Pages

Sunday, May 8, 2011

රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමනේ හෙලි නොවු කතාව by කිඩෝ


රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන පිලිබදව රත්ගමයා ලිපි දෙකක් ලියා ඇත...... ඒවා බැලුවෙ නැත්තං
රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන පිලිබදව රත්ගමයා තොරතුරු හෙලි කලත් මෙහිදී රත්ගමයා හෙලි නොකල කතා කිහිපයක්ද මෙම විශේෂ වර්ල්ඩ් කප් ගමනේදී සිදුවිය........ මෙම ලිපිය වෙන් වන්නේ එම හෙලි නොවූ කතා කිහිපය බ්ලොග් පාඨකයන්ට හෙලි කිරීමටයි.....

බොලිවුඩ් නිලි අමීෂා පටේල් ඉන්දීය මාධ්‍යයට තමන් පෙර දිනයකදී රත්ගමයාගේ බ්ලොගය කියවූ බවත් එය කියවා අවසානයේ රත්ගමයාගේ කුප්පකම් ගැන කියවීමෙන් පසු රත්ගමයා පිලිබදව තම හිතේ ආදරයක් හටගත් බවත් රත්ගමයාට හාදුවක් දීමට සිහින දකින බවත් පවසා ඇතැයි ඉන්දියාවෙන් වාර්ථා විය..... නමුත් මෙය රත්ගමයාගේ තවත් කුප්ප ක්‍රියාවක් නිසාවෙන් එය ලසිත් මාලිංගගේ පිටින් ගියේය.... කෙසේ හෝ රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමනේදී අමීෂා පටේල් හමුවීමටද රත්ගමයා අමතක කලේ නැත..... නමුත් අමීෂා පටේල්ට මේ කුප්පයාට එක හාදුවක් දී ගැලවෙන්නට බැරි විය. මූ පලුමු හාදුව දීමට පෙරම හාදු වැස්සක් ඉල්ලූ අතර අවසානයේදී හාදු වැස්ස (රත්ගමයාගේ දැඩි අකමැත්ත මැද) හාදු 10 කට සීමා කරගැනීමට අමීෂා පටේල් සමත් විය.......

මේ අතර මෙම කුප්පයාගේ තවත් රසිකාවියක් වන ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක් ලෙස සැලකෙන යෝගිතා පංචාල් රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන සිහිවීම පිණිස ඇගේ සිරුරේ (ස්ථානය කීමෙන් වලකිමි අහවල් තැන නොවන බව පමණක් කරුණාවෙන් සලකන්න....) රත්ගමයා මහතාගේ පච්චයක් කොටාගෙන ඇත. මෙයද මාධ‍්‍ය හරහා හෙලිවීමට යාමේදී රත්ගමයා මහතා තමන්ගේ කුප්ප කමින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඇගේ අතේ මහේන්ද්‍ර සිං දෝනිගේ පච්චයක් ගසා මාධ්‍ය නොමගයවා ඇත......

මෙවන් හෙලි නොවූ සිදුවීම් ගනනාවක්ම රත්ගමයා මහතාගේ වර්ල්ඩ් කප් ගමනේදී සිදුවිය මේ ඒවා අතරින් ප්‍රධාන සිදුවීම් දෙකක් පමනි......

හෙලිදරව්ව by කිඩෝ.

8 ක් හිතුනු දේවල් ලියලා....:

Ishara ( DarKneT ) said...

ලොල්ය , රත්තා ඉල්ලන් නෑමට සූදානම් වනු පෙනේ :D

Anonymous said...

කිඩෝ.. මේ කතා සිරා යැ

කිඩෝ said...

@ බීටා රත්තාගේ කතාව සිරාවේද මෙයද එසේම සිරාය....

Dilanka Madhawa said...

කුප්පය කියන්නෙ නිකන් නෙවේ...

සුපර් මාරියෝ said...

රත්ගමයාට එරහිව ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් කරන්නද උබල හදන්නෙ??
එල එල..

කිඩෝ said...

@ සුපර් මාරියෝ, මේක රත්ගමයාගේ ෆුල් අනුමැතිය පිට දැම්මෙ...

රත්ගමයා said...

හුදු ලිංගිකත්වට උලුප්පා දක්වන අතිශය ජුගුප්සාජනක ලෙස චරිත ඝාතනය හෙලා දකිමි..
මගේ චරිතය පිරිසිදුය..නිකැලැල්ය..

කිඩෝ said...

ලොල්ය කවුද බන් නෑ කිව්වෙ උබේ චරිතෙ පිරිසිදුයි නිකලැල්...

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....