Thursday, July 28, 2011

ජීවිතයට වටිනාකමක්?


මේක අපේ ගිය ඉරිදා මැත්ස් පන්තියේදි සිද්දවුන දෙයක් සම්බන්දව ලියන්න හිත්නේ සිද්දියනං මෙහෙමයි

එදා පාඩම කරකර ඉන්න ගමන් සර් අපෙන් ප්‍රශ්නයක් ඇහුවා කොහොම හරි උත්තරේට එන්නේ දන නැත්තං සෘණ සර් දන කියන අයයි සෘණ කියන අයයි අත් උස්සන්න කිව්වා පන්තියේ බහුතරය උත්තරේ දැනංහිටියත් අත ඉස්සුවේ නෑ එකකටවත්. සරුත් දැනන් හිටියා කට්ටිය උත්තරේ දන්නවා කියලා ඉතින් සර් ඊලගට කිව්වා ගෑනු ලමයි අත් උස්සන්න කියලා.... කවුරුත් නෑ.... පිරිමි ලමයි අත් උස්සන්න.... ඒත් කවුරුත් නෑ.... හුම් මේකෙ ඉන්නේ ඔක්කොම දෙකටම නැති අයද කොහෙ කියාලා සර් පොඩි දේශනයක් දුන්නා ඉතින් මම ඒ දේශනේට මගේ මතයත් එකතු කරලා ලියන්න යන්නේ

හරි මුලින්ම හිතන්න ඔයා කවුද කියලා.... කවදාවත් ඔයා ඔයාව අදුනගන්න උත්සහ කරලා තියේද? ඔයාට වටිනාකමක් දෙන්න උත්සහ කරලා තියේද.... සමහරවිට ඔයාලා මම මේ පුද්ගලයා වගේ වෙනවා කියලා දැනටම හිතාගෙන ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඔබේ වටිනාකම බලන්න, ඔබේ අනාගතය තීරණය කරන්න ගත්තේ මොනවගේ මිනුමක්ද කියන එක

ගොඩක් වෙලාවට අපි අපේ වටිනාකම බලන්නේ අපේ යාලුවෙකුට හරි අපි දන්න කෙනෙකුට හරි සමාන කරලා ඒත් ඒක ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මේ ලොකේ එක්කෙනෙක්ට එක්කෙනෙක් කවදාවත් සමාන නෑ බාහිර පෙනුමෙන් හිතන විදිහෙන් තමන්ගේ දකෂතා වලින් එක් අයෙක් තවත් අයෙක්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් එක් අයෙක් දිහා බලාගෙන තමන්ට කවදාවත් වටිනාකමක් දෙන්න බෑ. ඒක හරියට නිකං බල්ලෙක් කුරුල්ලෙක් දිහා බලලා පියාබන්න බැරි නිසා තමන් වටිනාකමින් අඩුයි කියලා තිරණය කරනවා වගේ වැඩක්

දැන් ටිකක් හිතලා බලන්න අපි විවිධ සමාජවල ඉන්නවා. ඒ එක සමාජයක ඉන්නකොට අපිට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පණ්ඩිතයා කියලා ඒත්. වෙනත් සමාජයකට අපි ගියාම අපට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පල්ම මෝඩයෝ කියලා. ඒක තැන අනුව, දක්ෂතා අනුව වෙනස් වෙනවා ඉතින් ඒ විදිහට තවත් කෙනෙක්ට සමාන කරලා අපිට වටිනාකමක් දෙන්න බෑ...

එහෙනං කොහොමද තමන්ට වටිනාකමක් දෙන්නේ.... අර පරණ කියමනක් තියනවානේ "ලොවෙන් එකෙක් එක දේකට වේ සමත" කියලා ඉතින් තමන්ටත් විශේෂ හැකියාවක් ඇති ප්‍රශ්නේ තියෙන්නේ අපි හොයාගන්න ඕනේ මොකක්ද අපේ තියන විශේෂ හැකියාව කියලා ඒක අනිත් අය එක්ක සසදලා කියන්න බෑ මොකද ඒ අයගේ දකශතාවයන් වෙනස් වෙන්න පුලුවන් නිසා... හිතලා බලන්න තමන් වැඩිපුරම ආස/දක්ශ මොකක් කරන්නද කියලා ඒවැඩේ කරද්දි එන්න එන්න ආසාව වැඩිවෙනවා මිසක් අඩු නෙවෙන දෙයක් මොකක් වුනත් තමන්ට එපා වෙන්නේ නැති දෙයක්... ඒත් ඒක මොකක්ද කියලා මටනං කියන්න බෑ

ඊලගට ඔය මොක තිබ්බත් වැඩක් නෑ තමන්ට ආත්ම විශ්වාසයක් නැත්තං... කෙලින් තීරණයක් ගන්න බැරිනං... ගන්න තීරණ ගැන විශ්වාසයක් නැත්තං.... ගත්ත තීරනය වෙනස් නොකර ඉන්න බැරිනං (හැබැයි ගත්ත තීරනය වැරදිනං ඒක වෙනස් කරන්නත් පුලුවන් කම තියෙන්න ඕනේ) තමන් පොඩි දේකටත් සැලෙන එක්කෙනෙක් නං ඉතින් ඒකත් තමන්ගේ වටිනාකම වැඩිවෙන්න හේතුවක්නං වෙන්නේ නෑ කියලා මතක් කරන්න ඕනේ...

ඉතින් තමන් තුල ඉන්න දක්ෂයා හොයාගන්න ඕනෙ තමන්මයි.... බෑ කියලා හිතුවොත් කවදාවත්ම බෑ හැබැයි පුලුවන් කියලා තමන්ගේ හිතේ විශ්වාසයක් ගොඩ නගාගත්තොත් තමන්ට බැරි දෙයක් වුනත් පුලුවන් වෙන්න තියන ඉඩ වැඩියි..... ඉතින් තමන්ගේ වටිනාකම හොයාගන්න ඒ වටිනාකම වැඩි කරගන්න..

26 ක් හිතුනු දේවල් ලියලා....:

මධුරංග said...

අපෝ පන්ති වල නම් ඕවා අනන්තවත් වෙනවා.
හරි උත්තරේ දන්නවා උනත් කියන්න බයයි.
මොකද බැරි වෙලාවකවත් වැරදුනොත් කට්ටිය හිනාවෙයි කියන බයට.

Asanka Udara said...

සහතික ඇත්ත කතාවක් මල්ලි
ගොඩක් මිනිස්සු තීරණ ගන්නේ අනිත් අය දිහා බලල. තමන්ව මනින්නේ අනිත් අය එක්ක.
ගොඩක් අය මොන දේ කරත් සතුටෙන් නැත්තේ ඔය හේතුව නිසා තමයි.
අනිත් මිනිස්සු එක්ක race එකක් දුවනවා මිසක් තමන්ට ඇත්තටම ඕන මොනාද කියල හිතන්න වෙලාවක් නෑ එයාලට.

රත්ගමයා said...

එලෑ....අයි ක්නොව් හූ ඇම් අයි...ඔය එකෙ වත් අත් උස්සන්නේ නැති තැන මම අත් උස්සගෙන ඉදලා ඇති :))

Bunny said...

"ලොවෙන් එකෙක් එක දේකට වේ සමත" කියන එක නම් එච්චරටම පිලිගන්න බැහැ.. මොකද දැන් ඉන්න මිනිස්සු හුගාක් දැනුම අතිං පරිණතයි..
උදා: මං වගේ නිදහසේ ඉන්න එකෙක් හැටියට මං එක එක දේවල් අත්හදා බලනවා..(නව නිර්මාණ වගේ) ඉතිං මං ඒ නිර්මාණයකදි එක එක දේවල් පාවිච්චි කරන්න වෙනවා.. අපි ගමු අර මං කල ඇනිමෙශන් එක.. ඒකට කියක් දෙවල් ඔනිද ? කැමරාව ගැන දැනගන්න ඔනේ.. ක්ලේ වලිං මිනිස්සු හදන්න දැන ගන්න ඔනේ.. ඊ ලගට පොටෝ ටික සංස්කරණය කරලා විඩියෝ එක බවට හරව ගන්න ඔනී.. ඉතිං කීයක් දෙවල් අපි දැනන් ඉන්න ඔනේද ?
ඒත් හැබැයි වැඩ රාජකාරි වැඩි මිනිස්සුන්ට නම් කවදාවත් ඔහොම දෙයක් අත්හදා බලන්න තියා හිතන්නවත් වෙන්නැ.. එයාලා ඒ ඒ රැකියාවල ඇලිලා ඉන්නවා.. අන්න එහෙම අයට ඔය කියමන හරි.. එත් කාට නැතත් මට නම් ඔක අදාල නැහැ. :)
(මං පොරක්ද නොවෙමි :D )

Observer said...

මේ පැත්තෙ ආවේ කාලෙකින්.
මට මතක් වුනා ඉස්සර මං වැඩ කරපු තැනක සීන් එකක්. හැමෝම වැඩ ඉවරවෙන්න විනාඩි 15 - 20 කට කලින් ඇටෙන්ඩන්ස් අස්සන් කරන තැනට එනව ඕෆ් එක අස්සන් කරන්න. එකෙක් වත් අස්සන් කොරන්නෙ නැහැ, වෙන එකෙක් ඉස්සර වෙනකන් බලා ඉන්නවා. හිතාගෙන ඉන්නෙ හරියට ඉස්සෙල්ලම අස්සන් කල එකා විතරය් කියල කලින් පිට වෙලා ගියාට අහු වෙන්නෙ.
එකෙක් අස්සන් කල ගමන් අනිත් එවුන් පොර කනව ඕෆ් එක ගහන්න.

ChammA said...

අනිවා ආත්ම විශ්වාසය තියෙන්න ඕන , ඕන දෙයක් කරන්න නම්..බෑ කිව්වොත් බෑ ම තමා..කරන්න පුළුවන් කියන මානසික තත්වයෙන් තමයි අපි ඉන්න ඕන..

Asanka Udara said...

මිනිහෙක් දක්ෂ වෙන්නේ එක දේකට විතරයි කියන එක නම් වැරදි කියල මමත් පිලිගන්නවා. මමත් ඇතුළුව මගේ වටේ ඉන්න ගොඩක් යාලුවෝ ගත්තම එක එක විදියේ දේවල් ගොඩක් කරන අය ඉන්නේ.
හැම මිනිහම මොකක් හරි දේකට දක්ෂයි කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ඒ දේ තමන්ම හොයා ගන්න ඕන.

කිඩෝ said...

නෑ නෑ මම ඒ කතාව කිව්වේ අපි හැමෝගෙම මොකක්හරි දකෂතාවයක් තියනවා කියලා කියන්න ඒක එකට වඩා වැඩි වෙන්න පුලුවන් ඒක මම පිලිගන්නවා ගොඩක් දේවල්වලට දක්ෂ අය ඕනෙතරම් ඉන්නවා....

චතුර.... said...

මුල්ම වතාවට මේ පැත්තේ ආවේ , අර කිව්වත් වගේ තමන්ට කරන්න කරන්න වැඩියෙන් කරන්න ආස හිතෙන දෙයක් හොයා ගන්න ඕනේ..

හිස් අහස said...

සහතික ඇත්ත බං . මොන ප්‍රශ්නේ ඇහැවුවත් මම උගන්වන පන්තියේ ළමයි මීක් කියන්නේ නෑ .. ගල් ඉබ්බෝ වගේ බලං ඉන්නවා විතරමයි .. අපිත් පොඩිකාලේ මලාට උත්තරයක් දෙන්නේ නෑ ..

මකුළුවා..... said...

කීඩෑවෝ අන්තිම ඡේදේ පට්ට....මගේ අත්දැකීමක් මම ලියන්නම් කියවලා බලපන්....මේ ලිපියට මම දිගුවකුත් දෙන්නම්කෝ අවුලක් නෑනේ...?

නාකියා said...

මටත් ඔය අන්තිම ඡේදයනම් ටක්කෙටම අදාලයි.
අපිට බැරිද පුළුවන්ද කියලා අපි තීරනේ කරන්න ඕනෙ ඒ දේ කරලා බලලා මිසක් නොකර නෙමේ. හැබැයි ඒකත් එක පාරින්ම අත අරින් නැතුව තුන් පාරක් වත් ට්‍රයි කරන්න ඕනෙ. ඒත් සමහරක් ඉන්නවා "බෑ" කියා ගත්ත ගමන්මයි. එහෙම උන් කවදාවත් තමන් ඇතුලෙ ඉන්න තමන්ව කවදාවත් හොයා ගන්නෑ..තමන් දක්ෂ මොනවටද කියලා මැරෙනකම් වත් උන් දන්නෑ.. ඒත් කිඩෝ එහෙම නෑ කියලා මම හිතනවා..

Asanka Udara said...

Find a job you enjoy, and never work a day in your life.

මේ කතාවත් කිඩෝ මලයාගේ කතාවට අදාලයි මං හිතන්නෙ.

සරත් ලංකාප්‍රිය said...

එක අදහසක මට හොඳටම වැදුනා. මිනිස්සු වෙනස්වීමට පුරුදුවෙන්න ඕන. තමුන් එල්බගෙන ඉන්න මතය වැරදිවෙන්න පුළුවන් කියන අදහස හිතේ තියෙන්න ඕන. අපේ රටේ එහෙම මිනිස්සු අඩුද මන්දා.

ප්‍රාර්ථනා said...

දැන් ටිකක් හිතලා බලන්න අපි විවිධ සමාජවල ඉන්නවා. ඒ එක සමාජයක ඉන්නකොට අපිට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පණ්ඩිතයා කියලා ඒත්. වෙනත් සමාජයකට අපි ගියාම අපට හිතෙන්න පුලුවන් අපි තමා එතන ඉන්න පල්ම මෝඩයෝ කියලා. ඒක තැන අනුව, දක්ෂතා අනුව වෙනස් වෙනවා ඉතින් ඒ විදිහට තවත් කෙනෙක්ට සමාන කරලා අපිට වටිනාකමක් දෙන්න බෑ..

ඒ කථාව නම් සම්පූර්න ඇත්ත,.. තමන්ගේ ජීවිතේට හැම දවසකම අළුත් යමක් එකතු කරගන්න පුළුවන් නම් දවසින් දවස අපේ වටිනාකම ඉහල යනවා මම හිතන විදියට. හැමදාමත් මග තොටේ, වටාපිටාවේ අපිදකින දේවල් වලින්, අපි කියවන පොත පතෙන්, අපිට හමු වෙන මිනිස්සුන්ගෙන්, හැමදේකින්ම අළුතින් හිතන්න යමක් අපේ ජීවිතේට එකතු වෙනවා. ඒත් ඒ දේවල් හරියට ජීවිතේට එකතු කරගන්න වගකීම තියෙන්නෙ අපේ අතේ

sanjaya සිතුවිලි said...

කතාව ඇත්ත ....

අපරාජිතයා :::: Aparajithaya said...

"මොකද මේ ලොකේ එක්කෙනෙක්ට එක්කෙනෙක් කවදාවත් සමාන නෑ බාහිර පෙනුමෙන් හිතන විදිහෙන් තමන්ගේ දකෂතා වලින් එක් අයෙක් තවත් අයෙක්ට වඩා ගොඩක් වෙනස්"

සහතික ඇත්ත කතාවක් කොල්ලෝ.....ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත....

නිම්ශා said...

කතාව නම් ඇත්ත.. අපි හොයා ගන්න ඕනේ අපේ වටිනාකම හරියටම ..එකයි දක්ශකම..ඔය ක්ලාස් වල මොකක් හරි අහද්දි අත උස්සන්න තියා කාගෙන් අහයිද කියන බයෙන් නේ ඉන්නේ...එ කාලේ නම් සුපර්...මට ඉතින් එ කාලේ ගැන තියෙන්නේ චුටි මතකයක් නේ..

මි හරක් පිඩියා said...

කතාව සහතික ඇත්ත.
ඒත් පන්තියකදි මම කවදාවත් උත්තරයක් දිලා නැතුව ඇති.
ඒ බයටයි,ලැජ්ජාවටයි.
මම මේ දවස් වල මගේ දස්ස තාවය හොයමින් යනවා හම්බ වුනොත් කියන්නම් කො....

ප්‍රසංග said...

මාත් ඔහොමයි...කෙලින්ම ඇගිල්ල දික්කරල ඇහුවොත් ඇරෙන්න නැත්තම් උත්තර දෙනව බොරු...අනික කොච්චර හයියෙන් කෑගහන්න පුලුවන් උනත් ඕවට උත්තර දෙන්නෙ තමන්ටත් ඇහෙන නොඇහෙන ගානට නේ...

නදුන් උයන said...

මෙතන ලියල තියන දේවල් වලට අමතරව මිනිසෙකු සංවේදී වීම කොච්චර නම් තමුන්ගෙ දියුනුවට බලපානවද කියන කාරනේ ගැනත් දැනගන්න ආසයි....

පොඩි මෑන් said...

රත්ගමයෝ... සේම් හියර්... උබේ කතාව සහතික ඇත්ත කිඩෝ... හොද ලිපියක්.කෙලැමැයි...

පොඩි මෑන් said...

බලපන්කො.. උඩ එක කෙලැමැයි නෙවෙයි එලැමැයි කියල දාන්න ඕනෙ ෂික් ඒක කුනුහරුපයක් වගේ... බලපන් වරදින කොට කැතටනෙ වරදින්නෙ.. :D

මන්තරකාරි said...

මාරම වටින කතාවක්...

sanjaya සිතුවිලි said...

ඔන්න මමත් දැම්ම එක්ක ,, නියමයි ..

පන්සල් හංදිය said...

හොඳ පෝස්ට් එකක් ........

හැබැයි ඒ දවස්වල ක්ලාස් යද්දි මට හරි කියලා හිතුනොත් නම් මම ඕන තැනකදි අත උස්සලා තියනවා .......

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....