Pages

Sunday, June 5, 2011

බූරුවාගේ විප්ලවය.... 1 කොටස


දේශපාලනය කියන්නෙ මම කතාකරන්න ගොඩක් අකමැති මාතෘකාවක්.... ඒ වෙන හෝතුවක් නිසා නෙවෙයි ඡන්ද අයිතියවත් තාම නැති මම දේශපාලනය ගැන කතාකරන්න තරම් මෝරපු වයසක නෙවෙයි මම ඉන්නෙ කියලා මම හොදටම දන්න නිසා... මගේ හිත ඒක දන්න නිසා මම දේශපාලනය ගැන කතාකරනවනං ඒක එච්චර සාදාරණ දෙයක් නෙවෙයි කියලා මගේ හිත කියනවා.... කමක් නෑ ඒත් මේක ගැන කියන්න ඕනෙමයි කියලා හිතෙන නිසා කියලම දානවා....

දැන් රට පුරාම මොකක් කරත් උද්ගෝෂණ තියන එක සම්ප්‍රධායක් වෙලා පඩි වැඩිකරව් කියයි, මූන් පන්නව් කියයි, විශ්‍රාම වැටුප් පණත අහෝසි කරව් කියයි, එක එක කතා ගොඩයි ඒත් අන්තිමට වෙන්නෙ මොකක්ද? පැත්තක ඉන්න එකෙක් මැරිලා යාවි අම්මා කොනෙක්ට තාත්තා කෙනෙක්ට පුතෙක්, දුවෙක් නැතිවේවී.... නායකයො ඇවිල්ලා කතා පවත්තාවි, සමහරක් ඉල්ලා අස්වේවී.... ජපානෙ කවුරු හරි ඉල්ලා අස්වෙනවා දැක්කාම අපේ උනුත් බලන් ඉන්නෙ තියන බලු වැඩ ඔක්කොම කරලා මිනිස්සු බයින්න කට අරිනකොටම හොද මිනිහෙක් වගේ ඉල්ලා අස්වෙන එක ඒක උන් හිතන්නෙ හෙන පොෂ් වැඩක් කියලා....

ඒත් ටිකක් හිතලා බලන්න කෙනෙක්ගෙ ජීවිතයකට වටිනාකමක් දෙන්න පුලුවන්ද..... වන්දියක් දුන්න පලියට ඉල්ලා අස්වුන පලියට මැරුණු කෙනාට ආපහු පණ එනවද..... මේව ගැන හිතන්න තිබුනේ මේවගේ ගොන් වැඩ කරන්න කලින් නේද?..... ඒත් මේ කතාවෙ තව පැත්තක් තියනවා හැමදාමත් ඒක ඒ විදිහටම වුනා ඒත් අද වෙනකනුත් බහුතරයක් ඒක තේරුම් අරන් නැති බව පේනවා හැමෝම ඇගිල්ල දික් කරන්නෙ රජයට ඒත් ටිකක් හිතලා බලන්න... මේ හැම වෙලාවකදිම රජයට අමතරව තවත් වැරදිකරුවන් පිරිසක් පැත්තකට වෙලා ඉන්නවා නේද?

ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියන කතාවටනං මම විරුද්ධයි.... ඒත් ඕනෙ බූරුවෙකුට විප්ලවයක් කරන්න පුලුවන් කියන කතාවට නං මම එකගයි... හැබැයි ඒක එහෙම වෙන්න ඒ බූරුවො රැල මෙහෙයවන ටිකක් කපටි පුද්ගලයෙකුත් ඉන්නම ඕනෙ..... හොදට අතීතෙ ඉදන් සිද්දවුනු සිදුවීම් (‍මේ වගේ සිදුවීම්) දිහා බලන්න ඒ හැම තැනකදිම රටට වැඩක් කරන්න පුලුවන් තරුණ කොල්ලො ටිකක් රටට නැතිවෙනවා..... ඒත් ඒකෙන් වාසි සලස ගන්නෙ කවුද? උන් ඒ තත්වෙට පත්කරපු නායකයෝ නේද.... ඊට පස්සේ ඒ අය ගැන ඔය නායකයොන්ට මතක් වෙනවද?

මම ආයෙත් මතක් කරනවා මම ලියන්නෙ මට පේන විදිහ ගැන ඇනිත් අයට මේක වෙනස් විදිහකට පේන්න පුලුවන්..... තරුණ වයස කියන්නෙ ඕනෙ කෙනෙක්ගෙ සිතුවිලි අමුතු විදිහට තියෙන කාලයක් (අමුතු විදිහට කිව්වෙ ඒකට කියන වචනයක් මට මීටර් වු‍නේ නැති නිසා) විලියම් ශේක්ස්පියර් seven ages of man කියන කවියෙ එක තැනක මෙහෙම කියලා තියනවා

Then a soldier,Full of strange oaths, and bearded like the pard,
Jealous in honour, sudden, and quick in quarrel,
Seeking the bubble reputation
Even in the cannon's mouth

මෙතනදි සොල්දාදුවා කිව්වෙ තරුන වයසෙ කෙනෙක්ට.... මොකද මේක ලියන කා‍ලෙ තරුණයන් තමන්ගෙ නිර්භීත බාවය පෙන්නන්න කල රැකියාව වුනේ හමුදාවට බැදීම නිසා..... මේ ටි‍කේ අදහස සරලව ගත්තොත් තමන්ගෙ නිර්භිත බාවය පෙන්නන්න (කැපී පේන්න) තරැණයෝ කැමතියි කියන එක හැබැයි ඒක කරන්නෙ මොන විදිහටද කියන තැනදි ඒ අය නුවණක්කාරව තීරණ ගන්නෑ....

ඉතින් පොඩි චාටු කතාවකින් කොල්ලො රැලක් ෆෝම් කරල ගන්න එක එච්චර ලොකු දෙයක් නෙවෙයි..... මොකද මේ කා‍ලෙ හිතේ වගකීම් නෑ ඒ නිසා බයක් නෑ බලන්න ඔය උද්ඝෝෂණ වලදි ඉස්සරහට ඇවිල්ලා මූන දෙන්නෙ තරුණයෝ නෙවෙයි ද එතනදි..... විප්ලවය කියන සුන්දර වචනයෙන් වැඩිහිටියන්න වඩා තරුණ පරපුරු රවට්ටන එක ලේසියි මොකද විප්ලවය කියන වචනය ඇතුලෙ තරුණ පරපුර පස්සෙන් දුවන වීරත්වය කියන දේ තියනවා වගේ පෙන්නන්න පුලුවන් නිසා..... ඒත් අන්තිමට වෙන්නෙ ඒ අසරණයන්ගෙ අනාගතේ විනාස වෙන එක විතරයි..... ඔය නායකයෝ කියන උන් කරන්නේ තරුණ පරපුර මාකට් කිරීම.... ඔය වගේ කොල්ලෙක් මැරෙනකන් තමා උන් බලන් ඉන්නේ.... එතකොට ඒ මාරණයත් මාකට් කරන්න පුලුවන්නේ... ඔය නායකයෝ (මම මේ කතාකරන්නේ දේශපාලන පක්ෂ නායකයෝ ගැන) කවදාවත් පුලුවන් නම් අපටත් වෙඩි තියපියව් කියන් ඉස්සරහට එනවද.... නැත්තං තමන්ට ගහන්න එද්දි කොල්ලොන්ට ගුටි කන්න දීලා මාරු වෙලා යනවාද.... ඇත්ත නායකයෙක් කරන්නේ ඒකද?

පෝස්ට් එක දිග වැඩි වේගෙන එනවා වගේ මේකෙ දෙවෙනි කොටස පස්සේ දාන්නම්.......

11 ක් හිතුනු දේවල් ලියලා....:

සංකල්ප said...

කතාව සහතික ඇත්ත. අහිංසක තරුණ තරුනියෝ ටික විප්ලව කරන්න පොලඹවලා අදාල උන් ටික කොළඹ හෝටල් වල සව්දිය පුරන්න තමයි හදන්නේ.

අන්තීමට දුප්පත් අම්මෙකුට පුතෙක්, බිරිදකට තමන්ගේ ස්වාමිපුරුෂයා නැති වෙන එක විතරයි වෙන්නේ.

රත්ගමයා said...

අසාධාරනේකට විරුද්ධවෙන එකෙකුට ජෙප්පා කියලා ලේබල් ඇලවීමේ කලාවක් යනවා..
කිසිම වැඩකට නැති පනතකට විරුද්ධව උද්ගෝෂනයක් කරන්න යන එක කම්කරුවෙකුගේ අයිතියක්..
ඒකට වෙඩි තියන එක පොලීසියේවත් වෙන කාගෙවත් අයිතියක් නෙමේ...

Dinesh said...

ඇත්ත මල්ලී.. හේතුව මොකක් උනත් විප්ලවය සාදරණ උනත් නැති උනත් අන්තිමට වෙන්නේ අහින්සකයෝ හිරේ යන එක හරි මැරෙන එක හරි..

කිඩෝ said...

@ මධුරංග,රත්ගමයා,Dinesh, ඔව් බන් හැමදාම කෙල වුනේ පොඩි එකාට (වැඩ කරපු එකාට) ඒත් ඒකෙන් වාසි ගත්තෙ ලොක්කෝ... ඒත් උන් කලේ වුන දේ සාධාරණීකරණය කරන්න හදපුඑකයි අනිත් උන්ට ඇගිල්ල දික්කර එකයි විතරයි... ඊලග පෝස්ට් එකත් ඉක්මනට දාන්නම්කො....

Anonymous said...

රාමුවෙන් ඵහාට හිතපන්.
ලෝකයේ මිනිස්සු සිය පනට පෙරේත උනානම් අපි තාම වහල් යුගයේ.
විප්ලවයක් කරලා මිනීමරමු කියන ඵක නෙවෙයි කියන්නේ.
නමුත් කාවවත් කෑරලි ගහන තත්වෙට පත්කරන්න වෙනකාටවත් බෑ.තමුන්ගෙම රටවෑසියො තමුන්ට විරුද්දව කෑරලිගහන ඵ්ක වලක්වගන්න පාලකයො දෑනගන්න ඔනෙ.මිනිස්සුට ජිවත්වීම අමාරු වෙලා උන්නත් දාහයි මලත් දාහයි තත්වෙට පත්වුනොත් තමා කෑරලි ඈතිවෙන්න්නෙ.
ඵ්හෙමවුනොත් සාමකාමී අහින්සක පවුල් දහස්ගානක් ඉවරයි.

ජනතාව කෑරලි වලක්ව්න්න ඔනෙ රටේ නායකයො කියන කියන දේට නිවටව කරබාගෙන ඉදීමෙන් නෙවෙයි.
අව0කව සමකාමීව ඔවුන්ගේ වෑරදි පෙන්නලා දීලා රටේ ස0වර්දනයට දායක වීමෙන් කියලයි මම හිතන්නෙ.

ලෝකෙ මොනම රටකවත් දරුනු දෙයක් නොවේවා කියලා පතමු.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මේ ආසන්නම සිද්ධියේදී මූලිකම වරද තියෙන්නෙ රජයට . කිසිම විමසීමක් නැතුව ගෙනාපු විශ්‍රාම වැටුප් පනතත් , හිතුවක්කාව විදිහට ඒක ක්‍රියාත්මක කරන්න හදපු එකත් තමයි මූලික වැරැද්ද . ඔය පනතෙන් වැඩියක්ම හානි වෙන පිරිස තමයි එලියට බැස්සෙ . ජෙප්පන්ට උනත් ඉඩක් හැදෙන්නේ ගොන් වැඩ කලාම තමයි . අනික ජෙප්පන්ට ඔය තරම් පිරිසක් ගොනාට අන්දගන්න පුලුවන් නම් උන් අඩුම තරමේ යුඑන්පියට වඩාවත් චන්ද ගන්න ඕනි

කිඩෝ said...

@ ඇනා, නෑ මචං මම මේ කියන්නෙ අපි නිකන් බොරුවට විප්ලව කරන්න හදලා වැඩක් නෑ කියන එක තමා මොකද රට පාලනය කරන්නෙ අපිම පත්කරගත්තු අය.... මම කියන්න හදන්නේ හැමෝගෙම වැරදි තියනවා රට දියුනු කරන්න නං හැමෝම තමන්ගෙ වැරදි හදාගන්න ඕනෙ කියලා.... මගේ දෙවෙනි පෝස්ට් එකෙන් පෙන්නලා ඇති ජනතාවගෙ පැත්තෙන් තියන වැරදි....

රවින් said...

කිඩෝ මලයෝ එලම එල පෝස්ට් එකක් හොඳේ.. පොඩ්ඩක් ඉන්න මම තාම අනිත් එක කියෙව්වේ නෑ

සරත් ලංකාප්‍රිය said...

කගේ කාගේත් ප්‍රජතන්තරවාදය අපි ඉතින් දැක්කනේ නේද ? විරුද්ද පක්ෂේ ඉන්නකොට විතරක් බොහොම පොරජතන්තරවාදියි .. ඉතිහාසේ බැලුවම පෙනෙනවානේ.. ඉතින් ඔය විප්ලව කතා කරන ගොය්යෝ 88 89 කාලේ ඉද කඩ උදුරා ගනිමින් වැඩට යන මිනිස්සු මරමින් අඳුරු නීති දමමින් ලස්සනට පොරජතන්තරවදේ කොලා නෙව .. විරුද්ද අදහස් නොඉවසීම අපේ රටේ හැම පක්ෂයකටම පොදු ලක්ෂණයක්.. ඒ වෙලාවට හැසිරෙන්නේ තිරිසන්නු වගෙයි..

Anonymous said...

88 ඵහෙම කලා කියලා දන් පාලකයො ඵහෙම කරන ඵ්ක හරිද.
88 JVPකරපු දේ වෑරදි නිසානෙ 3ට බස්සලා ආන්ඩුවට 2/3 දුන්නෙ.අපි ආන්ඩුවෙන් 88-89 ත්‍රස්තවාදී වෑඩ බලාපොරොත්තු වෙන ඵකේ පදනම මොකද්ද?
රටේ අපි කටත් ඔනෙ නිදහසේ ඉන්න.සාමකමීව ඉන්න.
ඵ්ත් මිනිස්සුන්ගෙ අන්තීම හුසමපොදටත් කෙලිනවනම් කවුරු උනත් නිකන් කියලා බලපොරොත්තුවෙන්න අමාරු.
ඵ්ක ලෝකෙ කොයි රටටත් පොදුයි.

අපේ රටේ නෑතිදෙයක් නෑ නෙ.මේකට පාරාදීසය කිව්වෙ නිකන්ද?මේ සම්පත් ටිකෙන් වෑඩක් අරගෙන අව0කව කවුරුකවුරුත් ජීවත්වෙනවනම් ඔය මොන විප්ලවයක් වත් නෑ.
මොකද මිනිස්සුන්ව ජවිපෙට බෙල්ලෙන් අල්ලන් උද්ගෝශන වලට අරන්යන්න බෑ නෙ.

පන්සල් හංදිය said...

කියලා තියෙන්නෙ ඇත්ත ......

ඒත් සමහර වෙලාවල් තියනවා දේශපාලඥයෝ ඉස්සරහට ආවත් නාවත් ජනතාව විසින්ම හිතලා ඉස්සරහට එන වෙලාවල් ......

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....