Pages

Sunday, June 26, 2011

කිඩෝ අනාගතයේ ටුවර් එකක්


අද නං මෙලෝ රහක් නෑ මම ඔහේ පාර දිගේ ඇවිදගෙන යන්න ගත්තා.... හා මහත්තයා අනාගතේ දකින්න ඕනෙද එන්න එන්න මහත්තයට ‍ෆ්‍රී ට්‍රයල් එකක් දෙන්නංකෝ මහත්තයට ඕනෙ දේ ගැන කියන්න මම පෙන්නන්නං පාරෙ හිටපු ට‍යිකෝට් ගහගත්ත ඩයල් එකක් එකපාරය මූන ඉස්සරහින් මතුවෙලා ඇහුවා.... නයි කයිද රෝස් පාන් මොකක්ද මේ වෙන්න යන්නේ... කමක් නෑ ‍ෆ්‍රී ලුනේ බලමු මොකක්ද කියලා.... හැබැයි ඉතින් ඉන්කමින් ෆ්‍රී කියලා මූ යනකොට ගානක් ගනියිද දන්නෙත් නෑ නෙ... මේ අයියා අනාගතේ බැලීම ටොටලි ‍ෆ්‍රී ද? මමත් නිකං සැකේට ඇහුවා.... නෑ නෑ ටෝටලි ෆ්‍රී නෑ පැය බාගෙක ෆ්‍රී ට්‍රයල් එකක් දෙනවා එතන ඉදන් අයකිරීම තත්පරේට... හහ් අනාගතේ බලාගන්න පැය බාගයක් වැඩිද මන්දා.... නිකං දෙන එකනේ ඔන්න ඔහේ බලන්න කියලා පොඩි ආසාවක් ආවා....

හා අයියා එහෙනං යමුකෝ අනාගතේ බලන්න... දැන් ඕක පෙන්නන්නේ අර කලු පාට ගාපු පීරිසියකින්ද? නැත්තං අර මොකක්ද බෝලෙකින්ද? මටනං ඔය පීරිසි, බෝල දිහා බලන් ඉදලා බෙල්ල කඩා ගන්න බෑ ඔන්න..... උබට පිස්සුද මල්ලි (මහත්තයා කියපු එකා මට මල්ලිලු..) අපි ගාව ඒ වගේ ආදි කාලෙ බාල වැඩ නෑ... අපි කෙලින්ම අනාගතේ පෙන්නන්නේ රියල් ටයිම් ඒ කියන්නේ අපි මල්ලිව කෙලින්ම අනාගතේට යවනවා... අම්මට සිරි එහෙනං මේක බලන්නම ඕනෙ අනාගතේට ගිහිල්ලම අනාගතේ පෙන්වීමක් ගැන ඇහුවමයි... මටත් දැන් ඉවසන් ඉන්න බෑ....

මූත් දැන් මාව එක්ක‍ගෙන ගියා පොඩි දේවාලයක් වගේ එකකට දේවාලයක් කිව්වට ඉතින් දෙවියොන්ගෙ රූපනං නෑ... ඉස්සරහම තිබුනා චින්තන අංකල් ගෙ රූපෙ දකුණු පැත්තෙන් හෑන්ඩ් ෆෝන් 2ක් ගත්ත කෙනෙක් වැදගෙන ඉන්නවා දකුණු පැත්තෙන් පිස්තෝලයක් ඉනේ ගහගෙන මැරවින් අංකල් වැදගෙන ඉන්න රූප 2ක් තිබුනා... මටත් නිකං පුදුමයි මේක දැකලා මාත් ඉතින් අර මාව එක්කන් ආපු එකාගෙන් ඇහුවා මොනවද මේ රූප කියලා.... ආ මේ ඉන්නේ ලංකාවේ අනාගත දෙවි වරුනේ.... ඌ දීපු උත්තරෙන් මම නිකං කරකවලා අත ඇරියා වගේ වුනා.....

දේවාලේ ඇතුලනං මරු මැද්දෙ පොඩි ජින්ජිබිරිස් එකක් තියනවා... ජින්ජිබිරිස් එකක් කිව්වේ නිකං ෆ්‍රිජ් එකක් වගේ මෙව්වා එකක්... ශා මේකෙද අයියා අපිව අනාගතේට යවන්නේ මම අරූගෙන් ඇහුවා... බොට මෝල්ද බොල ඔය ‍ෆ්‍රිජ් එකක්නෙ තොට ඇස් පේන්නැද්ද? සිකේ වස ලැජ්ජාවයි වෙලාවට වටේ කවුරුත් හිටියේ නෑ... මේ තියෙන්නේ අනාගතේට යවන එක කියලා මූ මට දේවාලෙ මුල්ලක තිබුන පොඩි පුටුවක් පෙන්නුවෙ නැතෑ පුටුව පුරාම වයර්... අපෝ ඒක දැක්ක ගමන් මට මතක්වු‍නේ අර පිටර‍ටවල් වල කරන්ට් පුටු.... මොනවා කරන්නද මටත් අනාගතේ බලන්න ආසාවනේ

ඉතින් අරූ කිව්ව විදිහට ගිහින් පුටුවේ වාඩි වුනා කොයි වෙලාවේ පු* රත්වෙන්න කරන්ට් වදීද දන්නෑ නෙ... හා දැන් මල්ලිට මොකක්ද දකින්න ඕනෙ.... හුම් මෙච්චර වෙලා අනාගතේ දකින්න ආවට මොකක් දකින්නද කියලා තීරණයක් තිබුනේ නෑ නෙ.... හුම් ටිකක් කල්පනා කලා ඔන්න ඔහේ ලංකාවෙ අනාගතේම බලන්න හිතුනා.... ඉතින් අරූට කිව්වා මට ලංකාවේ අනාගතේ බලන්න ඕනේ කියලා... හා ඔන්න එහෙනං වාඩිවෙලා ඉන්නකෝ කියපු අරූ ගියා අර වයර් ඔක්කොම ඇදලා තිබුන පොඩි පියානෝවක් වගේ එකක් ලග‍ට

හප්පා මට මොකක්ද මේ වෙන්නේ මුලු ලෝකෙම නිකං කැරකෙනවා වගේ..... දඩාස්.... මම මේ කොහෙද ඉන්නේ.... අප්පා නිකං ප්‍රයිවට් බස් එකකින් බැස්සා වගේනෙ.... හෑ බොලේ කෝ මේ ලංකාවද නිකං ඇමරිකාව වගේනෙ.... කෝ මේ බිම යන වාහන එකක්වත් නෑ නෙ ඔක්කොම උඩින්නෙ යන්නේ.... මොකක්ද ඒ එන දඩාර වාහනේ... හුම් ලංකා ට්‍රැවල්ස් ලංකාවේ බස් වලට ගිය කලක්... අතේ සතේ නැතුව ඔය බස් වප යන්නත් බයයි පයින්ම යනවා බලන්න වටයක්.....

හප්පා මොනවද මේ පාරේ පැත්තකින් පෙලට තියලා තියෙන්නේ.... බලමු ඇපල් අයි පැදුරු... මේවයින් මොනවද දන්නෑ කෙරෙන්නේ බලමු ටිකක් මොකෙක්ව්ත් පේන්නත් නෑ... හෑ කියනකොටම මොකක්ද මෙව්වඑකක් උඩින් එනවා හෑ පොලවට ලෑන්ඩ් කලා මූ බැස්සා ගත්තා පැදුරක් ආපහු අර ආපු එකටම නැග්ගා ගියා.... හුම් මේ පැදුරු නිකං ගන්න පුලුවන් වගේ බලමු ගිහිල්ලා එකක් අරන්.... ශා මේ පැදුර නිකං පත්තරයක් වගේනේ... වෙලාවට සිංහලෙන් තියෙන්නේ බලමු කියවලා....

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ලංකා රුපියල් බිලියන 20 ක ණයක්....
150 වන අති ගරු මර්වින් සිල්වා ගුණ සමරුව හෙට අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම්....
ක්ෂිරපථයෙන් පිටතට යන ප්‍රථම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්....
පිට පිටම 11 වන වතාවටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනයි....

ඔය වගේ ප්‍රවෘත්ති තොගයක් තිබ්බා මුල් ටික කියවගෙන යනකොට මට නිකං කලන්තෙ වගේ ඉතින් ඉතුරු ටික කියවන එක පස්සට තියලා තව ටිකක් ඇවිදින්න හිතුවා මොක කරන්නත් තියෙන්නේ පැය බාගයයිනේ... හුටා දැනටම විනාඩි 10ක් ගිහින් ඉක්මන් නොකරොත් මේ චාන්ස් එක නිකං අපරාදෙ නැති වෙනවා...

හැබෑට අර අයි පැදුර ගත්ත එකා ඇරෙන්න වෙන මිනිහෙක් දැක්කෙ නෑ නෙ බලන්න ඕනෙ මුන්ට මොනවා වෙලාද දන්නෑ කියලා හිතාගෙන මාත් ගියා තව ඉස්සරහට... මේ හරියනං ටිකක් මිනිස්සු අඩු පැත්තක්ද මන්දා ඒකට‍ ගෙවල්.... පොඩ්ඩක් ඉන්න මොකක්ද මේ හැම ගෙදරක් ඉස්සරහම ගහලා තියන බෝඩ් එක.... හුම් බලමු "මම අහන්නේ බස් (z) රේඩියෝ" හෑ මොකක්දමේ අහලා පුරුදු නමක්නේ මේ ඒ කාලෙ තිබුන බස් රේඩියෝවවත්ද? මරුනේ.... ඒ කාලේ ඔහොම ගහන් හිටියාම රේඩියෝ චැනල් එකකින් මොකක්ද බඩු මල්ලක්ද මොකක්ද දුන්නා වගේ මතකයි මේකෙත් වෙන්නේ එහෙම එකක්ද දන්නෑ....

හුම් තව ටිකක් ඉස්සරහට යමු බලන්න.... හා ඔය ඉන්නේ මිනිස්සු.... හුම් මුං මං දිහා අමුතු විදිහටනෙ බලන්නේ මුංගෙත් මොකක් හරි වෙනසක් පේනවා... හිටුකෝ බලන්න හෑ ‍බොලේ මුං ඔක්කොම ඇදං ඉන්නේ සරම්නේ මම විතරයි මේ කලිසමක් ඇදන් ඉන්නේ... ලැජ්ජාවෙ බෑ.... මේ අනාගතේ කතා කරන්නේ මොන බාසාවෙන්ද දන්නෑ... කෝකටත් සිංහලෙන්ම ටෝක් කරලා බලමු.... ආ මේ මොකද බොලා කට්ටියම සරම් ඇදන්? හුටා ඒ වචන ටික කියලා කට ගන්න හම්බවුනේ නෑ.... පොලිස් වාහනයක් පියාබගෙන ආවෙ නැතෑ....

**** හි **** වගන්තිය පරිදි කුණුහර්පයක් කීම, ශ්‍රී ලංකාව තුල තහනම් කලිසම් ඇදීම යන වැරදි නිසා ඔබව අත්අඩංගුවට ගන්නවා.... වාහනෙන් එලියට ආපු පොලිස් කාරයෙක් මොකක්ද එකක් මගේ අතට දාන ගමන් කිව්වා... හෑ මොකක්ද මම කියපු කුණුහර්පේ.... ඔබ බොලා කියලා කිව්වා **** වගන්තිය යටතේ කිසිවෙකුට ඔය වාගේ චවනයකින් ආමන්ත්‍රණය කිරීම බරපතල වරදක්.... ඇයි යකෝ බොලා කියන වචනෙත් කුණුහර්පයක් නං අනිත් වචන ගැන කවර කතාද... කට වහගෙන සිටීම ඇගට ගුණයි කියලා කලිසම් ගැන අහන්නැතුව කට වහගෙන හිටියා....

හැම දේම වෙන්නේ හොදටලුනේ ඒකෙන් මට අහසින් යන්නත් චාන්ස් එකක් ලැබුනා... ඉතින් මේවගේ චාන්ස් එකක් මිස් කරගන්නේ කොහොමද. දඩාර සයිස් බිල්ඩින් අහසෙ යන වෙන වාහන දිහා බලාගෙන මාත් ඔහේ ආවා.... මෙන්න එකපාරට පොලිස් කාරයෝ ඔක්කොම පු* කටු ඇනුනා වගේ නැගිට්ට්‍ලා සීරුවෙන් සිටගත්තා සීන් එක මොකක්ද කියලා දන්නේ නැති වුනත් ඉතින් මාත් නැගිට්ටා... ටිකක් වටපිට බලනකොට මෙන්න අපේ චින්තන තුමාගේ අඩි 60ක් විතර උස පිලිරුවක්... යටින් මොකක්ද ලියලත් තියනවා "වර්ථමාන ශ්‍රී ලංකාවේ නිර්මාතෘ" කතාව ටිකක් තේලුනේ නැති වුනත් මාත් පොලිස් කාරයෝ වාඩි වෙනකංම හිටගෙන හිටියා..

හා ඔබට බහින්න තැන හරි.... එක පොලිස් කාරයෙක් මට කිව්වා... ඇයි යකෝ මේක පොලවට පහත් කරන්නෙවත් නැතුව මට බහින්නලු මුංට මෝල්ද මන්දා.... මොනවා කරන්නද ගියා බයෙන් බයෙන් වාහනේ දොර ගාවට.... අම්මෝ පශ්චාත්භාගෙට වැදුන පාරක් එක්ක කෙලින්ම බිමට..... දඩස්.... හප්පා නලලත් රිදෙනවා වැටුන පාරට... මේ මොකක්ද මට අහුවෙන්නේ.... ම්ම්ම්.. ඇදේ කකුලක් නේද? මම ඇදෙන්ද වැටුනේ? හුටා මම දැකලා තියෙන්නේ හීනයක්නේ.... අවුලක් නෑ නොමිලේ අනාගතේට ටුවර් එකකුත් දාලා ආවනේ....

ප.ලී.
මේ දවස් වල වැඩ වැඩි නිසා පෝස්ට් එකක් දාන්න ගොඩක් කල් ගියා, අනිත් අයගේ පෝස්ට්ටුත් පුලුවන් තරමින් කියෙව්වා ඒත් ගොඩක් ඒවට කමෙන්ට් කරන්න බැරි වුනා ඒකට තරහා වෙන්න එපා....

16 ක් හිතුනු දේවල් ලියලා....:

අපරාජිතයා :::: Aparajithaya said...

හික් හික් මැක්සා ඈහ්...

Dinesh said...

එල එල... අනේ ඉතින් මොනවා උනත් කවදා හරි මෙහෙම වෙනවනම් අපි හිටියේ නැත්ත් සිරි ලංකාවනේ කියලා සතුටු වෙත හැකි...

Anonymous said...

නියමයි... අනාගතය ගැන තවත් සිහිනයක් දකින්න....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

තෝ පොඩි එකා කීවට හීන් නූලෙන් ලස්සනට ගහන්න දන්න එකෙක් වගේ .. ඇයි බං දැන් නායකයො පුහුන කරන විදිහට අපි හරි නම් ඔයිට වඩා දියුණු වෙලා ඉන්න ඕනි නායකත්ව ලක්ෂන වලින්ම පිරුණු සමාජයක් නිසා

සංකල්ප said...

මල්ලි කිව්වත් වගේ අනාගතේ ඔහොම එකක් වෙයිද මන්දා. අම්මෝ මම නම් එතකන් ඉන්නේ නෑ. ඉන්න ලැබුනොත් නියගලා අලයක් කාලා හරි සියදිවි හානි කරගන්නවා.

නිකන් ලබෙන ටුවර් එකෙනේ මල්ලිත් ගිහින් තියෙන්නේ. මුන්ට නිකන් දෙනවා කිව්වොත් උදලු පාරක් හරි කන ජාතියක් !!!!! කමක් නෑ කමක් නෑ. ජාතිය නගා හිටවන්නත් එපැයි.

මල්ලි අර චින්තන අංකල්ට දෙයියන්ට පූජ කරන්න "නා මල්" එහෙම අරගෙන ගියේ නැද්ද ?

සරත් ලංකාප්‍රිය said...

නියම පොස්ටුව .. එක දිගට කියෙවුව.. සරම් ටිකක් දානේ දීල යන තැනකදී සරම් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන එක හොඳයි වගේ !! එතකොට සාටකෙත් ඕන ඇති .. නැද්ද ?

පන්සල් හංදිය said...

හීනයක් උනත් ඇත්ත වෙන්න පුලුවන් කතාවක් .......

Bunny said...

අනේ පල බොරු නොකිය.. කෝ අර දෙවිවරු ලග ආසනික් දෙයියා ඉදලා නැනේ.. ?

ADK කොලුවා said...

හයියෝ සල්ලි කිව්වලු... හිකි හිකි..

Bindi said...

වෙන්න බැහැ. ඔය වෙද්දී තව දෙවිවරු කිදාහක් ඉඳියිද .ලංකාවේ මිනිස්සු ගැන ප්‍රභා කිව්වා කතාවේ හැටියට . මට මතක හැබෑ ඉතිහාසය අනුව අනාගතේ ඔහොම වෙන්නේ නෑමයි. බස් නම් දැනුත් යන්නේ උඩින් නේ . ..ඕන එකක් අපි න ඔව්වට .ලෝකේ විනාස වෙනවලුනෙ ලබන අවුරුද්ද දිහාට .

සුපර් මාරියෝ said...

මරු මරු ලොවෙත් නෑ... සුපර්... :D

පූසා said...

ඇඟට පතට නොදැනීම ටොක්කක් ඇනලා වගේ :D

දේව් ගේ අඩවිය said...

පිස්සු හැදෙන සද........... අනිවා දවසක මේක ලංකාවේ වෙනවා...
අපෙත් මේ අත්මේ නැතත් පස්සේ ආත්මෙකවත් අපිට එහෙම ඉන්න පුලුවන් වෙයිනේ

හිස් අහස said...

උඹට සුවර්ද පොඩි එකෝ ඔය ගියේ ලංකාවටමයි කියලා . අනේ ඇත්තට එහෙම වෙනවානම් . ..

Unknown said...

අනාගතෙය්දි උනත් පොලෝසිය නම් එච්චර වෙනස් වෙලා නැහැ වගේ නේද ;)

EffecT Man said...

hmmm.... nice

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....