Pages

Saturday, June 4, 2011

හදවතට/මොලයට එකගව තීරණ ගැනිම....

මිනිසා කියන්නෙ තවත් එක සතෙක් ඕක හැමෝම දන්න දෙයක් නෙ....මිනිස්සු හා සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද.... මිනිසගෙ මොලේ අනිත් සතුන්ට සාපේක්ෂව ගත්තොත් විශාලයි එ නිසාම ඒක සංකීර්ණයි.... ඊලගට මිනිසාගේ මහපට ඇගිල්ලෙ පිලිමල් ස්වභාවය.... ඔය වගේ හේතු කීපයක් නිසාම මිනිසා අනිත් සතුන්ට වඩා උසස් වෙනව කියලා සලකනවා..... දැන් ඔය සංකීර්ණ මොලයක් තියන නිසාම අපිට තර්ක කිරීමේ හැකියාව තියනවා ඒත් මේ හේතුව නිසාම මිනිසා ගන්න තීරන හදවතට එකග නොවෙන අවස්ථා එමටයි.....

මේ වීඩියෝව තිබුනෙ බුකියෙ (කිඩෝ ඩි සිල්වා එකෙන් නෙවේ මගේ පරණ එකෙන්) මගේ යාලුවෙකුගෙ වෝල් එකක..... ඉතින් මේක දාන්න කියල හිත හිත හිටියා ඒත් දාන්න වුනේ නෑ ඔන්න අද දැම්මා.....



ප.ලි.
සින්දුවේ තේරුමනං මගෙන් අහන්න එපා....
මම කලින් දවසක පෝස්ට් එකක කිව්වෙ කියන්න ආවෙ වෙන කතාවක් කියලා එදා මේක තමයි කියන්න ආවෙ....

කමෙන්ටුවකුත් දාලම යන්නකො ඉතින්....

10 ක් හිතුනු දේවල් ලියලා....:

සංකල්ප said...

වෙලාවකට හිතෙනවා මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි වැඩි වෙනසක් නෑ කියලා. සමහර වෙලාවට මිනිස්සුත් කරන්නේ සත්තු කරන වැඩ නේ.

pavithra weerapperuma said...

හක් හක්.. අපි තාමාත් නිරුවත්.....

priyantha said...

ගොඩක් කල් ඉඳන් ලියනවනේ. මම දන්නේ අදයි. ඔහොමම යමු.

කිඩෝ said...

@මදුරංග, ඔව් බන් සමහර වෙලාවට සත්තු හොදයි කියල හිතෙනවා... මම සත්තුන්ට ගොඩක්ම කැමති හේතුව තමයි මිනිස්සු වගේ මූනු 2ක් පෙන්නගෙන අනිත් එකාට කැපිල්ල දාන්නැති එක.... උං කලාතුරකින් එහෙම කරත් ඒ කරන්නෙ එලිපිට මූනටමූන... ඒකට මිනිස්සු තමන්ගෙ වාසිය විතරයි (මම කිව්වෙ බහුතරය එහෙම නොවන අයත් ඉන්නවා)

@සුලා, ඔව් බන් සත්තු මිනිස්සු ගැන කොහොම හිතනවද මන්දා...

කිඩෝ said...

@ ප්‍රියන්ත(අයියා), බස් එකේදි වුන දේට සොරි වෙන්න ඕනෙ.... මට ඒ වෙලාවෙ මල පැන්නෙ ඔතන කියවුනේ පරණ අයගෙ ඒව විතරක් වුන නිසා... ඇත්තටම මම අලුත් අයට සප් එකක් දෙන්න කැමතියි ඒකට හේතුව මේ බ්ලොග් එක දිහා බැලුවාම පේනවනෙ... ඒ ගැන සවිස්ථරාත්මකව ලබන 18 වෙනිදට කියන්නං.... මගේ බ්ලොගේ පලවෙනි උපන් දිනේ දවසෙ... ආයෙත් සොරි වේවා....

priyantha said...

අවුලක් නෑ බස් නගින්නේ කට්ටිය පොඩි සතුටක් ලබන්න. එතනදී අපි එක එක්කෙනා එක එක දවසට එක එක ආකාරයේ දේ කරනවා තනිකරම විනෝදය සඳහා. මමත් පොඩි ආතල් එක්ක ගත්තා. මිනිස්සු උනාම එහෙම අකට ඇවිත් පිස්සුවක් කෙලියා කියා වරදක් නෑ. බස් එක්ක කාලයක් යනකොට ඒවා තේරුම් ගන්න පුළුවන්. මගේ නම් කිසි අමනාපයක් නෑ. මමත් කලේ විහිළුවක්නේ. නැතිව මට ඔතන ඇවිත් පරණ බ්ලොග් පෙන්වන්න ඒන කමක් තිබුනේ නෑ.

Dinesh said...

අපි මනසින් උසස් කියලා කිව්වට සමහර වෙලාවට අපි කරන්නේ සත්තුන්ටත් වඩා අන්ත වැඩ..

ADK කොලුවා said...

මට මේ වීඩියෝව පෙන්නේ නෑ. ඉතින් කොමෙන්ට් එකක් දාන්න විදියක් නෑ. අන්තිමට යන්නේ කොහෙද මල්ලේ පොල වගේ වෙන නිසා මේ විදියට ඇග බෙරගන්නම්...

පන්සල් හංදිය said...

දුක හිතෙනවා .........

Saweera said...

එල එල අදම තමයි මේ පැත්තෙ ආ‍වෙ....එක හුස්මට සේරම කියෙව්ව..එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
http://photoshopapethaleta.blogspot.com/
http://sanhithawa.blogspot.com/

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....