Pages

Wednesday, June 8, 2011

අවුරුදු 4කට අත පාලනය කර ගනිමි....

සික් අද මහ මෙලෝ රහක් නැති දවසක්නෙ ඊයෙ උන හැදුනා තාමත් ඇගට අමාරුයි.. මොනවා කරන්නද අද දවසත් හරිගියේ නෑ.... චාටර්ම දවසක්.....


මට මේ ටිකේ ගොඩක් (ගොඩක් කිව්වට දෙතුන් දෙනෙක් කාරනේ හැටියට මට ඒකත් ගොඩක්වගේ තමා) කිව්වා මගේ කතාබහ අල්ලන් නෑ කියලා ඒ කිව්වෙ මගේ භාෂා විලාසය, මම කතා කරන දේවල් නිසා වෙන කෙනෙක්ගෙ හිත රිදෙන්න පුලුවන් කියලා.... මම හැම දෙයක්ම දිහා ආතල් එකට බලන කෙනෙක් ඒක නිසා එහෙම දේවල් මට කියවෙන්න පුලුවන්... කමක් නෑ මේ විදිහට ගියොත් ගොඩක් අය මාත් එක්ක තරහා වෙන එක විතරයි වෙන්නේ ඉතින් මම තීරනයක් ගත්තා....

මම හින්දා වෙන කෙනෙක්ගෙ හිත රිදෙන්න ඕනෙ නෑ.... අද ඉදන් තව අවුරුදු 4ක් යනකන් මම බස් එකේ කාගෙවත් හිත රිදෙන විදිහෙ කමෙන්ට් දාන්නෙ නෑ මඩ ගහන්න යන්නෙ නෑ සංවර විදිහට වචන භාවිතා කරනවා (එහෙම කරන එක ගොඩක් අමාරු වෙයි එහෙම වුනොත් බස් එකේ කමෙන්ට් බැලීම විතරක් කරනවා...) ඊලගට බුකිය ගැනත් එහෙම්මමයි බුකියේදි මඩක් ගියොත් මීට පස්සේ මගේ කමෙන්ට් ඒ මඩවල දකින්න ලැබෙන එකක් නෑ.... චැට් වලටත් ඒ සෙතේම තමා මඩ ගැසීමක් හරි හිත රිදෙන දෙයක් හරි මට කියවෙන්න යනවනං මං එතනින් යනවා....

ඊලගට බ්ලොග් වලත් මගේ මඩ කමෙන්ට් දකින්න නැති වේවි කරන්න දෙයක් නෑ බොහෝ දෙනාගේ හිත සුව පිණීස කරන දෙයක් කියලා හිතාගෙන ඉන්නවා..... මේ බ්ලොග් කෙරුවාව නිසා මට යාලුවෝ ගොඩක් අදුනගන්න ලැබුනා ඒත් මගේම වැරදි නිසා ඒ අය නැති කරගන්න මට ඕනෙ කමක් නෑ.... මගේ මේ වැරුද්ද මට එකපාරටම හදාගන්න බැරි බව මම දන්නවා ඒකයි මෙහෙම තීරනයක් ගත්තේ තව අවුරුදු 4කින් මට වයස අවුරුදු 20ක් වෙනවා.... සමහර විට ඒ කාලෙ වෙනකොට මගේ මේ පුරුද්ද නැති වෙලා යාවි.... නැත්තං ඒ වෙනකොට මට විහිලු කරගෙන ඉන්න පුලුවන් සම වයසෙ බ්ලොගර්ස් ලා සෙට් එකක් වත් බිහිවෙලා තියේවි...

ඒත් මම එක දෙයක් කියනවා මේ අවුරුදු 4පුරාවට මම කාටවත් මඩ ගහන එකක් නෑ ඒත් මම මඩ එකතු කරනවා මගේ අත වැඩ නොකෙරුවත් මගේ මොලේයි ඇහැයි වැඩ කරනවා... ඉතින් ඒ අවුරුදු 4ඇතුලත මට ගහන්න බැරිවුන මඩ (මම පොරොන්දුවුන ඒවා) ඒ අයට තව අවුරුදු 4කට පස්සේ වැදෙයි පරිස්සම් වෙලා ඉදපල්ලා....

එහෙනං තව අවුරුදු 4ක් යනකන් මගෙන් කාටවත් මඩක්වත් හිත රිදෙන කතාවක් වත් අහන්න ලැබෙන එකක් නෑ... ඒක පොරොන්දුවක්!
හැබැයි එහෙම වුනයි කියලා මම බ්ලොග් ලිවිල්ල නවත්තන්නෙ නෑ... බ්ලොග් ලියන අයගේ වැඩ කටයුතු වලට දායක නොවී ඉන්නෙත් නෑ.... ටිකක් අත පාලනය කරන් ඉන්නවා එච්චරයි...

ප.ලි.
මෙහෙම උබලත් එක්ක විහිලුවක් වත් නොකර ඉන්නෙ උබලගෙම හොදට (එක අතකට ඒක මටත් හොදයි...)

15 ක් හිතුනු දේවල් ලියලා....:

Ishara ( DarKneT ) said...

විහිලු කරපන් එක ගානකට ඒ ලිමිට් එක පන්නගන්න එපා, මගේ උනත් අත/කට මෙච්චර හොද නෑ, ඒ උනාට ඒක පාලනය කරගන්න පුරුදු වෙයන්

එතකොට කාටවත් කරදරයක් නෑ

All in one....... said...

උබේ ඒ දැක්ම ගොඩාක් වටිනවා සහෝ, එහෙම කෙනෙක් අතින් වැරදි වෙනවත් අඩුයි

රත්ගමයා said...

අනේ උඹ විහිලු කරන්න එපා...හික් හික්....
මට නම් ඕන මල ඉලව්වක්..සමහරුන්ට එහෙම නෑ නේ...ගානකට තියෙන්න ඕන....
අනික බන් උඹ මට කරන විහිලු වලට හිනා යන්නේ නෑ නේ...
මගේ ජෝක් ක්ලාස් එකට වරෙන්..ප්‍රැක්ටිකල් ජෝක්ස් කරන්න උගන්නනවා...හික් හික්

මාසෙට 500 ක් වගේ ගන්නේ..එනව නම් කියහන්...

Dinesh said...

මං දන්නේ නෑ මේකට පසුබිම මොකද්ද කියලා.. කොහොම උනත් ගානකට විහිළු කරගෙන ඉන්න.. ඉක්මනට ඇස් රතු වෙන අය අදුනගෙන..

හිස් අහස said...

මොකද මේ වෙලා තියෙන්නේ ..ඇස් රතුවෙන විහිලුවක්වත් කලාද ?

Yasantha Hennayake said...

මට නම් ඔය මොන මගුලත් දිරවනවා.. ෆන් එකක් නැති ජීවිතේ හරියට රෝද නැති වාහනයක් වගේ

Nishan de siva said...

ඔය මොනවා කෙසෙ වෙතත් තව අවුරුදු 4කින් උඹට 20ක් වෙනවා කිව්ව එක නම් විශ්වාස කරන්න අමාරුයි නේද?.දැන් බොට වයස 16යි ද?

සරත් ලංකාප්‍රිය said...

අනේ කොල්ලෝ ලියන සාමාන්‍ය විදිහට ලියපන් පිස්සු නැතුව.. ලෝකේ හැමෝම සතුටු කරන්න කාටවත් බැහැ..

සංකල්ප said...

උබ එහෙම කියන්නේ ඇයි මල්ලි ? විහිලු කරපන්. මඩ ගහපන්. කමෙන්ට් දාපන්. ඒත්....
ඊට කලින් පොඩ්ඩක් හිතපන් මූට විහිලු තෙරේන ඩයල් එකක් ද කියලා. එහෙම නැතුව කමෙන්ට් දාන්න යන්න එපා.

මට නම් එහෙම අවුලක් නෑ. මොනා දැම්මත් කමක් නෑ.

pavithra weerapperuma said...

උබ මං වගේ පාලනයකින් යුතුව විහිලු කොරපන්.. :D :D

රවින් said...

සරත් ලන්කාප්‍රිය ගේ කොමෙන්ටුවට මාත් එකඟයි මලේ.. කමක් නෑ ඉතින් උඹේ කැමැත්ත නේ.. ඔය හිච්චි ඇගිල්ලා කියපු එක නම් පොඩ්ඩක් සලකා බලන්න වෙයි!!!

පන්සල් හංදිය said...

ඉන්නෙ කවුද කියලා බලලා විහිලු කරපන් මලේ .......
ඉන්න උන්ට විහිලු තේරෙනවද නැද්ද කවුද දන්නෙ .......

ADK කොලුවා said...

අඩෝ උබ අත පාලනය කරනවා කිව්වාම මට හිතුනේ වෙන එකක්, අවරුදු 4ක් කිව්වම මට ඇඩුනේ නැති එක විතරයි. පස්සෙනේ මීටර් උනේ මේ උබ කියන්නේ වෙන මගුලක් කියල. බලනවකො ඕයි මගේ කුපාඩි කම.... :P

Hasitha Gunasinghe said...

හොඳයි කියලා හිතෙන එකක්

Unknown said...

ow umba sula wage palanayak athuwa wihilu karapan..:P :P

Post a Comment

ඕනෙම බ්ලොගර් කෙනෙක්ට කමෙන්ට්ස් වටිනව වගේ මටත් ඔයාලගෙ කමෙන්ට්ස් ගොඩක් වටිනව ඉතින් තරහ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.....