Pages

Tuesday, June 21, 2011

​ගූගල් දෙයියා දෙන ආතල්....


හප්පා 50 ගැහුවයින් පස්සේ කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවුනානෙ... කාලෙකින් කිව්වේ දවස් දෙක තුනකින් දෙකතුන වුනත් අවුරුද්දක් වගේ තමා දැනෙන්නේ.... කොහොම වුනත් අදනං පෝස්ට් එකක් දානවා කියාලා හිතාගෙන ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා කොම්පියු​ටරේ ඉස්සරහින් වාඩිවුනා.... ම්හු මුකුත් ලියන්න මොලේට එන්නෑ... ඉතින් වෙන බ්ලොග් ටිකක් කියෙව්වා එතකොටවත් මොකක් හරි මතක්වෙයි කියලා හිතාගෙන.... ඒත් නෑ නෙ මුකුත් මතක් වෙන්නේ.... දාගත්තා සද්දෙට සින්දු ටිකක් ඔහේ බලාගෙන හිටියා මොකක් හරි මතක්වෙනකන් ඒත් මුකුත් මතක්වෙන්නෑනෙ මට ඉතින් මලේ මල.... ගිහිල්ලා නා ගත්තා එතකොටවත් මොලේට මොකක්හරි එයිද බලන්න.... මොන මුකුත්ම එන පාටක් නෑ..... ආයෙත් සින්දුවක් දාගෙන ඇදේ ටිකක් ඇලවුනා ඒත් මුකුත්ම මතක්වෙන්නෑ....

අන්න ඒකට මම 50 ගහන්න කලින් දවස්ටික ලියන්න දේවල් හිතට එනවා අම්බානට ඒත් ඉතින් අවුරුද්ද ලබන දවසෙ 50ත් ගහන්න හිතන් හිටපු නිසා ඒ මුකුත් ලිව්වේ නෑ... ඒකට දැන් ආසාවකට මුකුත් එන්නෑනෙ හිතට.... ඉතින් ගියා ඊයක්වත් ඈවිල්ලද බලන්න අදහස් නැති වෙලාවට ඊයකින්වත් අදහසක් එන්න පුලුවන්නේ.... හිතුවත් වගේ මේ තියෙන්නෙ ඊයක් ගූගල් දෙයිය දෙන ආතල් එකක් ගැන... ඔන්න ඉතින් තව ටිකක් ජාලෙ සැරිසරලා ගූගල් දෙයියා දීපු තව ආතල් ටිකක් හොයාගත්තා...

කට්ටියනං මේව කලින් දැකලත් ඇති ඒත් නොදැකපු අයත් ඇතිනේ...

1.ගූගල් දෙයියගේ තායිවානයේ සිට චීනෙට යන ‍ක්‍රමය

ගූගල් මැප්ස් වලට යන්න
Get directions වලට යන්න
start location විදිහට Taiwan කියලා දෙන්න
end location විදිහට china කියලා දෙන්න
දැන් 23න් වෙනි පියවර කියවලා බලන්නකෝ...

පුලුවන් කෙනෙක් ඉන්නවනං කරලා බැලුවත් කමක් නෑ ගූගල් දෙයියනෙ කියන්නේ......

2.ගූගල් දෙයියා ගාව තියන දේවල්













3. ගූගල් දෙයියගේ පරිවර්තනය

පරිවර්තනය කරන ඒවගෙදිත් ගූගල් දෙයියා හොද හොද ආතල් දෙනවා විශේෂයෙන් ජපන් භාෂාව.... ඔය ජපන් කෙල්ලොත් එක්ක චැට් කරනවනං ගූගල් දෙයියගෙ පරිවර්තන පාවිච්චි කරන්නෙ පරිස්සමට විශේෂයෙන් ප්‍රශ්නයක් අහනකොට මොකද ගූගල් දෙයියා අපි අහන ප්‍රශ්නෙ ජපන්වලින් අහන්නෙ උත්තරයක් විදිහට උදාහරණයක් විදිහට am i drunk කියලා දුන්නහම ඒක ට්‍රාන්ස්ලේට් කරලා එන ජපන් වචනේ කොපි පේස්ට් කරලා ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරාම එන්නේ i am drunk කියලා.... ඕනෙ නං ට්‍රයි කරලා බලන්නකෝ

ගූගල් දෙයියා දෙන ආතල් නං ගොඩයි ඒත් දැන් නං මගේ ඔලුව රිදේ‍නවා තව ලියන්න බෑ වගේ එහෙනං මම නැවතුනා...

ප.ලි. මේක ලිව්වයි කියලා කෝප වෙලා ගූගල් දෙයියෝ මට දඩුවම් නොදෙත්වා....

11 ක් හිතුනු දේවල් ලියලා....:

EffecT Man said...
This comment has been removed by the author.
හිස් අහස said...

හ්ම්..මෙතන සමහර එවුවා තියනවා මට වටින කියන ජාතියේ එවුවා ..


මේ මල්ලී ! ඔයා දනීද ජී මේල් එකවුන්ට් එකකට ඊ මේල් එකක් ආවම අපේ ෆෝන් එක්ට එස් එම් එස් එකකින් ඒක දැනුම් දීගන්න ක්‍රමයක් එහෙම ?

Observer said...

ගූගලය කෙලින අමු පිස්සු නං කියල වැඩක් නැහැ, දැන් මේ පාර ලඟදි ඉඳල මු මාව අඳුරන්නෙ නැති පාර්ට් එක දානව. ලොග් වෙන්න දෙන්නෙම නැහැ සාමාන්‍ය විදියට, අලුත් එක්කෙනෙක් විදියට ඉස්ටාර්ට් වුනාම ලොග් වෙන්න දෙනවා, මු මාව අඳුනන් නැත්තන් කොහොමෙය් මගේ ලස්සන පින්තුරෙ දාන්නෙ කොමෙන්ට් එක්ක. ලඟදි මු මට කොහොමවත් ලොග් වෙන්න දෙන්නෙම නැහැ, ඒ පාර අලුත් එකවුන්ට් එකක් හදාගත්ත, ඒ පාරත් හැම වතාවෙම ලොග් වෙන්න ඕනෙ අලුතින් එකවුන්ට් එකක් ඉස්ටාර්ට් කොරන විදියට, සාමාන්‍ය විදියට පුරුදු පාස් වර්ඩ් එක ගහල ලොග් වෙන්න දෙන්නෙම නැහැ. ආයෙත් අර විදියට අලුතින් ලොග් වුනාම මගේ කොමෙන්ට් දාන්නෙ, ඉස්සෙල්ල දීල තිබ්බ පින්තුරෙත් එක්ක. මුට නම් ඇත්තටම පිස්සු, එහෙම නැත්තන් මු මට විතරක් බොරු පිස්සු පාර්ට් එකක් දානව.

බ්ලොග් කර්මාන්තෙ කව්රුවත් දන්නවද මුට ඉසකුඩිච්චියක් දාන්න විදියක්?

unknown said...

@ හිස් අහස

මේකට තමුන්ගේ mobile network එකට අදාළ email 2 sms gateway එක මොකද්ද කියලා දැනගන්න ඕනේ.

Dialog වල නම් @dialog.lk

උදා - 771234567@dialog.lk

GMail එකවුන්ට් එකට ගිහින් settings -> Forwarding and POP/IMAP වල තියනවා Add a forwarding address කියල එකක්. එතැනට ඔය sms gateway එක දීලා verify කරගන්න.
ඊට පස්සේ Forward a copy of incoming mail to කියන එක select කරන්න.

සමහර network වල sms gatway එකක් නැති වෙන්නත් පුළුවන්.

සංකල්ප said...

මම නම් ගූගල් ආතල් බලලා නෑ. කරලම බලන්නම්. මටත් තියෙනවා ලියන්න මුකුත් අදහසක් එන්නේ නැති ලෙඩේ. ඒකට මම කරන්නේ ලියන්න මොනවහරි මතක් වෙන වෙලාවට කොලයක පොඩිවට සටහනක් දාගන්නවා. ඔයවගේ මතක් වෙන වෙලාවට තුන හතරක් විතර තියෙනවා.

ඊට පස්සේ නෙට් ලොග් උනාම අර කොල කෑල්ල අරගෙන බලලා ලියන්න ගන්නවා.

ADK කොලුවා said...

බොට අනිවා ගුගල් දෙයිය දඩුවම් දෙනාවම තමයි. සුපිරි වැඩ ටික මචන්.

23. Swim across the Pacific Ocean

මේකනම් වැඩක් නෑ කියල..

සරත් ලංකාප්‍රිය said...

කවුරුත් ගුගල් දෙයියට බනින්න එපා.. මිනිත්තුවෙන් ඕනෑම දෙයක් ගැන ඉගෙන ගන්නේ එකෙන්.. අනික මගේ බ්ලොග එහෙම කපල දැම්මොත් ! එයත් ලංකාවේ රජවෙලා හිටිය දෙයියෙක්ද දන්නේ නැහැනේ !!

අපරාජිතයා :::: Aparajithaya said...

ගූගල් දෙයියා නැත්නම් අපිත් කපෝතියි බං මලේ.... මොනා උනත් මරු වැඩ කෑලි ටිකක්. බදා ගන්නේ නැතිව බෙදා ගත්තට ස්තුතියි.

Podi Kumarihami said...

//ඔය ජපන් කෙල්ලොත් එක්ක චැට් කරනවනං//
ජපන් කොල්ලොත් එක්ක චැට් කරන කොටත් මේක මෙහමමද?...:D

www.ceylonlanka.info said...

කාගේ හරි වරදක් අල්ලගන්නම් තමා නේද හදන්නේ?
දැන්මම සමාව ගන්න google ගෙන්, නැත්නම් බ්ලොග් එක වහයි

පන්සල් හංදිය said...

කැරකිලා කැරකිලා කොහොම හරි හොඳ පෝස්ට් එකක් දාල තියනවා ..

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....