Pages

Wednesday, April 27, 2011

ඔලුව‍ට අයියෙ වැටුනෙ......


පන්ති ගිහිල්ල ඇවිල්ල කරන්න වැඩක් හිතාගන්න බැරිඋන නිසා බ්ලොග් එක පැත්තෙ ආව. ලියන්න දෙයක් මේ වෙලාවෙ මොලේට එන්නෙත් නෑ..... ඉතින් ඉස්කෝලෙ දි වුන සිද්දි ටකක් කියන්න හිතුව..... මේ සිද්දිය උනේ අපේ ස්ට්‍රයික් එක ඉවරවෙලා සති තුනක් විතර ගියාට පස්සෙ (ස්ට්‍රයික් කතාව පස්සෙ වෙලාවක කියන්නං)..... ඒදා අපේ ඉස්කෝලෙ රූකඩ සන්දර්ශනයක් තිබුනා ‍මේන් හෝල් එක ඉතින් C එකේ කට්ටියත් D එකට ගියා. එදා අපේ පන්තියෙ උන් 10 ක් විතර හිටියෙ කොහොමත් O/L ලං වෙනකොට ලමයි එනව අඩුයිනෙ. හැබැයි ඒ අන්තිම කාලෙ තමයි හොදටම ඉගැන්නුවෙ/ ඉගනගත්තෙ ළමයි 50කට උගන්නනවට වඩා 10කට උගන්නනඑක ලේසියිනෙ.... මුල් පීරියඩ් 2 D එකේ ඉදලා ගනං පීරියඩ් එකේ ලැබ් එකට ගියා ඒ පීරියඩ් එක ඉවරඋනාම අපි ඉතිං මිස්ට ආපේ දුක කියල ලැබ් එකේම නවතින්න අවසර ගත්ත ඊලග පීරියඩ් එකේ මිස් හිටපු නැති හින්දා මමයි ටුක්කයි නිරෝෂුයි කැන්ටිමට ගිහිල්ල වඩේ 3ක් කාල වඩේවල ගුණ දොස් විචාරයක යෙදෙමින් ලැබ් එකට ආව ඒ එනකොට අපේ උන්ටික බකලගෙ ( අර විද්‍යාව සර් ගෙන් ගමකට කාපුඑකා ) සපත්තුව ගලවලා පාස් කරනව. මුගේ සපත්තු 2 මොකක්හරි වෙලා මූ එදා දාගෙන ඇවිල්ල තියෙන්නෙ මුගේ තාත්තගෙ සපත්තු 2ක්. මුගේ තාත්ත පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී. කෙනෙක්. ඒ සපත්තු 2 මූට ටිකක් විතර ලොකුයි. අපේ උන්ගෙ සපත්තු පාස් වැඩේට මාත් එකතුඋනා. ඔහොම මගේ අත‍ට සපත්තුව ආපුවෙලාවක ගොඩයා (මුටත් වෙච්ච මරු සිද්දි ටිකක් තියනව ඒවත් පස්සෙ වෙලාවක කියන්නම්) මචං ........ ඕක මට දාපං කිව්ව මාත් එහෙම්මම ඒක ගොඩයට දැම්ම. අපි හිටිය ලැබ් එක තිබුනෙ තට්ටු 3 බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ. මූ සපත්තුව අතටගත්ත ගමන් ඒක ජනේලෙන් එලියට වීසි කරා....... චින්තකයයි තව එකෙකුයි ඒ වෙලාවෙම පහලට දිව්ව සපත්තුව අරගන්න. මමත් පහල මොකෙක්වත් හිටියද දන්නෑ කියාගෙන ජනේලෙන් එබිල බැලුව. කිව්ව වගේම පහල පොඩි එකෙක් ඔලුවත් අල්ලගෙන හොල්මං වෙලා ඉන්නව. සපත්තුවත් මූ ගාව බිම. සපත්තුව මුගේ ඔලුව‍ට වැටිලා තියෙන්නෙ එක පාරට ඔලුවට අහසෙන් සපත්තුවක් වැටුන පාර මූත් හොල්මං වෙලා. ඒ වෙලාවෙ ඔතනට A/L අයියල සෙට් එකක් ඇවිත් සපත්තුව ගත්තා මුං ටික සපත්තුව ගන්නකොටම අපේ උන් දෙන්නා ඇවිල්ලා සපත්තුව ඉල්ල ගත්ත..... නැත්තං සපත්තුව කොහෙන් නවතියිද දන්නෑ..... අපේ වෙලාව‍ට පහල පොඩි එකෙක් හිටියෙ බැරි වෙලාවත් සර් කෙනෙක් හිටියනං අපි ඉවරයි..... හි හි..... සපත්තුව ගන්නගිය අපේ එකෙක් ඇවිල්ලා කියනව පව් බං අර පොඩි එකාගෙං සපත්තුව ඇගටද වැටුනෙ ඇහුවාම මූ හෙන අහිංසක විදිහට කිව්ව ඔලුව‍ට අයියෙ වැටුනෙ...... කියල..... හි හි

12 ක් හිතුනු දේවල් ලියලා....:

අනූ said...

ඔන්න විජයග්‍රාහි පලවැනි කොමෙන්න්‍ටුව පුංචි හිත ගානේ...අනේ අසරණ මල්ලියා පව්...අපේ ඉස්කෝලෙත් ඔය වගේ වැඩක් උනා...හැබැයි ඔයිට වඩා දියුනු තත්ත්වෙක තිබුනේ..අපේ එක්කෙනෙක් උඩ තට්‍ටුවෙ ඉඳන් අත හෝදල තියෙන්නේ ප්‍රින්සිපල් මැඩම් ගේ ඔලුව උඩට... :D

කිඩෝ said...

හි හි.... මේ එක වයසෙ ඉදගෙන මල්ලියා කතා කියන්න එපා.... මාත් O/L ලිව්වෙ 2010 දි තමා....

අනූ said...

ම්ං කිව්වෙ ඔයා ගැන නෙමේ අර සපත්තුව ඔලුවට ව‍ටුන කෙන ගැන කිඩො හි හි..

කිඩෝ said...

ඒක මිසක්....

අනූ said...

මෙහෙම හරියන්නහැ කිඩෝ මූණු පොතෙන් පොඩි ප්‍රසිද්දියක් දෙන්න බ්ලොග් එකට..මං නම් මුලින්ම කලේ ඒක

කිඩෝ said...

මං සින්ඩියට ජොයින් වෙන්න උන්ට ඊයක් යැව්ව තාම ප්‍රතිචාරයක් නෑ මම දැන් මූණු පොත පැත්තෙ වැඩිය යන්නෙ නෑ.... කමක් නෑ මම පොඩ්ඩක් ට්‍රයි කරල බලන්නං...... ඇත්තටම මේ බ්ලොග් ලියන වැඩේ අපි සෙට් එකක් එක්ක පටන් ගත්තෙ දැන් උං ඔක්කොම හැලිල ගිහිල්ල.... ඒ අතිං මං හොදයි.

අනූ said...

මොන සින්ඩියටද දැම්මෙ?

අනූ said...

ඔන්න මං මේ බ්ලොග් එක ගැන මූණු පොතේ පොඩි සටහන්ක් දැම්ම :D

කිඩෝ said...

sindilanka.blogspot.com
මේ ඔයාගෙ මූනුපෙතේ ලින්ක් එක එවනවද??

කිඩෝ said...

තෑන්ක්ස්....

අනූ said...

http://www.facebook.com/profile.php?id=1477023939

http://www.facebook.com/profile.php?id=100002348383984
මේ profiles 2කම මගේ..

Observer said...

පුතා ඔන්න ඔයාගෙ මුණු පොතට දාපු සටහන වැඩ කොරනව.

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....