Pages

Monday, May 30, 2011

මොගා ටෙලිනාට්‍ය.... ඔබට ලැබෙන හොදම දේ...

අද දවසේ දෙවෙනි පෝස්ට් එක
(හාස්‍ය රසය නොහදුනනා අය කියවීමෙන් වලකින්න)

මොගා ටෙලියක් හදන හැටි ඊයෙ රත්ගමයා එලටම කියල දුන්නනෙ ඒකෙ අඩුපාඩු ටිකත් කමෙන්ට්ස් වලින් සම්පූර්න කරල තිබුන නිසා ඒක ගැන තව කියන්න දෙයක් ඉතුරු නෑ ලෙසටම කියල තියනවා...... අද මම කියන්න ආවෙ මෙගා ටෙලිනාට්‍යකින් ගන්න පුලුවන්දේවල් ටිකක් කියල යන්න....

-----කිඩෝ ආපහු ඉස්කෝලෙට පෝස්ට් එක හිතුවට වඩා දිග වැඩිවුන නිසා මේ පෝස්ට් එක වෙනම දැම්මා-----

මෙගා ටෙලි නාට්‍යක් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ නෙ ආයි මෙගාම තමා.... චුයින්ගම් ටෙලිනාට්‍ය කියල කිව්වත් අවුලක් නෑ මොකෝ මේ කතා මාසයක් නොබල ඉදල මාසෙකට පස්සෙ බැලුවත් කතාව අමාරුවක් නැතුවම තේරුම්ගන්න පුලුවන්..... ඉතින් ඒක කොච්චර හොදද නේ ඇයි මාසයක් නොබල හිටිය කෙනෙකුටත් කතව තේරුම්ගන්න පුලුවන් වෙන්න කතාවක් හදනව කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද..... අධ්‍යක්ෂක තුමාගෙ දක්ෂතාවය තමා ඉතින්..... අනිත් එක මේ ටෙලිනාට්‍ය වලින් අපේ ජීවිත වලට කොච්චර දේවල් ගන්න පුලුවන්ද.... ටිකක් හිතලා බලන්නකො..... මුලින්ම ඔය වැඩකරලා මහන්සිවෙලා එන උදවිය ගැන ගමුකො වැඩ කරලා අම්බානකට මහන්සිවෙලා එන අය ඉතින් ගතෙයි හිතේයි මහන්සිය නිවාගන්නෙ ඔය මෙගා බලලනෙ.... දැන් ඉතින් කස්ටිය අහවි කොහොමද එහෙම කරන්නෙ කියල

මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ.... දැන් ඔය හැම මෙගා එකකම ඉන්නවනෙ විහිලුකාරයො එකෙක් දෙන්නෙක් මුන්දෙන්න කරන ණුවනක්කාර විහිලුවලට බඩ අල්ලන් හිනාවෙනකොට ඉතින් ගතෙයි හිතෙයි මහන්සිය ඉබේටම නිවිල යනවනෙ විහිලුකාරයොන්ගෙ චරිත ගැන රත්ගමයා හොද විස්තර කිරීමත් දීල තිබුන නිසා මම ඒ ගැන තව කියන්න යන්නේ නෑ... ඒ විතරද මෙගා ටෙලි නාට්‍ය අද මොකෙක්ට වත් කරන්න බැරි දේවලුත් කරනවනෙ... ලංකාවෙ දේශපාලුවො කොච්චර ට්‍රයි කරත් ජනතාවගෙ ප්‍රශ්න අමතක කරවන්න බැරි වුනාට මෙගා ටෙලිනාට්‍ය විනාඩි 15න් ඒ වැඩේ තිතටම දෙනවා..... ඔතනදි වෙන්නෙ මේකනෙ අපේ ප්‍රශ්න වෙනුවට වෙන අයගෙ ප්‍රශ්න අපේ හිත් වලට දානව ඉතින් අනුන්ගෙ (මේ ලෝකේ ජීවත් වෙන්නෙවත් නැති උන්ගෙ) ප්‍රශ්න වලට අපේ අය පන දාගෙන විසදුම් හොයන්න ගන්නවා ඉතින් අපේ අයට ඒ අයගෙ ප්‍රශ්න අමතකයි..... කොච්චර කාලේචිත උපායක්ද ඒක....

ඊලගට පවුල් සමගිය නැංවීමටත් මේ මෙගා ටෙලිනාට්‍ය ගොඩක් උදව් වෙනවා..... අද තියන සමාජ ක්‍රමෙත් එක්ක පවුලකට එකට ඉන්න ලැබෙන වෙලාව ගොඩක් අඩුයි ඒත් මේ මෙගා ටෙලිනාට්‍ය පවුලෙ හැමෝම අය ටීවී එක ඉස්සරහ පැය 2ක් විතර තියාගන්නවා ඉතින් විනාඩියක් වත් පවුලක් එකට ඉන්න අපහසු කාලෙක පවුල් එකක් නෙවෙයි දහස්ගානක් පැය දෙකක් පුරාවට එකට ඉන්න සලස්වල දෙන එක මොනතරම් ලොකු සමාජ සේවයක්ද කියල හිතල බලන්නකො ඉතින් ඒකට අපි මෙගා හදන අයට ස්තූති කරන්න ඕනෙ නේද.....

ඊලගට තරුන පරපුරට (විශේෂයෙන් තරුණියොන්ට) මේ මෙගා ටෙලිනාට්‍ය හින්දා කොච්චර දේවල් ගන්න පුලුවන්ද..... නොමිලේ ආදරය කරන්න උගන්වන වෙන කිසි පන්තියක් තියනවද මෙගා ඇර..... මේවායින් ආදරේ ගැන කොච්චර දේවල් උගන්නනවද...... අම්මට තාත්තට අහුනොවෙන්න කොල්ලත් එක්ක මල් කචන හැටි, එකපාර දෙන්නෙක්ට ලව් කරල පත්තිනි අම්ම වගේ ඉන්න විදිහ, පන්ති කට් කරගෙන කොල්ලත් එක්ක තැනතැන යන එක, ලව් එක අම්මලට අහුවුනාම අම්මටයි තාත්තටයි පලු යන්න බැනල (බනින්න ඕනෙ දෙබස් එහෙමත් දීල) තමන්ගෙ ලව් එක සාදාරනීකරනය කරගැනීම වගේ කොච්චර දේවල් කියල දෙනවද අද කාලෙ නොමිලේම ඔච්චර දේවල් කොහෙන්ද ලබාගන්න පුලුවන්.....

ඒ විතරද බුදු දහමත් උගන්වනවනෙ මේවයින් උගන්නනවනෙ.... හා ආයෙත් අහනවද ඒ කොහොමද කියල මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ
බලන්නකො දැන් මෙගාවල කොල්ල කෙල්ලට ආදරේ ප්‍රකාශකරන්න කලින් කොච්චර කල් ඒක තමන්ගෙ හිතේ තියාගෙන කෙල්ල වෙනකොල්ලො එක්ක රවුං ගහද්දිත් ඉවසගෙන ඉන්නඑක, කෙල්ල එනකං පාරෙ පැය ගනන් වාත වෙන එක ඒකෙන් පෙන්නන්න හදන්නෙ ඉවසීමේ ගුනය නෙවෙයිද.... ඊලගට කෙල්ලත් එක්ක රවුං ගහන එකාගෙන් ගුටි කෑවත් ඌට අතවත් නොතිය මෛත්‍රි කරන විදිහ එහෙම මෛත්‍රී කරන විදිහ අද අම්ම තාත්තවත් කියල දෙනවද.... තව කෙල්ල කොල්ලාට බූට් එක තිබීම ‍හෝ කෙල්ල කෙල්ලට බූට් එක තිබීමෙන් ලොකයේ අනිත්‍යතාව කියලා දීම....ඊලගට කොල්ලයි කෙල්ලයි යාලු වුනයින් පස්සෙ අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක් විදිහට පන්සල නම් කිරීම.. එහෙම කරල පන්සල් වලට තරුණ පරපුර යැවීම අද කාටද ඒ වගේ වැඩක් කරන්න පුලුවන්..... අද ලමයි දහම් පාසල් යන්නෙත් නැති එකේ මේවගේ ආගම දහම උගන්නන එකට මෙගා ටෙලිනාට්‍යය වලට පින් දෙන්න ඕනෙ

තව කියන්න දේවල් නං ගොඩයි ඒත් පෝස්ට් එක දිග වැඩි වෙනවනෙ.... ඉතින් හිතෙන ඒව කියල කමෙන්ටුවකුත් දාලම යන්න..... මට මොනව හරි මගඇරුන නං ඒවත් කියන්න.....

හා තව ටිකෙන් අමතක වෙනවා ජුනි 18 මේ බ්ලොග් එකේ අවුරුද්දෙ උපන්දිනේ එදාට 50වෙනි පෝස්ට් එක ලියන්න ලැබුනොත් මරු දවස් 18 කට පෝස්ට් 12ක් බලමු පුලුවන්ද කියලා.....


12 ක් හිතුනු දේවල් ලියලා....:

Ishara ( DarKneT ) said...

මම නම් මෙගා තියා ටීවී බලන එකත් සෑහෙන්න අඩු කරලා තියෙන්නේ, ඒක හින්දා දැන් යන කාල සටහනවත් මතක නෑ :P

උබ බ්ලොග් එක පටන් අරන් අව්රුද්දක් උනාද බන් :O , උබව ලගදිනේ දන්නේ

කිඩෝ said...

ඔව් බන් අවුරුද්දක් වෙනවා 18 වෙනිදට ඔක්කොම කතා ටික කියන්නං කො

අනූ said...

මං නම් ටෙලි නාට්‍ය බැලිල්ල අත් ඇරල තියෙන්නෙ..අයි අනේ මෝඩ කතා නේ යන්නෙ.ඔහේ මිනිස්සුන්ව ගොනාට අන්දනවා.අපේ අයත් කට ඇරගෙන බලන් ඉන්නවා.අපේ ගෙදරනම් ටෙලෙ නාට්‍ය බැලෙන්නෙම නැති තරම් ප්‍රවෘත්ති,අටපට්ටම වගේ වැඩසටහන් 2 3ක් විතරයි බලන්නේ.අනික දැන් නම් ප්‍රවෘත්තිත් සමහර නාළිකා ටෙලිනාට්‍ය වගේනෙ පෙන්නන්නෙ.කතා කරලා වැඩක් නෑ දැන් අපේ සමාජය ගැන

සුපර් මාරියෝ said...

හුටා අවුරුද්දක් වෙනවද මල්ලී... මම හිතුවෙ මාස දෙකක් විතර කියලනේ...දැනුයි දැක්කේ 4700+ ඇවිල්ල තියනවා කියලා...

සංකල්ප said...

මම නම් ඔය මෙගාවන් බලන්නේ නෑ. ඒ කාලේ නෙට් ඇවිත් බ්ලොග් පාරක් කියවනවා. ඒක පට්ට ඔක්කොටම වැඩිය.
කොහොමහරි ලියමු සහෝ මගෙත් පොඩි ඇනිවසරි පාරක් තියෙනවා ජුනි 1වෙනිදා. මටත් සීයක් කරගන්න බැරි වෙන හැඩයි. දුකේ බෑ.

Dinesh said...

මෙගා නිසා පවුලේ කට්ටිය එකට එකතුවෙන එකටනම් මමත් එකගයි.. මොකද කෑම මේසෙදිවත් එකතු නොවෙන කට්ටිය මෙගා එක බලනවනේ..

රත්ගමයා said...

ඒ මේ...ඒක නෙමේ...මොකක්ද බන් මෙගා කියන්නේ??

මකුළු පැංචි (මංචි) said...

හිහ් හිහ්..හී...''මේ කතා මාසයක් නොබල ඉදල මාසෙකට පස්සෙ බැලුවත් කතාව අමාරුවක් නැතුවම තේරුම්ගන්න පුලුවන්.....'' හිකිස්..සහතික ඇත්ත කිඩෝ..මකුළු පැංචි මාස දොලහක්ම වසීලීස්සගෙ රටේ ඉඳල ඉඳලා නිවාඩුවට ගෙදර ගියහමත් ඔය මෙගා ඔතනමනෙ...කිසි කරදරයක් නෑ හැබැයි... :D

මගේ කුළුදුල් බ්ලොගයටත් ඇවිත් යන්න... http://www.makulupanchi.blogspot.com/

Anonymous said...

mega balana kollonta ganna thiyana dewal
honda kandawal thiyana aunty parawal tikak bala ganna puluwan veeema

මකුළුවා..... said...

අන්න බලන්න මේ පිංවත් දරුවා මෙගා නාට්‍ය වල ආනිශංස මනා කොට පහදා දී තිබෙනවා...සියලුම පින්කැමැත්තෝ අද පටන් මෙගා නාට්‍ය බැලීමට පෙළ‍ඹෙත්වා....

pavithra weerapperuma said...

මෙගා එපා එපා වගේ බන්...

පන්සල් හංදිය said...

මෙගා නාට්‍ය වලට වඩා හොද නාට්‍ය කොච්චර තියනවද ........
ලංකාවේ මිනිස්සුන්ට හොඳ දේවල් අගේ නැහැනෙ ........

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....