Pages

Friday, June 10, 2011

බ්ලොග් ලියන/කියවන අයට වැදගත් පෝස්ටුවක්....

බ්ලොග් ලියන ගොඩක් අය දැන් අලුතෙන් බ්ලොග් ලියන්න ගත්ත අයට ගොඩක් සප් එක දෙනවා ඇත්තටම ඒක සිංහල බ්ලොග් වල අනාගතේ ශක්තිමත් කරන්න ගත්ත හොද තීරනයක්... ඉතින් ඒ ව‍ගේ වැඩක් කරන එකට මාරයා, රංගයා, අභි අයියා අතුලු සියලු දෙනාට මගේ බොක්ක පතුලෙන්ම ආචාරය (නම් කියවුනේ නෑ කියලා මගේ ඇගට කඩාපයිනව නෙවෙයි ඕං). අපිත් ඉතින් සප් එක දෙනවා හැබැයි වෙන වෙන ක්‍රම වලින් සමහර විට කට්ටියට හිතෙන්න පුලුවන් ඒක සප් එක දීමක් නෙවෙයි කියලා... කට්ටිය කැමති දෙයක් හිතාගන්න කිසි අවුලක් නෑ මොකද මම දන්නවනෙ මම කරන්නෙ අනිත් අයට සප් එක දීමක් කියලා....

කතාව ඕෆ් රෝඩ් යනවද මන්දා කමක් නෑ අද කතාවට බහිමුකෝ....

අද කියන්න යන්නෙත් ඉතින් බුකිය සම්බන්ද වැඩක් තමා (මම ඉතින් බොක්කෙන්ම බුකි වාසියෙක් නෙ... බස් එපාය) කලිනුත් බුකියෙ කොඩි කතාවක් දැම්මනෙ ඒකෙන් නං අලුත් අයට ගොඩක් උදව් ලැබුනා මම හිතන්නෙ...

අද කතාවත් ඒ වගේ තමා "දසුන" කිව්වාම කට්ටියට හුරු පුරුදු බවක් දැනෙනවද? සික් ඔන්න ආයෙත් බයිලා ගහන්න ගත්තා. දැන් නං කෙලින්ම කතාව පිට පයින්නෑ ඔන්න... දසුන කියන්නෙ බුකියෙ තියන සින්ඩියක් වගේ දෙයක් (වගේ දෙයක් නෙවේ සින්ඩියක්) මේක පටන්ගත්තේ උදිත් අයියා දැන් නං මේක පටන් අරන් ගොඩක් කල් හැබැයි තාම ගොඩ දෙනෙක් දන්නෑ වගේ ඒකයි මෙහෙම දැනුවත් කිරීමක් කරේ

මම කියනවට වඩා උදිත් අයියාගෙ පොස්ට් එක කියවලම බැලුවනං හොදයි....

කො‍හොම වුනත් මෙන්න ඒකට පොඩි බැනර් කෑල්ලකුත් හදලා තියනවා මේක ඔයාලගෙ බ්ලොග්වල සයිඩ් බාර් එකේ දාලා අපට පොඩි හෙල්ප් එකක් දෙන්න... ඒක ඔයාලගෙ කැමැත්තක් ඔන්න පහලින් දැම්මා කෝඩ් එක..

<a href="https://www.facebook.com/Dasunareader"><img src="http://bit.ly/iuUMFN" width="180" height="120"></a>


ප.ලි.
කොඩි පොස්ට් එකේ කියපු විදිහට ඔයාලගෙ බ්ලොග් වලට කොඩිය දාගත්ත අයට ස්තුතියි....
ප.ප.ලි.
කලින් පෝස්ට් එකේ කමෙන්ට් දැක්කයින් පස්සෙ හිතුනා හැමෝමත් එක්කම කේස් ඇද ගන්නෙ නැතුව ඉන්න ටිකක් විහිලු දන්නැති අයත් එක්ක සම්බන්ද වෙන්නැතුව ඉන්නවා කියලා ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මම බස් පැදීම නැවැත්තුවා....

16 ක් හිතුනු දේවල් ලියලා....:

පන්සල් හංදිය said...

එල එල ......
මේ ඒක නෙමේ ඉස්සෙල්ලා දාපු කොඩිය වැඩ කරන්නෙ නැහැනෙ ......

Yasantha Hennayake said...

වැඩේ නම් හොදා.. ඒක නෙමේ කිඩෝ මලයා.. දැන් සින්ඩි වැහිවැහැලනෙ බොල..

Ishara ( DarKneT ) said...

@චතු

ඔයා කියපු එකට මම උත්තරයක් දෙන්නම්
ඔව් ඔයාගෙ කතාව ඇත්ත, නමුත් දසුන හැදුවේ තනිකරම ෆේස්බුක් වාසීන්ට ඒ කියන්නේ ඔය පැය විසිහතරෙන් පොඩ්ඩක් අඩුවෙන් බුකියේ ඉන්න අයට මොකද මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න පුලුවන් ඒ අයට තමයි

දසුන කියන්නේ පෝස්ට් හොයන් ගිහින් බලන සිංඩියක් නෙමෙයි, පෝස්ට් ඔයාගෙ ලගට ගෙනල්ලා දෙන සිංඩියක් :)

Nadun Ranaweera said...

එල වැඩක්

Sabith said...

එල එල මචො! මරු වැඩෙ

Yasantha Hennayake said...

කතාව සමග එකගයි.. ඒත් බුකියටත් දැන් සින්ඩි වැහිවහැල.. ඉස්සටහට තවත් වැඩි වෙයි.. අන්න එතනයි වරද

අනූ said...

මං මූණු පොතේ සින්ඩියක් විදිහට මුලින්ම දැක්කෙ දසුන තමා.ඇත්තටම කවුරු හරි දෙයක් කලාම ඒක කොපි නොකර ඒක දියුනු කරන්න අනිත් අයත් උදව් වෙනවනම් හොඳයි නේද?

Observer said...

සින්ඩි ගැන ෆේස් බුක් ගැන මේ වයසක මනුස්සයට වැඩි තේරුමක් නං නැහැ, ඒ වුනාට වෙලාව තියෙන විධියට අහුවෙන හැම වෙඩිමක්ම කියෝනව, කොමෙන්ට් දැම්මත් නැතත්

Asanka Udayanga said...

එල එල ඔන්න අපිත් ගත්තා බෑනර් එක ,,එලම තමයි....

Dinesh said...

හොද වැඩක්.. ඔන්න මමත් ආවා...

pavithra weerapperuma said...

නාකයි කොඩ් ටික පබ්ලිශ්කොරන විදිය කියා දුන්නු එකාට ප. ප. ප. ලි කෑල්ලකුත් වෙන් කොරානම්.. ;)

සංකල්ප said...

නියම වැඩක්. මාත් ඕකේ රෙජිස්ටර් උනා. නියම සින්ඩියක්.

Nishan de siva said...

ඕන් මාත් කොඩිය දාගත්තා

ADK කොලුවා said...

බලමුකෝ එකත් කොරල.. ඉස්තුතියි කොලුවෝ....

Unknown said...

mama aweth na comment kareth na...

සිතුවිලි නිහඬයි said...

ඔන්න මාත් ආවා

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....