මන් දන්නෑ මේක කොහොම කියන්න ගන්නද කියලා නොදකිං මං වගේ කරුමක්කාරයෙක්......... වැල් වටාරම් නෑ අද කෙලින්ම කියනවා මට ගාල්ලෙ ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ.......
හැමදාම වගේ මං ආසාවෙන් මොකක්හරි දෙයක් කරන්න බලන් ඉන්නකොට මොකක්හරි කරුමයක් සෙට් වෙනවා..... මගේ කරුමෙම වෙන්ටෑ........ ගියපාර අපි ගැන විශ්වාසෙ තියලා ක්‍රිකට් කානිවල් එක සංවිධානය කරන්න අපිට බාර දුන්නා ඒත් ඒක හරියට කරගන්න අපිට බැරි වුනා...... දෙසැම්බර් 24 ඕනෙ අයියා මම ඒ ගැන කියලා දැම්ම පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ කෑල්කක තිබුනා “ආයෙ චාන්ස් එන්නෙ නෑ මල්ලි . . . උඹල ඒ චාන්ස් එක ගන්න ඕනෙ . . . “ කියලා ඒ කියලා දවස් 2ක් ඇතුලද ඒ කියන්නෙ 26 සදුදා මට චැට් එකක් ආවා ඒකෙ මුල් ටික විතරක් උබලට දාන්නං
7:37 PM පොඩි: වැපා නැද්ද ??
7:38 PM කිඩෝ: අලු ලයිට් නෑ වගේ
ආ සිටී
පොඩි: චැට් ඔන්ලයින් නෑනෙ...
7:39 PM මේ ඒක නෙවෙයි...
කිඩෝ: හරි බන් ඕෆ්ලයින් චැට් පුලුවන්
පොඩි: අර අභීතයියා සිහින උලල කරන්න කලිං අපි වටේ ඉන්න උන් ගාල්ලට ගෙන්නමුද ??
කිඩෝ: අනේ මචං
පොඩි: මොකෝ අනේ... ??
කිඩෝ: මට අද උදේ ටොයිලට් එකේදිත් මතක්වුනේ ඕක
7:40 PM පොඩි: :D
කිඩෝ: සිරාවට බන්
සෙට් වෙමුද ලබන සෙනසුරාදා
පොඩි: කොළබ පැත්තෙ ඕක සංවිදානය කරන්න බෑනෙ අපිට...
අපි මෙහේ කරමු...
කිඩෝ: යා යා
පොඩි: කරලා කැමති උන්ට ගාල්ලෙ එන්න කියමු
කිඩෝ: උම්මා එකක් දෙන්න හිතයි බොට
7:41 PM පොඩි: එච්චර කලින් නෙවෙයි...
හදමු වෙනමු ගෲප් එකක්... හරි මොක හරි....
කිඩෝ: එලස් ගියපාර සෙට් වුන ටිකත් එක්ක කතා කරමු උන් නං අනිවා එයි
පොඩි: දවසෙ ප්ලෑනක් ගහලා ගෙන්නමු...
ඔවු...
7:42 PM ඔවු... බනියට කම්ටෑක් තියෙනවනෙ...
ඌටත් කියමු...
me: යා යා
පොඩි: මුලින් අපි කතා කරමු
කතා කරල දැම ගෲප් එකේම දාමු
දාල ගෙන්නමු කට්ටිය...
7:43 PM කොළඹ උන් ආවෙ නැතිඋනාට කමක් නෑ... අපි එලට වැඩේ කරමු
කිඩෝ: හරි මුලින් මට ප්‍රශ්නයක් තියනවා අහන්න ගියපාර වගේ ටිකදෙනෙක් කොටුවට ගිහින් ආතල් එකක් ගමුද නැත්තං සිරා ගෙට්ටුවක් සංවිධානය කරනවද
පොඩි: හොදට ඕගනයිස් කරොත් 25ක් 30 ගෙන්නන්න පුලුවන්...
මේකනෙ කොහේ හරි සෙට් වෙනවන්ම් සල්ලි ඕනෙ...
7:44 PM අන්න ඒකයි සීන් එක...
කිඩෝ: ඔව් එදා වගේ ගේමකටනං පොඩි ගානකිං ලොකු ආතල් එකක් ගන්න පුලුවන්
පොඩි: අන්න ඒකයි... වැදගත්...
7:45 PM කිඩෝ: බනියා සිටී අපි ඌත් කතාවට අල්ලගමුද
පොඩි: එල..
දාපං මේකට...
7:46 PM කිඩෝ: හරි ඉන්න ඌට බුකියේ කියන්නං
පොඩි: ආ බුකියෙ උනත් කමක් නෑ...
දාපංකො මාවත් ඒකට...
නැතිනම් උඹ කියල කියපං මට...
7:47 PM කිඩෝ: අහ් අලි මම බනියට මේකට එන්න කිව්වා
7:49 PM පොඩි: :)
ඔන්න ඔහොමයි ආපහු ගෙට්ටුවක් සංවිධානය කරන්න අපිට චාන්ස් එක ආවෙ..... අර වගේ දෙයක් වෙලා පොඩි කාලයක් ඇතුලත මෙහෙම චාන්ස් එකක් ආපු එක මට කොච්චර සතුටක් වුනාද කියලා දන්නේ මම විතරයි.
ඔන්න ඔහොම සිද්දවුනු පොඩි කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් නිසා බ්ලොග් අවකාසෙ ඉන්න ලංකාව වටේම පිට රටවල් වලින් හිටං 60කට වඩා කට්ටිය හෙට ඒ කියන්නෙ 7වෙනිදට ගාල්ලට එනවා......
ඒත් මට????? මට එන්න වෙන්නෙ නෑ එදාට...... පිටරටවල් වලින් ඉදන් දුර ගෙවාගෙන කස්ටිය ගාල්ලට එද්දි විනාඩි 45ක දුරින් ඉන්න මට මේ ගෙට්ටුවේම සංවිධායකයෙක් වුන මට ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ කියන්නෙ මම නියම කරුමක්කාරයෙක් නෙවෙයිද?
අඩුම ගානෙ ඊයෙවත් මම හිතුවේ නෑ මට මේ ගෙට්ටුවට එන්න බැරිවෙයි කියලා මම සාමාන්‍යයෙන් පොලු කන එකෙක් මිසක් පොලු තියන එකෙක් නෙවේ...... ඒත් මේ වගේ පොල්ලක් තියන්න වුන එක ගැන මට ඇත්තටම කණගාටුයි....... එක අතකට කනගාටු වෙන්න දේකුත් නෑ....... අනිත් උන්ට ආතල් එක ගන්න පුලුවන් තැනට අපි වැඩේ කරානෙ...... මේකෙන් කැඩෙන්නෙ මගේ ආතල් එක විතරනෙ ඉතිං තව 60-70ක් වෙනුවෙන් මගේ ආතල් එක මොකක්ද ඉතිං මම පොල්ල තියලා තියෙන්නෙ අනිත් උන්ට නෙවේ මටමයි......
දැන් මට එන්න නොවෙන හේතුව කිව්වෙත් නෑ නෙ මට හදිස්සියෙම 11 පොඩි ඔපරේශන් එකක් වැටිලා මම කලින් පෝස්ටුවේ ඒක කිව්වා මම හිතන්නෙ..... කොහොම උනත් ඒකනං ගනංගන්න තරම් එකක් නෙවේ පපුවෙ ඇතුලෙ පොඩි මස් කෑල්ලක් ඇවිල්ලා ඒක අයින් කරන්න. ඒත් ඉතිං අපේ තාත්තා වවුනියා වල තාත්තත් නැති වෙලාවෙ ඔපරේශන් එකකුත් අතලග තියාගෙන ගාල්ලෙදි මට මොකක්හරි කරදරයක් වුනොත් කියන බයට තාත්තා මගේ පර්මිශන් කැන්සල් කලා........ ඉතිං අන්තිම මොහොතෙ මේ වගේ දෙයක් වෙන්න මම සුපිරි කරුමක්කාරයෙක් නෙවෙයිද?
මොනා කරන්නද අෆ්ෆා දුක තමා අවුලක් නෑ බොලා සෙට් වෙලා ආතල් එකක් ගනිල්ලා මං වගේ පොඩි එකෙක් නාවා කියලා ඒකෙ ලොකු විශේෂයක් වෙන්නෙ නෑ අනික මං නාවත් ඒ වෙනවා කියපු වැඩ ඒ වෙලාවල්වලටම ඒ ප්ලෑන් කරපු විදිහටම සිද්දවේවි 8.00 වෙනකොට බනියා එතන ඉදීවි 8.30 වෙද්දි පොඩි මෑන් බස් එකක් අරන් එතනට ඒවි කට්ටිය දාගෙන යන්න ඉතිං කලින් පෝස්ට් එකේ කියපු විදිහටම ඒ වෙලාවලට ගිහිල්ලා කාලා ආතල් එකක් අරගෙන 4.00ට ගෙට්ටුව ඉවර කරලා විසිර යන්න පුලුවන්........ බනියා හෙට උගේ ලැප ගේනවා කිව්වා එහෙම පුලුවන් වුනොත් මම ස්කයිප් හරහා කස්ටිය එක්ක සෙට් වෙන්න ට්‍රයි කරන්නං........
ඊට කලින් විශේෂ ස්තුතියක් පිරිනමන්න තියනවා
මේ ගෙට්ටුව සංවිධානය කරලා හෙට කට්ටිය ගාල්ලට ගෙන්නන්න ලොකු වැඩ කොටසක් කරපු බනී පොඩි මෑන් දෙන්නට මගේ බොක්ක පතුලෙන්ම පිදෙන ස්තුතීය. ඊලගට ගාල්ල අවට උන් විතරක් සහබාගී කරගෙන කරන්න හදපු ගෙට්ටුවට කොළඹීන් කට්ටිය ගේන්න ඉතා විශාල කාර්ය්යභාරයක් සිද්ද කරපු රාජ් අයියට හා අභිත අයියටත් මම ගොඩක් ස්තුතීවන්ත වෙනවා...... ඊට අමතරව ඊයෙ මාත් එක්ක ගාල්ලෙ කෑම කඩ සෙට් කරගන්න ඒ වැඩ වලට යාලුවොන්ගෙන් කුණුහර්ප අහගෙන ආපු ගයාන් කල්හාර අයියටත් මගේ ස්තූතිය මේ කට්ටිය විතරක් නෙවේ එදාට එන අයටත් පැමිනීම වෙනුවෙන් මම ස්තූති කරනවා........ ඉතිං මේ වැඩේ සාර්ථක කරගන්න නන් අයුරින් උදව් කල එකී මෙකී නොකී සියලු දෙනාට මම නැවතත් ස්තුති කරනවා
හේනං හෙට සෙට්වෙන බෙලා ඔක්කොටම බුදු සරණයි!!! කිසිදු අතුරු ආන්තරාවක් නැතුව මේ ගෙට්ටුව සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..........
ප.ලි.
මේ ගෙට්ටුවෙන් පස්සෙ තියන ගෙට්ටුවලත තව අවුරුදු 2ක් යනකං මට එන්න පුලුවන් වෙන එකක් නෑ මොකද මම 2013 උසස් පෙල ලියනකං වෙන කිසිම දෙයක් ගැන මට සුවර් නෑ....... මේ වගේ කරුම කඩංපාත් වෙනකොට මොනා කරන්නද අෆ්ෆා???? වෙලාවකට හිතෙනවා ටික කාලෙකට (අවුරුදු 2කට) සයිබරයෙන් ඈත්වෙන්නත්........ නැත්තං කලින් වගේ මාසෙකට පෝස්ටුවක් වගේ දාලා වැඩි සද්දයක් නැතුව නිශ්ෂබ්දව ඉන්න....... ඒත් ඉතිං මම අත්දැකීමෙන් දන්නවා ඔය මොන ක්‍රමේ තෝරගත්තත් අවුරුදු 2ක් යනකොට බහුතරයක් කට්ටියට කිඩෝ කියලා එකෙක් හිටියද කියලවත් මතකයක් තියෙන එකක් නෑ සයිබරේට හැමදාම අලුත් අය එනවා පරණ අය යනවා..... මාස 2ක් සද්ද නැතුව හිටියාම අපි මොක්කුද කියලා නොදන්න තත්වෙට වැටෙනවා කියලා පහුගිය මාස 2 අත්දැකීම් වලින් මම දන්නවා ඒක. ඉතිං විශේෂයක් නෑ මොන ක්‍රෙම් තෝරගත්තත්......
පා.පා.ලි.
මම මේ පෝස්ටුව ලිය ලිය ඉන්නකොට අභි අයියා කෝල් කලා සිරාවට මම ඒ වෙලාවෙ අප්සට් එකේ හිටියේ ඔව් මම ඇඩුවා.... අභි අයියනං කිව්වේ ටිකක් පාඩම් කරාම ඕක හරියයි කියලා ඒත් මේ පෝස්ට් එක ලිව්වාම ඊට වඩා හිතට සැනසිල්ලක් ලැබුනා.....
හේනං 7වෙනිදට සෙට්වෙන සයිබර් මිතුරන්ට ජය!
27 ක් හිතුනු දේවල් ලියලා....:
අවුලක් ගන්න එපා බන්..මාත් එන්න හිතාගෙන හිටියෙ මටත් එන්න වෙන්නෙ නෑ බන් :'(
Ado adenawa nennam... Mama full awulen inne mehe idala enna bari eka gana.. Unata kohomata adda...
Kawadahari api set wemu machan.
හපොයි හපොයි... යකො ගාල්ලෙ ඉන්න උන් මෙහෙම හැලෙද්දි කියක් කියලා කොබලින් හලෙයිද..? ඒත් අවුලක් ගන්ටෙපා බං.. මං බොටත් එක්ක මෙව්ව එක ගන්නම් කෝ... :D
ඇඩෙනවා බන්...
හපොයි..!!! මෙච්චර දෙයක් කරලත් අන්තිමට සංවිධායක නැද්ද..??? ඇත්තටම ඒ ගැන නම් දුකයි..හෙට උදේ වෙන කොටවත් ඔය අදහස වෙනස් වුනොත්..එත් ඉතින් දැන් වැටිලා තියෙන ඔපරේශන් එක සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනව.. :) ඔයා මොන ලොකේ කරක් ගහලා.. මොන වෙලාවට ආවත් කිඩෝ කියලා කෙනෙක් හිටිය බව අපට අමතක වෙන් නේ නෑ මල්ලී හොදේ..
උඹට මතකද දන්නේ නෑ මං උඹේ කලින් පෝස්ට් එකකට කමෙන්ට් කරා, "වැඩක් වැටිලා, 7 එන්න වෙන්නේ නෑ " කියලා
යන්තම් ඒ වැඩෙත් කැන්සල් කරන් එන්න සෙට් වෙලා හිටියෙ හෙට
ඒත් ඊයේ රෑ මටත් කරුමයක් පාත් වෙලා උණ ගත්තා
අද වැඩට යන්න වුනෙත් නැහැ.
දැන් ඉතින් හෙට එන එක ෂුවර් නැත මටත්.
:(
කිඩෝ සහෝ,දුක් වෙන්න ඕන නෑ,සයිබරේ යාලුවො වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමුන් කරා කියල සතුටු වෙන්න.,11 වෙනිදා කරන්න යන දේ හොඳින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...පාඩම් වැඩ හොදින් කරන්න.බුදු සරණයි....
11 වෙන්දා තියෙන ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!!!
දුක් ව්එන්න එපා..වෙන දවසක යළුවො හම්බෙන්න...
දෙමාපියන්ගේ තීරණය අවසන් මොහොතෙදි හෝ වෙනස් වේවායි පතමි..
එසේ වී කිඩෝ මලයාට ගෙට්ටුවට එන්න හැකිවේවායිද පතමි.
කිඩෝ මලයා අපේ පරණ ගෙට්ටුවේ මතක තාමත් තියනවා..ඒවයේ උඹත් ඉන්නවා..ඒක නිසා අපිට උඹ අමතක නෑ.ඒ වගේම මේ සැරේ සංවිධාන කටයුතු වලට උඹ මහන්සි වෙච්ච හැටි අපි හොඳටම දන්නවා..ඒක නිසා ඒ හැමදේටම උඹට ස්තූතියි..ඒක නිසා උඹට දුක් වෙන්න දෙයක් නෑ. උඹට නිරෝගි සුව
ඔපරේශන් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.. මම උබ අඩුන ගන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.. උබ නැති අඩුව අපිට හෙට දැනෙයි. ඉක්මට හොද වෙයන්.. තෙරුවන් සරණයි!
බ්ලොග් එකක් කියවල මගේ අස් දෙක්න් කදුලු වැටිච්ච පලවෙනි පාර බං,,,,
ෂික්....
කිඩෝ....
මචන්, අපි මෙතන් ඉන්නේ යම් තරමකට හරි ඉගෙන ගත්ත නිසා.. උඹ අර ගත්ත තීරනය ක්‍රියාත්මක කරනවනම් මම කැමතියි. උබට පුළුවන්නම් එකතු වියන් ඊට පස්සේ.... ඉස්සෙල්ලා ඉගෙන ගනින්.. අපිට හොදින් ඉගෙන නොගත්ත අඩුව අදටත් දැනෙනවා.. අපි කොච්චර සාර්තක උනත් අධ්‍යාපනය අතින් අපි ටිකක් පහලින් ඉන්නේ... ඒ නිසා හොඳට ඉගෙන ගනින් මචන්.. ඉට පස්සෙ උබට අනාගතේ නතිං
අභීත අයියගේ කතාවත් එක්ක මම එකගයි කිඩෝ.. හැමදේම හොදින් විසදේවි දුක් වෙන්න එපා.. සැත්කම හොදින් ඉවර වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..
මටත් එන්න වෙන්නෙ නෑ.ගෙට්ටුවට ජය වේවා.ආයෙත් එකතු වෙන දවසක් ගැන ඇගිලි ගැන ගැන ඉන්න තමා වෙන්නෙ.
ඔයාගෙ ඔපරේශන් එක සාර්තක වේවා.
මට හිතෙනවා අද මල්ලිට එන්න පුලුවන් වෙනවාමයි කියලා...
ගානක් නෑ මල්ලි . . . උඹ ගෙට්ටුව වෙනුවෙං කරන්න පුලුවං වැඩ ප්‍රමාණය කලානෙ.
ප.ලි.
වෙල්කම් ටු ද ක්ලබ් මල්ලි . . . . . අපිත් ඔය දුකේම තමයි ඉන්නෙ
මුලින්ම මම කිඩෝ මල්ලිව අදුර ගත්තෙ බස්රේඩියෝ එකෙන්. ඒ මම බස්රේඩියෝ අහපු මුල්ම දවස් වල
කිඩෝ,අහිංසක සිංහයා,සිහින,ඩිලාන්,හසී සහ දුලාන් තමයි මුලින්ම මම අදුර ගත්ත කට්ටිය.
ඊට පස්සෙ තමයි මම ගූගල් බස් එකට සෙට් වුනේ. ඒකත් දැන ගන්නෙ ඔය උඩ කට්ටියගෙන්ම තමයි.
මගේ නමත් රුචා කලේ කිඩෝවද කොහෙද,
ඉතින් ගිය පාර මම ආපු වෙලාවෙත් කිඩෝව අදුර ගන්න බැරි වුන. මේපාරත් හම්බවෙන්න වෙන්නෙ නැති එක ගැන නම් කණගාටුයි.
ඉගනීමෙ වැඩ කටයුතුත්, ඔපරේශන් එකත් සාර්තක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...!!!
අවුරුදු 2 කියන්නෙ ඒ තරම් ලොකු කාලයක් නෙවෙයි බං. ඒක ඉක්මනට ගෙවෙල යයි. ජය වේවා....!!!
අඩේ මටත් යන්න උනේ නෑ.
කොහෙද අපේ ඔෆිස් එකේ පාර්ටියට ගිහින් එද්දි රෑ උනා. මට එන්න උනේ නෑ.
ඔපරේශන් එකත් සාර්ථක වෙන්න කියල මමත් එක හිතෙන්ම් පතනවා මචෝ .
ආසයි උඹලව දැන අඳුනගන්න ඒත් බං අපි හිතනවාට වඩා අපේ දෛවය වෙනස් .. ඒත් ලෝකේ රවුං අපි කවදාහරි හමුවෙන්න තියනවා නම් අනුවා හමු වේවි ..
යකෝ මේක කියෙව්වම මගේ ඇහැටත් කඳුලක් ඉනිව බං..වැඩේ හොඳට ගියා..උබ විභාගේ කරගනින් ඉස්සෙල්ලා ඉටපස්සේ ඇතිවෙනකං ගෙට් කොරන්ඩ බැරියැ..ජය
නියමයි කොල්ලෝ..... දුකේ බෑ....... අනිවා එකතු වෙමු..!!
උඹට එන්න බැරි වෙන්න මමත් හේතුවක් කියල අභිය කිව්ව බං.. මට මාර අස්පට් උනා ඒකට සිරාවටම.. කමක් නෑ බං.. අපි උඹව මතක් කලා එදා දවසෙම..
මල්ලි ආපු නැති එකනම් ගොඩාක් ලොකු අඩුවක්
Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
Watch sinhala dubbed movies here
https://pupilvideo.blogspot.com
Post a Comment
ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....