Pages

Sunday, June 5, 2011

බූරුවාගේ විප්ලවය.... 2 කොටස

ඊයෙ බූරුවාගේ විප්ලවය.... 1 කොටස දැම්මනෙ කියවන්න ඇතිකියලා හිතනවා කියෙව්වේ නැත්තං ඔය ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න....


ඊයෙ ඉතින් රජයටයි අහින්සක කොල්ලෙක්ව බිලි දීලා බොරදියේ මාලු බාන්න බලන් ඉන්න නායකයොන්ටයි බැන්නා අද බනින්න තියෙන්නෙ අපිට...... අපිට කිව්වේ ජනතාවට..... තව තව දේවල් ටිකකුත් කියන්න තියනවා සමහරවිට ඒවා කට්ටියටම වැදගත් වෙන්න පුලුවන්..... හා කතාව කියන්න කලින් මේ ටිකත් කියන්න ඕනෙ මෙතන තියෙන්නේ මගේ මතය සමහර විට මේ කියන දේවල් ඔයාලගෙ මතත් එක්ක පරස්පර විරෝධී වෙන්න පුලුවන්.... ඒ ගැන ඉතින් මට කරන්න දෙයක් නෑ.... ඔන්න එහෙනං කතාවට ආවා.....


මේ කෑල්ල ප්‍රශ්නයක් හා පිලිතුරක් විදිහට දෙන්න හිතුවා......

දැන් අපේ ජනතාව උද්ඝෝශන කරන්නෙ ඇයි?
ඒ අයගෙ ඉල්ලීම් නොලැබෙන නිසා ඒ අයට අසාධාරණයක් සිදුවෙන නිසා
කවුද මේකට වග කියන්න ඕනෙ?
දේශපාලුවෝ වෙන මොක්කුද.....
දැන් කවුද ඔය මිනිස්සුන්ව ඔය තත්වෙට ගෙනාවේ?
ඒ කිව්වෙ???
තමන්ගෙ ඡන්දෙ යොදාගෙන ඔය මිනිස්සුන්ට දේශපාලනයට එන්න උදව් කලේ කවුද?
අපි..... (අපි නෙවෙයි)
දැන් ඡන්දෙ දෙන්න කලින් දැනගෙන හිටියද මෙහෙම දෙයක් වෙයි කියලා? ඒ කිව්වෙ කලින් ඡන්දෙ දීලත් මේ වගේ අත්දැකීම් තිබුනද?
දැනගෙන හිටියා..... කලින් අත්දැකීමුත් තිබුනා හැම පාරම ඔහොමමයි.....
එහෙනං ඇයි උන්ට ඡන්දෙ දුන්නෙ?
......................... (නිෂ්ශබ්දතාවයක්)........ ඇයි ඇත්තටම අපි ඡන්දෙ දුන්නේ.......

කොකාට වාරයක් එනවනං තිත්තයටත් වාරයක් එනවලු..... ඒත් එදාට තිත්තයා මුකුත් නොකර ආතල් එකේ හිටියොත් කොකා පාඩමක් ඉගනගනියිද තිත්තයාටම නේද ඒකෙන් කෙලවෙන්නේ..... අපේ කතාවත් ඒ වගේ තමා අවුරුදු ගානක් අපට කොකා පෙන්නන උන් තාප්පයක් ගහක් ලයිට් කණුවක් ගානෙ අපට වැදගෙන ඉන්න එක දවසක් එනවා එදාට අපි ඒ අපට ලැබුනු වරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ.... ඒත් අපි ඒකද කරන්නේ කියන එක නං ප්‍රශ්නයක්.....

මේක අපට අවුරුදු ගානකට ලැබෙන එකම අවස්ථාව දේශපාලනේ කණපිට හරවන්න.... දැන් අවුරුදු ගානක් තිස්සෙ අපි බලන් ඉන්නවා මේ යන විදිහෙ වෙනසක් වුනාද? හැමදාම එකවගේ දේශපාලුවෝ අපිට වැදගෙන එනවා අපිත් බූරුවෝ වගේ උන්ට කතිර ගහනවා උන් රජ වෙනවා අපි නැති වෙනවා..... මේ විදිහ අපි වෙනස් කරන්න ඕනෙ නේද.... ඇයි අපට බැරි ගමෙන් ගමට වැඩක් කරන රට ගැන හිතන අවංක කෙනෙකුට අපේ ඡන්දෙ දෙන්න..... එහෙම අය අඩුයි තමා ඒක රටේ අවාසනාව..... එහෙම හිටපු අයත් අද ජීවතුන් අතර නෑ....ඒ වුනාට ජාතියක් ජන්මයක් නැති මැරයෙකුට,සා.පෙ. වත් හරියට පාස් නැති ගොනෙකුට ඡන්දෙ දෙනවට වඩා ඡන්දෙ නොදී ඉන්න එක හොදයි නේද...

දැන් ඔය ඔතන්ට ආපු දේශපාලුවෝ ඒ හයියෙන් මනීමරණවා, මැරකම් කරනවා එතකොට ඒ අයව එතනට ගෙනියපු අපි නිකම්ම මිනී මැරුමක කොටස්කාරයෝ වෙනවා නේද? මැරයෙක්ට උදව් කරන වරද කරුවෙක් වෙනවා නේද..... අපිම දැනදැනම පත් කරපු දේශපාලුවොන්ටම විරුද්ධව විප්ලව කරන්න යාම බූරු වැඩක් නෙවෙයිද? ඡන්දෙ දෙන්න කලින් නේද ඕක ගැන හිතන්න තිබුනේ..... ඔන්න ඔහොමයි මේ විප්ලවේ බූරුවාගේ විප්ලවයක් වුනේ.....

මේ පෝස්ට් එකත් දිග වැඩි වේගෙන එනවා ඊලග පෝස්ට් එක බූරුවාගේ සුන්දර සිහිනය කියලා මේකෙම කොටසක් විදිහට දාන්නම්.....


7 ක් හිතුනු දේවල් ලියලා....:

Anonymous said...

අපිත් බූරුවෝ උබත් බූරුවා මේ ලෝකෙම ආතල් බූරු ලෝකයක් මචන්.

සරත් ලංකාප්‍රිය said...

මාත් කියන්නේ ඕකම තමයි .. උන් අපිට ගහනවා අපිට උන් ගහනවා අපි අපිට ගහගන්නවා.. මගේ http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post_27.html බලන්නකෝ.. එතකොට http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post_25.html කියන්නෙත් ඕකම තමයි

රවින් said...

මල්ලී වචන ටික නම් එලම කිරි.. ගොඩාක් කල්පනාවෙන් වචන පාවිච්චි කරලා තියෙනවා..මේවට සද්ද නැතුව ඉන්නවට වඩා මෙහෙම කතා කරන එක ගොඩාක් හොඳයි. ඒත් පුතෝ පරෙස්සම් වෙන්නත් ඕන.. අද තියෙන්නේ මොනවගේ තත්වයක්ද කියලා දන්නවා ඇති නේ...

සංකල්ප said...

එලම කිරි පෝස්ට් එකක් සහෝ. මෙහෙම දෙයක් තියෙනවා වැඩි බලයක් උන්ට තියෙන නිසා අපි චන්දේ දැම්මේ නැත්නම් ඒ චන්දේ හොර චන්දයක් වෙලා හරි පෙට්ටියට වැටෙනවා. හොදම උදාහරනේ තමා මගේ චන්දේ. මම යන්න කලින් ඒක කවුද එකෙක් දාලා බං.

අපේ චන්දේ දාන්න කලින් හොදින් හිතලා බලන්න ඕනේ කාටද චන්දේ දිය යුතු කාටද නොදිය යුතු කියලා.

Dinesh said...

අපි හැමෝම මෝඩයි...

ADK කොලුවා said...

දවස අන්තිමට හොදින් හෝ නරකින් දිනන්නේ ඔය වේසපලුවෝ තමා මචං.. අපි නිකං වචන නාස්ති කරගන්නවා විතරයි..

පන්සල් හංදිය said...

කොච්චර සුදු චරිතයක් උනත් දේශපාලනේට ආවට පස්සෙ කලු ටිකක් හරි ගෑවෙනවා ........

එහෙමයි කියලා ඡන්දෙ වර්ජනේ කරන්නද .........

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....