ඊට පස්සෙ තමයි බොක්ක කූල් වෙලා ගිනිගන්න ගානට කට්ටියව ඉස්සරහට අරන් ඇදුම් කොන්ඩ වගේ ඒවා ගැන කියන්න ගත්තෙ... හලේ මගේ කොන්ඩෙ පිටිපස්සෙන් වැඩියි වැඩි කමට ඒක කැරකිලා (රෝල්වෙලා) උඩටත් එනවා මොනව කරත් නවත්තන්න බෑ... කොල්ලො ඉස්සරහනං කමක්නෑ ඒත් අම්මල තාත්තල ඉස්සරහ කොන්ඩෙන් අල්ලල හෙලෙව්වොත් මොනව කරන්නද පටස් ගාල ඉස්සරහින් පීරගත්ත කොන්ඩෙ පැත්තට (හොද ලමයෙක් වගේ)... දැන් ලක්ශිතටත් කේස් මුගේ ශර්ට් එකේ සාක්කුවෙ ත්‍රිබල් මෙශමන්ට් ශර්ට් එකේ මෙශමන්ට් 5 යි (ත්‍රිපල් වගේ ඒකට කියන්නෙ මොකක්ද කියල නං දනනෑ) ඩබල් මෙශමන්ට් ගැහුවත් බනින එකේ මෙශමන්ට් 5ක් ගැහුවාම බනින විදිය හිතාගන්නකො.... අනිත් එක උගේ අම්මත් ඉන්නව එතන....
කොහොම හරි දැන් කට්ටිය යනව පෝලිමේ දැන් අපේ වාරෙත් ආවා මුලින්ම ගියේ වයිබා උගේනං මුකුත් අවුලක් තිබුනෙ නෑ ඉතින් ඌ ශේප්... ඊලගට ලක්ශිත මූත් ඉතින් ඕනෙ එකක් කියල ගියා වෙලාවට ප්‍රින්සිපල් මුගේ ශර්ට් එක බැලුවෙ නෑ මූ කොන්ඩෙ කොටටම කපල හිටියෙ ඉතින් මෙහෙම කොන්ඩෙ කපන්න පීරන්න වදේකුත් නෑ කියල දේශනාවක් අනිත් උන්ට දීල ඌවත් යැව්ව දැන් මම මොනව කරන්නද මමත් ඉතින් ඉස්සරහට ගියා... මෙන්න ප්‍රින්සිපල් ගාවට යනකොටම එකෙක් පැත්තෙන් දෙනව මුගේ කොන්ඩෙ පිටිපස්සෙන් වැඩියි කියල මටත් ඉතින් මලේ මල දැන් ඉතින් ඉවරයි කියල හිතුනෙ ඒ වුනාට ඉතින් ප්‍රින්සිපල් නං බයින්න ගියේ නෑ කොන්ඩෙ කපන් එන්න පුතේ කියල කිව්වා (මම හොද ලමය වගේ ගිය නිසා වෙන්න ඇති බැන්නෙ නැත්තෙ)
කොහොම හරි මැත්ස් බයෝ කරන අයයි අම්මලයි ගෙන්නගෙන ඉතින් අපේ ඉස්කෝල වල නැගලම යන වැඩේ වෙන සල්ලි එකතු කිරීමේ වැඩේ කලා ඔන්න ඉතින් අනම්මනං ගොඩකට කියල ගත්තා 3300ක්... අපේ උන් කියන විදිහට තව මාසයක් ඇතුලත ප්‍රින්සිපල්ගෙ කාර් එක මාරුවෙනවා.... දැන් ඉතින් සල්ලි ටිකත් ගත්තනෙ 9වෙනිදට වරෙව් කියල කට්ටියව යැව්වා..... දැන් ඉතින් 9වෙනිදා වෙනකන් බලන් ඉන්නවා...
අනේ අපේ ඉස්කෝලේ කවුරුවත් මේ පෝස්ට් එක නොදකිත්වා.....
ප.ලි.
තව පෝස්ට් එකක් තියනවා මේක දිග වැඩිවුන නිසා ඒක වෙනම දාන්නම්....
9 ක් හිතුනු දේවල් ලියලා....:
අඩේ උබ ඇත්තටම සුකිරි ජෝන්ටෙක්නේ. හි හි.
මොනවා උනත් කොන්ඩේ කපාගනින්.
මගේ අත්දැකීම් අනුව ජිවිතේ ලස්සනම කාලේ තමා උබට ඔය එන්න හදන්නේ. ගන්න තියන ෆන් නන්ස්ටොප් ගන්න කාලේ. ආතල් වලට සුබ පැතුම්.
ඉස්සරහට ලියන්න වෙලාව ටිකක් අඩුවෙයි, ක්ලාස් සෙට් වෙනකොට. ඒත් ලියන එක නවත්තන්න එපා ගොයියෝ.... තව ලියපන්....
මලේ උඹ මුලිංම කරන්න ඕනේ... අර උඹේ කොන්ඩෙ වැඩියි කියලා පිනාට සිග්නල් එක දීපු එකාට ගේමක් දෙන එක.
සිරා සිරා . . . සුදු උනිෆෝම් එක ඇඳල ආන්ඩුවෙ ඉස්කෝලෙක උසස්පෙල කරපු නැති එකෙක්ගෙ ජීවිතෙං වැඩක් නෑ මලේ . . . . ඔය පිටම කැම්පසුත් ගොඩදාගත්තොත් . . . ෆංකඳු ෆහයි . . .
prasanna86 කියපු ගේම දෙන්නම ඕනෙ නං "ඕනය" ගෙන් සපෝර්ට් එකක් ගත්තෑකි.
ෂා..ඉස්කෝලේ ජීවිතේ මරුනේ මලේ. බොලා ගැන මට ඉරිසියායි..
අපෙත් AL කරන්න දුන්නේ රු 1203/- ගෙව්වයින් පස්සේ...
එතකන් බෑ කිව්වා ඒ 2009 දි... දැන් රුපියලේ අගය වෙනස් නේ..
මේ පිටම කම්පසුත් යමං මලේ. එතකොට උබේ අගේ කියලා නිම කරන්න බෑ. බ්ලොග් ලිව්වට ඒකත් එක්කම ඉගෙනීමේ කටයුතුත් හොදට කරහන් මලේ.
කිඩෝ පුතේ...ඔය දත් ගැලවීම ගැන වැඩිය විස්සෝප වෙන්ට කාරි නෑ...මොකද ඕවගේ ප්‍රතිඵල ලබන්න ඔය දරුවගේ දරුවන්ට වාසනාව ලැබෙනවා...මොකද අපේ විද්‍යාගාරයේ තිබ්බ මං පාවිච්චි කරපු සමහර රසායන ද්‍රව්‍ය මිලට අරන් තිබ්බේ මං ඉපදුණු අවුරුද්දේ.....
මොනවා වුනත් මලයා එළටම වැඩ ටික කරන්න....කෙළවුනත් අන්තිම මාස 3ත් කැම්පස් පැන ගන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්.ඒ වුනත් හරියට වැඩකරපන්.
මුලින්ම මගේ සුබ පැතුම් ........
"ඊලගට පිනාගෙ(අපහස කිරීමක් නෙවෙයි)" එහෙනම් ආදරේට වෙන්නැති මෙහෙම කියන්නෙ ......
Post a Comment
ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....