ඔන්න අද නං දාන්න යන්නෙ මට කෙල්ලොන්ගෙන් අම්බානකට බැනුම් අහගන්න වෙන පෝස්ට් එකක්.... බැනුම් අහන්න උනත් කමක්නෑ අදනං මේක කියනවමයි....බුකියෙ කැරකි කැරකි ඉන්නකොට කොල්ලෙක් දාල තිබුනු මෙන්න මේ ෆොටෝ එක දැක්කහම මගේ හිත ඇතුලෙ කාලයක් තිබුන ප්‍රශ්නයක් ආපහු ඔලුවට ආව..... කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් අනිත් අය ගැන නං මං කියන්න දන්නෙ නෑ ඒත් මට නං පේන්නේ ඒ විදිහට..... අමුතු ජාතියක් කිව්වෙ කෙල්ලොන්ව තේරුම් ගන්න හරි අමාරුයි...... කෙල්ලො නිකං ලංකාවෙ කාලගුණේ වගේ කියල කිව්වත් වරදක් නෑ මං හිතන්නෙ..... මොකද කෙල්ලොන්ගෙ මූඩ් එක කොයි වෙලාවෙ වෙනස්වෙයිද කියන්න බෑනෙ. මේ හිනාවෙලා බලනව විනාඩියක් විතර යනකොට ඒ හිනාව රැවීමක් බවට පත්වෙන්න 80% ක්ම ඉඩ තියනව... බොරු කියන්නෙ මොකටද මට නං ඔය කෙල්ලෙත් එක්ක ලව් කරල අත්දැකීම් නෑ..... ඒත් ඉතිං යාලුවොන්ගෙ ලව් වලට සප් එක දීල අත්දැකීම් තියනවනෙ. ඒ හින්දම තමයි කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හිතෙන්නෙ නැත්තෙ.... මදැයි කතාව වෙන පැත්තකට ගියානෙ ඔය අස්සෙ මට මතක් උනා බුකියෙ මේ ගැන තිබුනු තව ෆොටෝ එකක තිබුනු පොඩි වාක්‍යයක් දැන් නම් ඒක ඒ විදිහටම මතක නෑ ඒ වුනාට ඒකෙ තිබුනෙ "කෙල්ලො කියන්නෙ එක කොල්ලෙක්ට හිතෙන් ආදරේ කරල, තව කොල්ලෙක් දිහා බලල, වෙන කොල්ලෙක්ට ආදරේ ප්‍රකාෂ කරන ජාතියක් " කියල (කොහොම හරි ඔය වගේ දෙයක් තමයි අදහස්උනේ)..... ඉතින් ඔය වගේ කෙල්ලො ඔය ටෙඩි බෙයාර්ස්ල (උන්ට කියන්නෙ ඒ නම තමයි මං දන්න හැටියට) බෝනික්කො වගේ අමුතු සත්තු කාමර පිරෙන්න පුරවන් ඉන්නේ ඇයි කියල මටනං තේරුම් ගන්න අමාරුයි. ඔන්න පොඩි ළමයින්ට නං සෙල්ලම් කරන්න කියල කියන්න පුලුවන්..... ඒත් මේ දහ අට පැනපු කෙල්ලොත් මේ වගේ සත්තු ලග තියාගෙන ඉන්න ඇයි කියල නං මම දන්නෙ නෑ..... ඔන්න බෝනික්කො ලග තියන් ඉන්නෙ ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් කියමුකො.... ඒත් අර ගෑනුද පිරිමිද කියන්න බැරි මහ ගොන් මූනු තියන වලස්සු(උන්ගෙ නං කිසි වලස් පෙනුමක් නෑ) තියන් ඉන්නෙ මොකටද කියලත් කියන්න මං දන්නෙ නෑ(අඩුම ගානෙ කොට්ටයක් වගේ ඔලුවටවත් තියාගන්න බෑනෙ)....... කවුරු හරි කාමරේට පැන්නොත් ආරක්ශාවට වෙන්න ඇති කියල තමයි මට නං හිතෙන්නෙ...... කෙල්ලොන්ගෙ අනිත් ප්‍රශ්න නං පෞද්ගලික ගොඩට දාල ඒ ගැන වැඩිය කතා නොකර ඉන්න පුලුවන්..... ඒත් ඉතින් මේ ප්‍රශ්න ටික අහන්නැතුව බෑ වගේ කියල හිතුන හින්ද ලිව්වෙ.........
කමෙන්ට් එකක් දාලම යමුකො බලන්න......