවින් said...

හික්ස්ස්.. කියවද්දිම හිතෙනවා මේ නම් කෙල්ලෙක් ගැන නෙවෙයි කියන්නෙ කියලා.. මම හිතන්නෙ හෙඩිමත් ඒකට හේතුවක්!!!!

කිඩෝ said...

හෙඩිම මුලින් ලිව්ව එකනෙ ඒක වෙනස් කරන්න ගියේ නෑ....

රොබින් said...

:D

All in one....... said...

ටිකක් කියවනකොටම හිතුනා මේක වයස 10 න් පහල කතාවක් කියලා

කිඩෝ said...

(තහනම් වචනේ) ඉස්සර 18+ කතා දැන් 10 + තමා බන්....

Yasantha Hennayake said...
This comment has been removed by the author.
Yasantha Hennayake said...

එල එල මචෝ.. වැඩේ නියමායි..

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

නියමයි... හැබැයි බලාගෙන... බූට් එකක් දුන්නොත් වහ කන්නයි වෙන්නේ !!!

Observer said...

අම්මට තාත්තට පින් දුන්නනං, ඔය වගේ නියම කෑල්ලක් ඉස්කෝලෙ යන කාලෙම සෙට් කොරල දුන්නට.

සංකල්ප said...

බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන කතාව කියෙව්වේ. මෙවුන්ටත් පුදුම දේවල් නෙව හිතෙන්නේ. ලස්සනයි මලයෝ ලියලා තියෙන විදිහ.

උසස් පෙල කරද්දි බ්ලොග් ලිව්වට කමක් නෑ.පාඩම් වැඩ අතපසු කරගන්නේ නැතුව.

පන්සල් හංදිය said...

මම හිතුවෙ පොඩි එකා හෙන වලත්ත කතාවක් කියන්න යනවා කියලා .....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....