Pages

Friday, May 20, 2011

මම තාම පොඩි එකෙක්(ලු/ද?)

අද නං බ්ලොගේට ආවෙ හිතේ තියන දුක වචන කරල යන්න.... මේක මම මොනව කරන්න ගියත් වෙන අසාදාරනයක්..... ඉවසල ඉවසල බැරිම තැන තමා මේ පෝස්ට් එක ලියන්නෙ.... ඉලන්දාරියගෙ මලගෙදර හෙටනේ ඉතින් අද බුකියෙදි උදිත් අයිය මගෙන් ඇහුවා "මල ගෙදර යනවද" කියල මම ඉතින් උදිත් අයියගෙන් මේ පැත්තෙන් යන්නෙ කවුද කියල ඇහුව උදිත් අයිය ඒ පාර කිව්ව රත්ගමය යනවයි කිව්ව කියල ඉතින් මම රත්ගමයගෙන් ගමනේ බේසික් දේවල් (රත්ගමින් යන වෙලාව ආදිය) ටික දැනගෙන ගියා ඉහලින් අවසර ගන්න.. මොන මල ගෙදර මාතලේ කියපු ගමන් මගේ වීසා කැන්සල්.... එච්චර දුර යන්න මම තාම පොඩි වැඩියිලු දැන් ඔය පොඩි වැඩියි කතාව අහලම මට එපාවෙලා තියෙන්නෙ... මම මොකක් කරන්න ගියත් මම පොඩි එකා. රකිනවයි කියල ඔහොම බිත්තර රකින්න වගේ රකින්න ඕනෙ නෑ නෙ...

මට දැන් 16 මාස ගානක් අපේ ස්ට්‍රයික් එකට අවුරුද්ද පිරෙන දවසට මට 17ක්. ඒත් තවමත් මට කවදාවත් ගෙදරින් පිට තනියම යන්න දෙන්නෙ නෑ මම තාම කිරිබොන වයසෙ පොඩි එකානෙ.... මට තාම ඡන්ද අයිතිය නැතිවෙන්න පුලුවන් ඒත් මම දැන් වැඩක් තනියම කරගන්න පුලුවන් වයසෙ ඉන්නෙ ඒත් ඒක තාම අපේ අම්මලට තේරෙන්නැත්තෙ ඇයි කියල නං මම දන්නෑ.... අද නොවෙන්න පුලුවන් ඒත් කවද හරි දවසක මට මගේ වැඩ තනියම කරගන්න වෙනවනෙ ඒත් ඒකට චාන්ස් එකක් නොලැබෙනකොට/ නොදෙනකෙට මට කවදාවත් යමක් ඉගනගන්න ලැබෙන්නෑ නෙ..... මම දැන් ගොඩක් කාලෙක ඉදන් මගේ අම්මටයි තාත්තටයි (විශේෂයෙන් අම්මට) මේක තේරුම් කරන්න උත්සහ කරනවා ඒත් ඒගොල්ලො පොඩි උන්ටත් අන්තයිනෙ කවදාවත්ම මම කියන මේ ඇත්ත තේරුම් ගන්නෑ..... මම කවදාවත් මට ලැබෙන දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න ගිහින්නෑ එහෙම කරල යන්න නොදුන්නනං ඒක වෙනම කතාවක් ඒත් මාව පොඩි එකෙක් ගානට දාල සැලකීම ඒකෙ කිසි සාදාරනත්වයක් නෑ....

මම පොඩි එකා හින්ද (ඒගොල්ලො කියන විදිහට) තනියම ගමනක් යන්න බෑ කියමුකො ඉතින් මම මගේ අන්තිම තුරුම්පුවත් ගහල දැම්මා..... මම කිව්වා මම විතරක් තනියම යනව නෙවෙයි තව කට්ටිය යනවා මමත් ඒ ගොල්ලො එක්ක යන්නෙ කියල...... ඒ පාර මේගොල්ලො දැම්මනෙ මාර තර්කයක් "ඕක ආරන්චියක් විතරයිනෙ අන්ත් එක ඔය බ්ලොග් ලියන කාවවත්ම ඔයාවත් අපිවත් හරියට දන්නෑනෙ ඉතින් යන්න දෙන්න බෑ..." කියල. අනේ මගේ කටට ආව හොද තර්ක ටිකක් ඒත් ඉතින් නිකං බොරුවට වලි දාගන්න ඕනෙ නැති නිසා මම බොහොම අමාරුවෙන් කට පාලනය කරගෙන හිටියා.... ඇයි යකෝ බ්ලොග් ලියන කට්ටියව මම කවදාවත් දැකල නැතිවෙන්න පුලුවන් ඉතින් ඒගොල්ලො දකින්න අවස්ථාවක් ගෙදරින් ලැබෙන්නෙ නැත්තං මට කවදාවත්ම ඒගොල්ලො දකින්න වෙන්නෑනෙ.... මේක මහ ගොන් කතාවක්නෙ.... මේගොල්ලො තාම හිතන්නෙ පරන විදිහට.... ----- හද ඈතට විතරක් දැකපු නිසා මිනිස්සු හද ගැන නොසොය හිටියනං අදටත් අපේ උන් හදේ ඉන්න හාවට වදිනව නේද? අයිසැක් නිව්ටන් එදා අර ඇපල් ගෙඩිය කාල දැම්මනං ගුරුත්වාකර්ශනේ කියන්නෙ මොකක්ද කියලවත් අපේ උන් දන්නවද? ----- උයන එක ගැන අත්දැකීම් ලබන්න උයන දේවල් කෑවට බෑනෙ. ඒකට උයලම පුරුදුවෙන්න ඕනෙ..... කවද හරි උයන්න පුලුවන් වෙයි කියල හිතල කකා හිටියට උයන්න පුලුවන්වෙන්නෑනෙ.... අපේ අම්මල මට කරන්නෙත් ඒවගේ වැඩක් තමයි..... මම දන්නව මම බැදල දරුවෙක් හැදුවත් අම්ම කියයි මම තාම පොඩි එකා කියල.....

හෙට ඉදන් වරෙල්ලකො මගේ වැඩ කරල දෙන්න....

ප.ලි.
දිලුම් අයියේ ඔයාගෙ මලගෙදර මට එන්න බැරිවෙන එකට සමාවෙන්න......

13 ක් හිතුනු දේවල් ලියලා....:

නදී said...

ඔහොම තමා අපි කොච්චර ලොකු උනත් අම්මලට තාම පොඩි උන්.එක වෙලාවකට එහෙම සලකන එක එපා වෙනව තමා.මටත් ඔය සම්බන්දව ගොඩක් අත්දැකීම් තියනව.ඒ වෙලාවට හිතෙනව ගෙදර ලොකුම එකා වෙලා ඉපදුනානම් හොදයි කියල ,එයාලට දෙන වගකීම් ආපිට දෙන්නෙ නැනෙ.අපිට බැ.පොඩි එකා බ්ලා බ්ලා...

ඒත් ඔයාගෙ ආරක්ශාව ගැන හිතල වෙන්න ඇති අම්මල එහෙම කියන්නෙ ඇත්තෙ.එයාල මේ දේවල් හරියකට දන්නෙ නැතුව ඇතිනේ.දුක් වෙන්න එපා.

පන්සල් හංදිය said...

අම්මලා, තාත්තලා ගැන කේන්ති ගන්න එපා ...... ඔයාටත් කවද හරි දවසක තේරෙයි .......

සංජු said...

16 ට ඔහොම කේන්ති යනවනම් මේ 28ක් වෙන මට කොහොම කේන්ති යන්න ඕනිද? ඒක නිසා ඉවසන්න.

Anonymous said...

එහෙම තමා මල්ලා..අපිටත් එ ටිකම තමයි අපි ඔයාලට වඩා වැඩිමල් උනත් අපිටත් එ සෙතේම තමයි--

කිඩෝ said...

@ නදී, අනේ... මම ඉපදුනේ පවුලෙ ලොකු එකා වෙලානෙ.... අනික මගේ ආරක්ෂාව දැන් මටම බලාගන්න පුලුවන් කියල අම්මල තේරුම් ගන්නෑනෙ...
@ කල්හාර, ඔය කියන්නෙ මාත් තාත්තා කෙනෙක් වෙන දවස ගැනනෙ බලමු බලමු.....
@ සංජු, මම සාමාන්‍යයෙන් ඉවසනව ඒත් සීමාව පයින වෙලාවලුත් තියනවනෙ...
@ නිම්ශා, හෆොයි... අහෝ දුකකි.....

සුපර් මාරියෝ said...

@කිඩෝ - මල්ලි ඔය කාලෙට ඔහොම හිතෙනව තමයි.. තව අවුරුදු 2 ක් විතර ඉවසන්න වෙයි.. AL ඉවර උන ගමන් වැඩේ ගොඩ...

හරී said...

පොඩි එකා පොඩි එකා විදිහට හිටු.....ලොකුවෙන්න දඟලන්නේ නැතුව...

Unknown said...

@මාරියො
අනෙ පල මාරියො යන්න...මටත් මේ ගෙදරි එලියට බහින්න දෙන්නෙ යන දිහාවෙ ඉන්න උන්ගෙයි යන උන්ගෙයි ඔක්කොගෙම උප්පැන්න බලලා :P :P මම බොරු උප්පැන්න දාලා පනින එක වෙනම කතාවක් ලොල්

කිඩො බන් ගනන් ගන්න එපා...ඕව්වා ඔහොම තමයි..උබ මේක පස්සෙ කාලෙක බලනකොට හිතෙයි හිතේ කෙන්තියට ලිව්වට නොලිව්වනම් හොදයි කියලා..

ගොඩයා said...

කේන්ති ගන්න එපා මලයා..... අම්මලා තාත්තලාගේ තියන අසීමිත ආදරය නිසයි ඔය ප්‍රශ්නේ... බලපන් අද කාලේ ප්‍රවෘත්ති ඇහුනහම, පත්තරයක් බැලුවහම තියන දේවල්. අම්මා තාත්තවත් විශ්වාස නැති කාලයක්නේ. උඹ ගැන ඔය විදිහට දෙමාපියෝ වද වෙන එක ගැන පුදුමයක් නෑ. හැබැයි උඹ එලියට නොබැස්සොත් මේ ලෝකේ ගැන දැනගන්න වෙන්නෙත් නෑ. දෙමාපියන්ට කවදාහරි උඹව නිදහස් කරන්න වෙනවා. ඉගිලෙන්න තරම් උඹේ තටු හයියයි කියලා තේරුණ දවසට ඒ අය උඹව එලියට දානවා. උඹ දැනට කේන්ති නොගෙන උඹේ තටු හයියයි කියලා ඒ අයට තේරුම ගන්න ඉඩ දීපන්. අවස්ථාවක් ලැබුනහම දෙමාපියන්ට ඔප්පු කරපන් උඹේ තටු හයියයි කියලා. තව අවුරුදු 2ක් නැත්නම් 3ක් ඉවසලා ඉඳපන් මලේ.....

කිඩෝ said...

ඔය පත්තර කේස් එක තමයි වැඩේ ගොඩක්ම අවුල් කරේ.... පත්තරේක අර ෆේස්බුක් පාටියක් චාටර් වෙච්ච සීන්එකක් තිබ්බනේ දැන් ඕක තමයි අපේ අම්මගෙ වෙපන්එක..... මොක කිව්වත් ඕක කියන එකමයි වැඩේ...

තාරක Dilsh@n said...

කොල්ලො කිව්වට තරහ වෙන්න එපා. අන්තිම කමෙන්ට් ටිකට එනකන් මම හිතාගෙන හිටියෙ කෙල්ලෙක්ට ගෙදරින් යන්න දෙන්නෙ නැති සීන් එකක් කියල.

කොල්ලෙක්ගෙ පැත්තෙන් ගත්තහම නම් පොඩ්ඩක් අසාදාරනයි වගේ. උබේ වයසෙ අනිත් එවුන්ට හම්බටවන නිදහස නැති හින්ද උඹට පොඩ්ඩක් අවුල් ඇති. ඒ උඹේ අම්ම ගොඩක් උඹට ආදරේ හින්ද බන්. තව පොඩ්ඩක් ඉවසල අර ගොඩය කිව්ව වගේ තව ටිකක් තටු හයිවෙනකන් හිටපන්. බොහෝ විට ඒ ලෙවල් ඉවර වුනාම ඒ නිදහස උඹට හම්බවෙයි.

තාරක Dilsh@n said...

මගෙ අකවුන්ට් එකෙන් කමෙන්ට් දාන්න බෑ මොන මගුලක් වෙලාද මන්ද..

කිඩෝ said...

මචං මදුශාන් දැන්නං හිතෙනව කේන්තියට ලිව්වට නොලිව්වනං හොදයි කියල.... ඇත්තටම කල්පනා කරල බලනකොට අපේ අම්මයි තාත්තයි මට යන්න නොදෙන්නෙ රස්තියාදුවකයි දුර ගමනකයි විතරයිනෙ වෙන ඕනෙ තැනක යන්න දෙනවනෙ... මගේ සමහර යාලුවො එක්ක බලද්දි මගේ තත්වෙ හොදයි ඇත්තටම....

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....