
මේක අපේ ගිය ඉරිදා මැත්ස් පන්තියේදි සිද්දවුන දෙයක් සම්බන්දව ලියන්න හිත්නේ සිද්දියනං මෙහෙමයි
එදා පාඩම කරකර ඉන්න ගමන් සර් අපෙන් ප්රශ්නයක් ඇහුවා කොහොම හරි උත්තරේට එන්නේ දන නැත්තං සෘණ සර් දන කියන අයයි සෘණ කියන අයයි අත් උස්සන්න කිව්වා පන්තියේ බහුතරය උත්තරේ දැනංහිටියත් අත ඉස්සුවේ නෑ එකකටවත්. සරුත් දැනන් හිටියා කට්ටිය උත්තරේ දන්නවා කියලා ඉතින් සර් ඊලගට කිව්වා ගෑනු ලමයි අත් උස්සන්න කියලා.... කවුරුත් නෑ.... පිරිමි ලමයි අත් උස්සන්න.... ඒත් කවුරුත් නෑ.... හුම් මේකෙ ඉන්නේ ඔක්කොම දෙකටම නැති අයද කොහෙ කියාලා සර් පොඩි දේශනයක් දුන්නා ඉතින් මම ඒ දේශනේට මගේ මතයත් එකතු කරලා ලියන්න යන්නේ
හරි මුලින්ම හිතන්න ඔයා කවුද කියලා.... කවදාවත් ඔයා ඔයාව අදුනගන්න උත්සහ කරලා තියේද? ඔයාට වටිනාකමක් දෙන්න උත්සහ කරලා තියේද.... සමහරවිට ඔයාලා මම මේ පුද්ගලයා වගේ වෙනවා කියලා දැනටම හිතාගෙන ඇති. ඒත් ප්රශ්නේ තියෙන්නේ ඔබ ඔබේ වටිනාකම බලන්න, ඔබේ අනාගතය තීරණය කරන්න ගත්තේ මොනවගේ මිනුමක්ද කියන එක
ගොඩක් වෙලාවට අපි අපේ වටිනාකම බලන්නේ අපේ යාලුවෙකුට හරි අපි දන්න කෙනෙකුට හරි සමාන කරලා ඒත් ඒක ප්රායෝගිකද කියලා ප්රශ්නයක් මතුවෙනවා. මොකද මේ ලොකේ එක්කෙනෙක්ට එක්කෙනෙක් කවදාවත් සමාන නෑ බාහිර පෙනුමෙන් හිතන විදිහෙන් තමන්ගේ දකෂතා වලින් එක් අයෙක් තවත් අයෙක්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් එක් අයෙක් දිහා බලාගෙන තමන්ට කවදාවත් වටිනාකමක් දෙන්න බෑ. ඒක හරියට නිකං බල්ලෙක් කුරුල්ලෙක් දිහා බලලා පියාබන්න බැරි නිසා තමන් වටිනාකමින් අඩුයි කියලා තිරණය කරනවා වගේ වැඩක්
දැන් ටිකක් හිතලා බලන්න අපි විවිධ සමාජවල ඉන්නවා. ඒ එක සමාජයක ඉන්නකොට අපිට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පණ්ඩිතයා කියලා ඒත්. වෙනත් සමාජයකට අපි ගියාම අපට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පල්ම මෝඩයෝ කියලා. ඒක තැන අනුව, දක්ෂතා අනුව වෙනස් වෙනවා ඉතින් ඒ විදිහට තවත් කෙනෙක්ට සමාන කරලා අපිට වටිනාකමක් දෙන්න බෑ...
එහෙනං කොහොමද තමන්ට වටිනාකමක් දෙන්නේ.... අර පරණ කියමනක් තියනවානේ "ලොවෙන් එකෙක් එක දේකට වේ සමත" කියලා ඉතින් තමන්ටත් විශේෂ හැකියාවක් ඇති ප්රශ්නේ තියෙන්නේ අපි හොයාගන්න ඕනේ මොකක්ද අපේ තියන විශේෂ හැකියාව කියලා ඒක අනිත් අය එක්ක සසදලා කියන්න බෑ මොකද ඒ අයගේ දකශතාවයන් වෙනස් වෙන්න පුලුවන් නිසා... හිතලා බලන්න තමන් වැඩිපුරම ආස/දක්ශ මොකක් කරන්නද කියලා ඒවැඩේ කරද්දි එන්න එන්න ආසාව වැඩිවෙනවා මිසක් අඩු නෙවෙන දෙයක් මොකක් වුනත් තමන්ට එපා වෙන්නේ නැති දෙයක්... ඒත් ඒක මොකක්ද කියලා මටනං කියන්න බෑ
ඊලගට ඔය මොක තිබ්බත් වැඩක් නෑ තමන්ට ආත්ම විශ්වාසයක් නැත්තං... කෙලින් තීරණයක් ගන්න බැරිනං... ගන්න තීරණ ගැන විශ්වාසයක් නැත්තං.... ගත්ත තීරනය වෙනස් නොකර ඉන්න බැරිනං (හැබැයි ගත්ත තීරනය වැරදිනං ඒක වෙනස් කරන්නත් පුලුවන් කම තියෙන්න ඕනේ) තමන් පොඩි දේකටත් සැලෙන එක්කෙනෙක් නං ඉතින් ඒකත් තමන්ගේ වටිනාකම වැඩිවෙන්න හේතුවක්නං වෙන්නේ නෑ කියලා මතක් කරන්න ඕනේ...
ඉතින් තමන් තුල ඉන්න දක්ෂයා හොයාගන්න ඕනෙ තමන්මයි.... බෑ කියලා හිතුවොත් කවදාවත්ම බෑ හැබැයි පුලුවන් කියලා තමන්ගේ හිතේ විශ්වාසයක් ගොඩ නගාගත්තොත් තමන්ට බැරි දෙයක් වුනත් පුලුවන් වෙන්න තියන ඉඩ වැඩියි..... ඉතින් තමන්ගේ වටිනාකම හොයාගන්න ඒ වටිනාකම වැඩි කරගන්න..