Pages

Sunday, March 6, 2011

මගේ අවුරුදු සහ Ulead Video Studio 11Plus

ඔන්න මාසෙකට විතර පස්සෙ ආපහු මේ පැත්ත මතක්වුනා ඉතින් වෙලාවක් ලැබුන හැටියෙම ආව........ O/L ප්‍රතිඵලත් ගිය මාසෙ ආව හිතුව ප්‍රතිඵලේ ඒ විදිහටම තිබුන (ඒ කිව්වෙ A,B... ගාන විෂයන් නම් ටිකක් වෙන්ස් වෙලා තිබුන) කොහොමත් ඉතින් ප්‍රතිඵලේ හොද නිසා අලුත් අවුරුද්දෙ ආතල් එකේ හිටිය....... හැබැයි මේ පාර අවුරුද්ද නම් මෙලෝ රහක් නෑ..... අනිත් අය ගැන නම් මම දන්නෙ නෑ හැබැයි අනිත් අවුරුදු එක්ක සසදල බලද්දි මට නම් දැනුනෙ ඒ විදියට..... දැන් ඉතින් මුලු සතියෙම පන්ති maths කරද්දි ෆුල් ටයිම් කැපවීම තියෙන්න ඕනෙ කියලනෙ හැමෝම කියන්නෙ....... කමක් නෑ අවුරුදු 3 යි නෙ ( O/L වලදිත් හිතුවෙ මෙහෙම තමා.... මේක අවුරුදු 3න් ඉවරවෙන්නෙ නෑ කියල හොදටම දන්නව ඒ වුනාට මෙහෙම කියලවත් හිත රවට්ට ගන්නව ) ඒත් මේ කම්පියුරේ අතඅරින එක තමයි කරන්න අමාරුම ‍වැඩේ... ජාලෙ කැරකිකැරකි ඉන්නකොට රංග අයියගෙ පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම කියන post එක දැක්ක.... ඒක කියවල ඉවර වෙනකොට හීන බාගෙට චකබ්ලාස් රන් කියන මෑන්ස්ගෙ කොමෙන්ට් එක කියවනකොට තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ...... කියන්න දේවල් නම් ඕනතරම් වෙලාව තමා නැත්තෙ........

Ulead Video Studio 11Plus





Ulead Video Studio 11Plus Reviewer’s Guide එක මෙතනින් බලන්න..... මේකෙන් Ulead Video Studio 11Plus ගැන අවභෝදයක් ලබාගන්න පුලුවන් නිසා මගේ වෙලාව ඉතුරු කරගන්න පුලුවන්. මේකෙ Ulead Video Studio 11Plus ගැන හොදට පැහැදිලි කරල තියන නිසා මම අමුතුවෙන් පැහැදිලි කරන්න ‍ඕනෙ නෑ නෙ. මෙන්න මේ link එකෙන් file එක බාගෙන file එක extract ‍කරගෙන setup එක run කරන්න..... එතන ඉදන් අනිත් ටික කරගන්න පුලුවන්නෙ.........


0 ක් හිතුනු දේවල් ලියලා....:

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....