Pages

Sunday, July 24, 2011

ස් ස් නම නම......

අමේමෝ කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.... සතියට පෝස්ට් 3ක්වත් දානවා කිව්වට දැන්නං සති එකහමාරට පෝස්ට් එකක් වගේ තමා ලියවෙන්නේ කොහෙද ඉතින් සතියේ දවස් 2ක විතරයි හවස්වරු ‍ෆ්‍රී තියෙන්නේ අනිති හැම දවසෙම පන්ති ගෙදර එනකොට ඉතින් හොද ගනං පෝස්ට් එකක් ලියන්න හිත එකතැනකට ගන්න බෑ සදුදයි අගහරුවාදයි විතරයිටිකක් හරි ‍ෆ්‍රී ඉතින් ඒ දවස් 2 වැඩේ තමා සතියෙම පෝස්ට් ටික කියවන එක තොහොම කරන්න පුලුවන් වැඩක්ද පෝස්ට් 200ක් විතර කියවන්නත් එපැයි ඉතිං ගොඩක් වෙලාවට කමෙන්ට් කරන්න වෙන්නේ නෑ වැදගත්ම දෙයක් නොවුනොත් මිසක් නැත්තං කියන්න තියන දේ පුලුවන්ම තරම් කෙටියෙන් කියනවා කරන්න දෙයක් නෑ ඉතින් මොනවා වුනත් ඔක්කොම පෝස්ට් ටික කියවන්නත් එපැයි..... ඊයෙ මධුරංග අයියත් ඇහුවා මොකෝ මල්ලී පෝස්ට් නැත්තේ කියලා..... ඔන්න ඉතින් අද පෝස්ට් එකක් දානවමයි කියලත් පොරොන්දුවුනා....

නිදහසට කාරනා කීම අවසානයි දැන් පෝස්ටුවට යමුකෝ (අද පෝස්ටුව ගැනනං හිතට සැටිස් නෑ හැබැයි)

මේක ඊයේ අපේ නංගිට වුන වැඩක් අපේ පැත්තේ පන්සලක හාමුදුරුනමක් අපවත්වෙලා ඊයේ ආදහනය කරා.... මැරුනයින් පස්සේ ඒ කෙනාට දොස් කියන එක හරි නැති නිසා මුකුත් කියන්නේ නෑ ඒත් කියනවනං කියන්න දේවල් ඕනෙ තරං.... කොහොම වුනත් මටනං පන්ති නිසා යන්න බැරිවුනා ඒත් අම්මයි නංගියි ගිහිල්ලා තිබුනා මේ සිද්දිය වෙලා තිබුනේ ඒ වෙලාවේ

ඔතන ටෙන්ට් 2ක් තිබුනලු එකක් හාමුදුරු වරුන්ට අනිත් එක ගමේ අයට ඉතින් අම්මා ඔය ටෙන්ට් එක ගාව තව ඇන්ටිලා වගයක් එක්ක කතාකරකර ඉන්නවලු නංගිත් ඉතින් එතන ඉදන් වට පිට බලබල ඉන්නකොට එතන හාමුදුරුවරුන්ගෙ ටෙන්ට් එකේ හිටපු හාමුදුරුනමක් අහනවලු ස් ස් නම නම කියලා අපේ නංගිත් ගනං අරං නෑ වෙන කෙනෙක්ට කිව්ව එකක් කියලා හිතලා කෝකටත් ඒ පැත්ත නොබලා ඉන්නවා කියලා ඉදලා.

ඒත් ඉතින් විනාඩි පහක්විතර යනකොට ‍නංගිට මේ සීන් එක අමතක වෙලා ආපහු අර පැත්ත බලලා එතකොට අර හාමුදුරුවෝ නම්බරේ නම්බරේ කියලා ෆෝන් නම්බර් එක ඉල්ලනවලු.... දැන් නං එන පොට හොද නෑ කියලා තේරුන නංගි අම්මට යං කියලා කිව්වලු ඒත් ඉතින් අම්මා‍ මේ සීන් එක දන්නෙ නෑ නේ තව පැය බාගයක් ඉදලා යමු කියලා කිව්වලු. නංගිටත් දැන් කරන්න දෙයක් නෑ සෙනග මැද්දේ ඔය කතාව කියන්න බෑ නේ. කොහොම හරි ඒ වෙලාවෙ වහින්න අරගත්ත නිසා අම්මලා ගෙදර ඇවිත් රෑ තමා අපට සීන් එක කිව්වේ....

මෙහෙමයි හාමුදුරුනමක් කියන්නේ ගිහියෙක් නෙවේ ඉතින් චීවරේ ඇගේ තියනකොට සංවරව ඉන්න දැනගන්න ඕනෙ වැරදිලා හරි ගමේ කෙනෙක් දැක්කනං ඔතන මොනවා වෙයිද කියලා කියන්න බෑ.... හොද සංවර හාමුදුරුවරුත් නත්තෙම නෑ ඒත් ඉතින් මේ වගේ දේවල් අනුමත කරන්න බෑ නේ... ගොසිප් ලංකා නිව්ස් එකෙත් තිබ්බා කතාවක් මේවා දකිනකොට සාසනේ ගැන හිත කලකිරෙනවා.....

17 ක් හිතුනු දේවල් ලියලා....:

සංකල්ප said...

චීවරේ පොරො ගත්ත මේවගේ එය හන්දා තමයි සාසනේ නැති වෙන්නේ.මම නම් මේ ගැන වැඩි යමක් කියන්න යන්නේ නෑ. නිකන් මොකටද කියලා පව් පුරෝගන්නේ. චීවරේ මුවාවෙන් කරන මේ වැරදි කවදහරි ඒ අයට ගෙවන්න වෙයිනේ.

පෝස්ට් එකට සැටිස් වෙන්න ඕනේ නෑ.අඩුමගානේ මල්ලි මේ දවස්වල කරන්නේ මොනාද කියලවත් අපි දැනගත්තනේ. ඒකම ඇතිනේ.

ADK කොලුවා said...

මේගැන මමත් වැඩිය කොමෙන්ට් දක්වන්න කැමති නෑ. මොකද මම මෙතන දේවල් කියන්න ගියොත් කොතනින් ඉවරවෙයිද කියල මටම හිතාගන්න බෑ.. මමත් මධුරංගගේ කොමෙන්ටුවට එකගවෙනවා. ඒ පව් ඕකුන්ම ගෙවාගනී. උබ මේ කියල තියන කතාව දැන් සාමාන්‍ය දෙයක්. දවසක් මගේ කස්සෙක්ට එයාලගේ ගෙදර දානෙට වැඩිය හාමුදුරුවෝ කෙනෙක් කොලේක පෝන් නම්බරේ ලියල යනගමන් දාගෙන ගිහින්. ඒකි ගත්තේ නෑ. ගත්තේ මමයි.. මම දුන්න එයාට මරු ගේමක්, දවස් දෙකෙන් මිනිහ(වගකීමෙන් යුතුව චීවර ධාරී මේ වගේ නැහැදිච්ච එකෙක් වෙනුවෙන් මේ වචනේ යෝදාගත්තෙමි.) නොම්බරේ මාරු කරා.. ඇපෝ.. දැනටත් දිග වැඩි..
විටින් විට හරි ලියපන් කොලුවෝ...

දේව් ගේ අඩවිය said...

මධුරංග කිවා වගේ ඒ ගැන නම් කතා කරන්න ගිහින් නිකන් පව් පුරොගන්න ඕනේ නැනේ.... මොකද ඒකට සමහර විට ඒ අය වැරදිත් නැ.. සමහර පොඩි වයසෙදි ආසාවට මහන වෙන අය වයසින් වැඩි වෙන කොට ඒක අතහරිනවා.... එකටත් පින තියන්න ඕනා මම හිතන්නේ... හැමොටම චිවරේ දරන්න බැ.. දරන හැමෝටම ඒක ‍රැක ගන්නත් බැ..

අපරාජිතයා :::: Aparajithaya said...

අපොයි ඔව්ව මොනාද බං... අපේ ගමේ පන්සලෙත් ලොක්කා හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ බැඳපු ගෑනුන්ව ආවාස ගේ අස්සේ දාගෙන ඉන්නේ..

බොට කියන්න ඒ එවුන් බං දහම් පාසලේම ගුරුවරු.

මචෝ මේ නිර්මල බුදුදහම කන්න කාලකණ්ණි හැත්ත බුරුත්ත දෙතුන් දෙනෙකුත් ඉන්න එපාය.නැත්නම් මේකේ තියන අගය වැඩි වෙන්නේ කොහොමද බං....

හාමුදුරු වරුන්ට ගරු කරන්න එපා ඒ උනාට සිවුරට චීවරේට ගරු කරහන්.. ඒ ඇති බං....

රෙස්ලින් ගේ පිස්සු මල්ලි said...

කොහොමත් දැන් ඉන්නේ හාමුදුරුවරු නෙමේ නෙ, හාමුදුරු හොරු. කහ රෙද්දක් පොරවගන කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කරනවනේ. බුද්ධාගමට ගිය කලක්.

රත්ගමයා said...

අනේ සාදු,,,,
මේ...නිකමට සහෝදරකමට අහන්නේ නංගි කීය වසරෙද බන්?

මන්තරකාරි said...

සමහර හාමුදුරුවො ගැනනම් කතා කරල වැඩක් නෑ. ඒත් සිල්වත් හාමුදුරුවොත් නැත්තෙම නෑ...

Janaranga Dewasurendra said...

විපරීත සමාජෙක යන්නේ වලට අපේ සාසනය...අන්තිමට ඉතිරිවෙයිද දන්නෑ ගණින්නාන්සෙලා ටිකක්

Yasantha Hennayake said...

ලංකාවෙ සාසනේ ගැනනම් කතා කරල වැඩක් නෑ මල්ලි.. කරන්න තියෙන්නෙ ඒක ගැන හිත හිත ඉන්නෙ නැතුව අපි පුලුවන් තරම් පින් කරන එක

Unknown said...

අනේ බන් ඔවවා ගැන කතා කොරලා වැඩක් නැහැ...ලංකාවේ සසුනත් දැන් එන්න එන්නම විනාශ වීගෙන යනවා...

Roshanherath said...

චීවරේ වැරදි හොයලා පව් පුරවාගන්නවාට වඩා හොඳයි චීවරේට ගරු කරන එක. චීවරේ ඇතුලෙ ඉන්න කෙනා මොනවා කරත් අපිට බෑ නෙව මිනිස්සු වෙනස් කරන්න.

බස්සා said...

ලෑස්ති වෙලා හිටපියව්... ලෝක විනාසේ අත ලඟයි....

ශානි said...

මේකට තවත් හොදම උදාහරනයක් අද නෙත් එෆ් එම් එකේ බැලුම්ගල වැඩසටහනින් හෙලි උනා

Anonymous said...

චීවරය ඇදගෙන නොහොබිනාකම් කරනවානම් ගිහියෝ විදිහට ඒක විවේචනය කරන්න අපිට පුළුවන්.සුදු පිරුවට දාල ආසන පනවන්නේ,හිස මත තබාගෙන දානයගෙනියන්නේ, ඔවුන්ගෙන් ජඩකම් බලාපොරොත්තුවෙන් නෙවේ.

සොඳුරු ආගන්තුකයා said...

ලංකාවෙ දැන් ඉන්න සමහර හාමුදුරුවන්ට වඩා ගිහියෝ හොඳයි ...

මි හරක් පිඩියා said...

දැන් කාලේ හමුදුරුවෝලට මොනා වෙලාද මන්දා.
හදිසියෙවත් කිඩෝ අයියත් මෙතන හිටියා නං මොනා වෙයිද?

පන්සල් හංදිය said...

මම එක පන්සලකට ගියා. එදා ඒ පන්සලේ හිටිය හාමුදුරුවො සෙට් එකම අරක්කු ගෙනත් බිව්වා, මට එදා හිතුනා සිදුහත් කුමාරයා අබිනික්මන් කරන වෙලාවෙ මේ වගේ සීන් එකක් එහෙම දැක්කනම් මොනා හිතෙයිද කියලා .......

උන්ගෙන් ඇහුවාම ඇයි මෙහෙම සිවුරකුත් දාගෙන හැසිරෙන්නෙ කියලා කියපු දේ තමයි,

"අපිට මචං කෝටියක් සංවර සීලේ තියනවා දවසකට එක ගානෙ කැඩුවත් ඉවර කරන්න බැහැ කියන එක"

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....