Pages

Tuesday, April 26, 2011

ආප්ප හැන්ද


මට අපේ අයිය කෙනක් එවපු ඊයක තිබුන ෆොටෝ එකක් දැකල පරන කතාවක් මතක්උනා....
මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක් වයස අනුව ගත්තොත් නම් මගේ වයසෙ වගේ දෙගුනෙකට වඩා අවුරුද්දක් දෙකක් විතර අඩු ඇති මේ සිද්දිය වෙලා තියෙන්නෙ මෑන්ස් A/L කරන කාලෙ පන්තියකදි...... ඔය පන්තියේ හිටියලු ටිකක් මහත (ටිකක් මහත කිව්වට ඉතින් අති විශාල හි හි....) කොල්ලෙක් අපි මූට අසේල කියමුකො. මූ ඔය පන්තියේම හිටපු සූටි කෙල්ලෙක්ට (ඒකිට මහේෂි කියමුකො) පොඩ්ඩක් ට්‍රයිලු..... දැන් ඉතින් අසේලය ශේප් එකේ කෙල්ලට පැනි හලනවලු.... දවසක් මුන් දෙන්න පන්තියේ පිටිපස්සෙම පේලියට වෙලා මල් කඩකඩ ඉන්නවලු දැන් අපේ එකා ඊට ඉස්සරහ පේලියෙ මුත් ඉතින් මං වගේම කට තියාගෙන ඉන්න බැරි එකෙක්. මුට හිතුනලු අරූට පොඩි විහිලුවක් කරන්න. මු පිටිපස්ස හැරීල අර කෙල්ලට කිව්වලු "මේ මේ මහේෂි අසේල එක්ක ඉන්නකොට ටිකක් පරිස්සමෙන් නැත්තං ආප්ප හැන්දෙන් තමා ගලවන්න වෙන්නෙ කියල" මේක අහපු ඩබලම රතුවෙලා ගියාලු. අපේ එකත් වැඩේ වැරදුනා කියල තේරුන හින්ද ශේප් එකේ ඉස්සරහ බලාගත්තලු. කොහොම හරි එදායින් පස්සෙ ඒ ලව් එක ඉවරයිලු... අපේ එකා නං කිව්වෙ අරූ බැන්නෙ නෑ "මොකක්ද යකෝ ඒ කරේ" කියල ඇහුව විතරයි කියල.......

නම් ගම් මනඃකල්පිතය.....


5 ක් හිතුනු දේවල් ලියලා....:

අනූ said...

අපොයි ! :D

අනූ said...

අනේ මේ word verification අයින් කරන්නො...

කිඩෝ said...

@ අනූ
කමෙන්ට් එකට තෑන්ක්ස්.... මම 2010 මැද ඉදන් බ්ලොග් ලිව්ව ඒ වුනාට මේක තමයි මගේ පෝස්ට් එකකට කවුරුහරි දාපු මුල්ම කමෙන්ට් එක සමහර විට සොෆ්ට්වෙයා ගැන කමෙන්ට් කරන්න කාටවත්ම හිතෙන්නෙ නැතුව ඇති....

ඔන්න මීට පස්සෙ කමෙන්ට් දානකොට word verification එක වදයක් වෙන එකක් නෑ....

අනූ said...

ස්තූතියි කිඩෝ දැන් හරි...ඔව් මයි මං තමා ඔන්න බ්ලොග් එකට ඉස් ඉස්සෙල්ලම කොමෙන්ට් කරල තියෙන්නෙ...ඔන්න මාව මතක තියාගන්න හොඳේ :D

පන්සල් හංදිය said...

බනින්නෙ මොටෝ, ඇත්තනේ කියලා තියෙන්නෙ ......

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....