Pages

Showing posts with label යාලුවෝ. Show all posts
Showing posts with label යාලුවෝ. Show all posts

Monday, May 30, 2011

කිඩෝ ආපහු ඉස්කෝලෙට.....

ඔන්න ඉතින් කිඩෝ අද ඉස්කෝලෙ ගියා අපේ සෙට් එකේ හිටපු 7දෙනා කැඩිලාගියා දුකේ බෑ... එකෙක් ගාල්ලෙ ඉස්කෝලෙකට පැන්නා. අනිත් 6න් 3ක් මැත්ස් 3ක් කොමස්.... මමයි අර කිරිපැකට් එක පුපුරවපු දෙන්නයි එකට... 9ට වර කියල ලියුමක් ඇවිල්ල තිබුන නිසා ගියා ඔන්න ඉස්කෝලෙ ගාවට යද්දි කේලයි ටුක්කයි ඉන්නවා බස් එකකට කකුලත් ගහන් නයි ඇර ඇර මාත් ඉතින් සුටුස් ගාලා උන්ට සෙට්වුනා ඔන්න ඉතින් තව ටිකක්වෙලා යනකොට චින්තකයි වයිබා යි ලක්ශිතයි කට්ටියත් ආව ඔය ටික තමා ඉස්කෝලෙ ඉතුරුවුන 6 දෙනා... දැන් ඉතින් කස්ටියම ඉස්කෝලෙ ඇතුලට ගියා... ඔන්න සර් කෙනෙක් ඇවිත් කට්ටියව විශයවල් අනුව පෝලිම් ගැස්සුවා... ඊලගට පිනාගෙ(අපහස කිරීමක් නෙවෙයි) කතාව තිබ්බා කෙටියෙන් කිව්වොත් අපි ගැන හොයල බලපිය කියල තමා දෙමව්පියන්ට කිව්වෙ..... කතාවෙන් මතක හිටියෙ කැම්පස් ගියාම කැමති විදිහකට කොල්ලො කෙල්ලො හිටියට කවුරුත් මුකුත් අහන්නෑ කියල කියපු එක විතරයි.....

ඊට පස්සෙ තමයි බොක්ක කූල් වෙලා ගිනිගන්න ගානට කට්ටියව ඉස්සරහට අරන් ඇදුම් කොන්ඩ වගේ ඒවා ගැන කියන්න ගත්තෙ... හලේ මගේ කොන්ඩෙ පිටිපස්සෙන් වැඩියි වැඩි කමට ඒක කැරකිලා (රෝල්වෙලා) උඩටත් එනවා මොනව කරත් නවත්තන්න බෑ... කොල්ලො ඉස්සරහනං කමක්නෑ ඒත් අම්මල තාත්තල ඉස්සරහ කොන්ඩෙන් අල්ලල හෙලෙව්වොත් මොනව කරන්නද පටස් ගාල ඉස්සරහින් පීරගත්ත කොන්ඩෙ පැත්තට (හොද ලමයෙක් වගේ)... දැන් ලක්ශිතටත් කේස් මුගේ ශර්ට් එකේ සාක්කුවෙ ත්‍රිබල් මෙශමන්ට් ශර්ට් එකේ මෙශමන්ට් 5 යි (ත්‍රිපල් වගේ ඒකට කියන්නෙ මොකක්ද කියල නං දනනෑ) ඩබල් මෙශමන්ට් ගැහුවත් බනින එකේ මෙශමන්ට් 5ක් ගැහුවාම බනින විදිය හිතාගන්නකො.... අනිත් එක උගේ අම්මත් ඉන්නව එතන....

කොහොම හරි දැන් කට්ටිය යනව පෝලිමේ දැන් අපේ වාරෙත් ආවා මුලින්ම ගියේ වයිබා උගේනං මුකුත් අවුලක් තිබුනෙ නෑ ඉතින් ඌ ශේප්... ඊලගට ලක්ශිත මූත් ඉතින් ඕනෙ එකක් කියල ගියා වෙලාවට ප්‍රින්සිපල් මුගේ ශර්ට් එක බැලුවෙ නෑ මූ කොන්ඩෙ කොටටම කපල හිටියෙ ඉතින් මෙහෙම කොන්ඩෙ කපන්න පීරන්න වදේකුත් නෑ කියල දේශනාවක් අනිත් උන්ට දීල ඌවත් යැව්ව දැන් මම මොනව කරන්නද මමත් ඉතින් ඉස්සරහට ගියා... මෙන්න ප්‍රින්සිපල් ගාවට යනකොටම එකෙක් පැත්තෙන් දෙනව මුගේ කොන්ඩෙ පිටිපස්සෙන් වැඩියි කියල මටත් ඉතින් මලේ මල දැන් ඉතින් ඉවරයි කියල හිතුනෙ ඒ වුනාට ඉතින් ප්‍රින්සිපල් නං බයින්න ගියේ නෑ කොන්ඩෙ කපන් එන්න පුතේ කියල කිව්වා (මම හොද ලමය වගේ ගිය නිසා වෙන්න ඇති බැන්නෙ නැත්තෙ)

කොහොම හරි මැත්ස් බයෝ කරන අයයි අම්මලයි ගෙන්නගෙන ඉතින් අපේ ඉස්කෝල වල නැගලම යන වැඩේ වෙන සල්ලි එකතු කිරීමේ වැඩේ කලා ඔන්න ඉතින් අනම්මනං ගොඩකට කියල ගත්තා 3300ක්... අපේ උන් කියන විදිහට තව මාසයක් ඇතුලත ප්‍රින්සිපල්ගෙ කාර් එක මාරුවෙනවා.... දැන් ඉතින් සල්ලි ටිකත් ගත්තනෙ 9වෙනිදට වරෙව් කියල කට්ටියව යැව්වා..... දැන් ඉතින් 9වෙනිදා වෙනකන් බලන් ඉන්නවා...

අනේ අපේ ඉස්කෝලේ කවුරුවත් මේ පෝස්ට් එක නොදකිත්වා.....

ප.ලි.
තව පෝස්ට් එකක් තියනවා මේක දිග වැඩිවුන නිසා ඒක වෙනම දාන්නම්....