Pages

Thursday, December 29, 2011

සයිබර් මිතුරන් ආයෙත් ගාල්ලට සෙට් වන වගයි!!!!!!!!!

ඕං 2012 උදේ පාන්දරම හිච්චං සෙට්වීමක් වෙන්නලු යන්නෙ ......... ඔව් ඔව් 2012 බ්ලොග් අවකාශෙ උන් සෙට් වෙන මුල්ම ගෙට්ටුව ගාල්ලෙ තියන්නයි ලෑස්ති වෙන්නෙ....... මතක ඇතිනෙ ගියපාරත් අපි සෙට්වුනා ගාලු කොටුවට...... හැබැයි ඉතිං ඒක දාපුගමන් කස්ටිය කිව්වෙ බොල අපිටත් කියලා ගියනං නරකයි නේ කියලා...... හිහි ඒ ගෙට්ටුව ඉතිං මේ හදිස්සියෙ සෙට්වුන ගෙට්ටුවක්නෙ ගාල්ලෙ වැසියො (දැන් බෙන්තර පාලමෙන් එහා) ගෘපියෙන් සෙට්වෙලා දිනයක් කතාකරගෙන ටුං ගාලා සෙට්වුනා ඉතිං වැඩි දෙනෙක්ට ඒක කියන්න වුනේ නෑ.....

ඔන්න ඉතිං මේ පාර පෝස්ටුවකුත් දාලම වැඩේ පටංගන්න හිතුවා...... එතකොට කාටවත් කියන්න බෑ නෙ අපි කලින් කිව්වෙ නෑ කියලා...... කෝමද ටිකිරි මොලේ......
------------------------------------------------------------------------------------------

අඩේ අවුරුදු ගානකට පස්සෙ ත්‍රිපෝෂ වගයක් හම්බුනා..... තාමත් ඉතිං පොඩි එකා තමා අපි කවද්ද දුන්න දේකට එපා කියන්නේ.... ඕං ඉතිං ඒවා දුන්න ඇත්තන්ට පිං සිද්ධ වෙච්චාවෙ කියලා ඒ ටික කනගමන්ම මේකත් ටයිප් කරලා දානවා
------------------------------------------------------------------------------------------
අලි කෝම හරි මේක මේ මහාපරිමාන ගෙට්ටුවක්නං නෙවේ ටිකදෙනෙක් සෙට් වෙලා හොද ආතල් එකක් ගන්න සෙට් කරපු එකක් (ගියපාර වගේ) ගාල්ලෙ උන්ට විතරයි කියලා කතාවක් නෑ ලංකාවෙ එහා කොනේ හිටියත් එදාට එන්න පුලුවන්නං එන්න (දැන් හයිවේ එකත් තියන එකේ ඔය කොලඹ පැත්තෙ ඇත්තොන්ට එන්න බැරි කමක් නෑනෙ)

අහ් දැන් සෙට්වෙන තැන අනංමනං සීන් කෝන් ටික කියලා දාන්නත් එපැයි......

මේ පාර අපි සෙට්වෙන්න තෝරගත්තෙ කවුරුත් වගේ දන්න රූමස්සල. ඔය ලගදි දොහක මාරයා තුමත් ඇවිල්ලා රූමස්සලින් නාලා ගිහින් තිබ්බා ඉතිං සමහරු කියනවනෙ ඔය මාරයා නෑවෙ සෑහෙන කාලෙකට පස්සෙ කියලා ඒක නිසා ඔතන මුහුදෙ වතුර ගැනනං අපිට වගකියන්න අමාරුයි :D :D :D කෝම උනත් නාලා මොකක්හරි වුනොත් වගකීමක් ගන්නත් බෑනෙ ඒ නිසා නොනා ඉන්න එක ඇගට ගුණයි ඒත් ඉතිං නාන්නම ඕනෙ කියලා හිතෙනවනං වගකීම තමන්ට ගන්න පුලුවන්නං නාන්න සෙට්වෙලා ආවට අවුලක් නෑ..... නාන්න පුලුවන් වුනා බැරි වුනා කියලා ඉතිං බීච් එකට ගිහිල්ලා රැල්ල පාගලා පොඩි ආතල් එකක් ගන්න තහනමක් නෑ නෙ

දිනේ ගැන කියනවනං ජනවාරි 7 සෙනසුරාදා දවසක් බොහොමයක් අයට පුලුවන් කිව්ව නිසා ඒ දිනේ තෝරගත්තා.... අහ් වෙලාවත් කියන්න එපැයි උදේ 9.00ට (මෙය උදේ 8.00 ලෙස අප්ඩේට් වූ වගයි) තැන කියනවනං ගාල්ල ස්ටේශන් එකයි බස් නැවතුම්පොලයි යා කරන අලුතෙන් ගහපු පාලම උඩට.... අපට ඉතිං “ව“ යනු නෑනෙ ඒක යටට සෙට් වෙන්න........ පාලම උඩට සෙට් වෙලා එතනින් කට්ටියත් එක්කම රූමස්සලට යන්නයි ප්ලෑන් කලේ..... ඉතිං එදාට ලංකාවෙ පුරුදු අතඇරලා දාලා කට්ටියම වෙලාවට එනවනං ලොකු උදව්වක්........ හයි වේ එකේ පැයෙන්ද කොහෙ එන්න පුලුවන් නිසා ඔය කොලඹ පැත්තෙ උදවියට ඉතිං 7ට විතර එන්න ආවත් වෙලාවට තැනට එන්න පුලුවන්නෙ...... කට්ටියම සෙට් වෙලා ආවනං ට්‍රිප් එකක් වගේ තමා :D :D :D

අහ් තව ඩිංගෙන් අමතක වෙනවා කට්ටියම රුපියල් 200ක් අරන් එන්නකෝ දවල් කෑමට සහ ඔය පොඩි බඩගින්නක් එනවෙලාවට මොවවා හරි කන්න..... තව එකක් පුලුවන්නං වතුර බෝතලයක් ගේන්න විසේසයෙන් ඔය ගෑල්ලමයි..... ආ ඔය යාලුවො එක්ක බෙදාගෙන කන්න ඔය කිරිටොෆි වගේ අනංමනං ටිකක් අරගෙන ආවොත් අනේ ඉතිං අපි එපා කියන්නෙනං නෑ ඒ වගේ හොද වැඩ වලට :D තව ඉතිං ඔය සංගීත භාණ්ඩයක් වගේ දෙයක් අරං එන්න පුලුවන්නං සුපිරි

ඒන කට්ටිය එනවා කියලා කියන්නකෝ වැඩි විස්තර ඒ අයට කියන්නං.....

අවුලක් වුනොත් කතා කරන්න

බනී - 0719250005
පොඩි මෑන් - 0719586007
කිඩෝ - 0775215692

හරිනෙ හේනං සෙට් වෙන්න ආසාවක් තියන කස්ටිය එන්ඩෝ

ප.ලි.
ආ පොඩි ආරංචියක් ලැබුනා 2012 සයිබර් ෆෙස්ටිවල් එක ලංකාවෙ තියන්නෙ නෑ කියලා..... ආරංචි විදිහට ඒක මේ මොකක්ද වෙන රටකලු තියන්න යන්නේ..... ඒ රටේ නම උඩ රට කියලලු කියන්නෙ.....

ප.ප.ලි.
ඔන්න එදාට වැඩ සිද්දවෙන විදිහ ගැන පොඩි මෑන්ගෙ පෝස්ටුව

ප.ප.ප.ලි
මෙන්න දැන් ලැබුනු නිව්ස් එකක් - එදාට ගාල්ලේ ගෙට්ටුවට සමගාමීව සයිබර් ෆෙස්ටිවල් එක පැවැත්වෙන ආකාරය ගැනත් කතාබහ කරනු ලැබේ......

ප.ප.ප.ප.ලි
ඔන්න කෙළඹින් යන අය මෙන්න මේ පෝස්ට් එක බලන්න

ප.ප.ප.ප.ප.ලි
එදාට එන අය මෙන්න මේකත් පුරවලා දෙනවනං අපට කරන ලොකු උදව්වක්

ප.ප.ප.ප.ප.ප.ලි
කොළඹින් යන අය මේ පෝස්ට් එක බලන්න (අප්ඩේට්)

ප.ප.ප.ප.ප.ප.ප.ලි
පෝස්ට් එකට වඩා ප.ලි වැඩියිනේ බ්ලොග් අවකාශෙ වැවිම ප.ලි සහිත ලිපිය මේක වගෙයි ලොල් :P

ප.ප.ප.ප.ප.ප.ප.ප.ලි
සයිබර් ගෙට්ටුවේ තීම් සෝන්ග් බයි පොඩිමෑන් දැන් පිටවූ වගයි

ප.ප.ප.ප.ප.ප.ප.ප.ප.ලි
ගාල්ලේ අයට උදේ 9.00ට එන්න කී වෙලාව උදේ 8.00 ලෙස වෙනස්විය. ගාල්ලෙන් සෙට් වෙන අය 7 උදේ 8.00ට ගාල්ල දුම්රියපල හා බස් නැවතුම්පොල යා කරන පාලම උඩට එන්න (අප්ඩේට්)

29 ක් හිතුනු දේවල් ලියලා....:

Amila Chathuranga said...

දැං සෙට්වෙලා මක්කද කරන්න ඉන්නෙ නිකං සෙට්වෙලා ජිල් ගහන්නයැ...මොකක් හරි ඇක්ටිවිටි තියෙන් එපාය..ඔන්න අර නුවර අය නම් හන්තාන යන කතාවකුත් කියල තිබුන කස්ටිය සෙට් වෙලා..ඔය පොඩි පස් ගොඩැල්ලකට හරි නගින්න වගේ තිබුනනම් හොඳයි...කුරුනෑගල නම් ගලක් තියෙනවා..මාතර නම් බ්‍රවුන්ස් හිල් එක..තංගල්ලෙ නම් මුල්ගිරිගල,,කතරගම නම් වැඩිහිටි කන්ද,හැටන් නම් සිරීපාදෙ,,ඒ වගේ ඒ පැතිවල අය ඩේලි නගින කඳු තියෙනව..
ගාල්ලෙත් කන්දක් තිබුනොත් හොඳයි වගේ...

කිඩෝ said...

අමිල අයියා රූමස්සල කියන කෑල්ල දැකලා නෑ වගේ මේ පෝස්ට් එක පුරාවටම ඇහ් නැත්තං මට රූමස්සල කියලා ටයිප් කරන්න අමතක වෙලාද

Raj said...

කිඩො මමයි ..අභීත අයියයි එනව උබලගේ ගේට් එකට හරිනේ එහේනං..ඒදාට හම්බේමු....

පොඩි මෑන් said...

වරෙල්ලා......

පොඩි මෑන් said...

@ අමිල :- කන්ද නගින්න තමයි එන්නෙ.. නගින කන්ද මෙතන තියෙනවා... : -

http://mamaiarui.blogspot.com/2011/12/blog-post_29.html

Dush said...

මටත් එන්න ඕනේ කොලබ පැත්තෙන් යන අය නැද්දෝ

Unknown said...

හරි මාත් එනවා තව කවුද එන්නේ?

කිඩෝ said...

මෙන්න දැන් ලැබුනු නිව්ස් එකක් - එදාට ගාල්ලේ ගෙට්ටුවට සමගාමීව සයිබර් ෆෙස්ටිවල් එක පැවැත්වෙන ආකාරය ගැනත් කතාබහ කරනු ලැබේ......

රංග - මගේ ලෝකය said...

අපිත් 8 ක් 10 ක් විතර කොළඹ ඉඳන් ඔය පැත්තට එදාට එන්න තමා අදහස

කිඩෝ said...

කොලඹින් යන අය මේ පෝස්ටුවත් බලන්න
http://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_29.html
හැමෝටම සෙට් වෙලා එකට එන්න පුලුවන්

රංග - මගේ ලෝකය said...

අපි එකට නෙමේ බං 7ට එන්න හිතන් ඉන්නෙ :D

chamikawp said...

නියමායි!! මාත් එනවා... 07 ඉරිදා නේ....
එලකිරි ආ.....

නෝටි | Naughty said...

නොටියත් නෝටිච්චි එක්කම එන්න තමය් කම්පනාව...

Gune aiya said...

මමත් එනවෝ 

කිඩෝ said...

7 කියන්නේ සෙනසුරාදා 8 ඉරිදා පෝය

කිඩෝ said...

එදාට එන අය මේක පුරවලා අපිට පොඩි සහයෝගයක් දෙනවද
https://docs.google.com/spreadsheet/viewform?formkey=dEM2empWT0JtS0RJdnBYelNGajByZ3c6MQ

සංකල්ප said...

මමත් එනෝ !!!!
කවුදෑ කොළඹ ඉදන් ගාලු එන්නේ ???

කිඩෝ said...

ඔය ප.ප.ප.ප.ලි බලන්න මධුරංග අයියා

සඳකිඳුරා said...

මා කොළඹින් යමි.මාත් සමග තවත් 4 දෙනෙකුට ඉඩ පහසුකම් ඇත.ගමන් පහසුකම් සඳහා විමසන්න chirathfonseka@ymail.com

රුචා said...

මාත් ?????????????????????????????

ප්‍රමුඛ said...

අඩෝ.... මටත් සෙට් වෙන්ට ඕනෝ.. කවුරු හරි බනියගේ ලැපට ඩොන්ගල් කෑල්ලක් ගෙනෙල්ලා...

කිඩෝ said...

බනියා ගාව ඩොංගල් එකක් නැති වෙන්න බෑ ඌ ගාව ඇති ප්‍රමුඛ අයියා කියන්ඩ ඌට ගේන්න කියලා මාත් මතක් කරන්නං

වර්ණා said...

මමත් එමි.

Anonymous said...

සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

Asanka Udara said...

මට සෙනසුරාදා එන්න විදියක් නෑ මල්ලි
ඉරිදා දාගෙන තිබ්බා නම් එන්න තිබ්බා
උඹල හදිස්සියෙනේ සේරම සෙට් කරන්නේ
සොරි ඩොට් කොම් තමයි ඉතින්

පවනි said...

මම එන්ඩයි හිතන් ඉන්නෙ ඕන්. මෙ කෙල්ලො කොල්ලො ටික මාව පරිස්සම් කොරයි නේද?. හැබැයි මාව පරිස්සම් කොරහල්ල... මම බ්ලොග් කලාවටත් අලුත් නිසා ටිකක් බයයිත් වගෙ.... අනික මමත් නිර්නාමික බොලොග් කාරයෙක් (කාරයෙක්, කාරියක් නෙමේ ඕන්..) නෙ.... :)

සජීව විජේවීර said...

ගාල්ලේ ඇවිත් යන්න ඕන තරම් තැන් තියෙනවා. එන්නකෝ පිට පළාතකින් ගාල්ලට එන අයට අපි ගාල්ල පෙන්වන්නම්

සයුරි said...

ම්ම් මටත් ආසයි එන්න...දුර තමා ප්‍රස්නේ :(

Mitsuha Miyamizu said...

Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.com

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....