Pages

Sunday, June 12, 2011

බූරුවාගේ සුන්දර සිහිනය.... (උදව් අවශ්‍යවී තිබේ....)


හුම් ඔන්න අදත් තවත් දේශපාලන පෝස්ටුවක් (ද මන්දා...) දාන්නයි යන්නේ.... දැන් කියපල්ලා මේ පොඩි එකාට මොන දේශපාලන පෝස්ට්ද තාම ඡන්ද අයිතියවත් නෑ කියලා... පොඩි එකා නිසා දේශපාලන පෝස්ට් දැමීම මෙතනින් නතර කරන්න හිතුවා ඒත් ඉතින් මේ පෝස්ට් එක දෙනවයි කියලා පොරොන්දු වුනු එකක්නෙ.... මටත් හි‍තෙනවා මේ වගේ දෙයක් කතාකරන්න තාම පොඩි වැඩියි කියලා ඉතින් මට කාගෙන් හරි මේ ගැන දන්න කෙනෙක්ගෙන් උදව් ඕනෙ මොකද මගේ නිර්වචනෙයි අනිත් අයගෙ නිර්වචනයි (මට වඩා දැනඋගත්) පොඩ්ඩක් සන්සන්දනය කරලා බලන්න ඕනෙ මේ පෝස්ට් එකේ ඉතුරු ටික දාන්න කලින්.... ඉතින් මෙන්න මේකයි ප්‍රශ්නේ උත්තරෙ කමෙන්ටුවක් විදිහට දාලායන්න

සමාජවාදය යනු කුමක්ද?

ප.ලි.
මේ ගැන වැඩි විස්තර තියන ලින්ක් එකක් දුන්නත් කමක්නෑ
ප.ප.ලි
මේ ලිපියේ ඉතුරුටික මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනු ගමන් දාන්නං....

13 ක් හිතුනු දේවල් ලියලා....:

Æşõр said...

සමාජවාදය හෙවත් සමානාත්මතාවය... ආච්චිගෙ තට්ටෙ.. මටන්ම ඔක පේන්න බෑ

ADK කොලුවා said...

ඕක අහපන් අපේ සාටක උන්නාන්සේගෙන්. උන්නාන්සේ ඔය යස අගේට සමාජවාදය කොරන්නේ. අනේ වාසනාවන්. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.

Chanuka Wattegama said...

@කිඩෝ,

උත්තරයක් ඕනැම නම් සමාජවාදය යනු, මානවයාගේ අන්‍යොන්‍ය ඊර්ෂ්‍යාව නිසා (හෙවත් අනෙකා තමන්ට වඩා දියුණු වීම දැක දැක ඉන්න බැරිවීමේ දුර්වලතාව නිසා) ඇතිවන, සමාජයකට භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි, එහෙත් ගංජා ගැහූ මිනිසාට ගංජා වලින් ලැබෙන රෝමෑන්තික ආස්වාදය තරමටම ආස්වාදයක් ලබා දෙන, මටද ඔබගේ වයසේදී එක්තරා මට්ටමකට වැළඳී තිබී පසුව හොඳ වූ, අමුතුම අන්දමේ උමතුවකි. මෙය වැළඳෙන්නට යන රෝග ලක්ෂණ තිබේ නම් වහාම ප්‍රතිකාර ගන්න.(මා නිතරම තරුණයින්ට කියන්නේ අප වැටුණු වලවල් වල ඔබ වැටිය යුතු නැති බවයි.)

ඔය ඊනියා "සමාජවාදය" නිසා අපේ පරම්පරාවට විඳින්නට සිදු වූ අභාග්‍යයන් සමහරක් මම "සිහි සටහන්" http://sihisatahan.wordpress.com හි සටහන් කොට ඇත්තෙමි. වෙලාවක් ලැබුණු විටෙක කියවන්න.

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මේනන් මේකා පැහේන්නයි යන්නේ...

රවින් said...

අනේ මල්ලි මම නම් සමාජවාදේ ගැන දන්නේ නෑ විග්‍රහයක් දෙන්න තරම්. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයාගේ ක්‍රමයයි යන්න මම විශ්වාස කරනවා

Janaranga Dewasurendra said...

සමාජවාදය ගැන නිර්වචන දෙන්න මම උත්සහ කරන්නේ නෑ..ඒත් ඒ සංකල්පය නිසා ලෝකේ දුක්විඳින මිනිස්සු ලබාගත්තු දෙයක් ඇති..ඒත් සමාජවාදය කියන එකට නිර්වචන කියලවත් ඒක අනුගමනය කියන විදිවත් කතාකරලා වැඩක් නෑ..ප්‍රශ්නේ තියෙන්නේ ඔය සංකල්පය ලංකාකරණය වෙද්දි වෙච්ච තුච්ඡ අනුවර්තන ක්‍රමවේදය නිසා අද ලංකාවේ මේ සංකල්පයට අත්වෙලා තියන ඉරණම..ඒ වගේම කියන්න ඕන ලංකාවේ සමාජවාදය හෝ ධනවාදය කියන පරස්පර විරෝධී අන්ත දෙකම නෑ..තියෙන්නේ බඩගෝස්තරවාදය විතරයි...

සරත් ලංකාප්‍රිය said...

මමත් කාලයක ඔය වාදේ ගැන උඩින් හිතාගෙන හිටි කෙනෙක් තමයි.. දැන් මන් හිතන්නේ කොයි වාදේ තිබ්බත් වැඩක් නැහැ මනුස්ස තෘෂ්ණාවත් එක්ක කියල. සංකල්පයක් වශයෙන් බොහොම හොඳය් ලබාගැනීම දුෂ්කරයි ඒ මොකද තෘෂ්ණාවත් එක්ක බල ලෝබය ඔක්කොම හොඳ දේවල් මකබාසිනිය කරනව කලෙකදී .. නිර්වාණය වගේ තමයි.. ලබාගන්න නම් ඉස්සෙල්ල තෘෂ්ණාව ටික ටික හීන කරලා නැතිකරලා දාන්න ඕන...

සංකල්ප said...

මට නම් සමාජවාදේ කියන දේ තේරුම් ගන්න බෑ.මගේ මොලේට බරපතල වැඩියි. ඒ නිසා දන්න කෙනෙක් කියනකන් බලාගෙන ඉන්නවා.

පන්සල් හංදිය said...

කතා කරන්න වෙන මාතෘකා ඇත්තෙම නැද්ද ......

Dilanka Madhawa said...

@ කිඩෝ-මචං මම දන්නෙ නම් මෙහෙමයි,
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය කියන එකේ
ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඇමෙරිකාව වගේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණ රටවල් ශේප් කරගන්නත්,
සමාජවාදී කියන්නේ සමාජවාදය තිබුනු රුසියාව වගේ රටවල් ශේප් කරගන්නත් දාපු දෙයක්.
ලංකාවේ පාලනය කරන්න ආපු අය තමන්ගේ මතවාද හෝ ඒ කාලේ හැටියට ඔය එක පැත්තකට බරව වැඩ කලා.

pavithra weerapperuma said...

හැක් හැක් හැකැක් හැක්.... :D :D ප්‍රොපයිල් මාරුවීමකින් ඊසෝප් නමින් කමෙන්ටුවක් වැටිල.. හෙ හෙ.. උබ කොහොමත් දන්නවනෙ මං ඔකට කොහෙත්ම කැමැති නෑ කියල. :D :D

කොවුව උනත් සමාජවාදය කියන එකට නිර්වචනයක් නම් දෙන්න මං දන්නෙ නෑ. ඒක් ඒකෙ අසාර්තකත්වය මං සැරයක් ලිවුව.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

මචං, කිඩෝ මලයෝ... දේශපාලනය කියන්නේ අසූචි ගොඩක්ග ඕක ගැන ඉගෙන ගන්න කාලේ වෙන වැඩකට යෙදෙව්වා නම් හොඳයි නේද ? වැදගත් වෙන්නේ දේශපාලන මාර්ගය නෙවෙයි... තමන්ගෙන සමාජයට වෙන්න ඕනේ මොනවද කියලා විතරයි. එතනදි පක්ෂ, පාට, ජාති භේදයක් තියෙන්න බෑ. සාධාරණත්වය තමයි ලෝක නීතිය. තමන් යම් දේකට කැමතිද අනෙකාත් එයට කැමතියි යැයි සිතන්න බෑ. සමාජවාදය, මාක්ස්වාදය කියලා නම් ගැහුවට ලෝකෙ තියෙන්න ඕනේ එකම දෙය මනුස්සකම විතරයි.

නෙතුපිය said...

සමාජවාදයි කියන්නෙ සමානාත්මතාවය ඒත් ඉතිං දැන් කවුද සමාජවාදය කරන්නෙ.

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....