Pages

Wednesday, June 1, 2011

කරන එකාටම කෙලවීම හෙවත් තිත්ත ඇත්ත 2 කොටස

හ්ම් ඔන්න අද දවසෙ දෙවෙනි පෝස්ට් එක පලවෙනි එක බලපුනැති අය,

පලවෙනි එක මාතෘකාවෙන් පිට පැන්නද කියලත් වෙලාවකට හිතෙවා ඒත් ඒකෙන් වැදගත් දේවල් ටිකක් කියවුනා කියලා හිතනව....

ඔන්න දෙවනි එකට එන්ටර් වුනා.....

අපේ උන් (බහුතරයක්) දන්නෙ අනුන්ගෙ අඩුපාඩු කිය කිය අනුන්ට බනින්න විතරයි..... මාත් කාලයක් එහෙම කලා ඒත් ජීවිතේ දිහා වෙනත් කෝණයකින් බලන්න ගත්තායින් පස්සෙ මම ඒක ගොඩක් දුටර අඩුකරගත්තා... මේ ගැන පොඩි උදාහරනයක් දෙන්නං පහුවුන ලෝක කුසලානෙ අපි පාකිස්ථානෙට පැරදුනා ඉතින් ඔන්න කට්ටියම ‍අපේ ටීම් එකේ අඩුපාඩු කියන්න ගත්තා හැබැයි ඒ අය කල්පනාකරාද එතන අපේ ක්‍රීඩකයො නැතිව ඒ අය හිටියනං ඒ මැච් එක ඊට වඩා හොදට ඒ අය කරයි කියලා.. මම ඉතින් ඕකට කමෙන්ට් දාන්න ගියේ නෑ මොකද ඉතින් මම දන්නවනෙ මට ඔතන අනිත් අයට වඩා හොදට සෙල්ලම් කරන්න බැහැ කියල.... වැඩක අමාරුව තේරෙන්නඒ වැඩේ කරන කෙනාට මිසක් බලන් ඉන්න කෙනාට නෙවෙයි.... බලන් ඉන්න උන් කරන ගොං ප්‍රකාශ ඇහෙනකොට මල පයින එක සාදාරනයි නෙ ඇයි බොලේ මුං කරන දේකුත් නෑ ඒත් ඔක්කොම කරන සියල්ල දත් වගේ කතාව.... ඔහොම දේවල් වලට මල පැනල "බොල ඕනෙ @$^$^& කරගනින්" කියල වැඩේ දමල ගහල ගිය ඒවත් තියනවා උන්ටත් වැඩේ අමාරුව තේරුම්ගන්න දෙන්න එපැයි.....

සමහර වෙලාවය මේක කියවන අයත් මේ වගේ අත්දැකීම් විදල ඇති... හිතන්නකො අපි බොක්කෙන්ම කැපවෙලා අපේ කාලෙ එහෙම වැය කරලා වැඩක් කරනවා අන්තිමට වැඩේට සම්බන්ධ නොවුනු කොහෙවත් ඉන්න ගොට්ට අල්ලන එකෙක් ඒකෙ ලකුණු තමන්ට දාගන්නවා.... පැසසුම් ඔක්කොම ඌට අන්තිමට අපේ මහන්සිය නිකම්ම වතුරෙ අන්තිමට ඒ වැඩේ මොකක් හරි වැරුද්දක් තිබිලා අහුවුනොත් එතකොට කිසිම හිරිකිතක් නැතුව අපට ඇගිල්ල දික්කරනවා මේක ගැන නියම උදාහරණයක් රංග අයියා දාලා තිබුනා.... ඉතින් ඒ වගේ වෙලාවට ඔක්කොම එපා වෙලා යනවා ඒත් ගොඩක් අය ඕක ගැන කතා කරන්න යන්නෙ නෑ..... කිසි ලැජ්ජාවක් නැතුව ඒ වගේ වැඩක් කරන එකෙක් කවදාවත් පිලිගනියිද ඒ වැඩේ කලේ ඌ නෙවෙයි කියලා..... ඉතින් ඔතනදි නිකන් චා වෙනවට වඩා කට වහන් ඉන්න එක ඇගට ගුනයි කියලා ගොඩක් අය නිකන්ම ඉන්නවා....

ඕක අපේ උන්ගෙ පුරුද්ද පොඩ්ඩක් මෙන්න මේකත් අත්හදා බලන්නකො කට්ටියක් කතාවෙන තැනක නිකන් අහගෙන ඉන්න ඒ අය කතාකරන්නෙ මොනවද කියලා ඊට පස්සෙ එතන හිටපු අයගෙන් එක්කෙනෙක් ඉන්නවෙලාවක ඒ කෙනාවත් කතාවට ඇදගෙන කලින් කතාවෙදි ඒ කෙනා පක්ෂව කතාකරපු දේට සම්පූර්ණයෙන්ම විරුද්ද දෙයක් අනිත් අය එක්ක කතා කරල බලන්න අර කෙනා ඔතනදි කට්ටියම කතාකරන දේට එකගව කතාකරන්න 80%කට වැඩි ප්‍රතිශතයක් තියනවා..... ඔන්න ඔහොමයි අපේ බහුතරයක් අය ක්‍රියාකරන්නෙ ඉතින් එහෙම අය කියන දේවල් වලින් සැලෙනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්නකො...

හා තව එකක් තමන්ගෙ බ්ලොග් ෆලෝවර්ස්ලා නෑ කමෙන්ට් වැටෙන්නෑ කියල දුක්වෙන්න එපා ම‍ගේ බ්ලොග්ට අවුරුද්දක් වෙන්නත් යනවා තාම ෆලෝවර්ස්ල 32 කමෙන්ටුත් එක පෝස්ට් එකකට 12කට වඩා වැටෙන්නෑ ඉතින් මට වඩා උබල හොදයි කියලා හිතාගනිල්ලා වැටෙන්න එපා අලුත් අය දිගටම ලියපල්ලා.....

අනේ මන්ද පෝස්ට් එක වැල් වටාරම් ගොඩක් වුනාද මන්දා....

6 ක් හිතුනු දේවල් ලියලා....:

රවින් said...

නියම පෝස්ට් එක කිඩෝ. මේක කියෙව්වම මටත් ගොඩාක් ඒවා ලියන්න හිතෙනවා. බලන්න ඕන පොඩි ට්‍රයි එකක් දීලා.. අන්තිම ජේදය පට්ටයි..

මකුළුවා..... said...

නියම පෝස්ට් එකක් මල්ලි..උඹ හරි..අපේ ගොඩක් උන් දන්නේ කටින් ‍බතල හිටවන්න විතරයි...පෞද්ගලිකව මම අත්විඳලා තියෙනවා ඒ‍ දේ...දැන් හැබැයි මම ඒකෙන් පාඩමක් ඉගන ගෙන තියෙනවා.ඒ දන්න පණ්ඩිතයන්ට ඕන මගුලක් කරගනින් කියලා අයින් වෙලා ඉන්නවා...

සංකල්ප said...

කමෙන්ට් ගැන කිව්වම මල්ලි මමත් ඉස්සරම බ්ලොග් ලිව්වට කවුරුවත් කමෙන්ට් කරන්න හිටියේ නෑ. මම් ඒත් සැලුනේ නෑ. මම දිගටම ලිව්වා දැන් නම් කමෙන්ට් ටික ටික වැටෙනවා. ඒකට සතුටුයි.

ඒ වගේම තමා අපි කරගෙන යන හොද වැඩ මගදි නවත්වන්න හොද නෑ. හොද වැඩක් සමාජයට කරද්දි ඒක ජනතාව අතරට යන්න ගොඩ කාලයක් යත වෙනවා. නමුත් නරක දෙයක් හිතනවට වඩා ඉක්මනට ජනතාව අතරට යනවා

Anonymous said...

add ur blog www.lankeeya.info

ADK කොලුවා said...

අඩේ මම මේක දැක්කේ දැන්නේ. මචං මේක තමා අපි හැමෝම දන්න නමුත් කවුරුවත් වෙන අයට නොකියා හිතේ තියාගෙන ඉන්න "තිත්ත ඇත්ත"

මිනිහෙක් හොද වැඩක් කරොත් ඌට කෙලින්න බලන ඉන්න අය වැඩි. මොනවා උනත් තමන්ට ඉන්නේ තමන්ගේ හර්ද සාක්ෂිය විතරයි. කුපාඩි කම් කරන උන්ට කුද ගහගන්න කියල අපි අපේ හිතට එකගව අපි කරන වැඩේ කරමු...

පට්ට පොස්ට් ඒක පුතා.... සුපිරි...

පන්සල් හංදිය said...

බ්ලොග් එකක ෆලෝස්ලා, කමෙන්ට්ස් වැදගත් තමා ඒත් මම හිතන විදියට වැදගත්මදේ හිට්ස් කියලා .........

මොකද කියවන හැමෝම ෆලෝස්ලා වෙන්නෙත් නැහැ කමෙන්ට් දාන්නෙත් නැහැ .......

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....