Pages

Friday, April 29, 2011

මම, අපේ එකා සහ ජොකා......


අද නං මම කියන්න යන්නෙ මට ඉස්කෝලෙදි වෙන්න ගිය චාටර්ම සිද්දියක්...... මේක මං 11 වසරෙ ඉන්නකොට වුනු සිද්දියක්.... දවසක් ඕෆ් පීරියඩ් එකක පුරුදු විදිහටම අපේ ‍සෙට් එක පන්තිය ඉස්සරහ කොරිඩෝ එකට වෙලා කයියක් ගහගෙන හිටියා..... ඔන්න එතකොට අපේ කොටා දුවගෙන ඇවිල්ල කියාපි "මචං ...... ජොකෙක් තියනව දාමුද ........ ගෙ ඔලුවට" කියල ඉතින් මං ඇහුව කාගෙද මචං ජොකා කියල, මුං මොන වගේ ජොකෙක් දාන්න යනවද කියල දන්නෙ නෑ නෙ....... මචං ....... අයියගෙ ජොකා ඊයෙ අපිත් එක්ක නාන්න ගිහිල්ල වයලගෙ බෑග් එකේ දාපුගමන් ඌට ගන්න අමතකවෙලා ඒක තාම අරූගෙ බෑග් එකේ...... ඔන්න ඉතිං මමත් වැඩේට දෙපාරක් හිතන්නෙ නැතුව කැමතිඋනා (ඒ දවස්වල හිතට එන ඕනෙ දෙයක් කරන්න අපි සැදීපැහැදී හිටියෙ තාමත් සමහර වෙලාවට එහෙමයි හි හි :D .......) කොටාල කට්ටිය ලගට යනකොට අරූ සැක හිතනව මොකද අපේ සිංහල මිස් කියල විදිහට මුං තමයි පන්තියෙ හොදම අණ්ඩපාලයො ටික (මම නං ඉගනගන්න ගණය අණ්ඩපාල ගණය කියන දෙකටම අයත්..... හැබැයි ඉගනීම පැත්තට තමයි වැඩි බරක් තිබුනෙ..... ) ඉතින් අරූ සැක හිතන එක අහන්නත් දෙයක්ද...... අන්තිමට වැඩේ පැවරුනේ මට මොකද අරූ මං ගැන සැක හිතන්නෑ නෙ..... ඉතින් මමත් හිමීට අරූගෙ පිටිපස්සට ගිහින් මුගේ ඔලුවට ජොකා දැම්මා......‍ එතකොටම අනිත් උන් ටික මුට සටපට ගාලා ගහගෙන ගියා..... අරුත් පුලුවන් තරම් ඉක්මනට ජොකා ඔලුවෙන් ගලවල වීසි කරා මේක ගිහින් වැටුනෙ ඒ පේලියෙම කොල්ලෙක්ගෙ ඇගට මුත් නිකං ජීවිතේට ජොකෙක් ඇදල නැති එකෙක් වගේ පො...... සවුන්ඩ් එකක් දාගෙන ඒක වීසි කරේ නැද්ද කෙල්ලොන්ගෙ පැත්තට හුටා ජොකා කෙල්ලෙ ක්ගෙ පොතක් උඩ...... ම‍ට දෙලෝ රත්උනේ ඒකි අපේ මිස්ගෙ රූම් එක පැත්තට යනකොට... මමත් ඉතින් දුවල ගිහින් ආනේ බං කියන්න එපා කිව්වොත් මං ඉවරයි මමයි අරූගෙ ඔලුවට ජොකා දැම්මෙ කියල පින්සෙන්ඩු වෙලා ඒකිව නවත්ත ගත්තා.... මිස් ලගට ගියානම් ‍මං ඉවරයි හි හි ......... පස්සෙ නීශා මිස් ඇවිල්ල මට හොදට බැන්න එයාගෙ රේඩාර් එකට අපි මැස්සෙක් මැරුවත් අහුවෙනවනෙ....... ඔයින් ගියා ඇති

4 ක් හිතුනු දේවල් ලියලා....:

අනුරාධ said...

සික් යකෝ.... විලි ලැජ්ජයි. :D

කිඩෝ said...

නැත්තං අයියා.... කරනකොට කරල දැම්මා මිසක් පස්සෙ වෙන්න පුලුවන් දේවල් ගැන හිතුවෙ නෑනෙ.....

කතන්දර Kathandara said...

දැන් කාලේ හැදෙන වල් කොල්ලෝ!

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

අනේ උබලා ගැන අර මිස්ට කියන්න තිබ්බේ බං එතකොට එලට් එකටම නඩුව විභාගඋන හැටි දැනගේන ඉතිරියත් නැගලම යන්න ලියන්න තිබ්බා... (උබ කොහොමත් වල් ගහාක්නේ)

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....