Pages

Wednesday, June 1, 2011

කරන එකාටම කෙලවීම හෙවත් තිත්ත ඇත්ත 1 කොටස


මේ ටිකේ බ්ලොග් අවකාශ මිතුරෝ ගෘපියෙ පොඩි වැඩකට අත ගහල හිටපු නිසා පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා කොහොම හරි මගේ 365,50 ඉලක්කෙට යන්නත් එපැයි ඉතින් පෝස්ට් එකක් දැමීම පරක්කු කරලත් බෑ.... මාරය අයියගෙ පෝස්ට් එකක් කියවද්දි තමයි මේක හිතට ආවෙ ඉතින් ඒක දැක්කාම මේක නොලියා බෑ කියලා හිතුනා ඒක නිසා වෙලාවක් ලැබුන හැටියෙම වැඩේට බැස්සා

මාරය අයියගෙ පෝස්ට් එකේ අන්තිමට අනගාරික ධර්මපාලතුමා කිව්වයි කියල තිබුන කොටසින් මේ පෝස්ට් එකට හොද ආරම්භයක් ගන්න පුලුවන් කියලා

"සිංහල මිනිස්සු හරි පුදුම ජාතියක්...ඔවුන් වැඩ කලත් බනිනවා..නොකලත් බනිනවා..වැඩ කලහම වැඩියෙන් බනිනවා..ඒ හින්දා වැඩක් කරන්න යනවනං බැනුම් අහගෙනම ඒක කරන්න යන්න ඕන"

ඉතින් මේ ගැන තවත් කතා කරන්න දෙයක් නෑ අඩුපාඩු නැතුවම කියල තියනවා ඒත් මම දැක්කා මේ ලගදි ගොඩක් අය කලකිරීමෙන් පෝස්ට් දාල තියනවා අනිත් අය බැන්නා කියලා ඉතින් කෙනෙක් බනිනවා කියන්නෙ අනිත් පැත්තෙන් තමන් කරන්න වැඩේ ඒ අයට කරගන්න බැරිවුන එක ගැන ඒ අයගෙ හිත් තුල ඉරිසියාවක් කෝපයක් තියනව කියලා (හැමතැනටම මේක වලංගැ නෑ) ඉතින් ඒ වගේ අය බොරුවට කෑ ගැහුවා කියලා තමන් දන්නවනං තමන්ගෙ හිතට එකගම තමන් කරන්නෙ හරි වැඩක් කියලා ඒ අයගෙ බැනුම් ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ. ධර්මපාලතුමා කිව්වා වගේ ඒක අපේ අයගෙ පුරුද්ද.....

කලින් කිව්වා වගේ මේක හැම තැනටම අදාල වෙන්නෙ නෑ..... මොකද සමහර වෙලාවල අපි වැරදි මාර්ගයක යද්දි ජීවිතේ ගැන අපට වඩා අත්දැකීම් තියන ජීවිතේ කරුමෙකටවගේ වැරදි පාරක ගිහිල්ලා කෙලවුන ඒත තමන්කල වැරදීම අනිත් අය කරලා ඒ අයගේ ජීවිතත් අදුරුකරගන්නවට අකමැති පරාර්ථකාමීන් පිරිසකුත් අපි අතරම ඉන්නවා ඒ අය අපට බනින්නෙ අපේ වැරදි හදන්න...... ඉතින් එහෙම කෙනෙක් බැන්නා කියලා කඩන් වැටෙන්න ඕනෙ නෑ කරන්න ඕනෙ තමන්ගෙ වැරදි හොයාගෙන ඒවා හදාගන්න එක.... තමන් බැනුම් අහන්න තමන් කරපු වැරුද්ද මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. ඊට පස්සෙ ඒ වැරුද්ද ආපහු නොකරන්න වගබලාගන්න. අපි කවුරුත් සර්වසම්පූර්ණ නෑ ඒත්අපට අපේ වැරදි හදාගෙන ටිකක් හරි ජීවිතේ සම්පූර්ණ කරගන්න පුලුවන්.....

ජීවිතේ සුන්දර වෙන්නෙ බාදක එන තරමටලු.... දැන් සමහරු බලයි බාදක එන තරමට ජීවිතේ සුන්දර වෙන්නෙ කොහොමද කියල... ජීවිතේදි අපට හමුවෙන බාදක කියන්නෙ ජීවිතේ අපට ලැබෙන අත්දැකීම් ඉතින් හැම බාදකයක්ම අපට ‍ගේන්නෙ අලුත් අත්දැකීමක් ඉතින් ජීවිතේ බාදක ගොඩකටම මුහුන දීපු කෙනා තමයි ජීවිතේ ගැන වැඩිම අත්දැකීම් ප්‍රමානයක් තියන කෙනා.... මුලින්ම හම්බවෙන බාදක වලට මුහුනදීම අමාරු වෙන්න පුලුවන් ඒත් ඒ බාදකවලින් අපිට අලුත් දේවල් ඉගන ගන්න පුලුවන් සමහර වෙලාවට අපිට හමුවන බාදක වලදි අපි දක්මන ප්‍රතික්‍රියා වැරදි වෙන්න පුලුවන් ඒත් ඒ ගැන කනගාටු වෙන්න ඕනෙ නෑ මොකද මේවගේ වෙලාවක මේ වගේ දෙයක් කරන්න හොද නෑ කියලා අපි ඉගනගන්න නිසා ජිවිතේ ඒ වගේ බාදක ආපහු හමුවෙනකොට අපි දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා ඉතින් ඒ වෙලාවට බය නැතුව අපට තීරන ගන්න පුලුවන්.... වානේ ශක්තිමත් වෙන්නෙ තැලෙන තරමට ‍මෙතනදි තමන්ගෙ ජාතිය කුලය වැදගත් නෑ තමන් කවුද කියන එකයි වැදගත්

නමුත් මේ බාදක මගහැරලා යන පිරිසකුත් ඉන්නවා නමුත් ජීවිතේ කවදා හරි ඒ අයට තවදුරටත් බාදක මගහරින්න බැරි දවසක් එනවා එදාට ඒ අය ජීවිතේ අතරමන් වෙනකොට.... බාදක වලට සාර්ථකව මූන දීල අත්දැකීම් තියන අය ජීවිතේ දිනනවා

මට ආ‍පු ඊයක ලියල තිබුන දෙයක් මතක් වුනා... ඔය පහලින් තියෙන්නෙ ඒක

Problem and hassle free LifeNEVER makes a strong person
Be Strong enough to accept the challenges of Life

Don't ask Life , 'Why Me ? .
Instead say 'try Me!'

පෝස්ට් එක ටිකක් දිග වැඩිවේගෙන එනව වගේ පේන නිසා කො‍ටස් වශයෙන් දාන්න තීරනය කලා..... ඊලග කොටස/ස් ඉක්මනට දාන්නම්

6 ක් හිතුනු දේවල් ලියලා....:

Yasantha Hennayake said...

එල.. දිගටම ලියන්න.. මේක අපිට හයියක්

රවින් said...

අපේ තාත්තා ගොඩාක් වෙලාවට මට කියන දෙයක් තමයි "කුඹුරට බහින මිනිහගේ තමයි මඩ ගෑවෙන්නේ කියලා" ඒක තමයි ඇත්ත සිද්දිය.

සංකල්ප said...

දෙයක් කිව්වම ඒක පිලි අරගෙන තමන්ගේ නුවණින් කල්පනා කරලා ඒක හරිද වැරිද කියලා හොයලා බලන්න ඕනේ.හරි දෙයක් නම් නිහතමානිව ඒක පිලිගන්න ඕනේ. ඒකට ලොකු නිහතමානිකමක් ඕන වෙනවා.
වැරදි දෙයක් නම් ඒක බහැර කරලා දාන්න ඕනේ.

Nishan de siva said...

දිග වැඩියි වගේ

ADK කොලුවා said...

මචං මමනම් මිනිහෙක් මට බනිනවට ආසයි, මුකුත්ම නොකිය කරබාගෙන ඉන්නවට වඩා. මොකද මොකෙක් හරි අපිට බනින්න්නේ එක්කෝ ඇත්තටම වැරැද්දකට, නැත්නම් අපේ දියුණුව බලන ඉන්න බැරුව ඉරිසියාවට.

ඔය බනින එකා බනින්නේ ඔය දෙකෙන් මොකක් නිසාද කියන ඒක තේරුම් ගන්න අපි බුද්දිමත් වෙන්න ඕනේ. වැරැද්ද හරිනම් ඔලුව නමල වැරැද්ද පිළිගන්න ඕනේ. ඉරිසියවටනම් කට කොනකින් හිනාවෙලා මැද ඇගිල්ල උස්සන්නත් පසුබට වෙන්න හොද නෑ..

මමත් රවින් සහ නිශාන් දෙන්නටම එකග වෙනවා.

බොක්කේ කතාවක් ලියනකොට ඒක චේදෙට ගොඩක් ලියන්න එපා. කම්මැලි හිතෙනවා.

දිගටම ලියපන් කොල්ලෝ.... සුබ....

පන්සල් හංදිය said...

365 ට 50 ට යන්න ඕන උනාට කලබලෙන් පෝස්ට් දාන්න යන්න එපා එහෙම උනොත් ඒවායේ රස අඩු වෙන්න පුලුවන් ..........

50 ට යන්න බැරි වුනාට කමක් නැහැ දාන පෝස්ට් එක එලටම ලියන්න .....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....