Pages

Sunday, October 23, 2011

අපෙ රජාගෙ ටිකිරි මොලේ

හෆ්ෆා ඉතිං මේ දවස්වල ලෝකෙ වටේම මරු මරු සිද්දි වෙනවනෙ ඕං ගඩාෆිත් මලා කෝම හරි බූරුවගෙ විප්ලවේ වැඩ කලා ඒත් අනේ මුං බූරුවොම තමා කියලා හිතුනා බුකියෙ කජුවත්ත එක්සත් Cricket සමාජය පේජ් එකේ දාලා තිබ්බ පෝස්ට් එකක් දැක්කාම බඩු තිබුනෙනං මේ විදිහට

‎"අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" හෙවත් ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...

1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.

2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.

3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.

4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.

5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.

6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.

7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.

8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

(http://www.facebook.com/Kaju.Waththa.Eksath)

9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.

10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.

11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.

14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.

15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.

16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ මෙම කරුණු නොදැන සිටියා නම් මෙය Share කරන්න.

ඕං ලොවෙත් නෑ ‍නේ මෙච්චර දුන්න මිනිහෙක්ට අන්තිමට වුන දේ......

අන්න ඒකට අපේ නායකයෝ කෙලින්ම පරම්පරාවක්ම ඉස්සරහට හිතලා බලලා තමා ගේම දෙන්නේ.... ලංකාව ආසියාවේ අශ්චර්ය්‍ය කරා කියමුකෝ ඒත් ඊට පස්සේ ලිබියාවෙ වුනදේම ලංකාවෙත් වුනොත් කාලා හමාරයිනේ..... ඉතින් අපේ නායකයා රැවුලයි කැදයි දෙකම බේරගෙන වැඩේ දෙනවා එක පැත්තකිං ලංකාව දියුනු කරනවා(ලු) ලගදි ලංකාවෙ තෙල් තියනව කියලත් හොයාගත්තයි කියලා ඔය කිව්වේ..... අහ් ඇයි ඒ විතරද දක්ෂීණ අධීවේගී මාර්ගෙත් ලගදිම විවෘත වෙනවනෙ තව අනං මනං සීන් කෝන් ගොඩයි..... ගානට වැස්සොත් රාජා භවතු ධම්මිකෝ කියයි... ගංවතුරක් ගලන්නම වැස්සොත් නැත්තං හෙන නියගයක් ආවොත් අනේ ඒවටනං රජාගෙ ධාර්මිෂ්ඨ බවේ කිසිම සම්බන්ධයක් නෑ...... ඒවටනං හේතු වෙන්නේ ඔය බෙංගාල බොක්කෙයි අනං මනං තැන් වලයි වායුගෝලීය සීන් කෝන් ලු...... (ඇහ් එතකොට රජාගෙ ධාර්මිෂ්ඨ බාවය රදා පවතින්නේ බෙංගාල බොක්කේ වායුගෝලිය බලපෑම මතද මරුනෙ අෆ්ෆා.....)

කෝම උනත් ඔන්න ලගදි තව ඩබලක් ඇර ගත්තා... ලොවෙත් නෑ ලංකාවෙ හරිහමන් චිත්ත්‍රපටියක්වත් එලියට නොඑන කාලෙ මෙන්න බඩු අතිබිහිසුණු සටන් ජවනිකා, රහස් පරීක්ෂක වැඩ වගේ අනංමනං සීන් කෝන් ගොඩයි... හැබැයි පොඩි පරහකට තිබුනේ මේ චිත්ත්‍රපටියෙ ජවනිකා ශෝ එකෙන් ශෝ එකට වෙනස්, අද යන කතාව නෙවේ හෙට.... දෙබස් වෙනස්වෙලා චරිත මාරුවෙලා පිටපත වෙනස් වෙලා ආයෙ ලොවෙත් නැති විදිහට ඊලග දවසෙ යනවා..... අද මුලින් මැරෙන එකා ඊලග දවසෙ මැරෙන්නෙ අනිත් එකා වැටුනට පස්සේ.... අද එකෙක් වෙඩි තියනවා හෙට ඌ වෙඩි තියන් නෑ..... අද එකෙක් තියන වෙඩිල්ල හරියටම අනිකට වැදෙනවා හෙට වදින්නේ වෙන එකෙක් තියන වෙඩිල්ල.... ටිකක් හොයලා බැලුවාම මේකට කියන්නේ මේ චිත්‍රපටි කලාවේ නව ඉසව්වක් කියලලුනේ.......

ඕනෙ ඉසව්වක් ඒත් ඉතිං මම ලමයටනං හිතෙන්නේ මේකත් අපේ නායකතුමාගේ ලොවෙත් නැති ප්ලෑනක් කියලා..... ගිය එකා ගියා ඌව ආයෙ උපද්දන්නයෑ.... මේක කෙලින්ම අපේ අපේ නායකතුමාගේ උගත් කම හොදට පෙන්නන අවස්ථාවක්. ඇත්තටම මේ දැන් යොදාගන්න තියරියට කියන්නේ "ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ තියරිය" කියලාලු. පට්ට ප්‍රැක්ටිකල් තියරියක්..... සරලවම ගත්තොත් ගිය එකාගෙ ඡන්ද ටික නැතිවෙලා ඉවරයි ඉන්න එකාට කෙලෙව්වොත් උගේ ඡන්ද ටිකත් ඉවරනෙ.... 500න් පාඩුව 1000ක් කරගන්න කවුද කැමති..... අනික දැන් තියන තත්වෙ අනුව ඉන්න එකා තරහ කරගෙනත් බෑ නොවෑ ඌටත් බටර් ගාලා බැරිනං දියකරලා වක්කරලා හරි තමන්ගාව තියාගන්නත් එපැයි.....

ඔන්න ඔහොමයි සේෆ්ටි ෆස්ට් කියාගෙන තමා රජා ලංකාව ආසියාවෙ ලොවෙත් නැති කරන ගේමට එන්ටර් වෙලා තියෙන්නේ.... අපේ නායක තුමා ලිබියාවෙ වුන දේ නොවෙන විදිහට ලංකාව ආසියාවෙ අශ්චර්ය්‍ය කරලා ලංකාවෙ රජ වෙන්න පරම්පරා ගානක් දුර හිතලා දුන්න ගේම පට්ටයි නේ..... රටම රජාගෙ වුනාම කව්ද අෆ්ෆා රජාට විරුද්ධව කැරලි ගහන්නෙ.... කෝමද අපේ රජාගේ ටිකිරි මොලේ....



15 ක් හිතුනු දේවල් ලියලා....:

Bunny said...

මේ උඹ අපේ රජතුමාට අනම් මනම් කියලා අහු වෙන්නැ අරී..!! ගඩාෆිට උන දේ අනික් එක තමා කරන්නෙ හරියේ..!! ආයෙ ඉතිරි කරන්නැ.. දූ සිල්වාගෙ වගේ තියනවා බුලට් එකක් ගන්න බැරි වෙන්න..!! අරී..! පරිස්සම් වෙයං..!!

පන්සල් හංදිය said...

මල්ලි උඹ ලඟදි හීනෙන් සුදු කොඩි එහෙම දැක්කද ....

Unknown said...

ඔව් මට පේනවා ඉතාම නුදුරේදී අපේ කීඩො මලයා ලස්සන සුදු වෑන් එකක රවුමක් යනවා !!

වජිරදේවි said...

සහතික ඇත්ත කිඩෝ.. මේව දැකලා පණ පලයන් කිවුවලු!

Anonymous said...

ඈ යකොඩෝ..මෙහෙව් කරපු එකාව මෙහෙව් වද දීලා මැරුවනන්..අපේ ඈයෝ පරිස්සන් වෙන්ට වෙයි නේද අනේ...නෑ මන් මේ නිකන් කට කහනවට වගේ කිව්වේ..හික්ස්..(බය වෙන්න දෙයක් නෑ...අපි සිංහලයොනේ)

මෙව්වා කියලා ඔයැයි යන වෑන් එකේම මටත් නගින්ට නගින්ට....කියයිද මන්දා..

Dinesh said...

මිනිස්සුන්ට හරි ඉක්මනට අතීතය අමතක වෙනෙවනේ..

pavithra weerapperuma said...

හප්පා හුග දාසකින් මේපැත්තේ ආවේ :)

අඩේ මං ගැනත් කවද හරි මෙහෙම ලියයි නේද බං... අර ඇල අකුරෙන් ලියපු ටික ගැන මං කිව්වේ...... අනික්වා කියෙව්වෙ නෑ....

සංකල්ප said...

කිඩෝ මල්ලි කාලෙකට පස්සේ දැක්කේ !!!
අම්මෝ මාර ආන්දෝලනාත්මක පෝස්ට් එකක් ලියලා තියෙන්නේ. මොකෑ මල්ලි මේ දවස්වල ගොක් කොල පේනවා දෑ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අඩෝ මේ , තොට ඕනිම නම් ගඩාෆිට බැනහන් මේ දවස් වල ලෝකෙම ට්‍රෙන්ඩ් එක නිසා , නැත්නම් බටහිරට බැනහන් විකාර වංශ වගෙ මෝල් දේශප්‍රෙමියන්ගේ ට්‍රෙන්ඩ් එක නිසා . හැබැයි තෝ අපේ මහරජ තුමාට එහෙම බැනල අහුවෙන්න එපා හරී .....

පොඩි මෑන් said...

අඩේ මෙහෙම එකෙද මැරුවෙ.. මම දන්නෙ නෑනෙ.... එහෙන අපේ දේශපාලුය්වොන්ව මරන් කෑවත් මදිනෙ...

සරත් ලංකාප්‍රිය said...

කෙසෙල් පඳුරක් අස්සේ සඟවා තිබු ආයුද ගැනීමට යනවිට.... ගඟේ පන පිහිනා යාමට තැත්කරනවිට... ... බෝට්ටුවෙන් ඉවතට පන.. හෆොයි යන්න ක්‍රම කොච්චර තියේද අපේ කොල්ලට ජනේලෙන් එලියට පැනලා..

සිත් සයුර said...

‍කොන්ද කෙලින් තියාන කවිව නිසා ඡයවෙවා............

යසියා said...

යකෝ සුදු වෑන් ...

ADK කොලුවා said...

රාජා බවතු දම්මිකෝ කියල බෝගේ ගෙදර බුදු පිළිමෙට උඩින රජාගේ පින්තුරයක් ගහගනින්.. ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙනකල් ජීවත්වෙන්න එපාය.. මොනවා උනත් ITN නිව්ස් වලට අනුව මේක ආසියාවේ අශ්චර්යනේ... අනී මගේ කක්කි පැත්තත් හිනාවෙනවා...

Anonymous said...

Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....